පුතා පිස්සු කෙළියි. තාත්තා ආතතියේ. දේශපාලකයන් පිළිබඳ අපරාධ පරීක්ෂණවලට කණ කොකා හඬන ලකුණු – අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපතිවරයා විහිළු කරනවා ය. ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ඇවන්ට්ගාඩ් ආයතනය පිළිබඳ ප්‍රශ්නයක්‌ තිබෙනවා නම් ඒවා විභාග කළ යුතු ආකාරය හා ගත යුතු ක්‍රියාමාර්ග හා තීන්දු තීරණ පිළිබඳ වෙනම පිළිවෙලක්‌ තිබෙන බව ඔහු කියයි. අපි නම් කියන්නේ ජනාධිපති ගැන ප්‍ර‍ශ්නයක් තියෙනවා නම් ඒ ගැන විමර්ශනය කරන්නට ද වෙන ම පිලිවෙලක් අනවශ්‍ය බවයි. නීතිය ඉදිරියේ සියල්ලන් ම සමාන…

ප්ලේන් එකක් ඇඟට වැටෙයි කියා බියෙන් උඩ බල බල පයින් ගිහින් වාහනයක හැපී මිය යන අපේ පරිසර ඔස්තාර්ලා – විදුලි ඉංජිනේරු නදීර විජේසිංහගේ ලිපියක්

    මෙය මා විසින් මුහුණ පෑ  සත්‍ය සිදුවීමකි! දිනය – 2013 අප්‍රේල් මාසයේ දිනයක් ස්ථානය – වත්තහේන කණිටු විදුහල මම – ඉස්කෝලෙට විදුලිය ලැබීම නිසා සිදු වූ ලොකුම හොඳ මොකද්ද? විදුහල්පති – අපි මේ ඉස්කෝලෙට කරන්ට් එක ආවහම … ඉස්සෙල්ලම කරේ සල්ලි ටිකක් හොයාගෙන වතුර පොම්පයක් අරන් … වතුර ටැංකියක් හයි කරලා ටොයිලට් එකට…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම හා නල්ලරත්නම් සිංහරාසා වැනි අය – අජිත් පැරකුම් ජයසිංහ

නල්ලරත්නම් සිංහරාසා යනු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 35ක සිර දඬුවමකට නියම වූවෙකි. ඔහුට දඬුවම් කිරීම පිණිස යොදාගෙන තිබෙන්නේ ඔහු වධහිංසනයට ලක් කර, ඔහුගේ ඇඟිලි සලකුණ ලබා ගත්, ඔහුගේ ම කටඋත්තරයයි. මේ වනාහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ කෘර ස්වභාවය නිරූපණය කිරීමට කදිම සාක්ෂියකි. මේ සම්බන්ධයෙන් සිංහරාසා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද මූලික මානව හිමිකම් පෙත්සම ද…

යුද්ධය සහ ඉතිහාසය: අදහස් කිහිපයක් බෙදාහදා ගැනීම -මහාචාර්ය චාල්ස් සර්වාන්

ග්‍රීක ශෝකාන්ත නාට්‍යයේ පියා වශයෙන් සැළකෙන ඊස්කලස් සහ ඔහුගේ සහෝදරයා ක්‍රිස්තු පූර්ව 490 දී පර්සියානුවන්ට එරෙහි මැරතන් සංග්‍රාමයේ සටන් වැදුනහ. එම යුද්ධයේදී ඔහුගේ සහෝදරයා පවා මියගියත්, ඉන් අනතුරුව ඔහු ලියන ‘පර්සියානුවෝ’ නැමැති නාට්‍යයේදී, පර්සියානුවන් ගැනත්, ඔවුන් විඳි දුක් වේදනා ගැනත් ඔහු දරන්නේ සානුකම්පික ආකල්පයකි. තවත් ග්‍රීක ජාතිකයෙකු වන යුරිපිඩීස්, ‘ට්‍රෝජන් කාන්තාවෝ’ නාට්‍යය ලියුවේ, මුළුමණින්ම ට්‍රෝජාන්…

සාම්පුර් නවත්තපු පරිසර මල්ලිලා ඩිසල් බලාගාර ගැන නිහඩ ඇයි ? = ලංවීම ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි

පරිසරවේදීන්ගේ විරෝධය හමුවේ නවතා දැමුණු සාම්පූර් බලාගාරය නැවත පණගැන්වීම වෙනුවෙන් ලංවීම ‍ඉංජිනේරුවන් පෙනී සිටින්නේ කොමිස් මුදල් නිසා ද? ගල් අඟුරුවලට ඔවුන් දක්වන ඇල්ම පුනර්ජනීනය බලශක්තියට නොමැත්තේ මන් ද? ඉංජිනේරු ශක්තිය රටේ දියුණුවට අඩ තබන්නට යොදා ගන්නවා ද? ලංවීම ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි මෙසේ පිළිතුරු දෙයි. * පරිසරවේදීන් උරණව සිටිද්දීත් සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකළ…

අපරාධ නඩු විධාන සංශෝධනය කාටද? කුමටද? – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කරමින් නීති පොතට විහිලූවක් එකතු කිරීමට අධිකරණ අමාත්‍යවරයාට උවමනා වී තිබේ. අපරාධ නඩු විධාන සංග්‍රහයට සිදුකරන්නට යෝජිත සංශෝධනය මගින් විවාදයට සුදුසු නව මානයක් මතු කර තිබේ. එසේ වී තිබෙන්නේ අධිකරණ අමාත්‍යවරයා විසින් අපරාධ විමර්ශන සඳහා අවශ්‍ය බව කියමින් මෙම සංශෝධනයට පක්ෂව එය ආරක්ෂාකර ගන්නට උත්සාහ කිරීමත් සමඟ ය. යෝජිත සංශෝධනය…

යථා රූපී තථා (අ) කාරී – නිශාන්ත කමලදාස

මිනිසුන් වැඩියෙන් විශ්වාස කරන්නේ විශ්වාස කරන්නට වඩාත් අමාරු දේ ය. මිනිසුන් යන්නේ ම තමනට වංචා කරන මිනිසුන් පස්සෙනි. වංචාවේ ප්‍රමාණයට සාපේක්ෂව ඔවුන් කෙරෙහි මිනිසුන්ගේ භක්තිය ද වැඩේ. හිස කොන්ද හා දණ නමන ප්‍රමාණය වැඩි වේ. මිනිසුන්ට වැඩියෙන් ම කේන්ති යන්නේ ඇත්ත ඇති සැටියෙන් කීවා ම ය. කුණුහරුප මතක් වීම පිටුපස ඇත්තේ මේ කාරණාව ය. අරක්කු…

පොදු ප්‍ර‍ශ්න ජාතිවාදයෙන් අර්ථකථනය කරන එළුඟ තමිල් – අජිත් පැරකුම් ජයසිංහ

  පොදු සමාජ ප්‍රශ්න ජාතිවාදයෙන් අර්ථකථනය කිරීමේ ඉතිහාසය ප්‍ර‍තිනිර්මානය වෙමින් තිබේ. ඒ කෙසේ ද යත්, බුදු පිළිම ප්‍ර‍ශ්නය උතුරේ පමණක් ප්‍ර‍ශ්නයක් නො වේ. බුදු පිළිම වනාහි බුදුන්ගේ ප්‍ර‍තිමා නො වේ. ඒවා වනාහි සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ආක්‍ර‍මණශීලිත්වයෙහි ප්‍ර‍චණ්ඩ මෙවලම් විශේෂයකි. ඒ පසුපස දැවැන්ත ඉඩම් හා දේපල මංකොල්ලයක් ද, සිංහල බෞද්ධ ජනතාව සූරා කා, මුලාවේ ගිල්වා පසුගාමිත්වයට…

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය. – අජිත් පැරකුම් ජයසිංහ

ලාංකික දේශපාලනයේ බලවේග පෙළ ගැසෙමින් තිබෙන ආකාරය අධ්‍යයනය කිරීම රසවත් ය. එහිදී 2015 ජනවාරි 8 දින දක්නට ලැබුණු බෙදුම් කඩනය ඒ අන්දමින් ම තවමත් ක්‍රියාත්මක වන ආකාරය හා එය වඩා ශක්තිමත් ලෙස නැගී සිටින්නට උත්සාහ කරන ආකාරය පැහැදිලිව දැකිය හැකි ය. රාජපක්ෂ බලවේගයත්, එහි නූල් සූත්තරවලින් නැටවෙන සෙසු අන්තවාදීනුත් රඟන්නේ එ් දවස්වල රැඟූ ඓතිහාසික භූමිකාවන්…

නව ව්‍යවස්ථාවක් සැකසීමේ ජනතාව ඉල්ලූවේ මොනවද? – පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න අනාවරණය කරයි

මහජනයා කතාකරපු දේවල් අහගෙන හිටපු කෙනෙක් විදිහට, මේ ව්‍යවස්ථා ලියැවිල්ල සකස් කරන්න සහභාගිවෙච්ච කෙනෙක් විදිහට මහජනයාගේ ඉල්ලීම් සම්පීඩනය කරල බලනව නම්, මහජනයා ඉල්ලන්නේ අයිතිවාසිකම් මත පදනම් වෙච්ච ව්‍යවස්ථාවක්. අපේ ව්‍යවස්ථාවන් හදනකොට බලන්නේ බලයෙ ඉන්න අයගේ බලය ගැන.  මොකක්ද මට තියෙන බලය කියලයි බලන්නෙ. 1978 ව්‍යවස්ථාව හැදුවෙ ‘එකක් හැර අනික් ඔක්කොම පුලූවන්’ කියන එක පෙන්නන්න. 1972…

1995 හෙද නිලධාරීන්ගේ ඉල්ලීම් අද වෙනතුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය ඉෂ්ට කරල නැහැ.- හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය.

හෙද සේවාවේ ගැටළු රැුසක් තියෙනව. අපි මේ ඉල්ලීම් ඉල්ලන්නේ 1995 ඉඳල. ඒත් අද වෙනතුරු ඉටුකරල නැහැ. අපි ඉල්ලීම් ඉල්ලල එළියට බැස්ස නම්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙ නිළධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙ ලේකම්වරු කඩිනම් තීන්දුවක් ගන්න බව අපි දන්නව. එසේ නොවන නිසාද සාධාරණය ඉෂ්ට කරන්නෙ නැත්තෙ කියන කාරණය පිළිබඳව ප‍්‍රශ්නයක් තියෙනව. කළුබෝවිල රෝහලේ පසුගිය මාසෙ ඇති වූ සිද්ධීන්  නිසා ගැටළු…

තනි ඉලක්කයට තඩිබෑම- ජයතිලක ද සිල්වා

කලාතුරකින් සිදුවන පරිදි, සියලු පක්ෂ- තද කොළ, නිල්, කහ සහ දම් ආදී පාටවල සිට තද රතු දක්වා- සියලු පක්ෂ තනි ඉලක්කයකට තඩිබෑමට පටන්ගෙන තිබේ. මුල්ම වෙඩි මුරය ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා තුවක්කුවකිනි. ඊට නොදෙවැනි වීමට ඉටා ගත් එක්සත් ජාතික පක්ෂයත්, ඊට වඩා සැර අඩු කාලතුවක්කුවකින් වුවත්, එවැනිම ප්‍රහාරයක් එල්ල කෙළේය. ජනතා විමුක්ති පෙරමුණේ…