ජනාධිපතිතුමාගෙ නියපොතු කපපු හැටි – අජිත් පැරකුම් ජයසිංහ

රාවයේ තිස්වන සංවත්සරය බලන්න ගියානේ. මං ඉතින් යනකොට ටිකක් පරක්කු වෙලා. අපට ඉතින් ඔය බණ්ඩාරනායක මෙව්ව එක ගෙදර වගේ යැ. මං ඉතින් හෙණ ඈත බස් නැවතුමෙන් බැහැලා පයින් කොටලා ප්‍ර‍ධාන ඇතුළුවීම පැත්තෙන් ම රතු පලස මතින් ගිහින්, අහන්න කෙනෙක් නැති නිසා කැන්ටිමේ හාදයකුගෙනුත් අහලා ගියා කෙළින් පාරෙන් ම වහෙන් ඔරෝ නැතුව අදාළ ඉස්තානෙට. අප්පට සිරි!…

පාලකයන්ගේ නීතිය සහ නීතියේ පාලනය -මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර සහ ආචාර්ය උස්වත්ත ආරච්චි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණේ, යහපාලනය ස්ථාපිත කිරීමේ සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමේ පොරොන්දුව මත ය. රාජ්‍ය ආයතන පරිහානියට යන සැටි, දූෂණය සහ දණ්ඩ මුක්තිය රජයන සැටි දීර්ඝ කාලයක් තිස්සේ අත්දැක තිබූ ඡන්දදායකයා ඒ අතීත භාවිතාවන් ප්‍රතික්ෂේප කොට නව පාලකයන් විසින් වෙනස් ප්‍රමිතීන් සකසා ගනු ඇතැයි විශ්වාස කෙළේය. යහපාලනය පිළිබඳව දෙන ලද…

වෙනසට දායකවූවන්ට දැන් ඇත්තේ වේදනාවක්‘

‘ජනතාව මොර සූරන වැස්සක් බලාපොරොත්තු වුවත් ආණ්ඩුවට ලබා දීමට හැකි වී තිබෙන්නේ පොද වැස්සක් බවත්, ආණ්ඩුව බලයට ගෙන ආ පිරිසට දැන් ඇත්තේ වේදනාවක් බවත් රාවය පුවත්පතේ නිර්මාර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පැවසීය. රාවය පුවත්පතින් අනාවරණය කරන ලදුව පසුව ප්‍රසන්න විතානගේ මහතා චිත්‍රපටයක් ලෙස ඉදිරිපත් කළ ලෙනින් රත්නායක මහේස්ත්‍රාත්ගේ අපයෝජන සිදුවීම හා එය යටපත් කිරීම…

|

ඉන්දු ලංකා වෙළෙඳ ගිවිසුම් ගැන ඇත්ත – සී.ජේ.අමරතුංග

‘එට්කා’ යන්න දැන් බොහෝ දෙනා දන්නා වචනයකි. ශ්‍රී ලංකා රජය ඉන්දියාවත් සමග අත්සන් කරන්නට යන ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම වන ‘එට්කා’ ගැන පසුගිය කාලයේ දිගින් දිගට වාද විවාද සිදුවී ඇත. එසේ වුවද තවමත් කතාබහ වන බොහෝ දෙයින් පෙනෙන්නේ ඒ පිළිබඳ පවතින සැක සංකා ආදියයි. රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය පියවරක් ලෙස රජය සලකන ‘එට්කා’ ගිවිසුම ඇතැමුන්ට…

ඉල් මහ ‘ද්‍රෝහී’ සැමරුම – අජිත් පැරකුම් ජයසිංහ

ඊයේ ඉල් මහ විරුවන්ගේ දිනයයි. සමාජවාදී විප්ලවයක් වෙනුවෙන් වැරදි මගක ගිය මුත්, අවංකව සටන් කර දිවි දුන් ඒ සොයුරන්ට මගේ ආචාරය! ඉල් මහ විරුවන් නිසා ජීවිත අහිමි වූ ‘ද්‍රෝහීන්ට’ ද සමරු දිනයක් තිබිය යුතු යයි මම සිතමි. හේතුව, මූලික වශයෙන් මේ දෙවර්ගයෙන් එක් වර්ගයක් වඩා හොඳ හෝ වඩා නරක හෝ යයි මම නො සිතන බැවිනි….

සෝභිත හිමියන් ප්‍රාර්ථනා කල ලෝකය ගොඩනැගීම වත්මන් ආණ්ඩුවේ වගකීමක්- මහාචාර්ය සරත් විජේසූරිය

සෝභිත හිමියන් අපවත්වී වසරක් සපිරෙන අද දින උන්වහන්සේ ගැන කෙටියෙන් යමක් පැවසීමෙන් අනතුරුව අනුස්මරණ දේශනය ලෙස රටේ ප්‍රධාන පුරවැසියන් අබිමුව සෝභිත හිමි ප්‍රාර්ථනා කල සාධාරණ සමාජය උදෙසා ආයාචනයක් කිරීමටයි මා සූදානම් වන්නේ. සෝභිත හිමියන් සංඝ ශාසනය තුළ නිල තානාන්තර ලබා නොගෙන උන් වහන්සේටම ආවේණික ප්‍රතිපත්ති මත ජීවත් වෙමින් ස්වාධීන ජීවිතයක් ගත කල පරමාදර්ශී භික්ෂූන් වහන්සේ…

ඇමරිකාවේ ෆැසිස්ට්වාදයේ දුර්ගන්ධය- ජෝන් මෙත්තා

මේ ගිම්හානයේ සහ සරත් කාලයේ, ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ ඇති වන හැඟීම් සහ පුද්ගල අත්දැකීම් අළලා මම සුළු ජාතිකයන් සමග සම්මුඛ සාකච්ඡා බොහොමයක් පැවැත්වූයෙමි. මේ සෑම සම්මුඛ සාකච්ඡාවකදීම මතු වූ එක් ප්‍රධාන කරුණක් තිබුණි: එනම්, මෙවැන්නක් සිදුවිය හැකි බව කවුරුත් දන්නා බවයි. අපෙන් ඇතැමෙකුට, එම හැඟීම, වාතයේ පා වෙන යම් දුඟදක් සේ දැනිණ. මීට පෙර ජීවත්…

ආබාධිත සෙබලුන්ගේ විශ්‍රාම වැටුප් සටනෙන් ගැඹුරට දේශපාලනය – අජිත් පැරකුම් ජයසිංහ

යුද්ධයෙන් මිය ගිය සෙබළුන්ට රණවිරුවන් යයි කියනු ලැබේ. ඒ අන්දමින් ම යුද්ධයෙන් ආබාධිත සෙබළුන්ට ආබාධිත රණවිරුවන් යි කියනු ලැබේ. ආබාධ නැති සෙබළුන්ට ද රණවිරුවන් ය භාවිතා වනු නිරීක්ෂණය කර ඇත්තෙමි. යුද්ධය අවසන් වූ පසු හමුදාවට බැඳුණු අයට ද රණවිරුවන් යයි කියනු ලැබේ. රණවිරුකම වෘත්තියක් වී ඇති සෙයකි. සොල්දාදුවාගේ වෘත්තීය අනන්‍යතාව නිසි පරිදි යළි පිහිටුවීම යුදහරණ…

බලය නොබෙදා, අාර්ථික ප්‍රශ්න විසඳිමෙන් ජාතික ප්‍රශ්නය විසඳන්න බෑ-අමාත්‍ය මනෝ ගනේෂන්

භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධව සාකච්ඡා කිරීමේ දී ගැටලු රාශියක් ඇතිවෙලා තියෙනවා. සිංහල සහ දමිළ දෙකම රාජ්‍ය භාෂා වියයුතුයි. ව්‍යවස්ථා නිර්මාණ වැඩපිළිවෙළ තුළ මෙහෙයුම් කමිටුවලට මම සහභාගී වෙනවා. ඒ වාගේම මන්ත්‍රීවරු මැති ඇමතිවරු රාශියක් සහභාගි වෙනවා. එතැනදී මම ප්‍රකාශ කලා භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධ කිසිම සාකච්ඡාවකට සංවාදයට මම ඉඩ දෙන්නෙ නෑ කියලා. පොඩි පොඩි තාක්ෂණික වැඩ තියෙනවා. මම…

නීතිපති කෝප් වාර්තාවට පදනම් වූ සාක්ෂි ඉල්ලයි

ඉදිරි පියවර ගැනීම සදහා තමන් වෙත ඒවා ඇති කෝප් වාර්තාව අසම්පුර්ණ බවත් එම වාර්තාවට පදනම් වූ සාක්ෂි ලැබී නැති බවත් නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි . මහා බැංකු නිලධාරීන් ඇතුළු විවිධ පාර්ශව කෝප් කමිටුව හමුවේ දුන් සාක්ෂි තමන්ට විමර්ශනය කිරීමට අවශ්‍ය බවත් ඒවා පාර්ලිමේන්තුවෙන් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් එම ආරංචි මාර්ග කියයි . කෝප් වාර්තාවේ…

රණවීරයන් සමග ගම්මන්පිලයන්ගේ කුමන්ත්‍ර‍ණ

  බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, උදය ගම්මන්පිල වැනි රාජපක්ෂවාදී ජාතිවාදීන්ගේ උපායමාර්ගයකට අනුව ඊයේ කොළඹදී මහා කලබලයක් ඇති කළ ආබාධිත සෙබළුන් පිරිසගේ ඉල්ලීම රජය විසින් ලබා දී තිබේ. මෙම ඉල්ලීම 2008 පමණ සිට පැවති, උදය ගම්මන්පිලලාගේ, රාජපක්ෂලාගේ ආණ්ඩුවට අවශ්‍යතාවක් තිබිණි නම් ලබා දිය හැකිව තිබුණු ඉල්ලීමකි. එම ඉල්ලීම මුළුමනින් ම සාධාරණ නැත. මෙම සෙබළු සියලු දෙනා…

ජනාධිපතිවරයාත්, අග‍්‍රාමාත්‍යවරයාත් තමන්ට ලැබිල තියෙන ජනවරමට අනුව කටයුතු කළ යුතුයි. – චමීර පෙරේරා – වමේ කේන්ද්‍රය – සම කැඳවුම්කරු

ජනවාරී 8 මේ රටේ ආරම්භ කළ දේශපාලන පරිවර්තනයේ අභිලාෂයන් ආරක්‍ෂාකරගන්න නම්, වික‍්‍රමසිංහ මහත්තයට තියන අර්ජූන මහේන්ද්‍රන් ලැදියාව අත්හරින්න අවශ්‍යයි. ඒ වගේම මෛත‍්‍රීපාල මහත්තයට තියෙන ගෝඨාභය පේ‍්‍රමයත් අත්හරින්න අවශ්‍යයි. අපිට තියෙන ප‍්‍රශ්නය තමයි, මේ දෙපොල ජනවාරි 8 ඇතිකරගත්ත අභිලාෂයන් වලින් එහාට ගිහින්, ජනවාරි 8ත්, අගෝස්තු 17ත් මේ රටේ මහජනයා සමග ඇතිකරගත්ත එක`ගතාවයන්ගෙන් එහාට ගිහින් තමතමන්ගේ න්‍යායපත‍්‍රයන්ට…