ලංකා ඊ නිව්ස් සම්බන්ධයෙන් ගන්නා නීතිමය කි‍්‍රයා මාර්ගය සාධාරණ විය යුතුයි. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතා අත් අඩංගුවට ගන්නා ලෙසට ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයේ විනිසුරු කවීන්ද්‍රා නානායක්කාර මහත්මිය විසින් නොවැම්බර් 25 වැනිදා, අන්තර්ජාතික පොලීසියට නියෝගයක් නිකුත් කිරීම ආශ‍්‍රිතව පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙහි අවධානය යොමු වී තිබේ. මෙය ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදියකුට එරෙහිව අන්තර්ජාතික වරෙන්තුවක් නිකුත් කළ පළමු…

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ බලය බෙදා හැරීම- හරීම් පීරිස්

වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ජාතිය ගොඩනැගීමේ අභ්‍යාසය තුළ, ශ්‍රී ලංකාවේ මූලික නීතිය සහ සමාජ ගිවිසුම යළි සැකසීම සඳහා ව්‍යවස්ථා සභාවක් ලෙස රැස්වෙයි. මේ වනාහී, දීර්ඝ කාලයක් තිස්සේ පැවති යුද්ධයේ නිමාවත් සමග අපට අත්කර ගත හැකි වූ අවස්ථාවකි. ව්‍යවස්ථා සභා ක්‍රියාපරිපාටිය තුළ, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂවලින් සමන්විත මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කර ගැනුණි. එම මෙහෙයුම් කමිටුව…

රුපියල් 25,000 දඩය නිසා පීඩාවට පත් වන අසරණ මගමරුවෝ – අජිත් පැරකුම් ජයසිංහ

මම අවම වශයෙන් සතියට දින පහක්වත් යතුරුපැදියේ, බසයේ, දුම්රියේ දිනකට කිලෝමීටර් 150ක් පමණ ගමන් කරන මගියෙක්මි. ඒ මදිවාට කිලෝමීටර් දෙක තුනක් පයින් යන පදිකයෙක්මි. ඒ නිසා මා මේ ඉදිරිපත් කරන්නේ නිරීක්ෂණයෙන් ලබා ගන්නා ලද සාක්ෂි මත පදනම් වූ කරුණු සමුදායකි. ඒ නිසා අනුභූතික සාක්ෂි මොනවාදැයි නො අසන්න. මාර්ග නීති කඩකිරීමේ ප්‍රධාන වැරදි හතක් වෙනුවෙන් දැඩි…

|

ඉක්ටා ගැන මවන බිල්ලාට බිය විය යුතු නෑ – හිටපු වාණිජ අධ්‍යක්ෂ කේ.ජේ වීරසිංහ

යෝජිත ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුමෙන් ඉන්දියානු ස්වාධීන වෘත්තිකයන්ට අප රටට ඒමට ඉඩක් ලබා දෙන්නේ නැතැයි ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කේ. ජේ. වීරසිංහ මහතා අවධාරණය කරයි. ඉදිරියේදී එළැඹෙන නව ගිවිසුම යටතේ ඉන්දියානු ආයෝජනවලට අදාළ වෘත්තිකයන් විනා ස්වාධීන වෘත්තිකයන් අප රට තුළ‍ට කැඳවීමක් සිදු නොවන බව ද අවධාරණය කළ හිටපු වාණිජ…

ජාතික ගීයෙන් අප එක්සත් වුණා වේ

ශ්‍රී ලංකාවේ වෙසෙන සියළු දෙනාට තමන්ගේම මව් භාෂාවෙන් ජාතික ගීය ගැයීමට ඇති අයිතිය, 2016 නොවැම්බර් 18 වැනි සිකුරාදා, ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කෙළේය. ‘නමෝ නමෝ මාතා’ යනුවෙන් ගැයෙන අපේ ජාතික ගීය තුළ ඇති විශේෂත්වය වන්නේ, එය රට පිළිබඳ අභිනන්දනය පමණක් ගැයෙන ගීයක් වීමයි. කිසි ජාතියක්, කුලයක්, ඇදහීමක්, ප්‍රජාවක් හෝ ආගමක් ඒ මගින් උත්කර්ෂයට නැංවෙන්නේ නැත. එය මුළුමණින්ම…

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් ඕනෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් දියත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා අවධාරණය කරයි. දැනට සිදු කෙරෙන සමාජ දැනුවත් කිරීම් ප්‍රමාණවත් නොමැති බවත් නිසි දැනුවත් කිරීමකින් පසු ජනමත විචාරණයකට යාමෙන් එය ජයගැනීමට හැකි බවත් හෙතෙම අවධාරණය කරයි. සාමාන්‍ය ජනතාව වෙත ලබා දීමට යෝජිත සමාජ, ආර්ථික සහන සම්බන්ධයෙන්…

යෝජිත ව්‍යවස්ථාව ජයගැනීමට නම් පරාජිත මානසිකත්වයට ඉඩ නොතැබිය යුතු යි – මහින්ද රත්නායක

මෙවර අයවැයට ද සුපුරුදු පරිදි විපක්ෂයෙන් විවේචන එල්ල වූ නමුත් 2/3ක වැඩි ඡුන්දයෙන් එය මෙවරද සම්මත විය. එය සම්මත වූයේ නොවැම්බර් මස 18වෙනිදා ය. නොවැම්බර් 19 දින නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට අදාළ කමිටු 6 යේ වාර්තා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. අදාළ කමිටු වාර්තා 6ම පොදු එකඟත්වයක් ඇතිව ඉදිරිපත් වූ ඒවා වන…

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම – අජිත් පැරකුම් ජයසිංහ

2015 ජනවාරි 8 විප්ලවයේ එක් මූලික අරමුණක් වූයේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමයි. ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලියක් ඔස්සේ එම කාර්යය ඉදිරියට යමින් තිබේ. අද දින එහි වැදගත් ඉදිරි පියවරක් තබන ලද බව වාර්තා විය. අගමැති විසින් උප කමිටු හයක වාර්තා ව්‍යවස්ථාදායක සභාව වන පාර්ලිමේන්තුවට වෙත ඉදිරිපත් කර තිබේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල මන්ත්‍රීවරුන් 11 බැගින් සමන්විත එම උප…

කෝප් කමිටුව පාර්ලිමේන්තුවේ ශක්තිමත් ආයතනයක් –  හොරකම, වංචාව, දූෂණය  නැති කිරීම අපේ අරමුණයි

කෝප් කමිටුව පාර්ලිමේන්තුවේ ශක්තිමත් ආයතනයක් – හොරකම, වංචාව, දූෂණය නැති කිරීම අපේ අරමුණයි

කෝප් වාර්තාව සම්බන්ධයෙන් ප්‍රමාද උන සාකච්ඡාවක් මේක. ඒ වාගේම ස්තුතිවන්ත වෙන්න ඕනි මැතිවරණ කොමසාරිස්තුමාට. මේ සාකච්ඡාව මෙතනට ආවෙ ඔහු නිසා. කොප් වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළාට පස්සෙ මට කතා කලා. පාර්ලිමේන්තුව පිළිබඳව එපා වූ මිනිසුන් නැවත පාර්ලිමේන්තුව ගැන විශ්වාසයක් ඇති උණා.  මේ වාර්තාව ඉදිරිපත් කිරීමත් සමගම. එතුමා කීවෙ මේක සමාජෙත් එක්ක සාකච්ඡා කරන්න ඕනි කියලා. පාර්ලිමේන්තුවේ…

අධ්‍යාපනය රජයේ වගකීමක් කියන එක, සැලසුම් සහගතව ප‍්‍රතික්‍ෂේප කරන තත්ත්වයක් තියෙනව – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

හේතුවාදීන්ගේ සංගමය මගින් පවත්වනු ලබන මාසික දේශන මාලාවේ, නොවැම්බර් මාසය වෙනුවෙන් පවත්වනු ලැබූ දේශනය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් පවත්වන ලදී මෙම ලිපිය එම දේශනය ඇසුරෙන් සකස් කරන ලද්දකි. අධ්‍යාපනය රජයේ වගකීමක් කියන එක, සැලසුම් සහගතව ගොඩක් අය ප‍්‍රතික්‍ෂේප කරනව. අපේ සමාජයේ දේශපාලන ආදිපත්‍ය දරණ, අදහස් පාලනය කරන පිරිස් සැලසුම් සහගතව මෙය ප‍්‍රතික්‍ෂේප කරනව. මේක…

ගමනේ දිශාව හොදයි , ඉවසිල්ලෙන් ඉමු ! – ලංකා බැංකුවේ හිටපු සභාපති රුසිරිපාල තෙන්නකෝන්

ගමන හොඳ දිහාකට යන නිසා අපිට ඉවසිල්ලෙන් ඉන්න සිද්ධ වෙලා තියෙනව. ඒක නිසා ජනතාව තවමත් මෛත‍්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිතුමා කෙරේ විශ්වාසයත්, බලාපොරොත්තුවත් තබාගෙන ඉන්නව. ජනතාව වත්මන් ජනාධිපති හා ආණ්ඩුව බලයට පත් කරගන්නෙ විශාල බලාපොරොත්තු ඇතිව. වර්තමාන රජය බලයට ඇවිත් වර්ෂ දෙකක් පූර්ණ වෙන්න තව මාස දෙකක් වැනි කාලයක් තියෙන්නෙ. ගෙවී ගිය දෙවසරකට ආසන්න කාලය තුළ…

ජනවාරි 8 ජනතාව අපේක්ෂා කළේ මොර සුරන වැස්සක් – වික්ටර් අයිවන්

ලංකාව නිදහස ලබා ගත්තෙ ඉන්දියාව වෙනස්ව බහුජන සටන් ක්‍රියාමාර්ගයාක් ක‍්‍රියාමර්ගයකින් තොරව. නිදහස ලබා ගැනීමෙන් පසුව ජාතිය ගොඩනැගීම හෝ නවීන සමාජ ගොඩනැගීමක් සිදුවුණේ නෑ. ඒ නිසා ලංකා රාජ්‍ය ලංකා සමාජය රෝද කැරකෙමින් තිබුනේ අවුල් සහගත ආකාරයටයි. නිදහස ලැබී අවුරුදු තිහකට පසුව විටෙක කලින්කලට තවත් විටෙක එක දිගට ලංකාව ලේ හලන රටක් බවට පත් උණා. දස දහස් ගණන්…