තමාට සහ තම පවුලට හම්බ කිරීමයි අද අගයන්නේ – චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග

විවියන් ගුණවර්ධන මැතිණිය වැනි විශිෂ්ට ගණයේ කාන්තාවක් ගැන කථාකරන්නට අවස්ථාවක් ලැබීම ගැන විශේෂයෙන් ම මම ආඩම්බර මෙන්ම සතුටු වෙමි. විවියන් ගුණවර්ධන මහත්මිය ඉතාමත් ම තරුණ වයසේ දී දේශපාලනයට පිවිසුණු බව අපි දනිමු. ශ්‍රී ලාංකීය කාන්තාව විශ්ව විද්‍යාලයට නොගිය යුගයක, විශේෂයෙන්ම උගත් කාන්තාවන් දේශපාලනය නොකළ යුගයක එතුමිය සටන්කාමී දේශපාලනයක් හරහයි කරළියට පිවිසුනේ. එතනින්ම අපිට හිතාගන්නට පුළුවන්…

ව්‍යවස්ථාවක සංයුතිය පොහොසත් වන්නේ ක්‍රියාවලිය සාරවත් නම් පමණි- ආචාර්ය දීපිකා උඩගම ( මානව හිමිකම් කොමිසමේ සභාපතිනි)

ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මානය කරන විට එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ ක්‍රියාදාමය අතිශයින්ම වැදගත් වේ. එය වැදගත් වෙන්නේ එහි සංයුතිය නිර්මානයවීම කෙරෙහි එම ක්‍රියාවලිය බලපාන හෙයිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය වීමේ ක්‍රියාවලිය හරි හැටි සිදු නොවන්නේ නම් අනිවාර්යයෙන්ම එහි සංයුතියට අහිතකර බලපෑමක් සිදුවේ. ඒ ක්‍රියාදාමය නිවැරදි නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක සංයුතිය සාධනීය වේ. මේ දක්වා රටේ තිබුණු…

මනුස්සකමේ ඉම – නිශාන්ත කමලදාස

මනුස්සකම උත්තුංග ගුණාංගයක් හැටියට පිළි ගැනේ. ඒ සමහර මනුස්සයන්ට මනුස්සකම නැති නිසා ය. එය වඩන්නට අපහසු ගුණාංගයක් හැටියට ඒ නිසාම ගැනෙන නිසා ය. සිරකරුවෝ ද මිනිස්සු ය. ඒ දැන්වීම ලොකු අකුරින් බන්ධනාගාරය ඉදිරිපිට ලියා තිබෙන්නේ ය. ඒ බොහෝ දෙනෙකු එසේ සිතන්නට අපොහොසත් නිසා ය. හිතන්නට අපහසු දේ ලියා දන්වා සිතන්නට සැලැස්විය යුතු ය. සමහර සිංහල…

අළුගෝසු යුගයෙන් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට අවදි වන පොලිසිය හමුවේ ඇති අභියෝග – අජිත් පැරකුම් ජයසිංහ

හම්බන්තොට පොලිසියෙන් පැන ගිය බඳගිරි තරුණයාත්, ඔහුට රැකවරණ දුන් සොයුරු සොයුරියනුත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. එක් සොයුරියක රිමාන්ඩ් කරනු ලැබුවේ දරුවකු ද සමගයි. ලංකාවේ අධිකරණ පටිපාටිය තුළ රිමාන්ඩ් කිරීමත් එක්තරා ආකාරයක දණ්ඩනයක් ලෙස භාවිතා වන බව පැහැදිලි ය. මිනිසකුට රැකවරණය දීමේ හේතුවන් ඇප පිට නිදහස් නො කිරීමට කිසිදු හේතුවක් නැති, නැති බැරි මිනිසුන් රිමාන්ඩ්…

ලිංගික ගර්හාව ලියලමින් තිබේ- ලිලානී ජයතිලක

ෂෝසර්ගේ කුප්‍රකට ‘බාත්ගේ බිරිඳ’ වරක් මෙසේ කීවාය: “ආගමික පූජකයන් විසින් ගැහැනුන් අරභයා චිත්‍රණනය නොකරනු ලබන අපවාදයක් නැත. එසේ නොවන්නේ, ඔවුන් ශාන්තුවරියන් ගැන ලියන විටදී පමණි. ඒ හැරුණු කොට වෙන කිසි ගැහැනියක් ඔවුන් ඉදිරියේ යහපත් නැත.” ඇය, සැඟවීමට බොහෝ දෑ ඇති විචිත්‍ර අතීතයක් තිබූ ගැහැනියක් බව සැබවි. ඇගේ විවේචනයට හසු වන පූජකවරුන් වනාහී, 14 වැනි සියවසේ…

මිථ්‍යාමතික නිවාරණවලින් වැළකීම සහ ඒකාධිපති විසඳුම් පරාජය කිරීම-තිසරණී ගුණසේකර

  “… අතීතයෙන් වර්තමානය උපන්නේ කෙසේදැ යි වටහා ගැනීම, වර්තමානය තේරුම් ගැනීමට සේම, බාගෙ විට අනාගතය පිළිබඳ යම් අදහසක් ඇති කර ගැනීමටත් අපට උපකාරී වන්නේය.” -එරික් හොබ්ස්බෝන් (ඉතිහාසය පිළිබඳව) අහස උසට සංවර්ධන අභිලාෂයන් ඇතත්, ශ්‍රී ලංකාව තමන්ගේ පර්යේෂණ සහ සංවර්ධනය සඳහා වැය කරන්නේ, අයවැයෙන් සියයට 1 ට අඩු ප්‍රතිශතයකි. මෑතකදී නිමාවට පත්වූ ‘ශ්‍රී ලංකා විද්‍යා…

කොටපල සිට මොරවකට ස්ථාන මාරු ලැබූ දොස්තරගේ දරුවා කොළඹ ඩී.එස්. සේනානායකය ඉල්ලන්නේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

මේ පිළිබඳ අදහස් දැක්වූ වෛද්‍යවරයකු අප සමග මෙසේ පැවසී ය: සම සුදුසුකම් තියෙන අවස්ථාවක ඔබ රැකියාවකට තෝරාගන්නේ පොල්පිතිගම ළමයද? මලියදේව ළමයද? මෙන්න මේ වෙනස නිසා තමයි මේ තරගය. මෙය සත්‍යයක් ද? මෙය අර්ධ සත්‍යයක් බව මගේ අදහසයි. මේ මොහොතේ මේ රටේ ජනාධිපති ධුරය හොබවන්නේ මෙවැනි ප්‍රධාන පාසලකින් පැමිණි අයෙකු නො වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ…

මැතිවරණ ප්‍රතිසංස්කරණ පටලවාගන්නේ ඇයි? සරළ විසඳුමකට යමු- බර්නාඞ් ප්‍රනාන්දු

අශෝක ඔබේසේකර ලියන ලද “මැතිවරණ ප්‍රතිසංස්කරණ: ‘ආසන-අනුපාත මිශ්‍ර ක්‍රමය’ හැර වෙන දෙයක් නැත” නැමැති ලිපිය පිළිබඳ අදහසක් දැක්වීමට කැමැත්තෙමි. මුලින්ම, ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින ඉතා කුඩා රටක් වන හෙයින් වඩාත් ඵලදායී අන්දමින් මානව සම්පතින් උපරිම පල නෙළා ගත හැකි සරළ මැතිවරණ ක්‍රමයක් ඇති කර ගැනීම වැඩදායක ය. අවාසනාවකට මෙන්, දැනටමත් අප යෝධ දේශපාලනිකමය පරිපාලන…

පුද්ගලික විශ්ව විද්‍යාල අදට අවශ්‍යද?- ලාල් විජේනායක

නිදහස් අධ්‍යාපනය අද රටට හිමිවී ඇති වැදගත්ම දායාදය වේ’ නිදහස් අධ්‍යාපන ක්‍රමය දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් අප රටේ සාක්ෂරතාව ලෝකයේ දියුණුම රටවල පවත්නා වු තත්වයට පත් වී ඇත’ එපමණක්ද නොව පන්ති භේදයකින් තොරව විශ්ව විද්‍යාල අධ්‍යපනය නිදහස්ව ලැබීමට රටේ ඉහලම සුදුසුකම් ලත් ශිෂ්‍යයන්ට අවස්ථාව පෑදී ඇත’ අප සමාජයේ ඉදිරි ගමනට විශාලම රුකුල ලැබී ඇත්තේ…

ආසන-අනුපාත මිශ්‍ර ක්‍රමය හැර වෙන දෙයක් නැත- අශෝක ඔබේසේකර

නව මැතිවරණ ක්‍රමයක් යෝජනා කිරීම, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ’ සාමාජිකයන් 21 දෙනෙකුගෙන් සැදුම්ලත් මෙහෙයුම් කමිටුවකට භාර කිරීමම එම කාරණයේ ඇති වැදගත්කම කියාපායි. මේ කමිටුව ආමන්ත්‍රණය කළ යුතු ප්‍රධාන ප්‍රශ්න තුනක් තිබේ: 1. නව මැතිවරණ ක්‍රමයකට පාදක විය යුතු ප්‍රතිපත්ති කවරේද? 2. එම ප්‍රතිපත්ති මුදුන්පත් කරගත හැක්කේ කුමන මැතිවරණ ක්‍රමයකින්ද? 3. මැතිවරණ ක්‍රමයකින් විසඳිය නොහැකි ප්‍රශ්න කවරේද?…

යහපාලනය පරීක්ෂාවට ලක් කෙරෙන කාලය- ජයතිලක ද සිල්වා

ආණ්ඩුව සහ එහි පාර්ශ්වකරුවන් ප්‍රීතිමත් මනෝ භාවයක සිටින බවක් පෙනේ. ඔවුන් සම්බන්ධයෙන් ගත් විට මෙය ඔවුන්ගේ සැමරුම් කාලයයි. ඔවුන්ගේ පක්ෂ සංවත්සර පමණක් නොව, ඔවුන්ගේ පුද්ගල උපන් දින පවා මේ සැප්තැම්බර් මාසයේ යෙදී තිබීම ගැන කවුරු නම් ඔවුන්ට දොස් කියත් ද? ඊට අමතරව පොලීසියත්, දැන් හැඳින්වෙන පරිදි ශ්‍රී ලංකා පොලීසියත්, ස්වකීය උපන් දිනය මහත් උත්සවශ්‍රීයෙන් පැවැත්වීය….

සිංහළ මහ සභාවෙන් පටන්ගෙන ලාංකීය ජාතිය දක්වා පැමිණීම ජයග්‍රහණයක් !- ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ය ඔවුන්ගේ 65වෙනි සමාමේලනය පසුගිය දා පැවැත්වී ය. ඒ සම්මේලනය දෙස වාමාංශිකයින් හැටියට අපි බලන්නේ යම් කිසි බලාපොරොත්තුවක් ඇතිව ය. මක්නිසා ද යත්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළට රිංගගෙන හිටි ජාතිවාදි ෆැසිස්ට් තාලයේ බලවේගය ඉවත්කර ජනතාවාදී පක්ෂයක් හැටියට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තම ක්‍රියාකාරිත්වය ආරම්භ කිරීම වමේ සිට බැලු කළ ග්‍රහණයකි….