දේශපාලන වතගොත

  නිලමෙහෙවර වැඩසටහන මගින් රජය මහජනයා ළඟට ගොස් ප්‍රශ්න විසඳීමට ක්‍රියාකිරීම ගැන ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් වජිර අබේවර්ධන ඇමැතිවරයා හමුවූ හැම අවස්ථාවකම එතුමාට ප්‍රශංසා කළා. මෙම වැඩසටහන ඉදිරිකාලයේ රට පුරා ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. ජාතික රජයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ වන මේ වසර රජයට ඉතාමත් කාර්යබහුල වසරක් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ වසර ආරම්භයත් සමගමයි. හම්බන්තොට ආර්ථික පුරවරය…

කුහක විරෝධතා – සී. ජේ. අමරතුංග

 දැන් තිබෙන්නේ හම්බන්තොට ගැටුම් ගැන පසුවිපරම් විවාදයකි. ආණ්ඩුව කියන්නේ සංවර්ධනය කඩාකප්පල් කිරීමට විපක්ෂය මැරකම් කළ බවයි. විපක්ෂය කියන්නේ ආණ්ඩුව මහජනයාට මැර ප්‍රහාර එල්ල කළ බවයි. කෙසේ වෙතත් ජනමාධ්‍ය මඟින් මහජනයා බොහෝ දේ දුටු නිසා මැරයන් කවුද? ගුටිකෑවේ කවුද? යන්න බොහෝ දෙනාට වැටහී ඇතුවාට සැකයක් නැත. එසේ වුවද මෙතන ක්‍රියාත්මක වන්නේ කරුණු විකෘති කිරීමේ දේශපාලනයකි. එම…

|

රුසියානු ඔක්තෝම්බර් සැමරුම රනිල්ගේ මූලිකත්වයෙන්…

1917 රුසියාවේ ඔක්තෝම්බර් විප්ලවයේ ශත සංවත්සරය මාර්තු 10 වැනි දින සැමරීමට සියලු කටයුතු සංවිධානය වෙමින් පවතී. මේ පිලිබද මූලික වටයේ සාකච්ඡාවක් පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් පැවති බව යුක්තියට වාර්තාවේ . විශේෂයෙන්ම රුසියානු විප්ලවයේ ප්‍රජාතාන්ත්‍රීය කර්තව්‍යයන් වල කාලීන වැදගත්කම ඉස්මතුකර දැක්වීම මෙම සැමරුම් උත්සව මාලාවේ ප්‍රධාන අරමුණක් බව වාර්තාවේ . තවද මෙම සාකච්ඡාවට ජනවාරි 8…

මර උගුල් ව්‍යවස්ථාව – මහින්ද රත්නායක

 විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය හෙවත් 78 ව්‍යවස්ථාව ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ නිර්මාණයක් බව කවුරුත් දන්නා කරුණකි. කෘෂිකාර්මික භාණ්ඩ හා අමුද්‍රව්‍ය අපනයන කිරීම වෙනුවට, රට කාර්මීකරණය කිරීම අර කී ව්‍යවස්ථාවේ ආර්ථික දර්ශනය විය. ආර්ථිකයේ ව්‍යුහීය වෙනස්කම් ඇතිකරන විට මතුවන දේශපාලන අභියෝගයට මුහුණදිය හැකි වන්නේ ශක්තිමත් පාලකයෙකුට බව එයින් කියැවිණි. 78 ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් අනුමතකර නොගත් නමුත් එක්සත්…

ජවිපෙට අවුරුදු අටකින් විසඳිය හැකි ප්‍රශ්න මේ ආණ්ඩුවට අවුරුදු දෙකකින් විසඳීමට බැරි වුණේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

අපි 2015 ජනවාරි 8 වෙනස වෙනුවෙන් දායක වුණෙමු. අද වනතුරුත් මම රටේ යහපත වෙනුවෙන් කරනු ලබන දේශපාලන වෙනස්කම් වෙනුවෙන් මා ක්‍රියාත්මක වන ප්‍ර‍ධාන අවකාශය වන සමාජ මාධ්‍ය තුළ ආණ්ඩුවට සහයෝගය දෙන්නෙමි. ඇත්ත කීවොත්, සමාජ මාධ්‍යවල සතුරන්ගෙන් කුණුහරුප අසා ගනිමින්, තර්ජනවලට ලක් වෙමින් ආණ්ඩුවට සහයෝය දෙන්නට උත්සාහ කරන ක්‍රියාකාරිකයන් සමග සම්බන්ධතාවක් නඩත්තු කරන්නට තරම් හෝ බුද්ධියක් ඇති මාධ්‍ය…

රාජපක්ෂ පවුල + ඒකාබද්ධ විපක්ෂය + ජවිපෙ + මහරාජා කොම්පැනිය + දෙමළ ඩයස්පෝරාව + කොටි සංවිධානය: අශුද්ධ සන්ධානයට මළ මිනිී ඕනෑ කර තිබේ. – අජිත් පැරකුම් ජයසිංහ

වසර 2002දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන ගෙන එන ලදී. කොටි සංවිධානය සමග සටන් විරාමයකට එළැඹ සාකච්ඡාමය විසඳුමක් සඳහා ද පියවර ගන්නා ලදී. මේ හා සමාන්තරව ජාත්‍යන්තර වශයෙන් ලෝක වෙළඳ සංවිධානයේ ගෝලීයකරණ වැඩසටහන ඉදිරියට පැමිණියේ ය.රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඒ සමග බද්ධ වෙමින් බටහිර රටවල හා ජපානයේ ආධාර ඇතිව වේගවත් ආර්ථික ප්‍රතිසංස්කරණ…

මැතිවරණයකට මුහුණ දෙන්න ආත්ම විශ්වාසයක් මහින්දගෙ ඒකාබද්ධ විපක්‍ෂයටත් නෑ. ජනතා විමුක්ති පෙරමුණටත් නෑ. – පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ලේකම් පුබුදු ජාගොඩ.

විල්පත්තු වනාන්තරය හෙළිකිරීම් සම්බන්ධ ගැටළුව තවම නිරාකරණය වෙලා නැහැ නේද? දැන් කියනව එහෙම වනාන්තර හෙළිකිරීමක් සිදු වෙලා නැහැ කියලා? දැන් ගැටළුව නිරාකරණය කිරීම වෙනුවට වෙන පැත්තකට හරවන බවක් පේනව. ඊයෙ පෙරේදා අපි දැක්කා වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙ ප‍්‍රධානියා ප‍්‍රකාශයක් කරනව, ‘විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ කිසිම පදිංචි කිරීමක් කෙරල නැහැ’ කියල. ඔහු කියනව විල්පත්තු වනෝද්‍යානයට මෙහා තියන අක්කර…

ජනාධිපති සිරිසේනගේ ‘වචන දෙකේ කතා- හිල්මි අහමඞ්

විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් ඉඩම් මුස්ලිම් අවතැන්වූවන් විසින් වටකොට විනාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියයි. (ජුනි 2015) මුස්ලිම් ජාතිකයන් විල්පත්තුවෙන් අඟලක්වත් එළි කොට නැතැයි ජනාධිපති සිරිසේන කියයි. (දෙසැම්බර් 2016) මන්නාරමේ මුසාලි දකුණ ප්‍රදේශයෙන් මුස්ලිම් අවතැන්වූවන් සඳහා වෙන්කොට තිබූ ඉඩම් ආපසු පවරාගෙන වන අඩවිය ව්‍යාප්ත කළ යුතු බවට ජනාධිපති සිරිසේන නියෝග කරයි. (දෙසැම්බර් 2016) පරිසරවාදීන්…

අගමැති කඩවුණු පොරොන්දුව ඉටුකරයි – විපක්ෂ නායක ජාතික කොඩිය ඔසවයි

තමන් හමුවීමට පැමිණි එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ තමන්ට ලැබී ඇති ජනවරමට එරෙහිව කටයුතු නොකරන බවයි. රාජපක්ෂවරුන් සමඟ තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බව කී ජනාධිපතිතුමා ‍ඔවුන් සමඟ සබඳතා තියෙන අය ගැන සොයන්නැයි එජාප මන්ත්‍රීන්ට ප්‍රකාශ කළා හම්බන්තොට වරාය විකිණීම, සමාගම්වලට ඉඩම් පැවරීම ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට එරෙහිව ජවිපෙ ආරම්භ කර ඇති විරෝධතාවයන් පිළිබඳව ජවිපෙ නායකයෝ විශේෂ සාකච්ඡාවක නිරත වූණා විපක්ෂ…

ආණ්ඩු පෙරළන ‘නරිවාදම’ – සී.ජේ.අමරතුංග

 නව වසර ආරම්භ වන විටම අසන්නට ලැබුණේ ආන්දෝලනාත්මක කතාවකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ 2017 දී ආණ්ඩුව පෙරළන බවකි. එනම් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පෙරළා තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවන බවකි. ඉඩක් ඇත්නම් රාජපක්ෂ මහතා එය කරන්නට උත්සාහ දරන බව නම් පැහැදිලිය. දැන් පවතින යහපාලන ආණ්ඩුව සෑදී තිබෙන්නේ ප්‍රතිවිරුද්ධ අදහස් ඇති ප්‍රධාන පක්ෂ දෙකකින් හා…

අපි රනිල්ටවත් මහින්දටවත් කඩේ යන්නේ නෑ – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

නව සමසමජ පක්ෂය දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් දේශපාලනයේ නිරතවන පක්ෂයක්. මේ පක්ෂය ආරම්භ කරලා පලමුවෙන්ම කරන්න සිද්ධ වුනේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඉදිරිපත් කරපු ව්‍යවස්ථාවට විරුද්ධ වෙන්න. ඒ ව්‍යවස්ථාව මහ උවදුරක් කියලා අපිට තේරුණා. රට පුරාම කලුකොඩි දාන්න අපි පියවර ගත්තා. විශේෂයෙන් විරුද්ධ පක්ෂය සමග එක් වෙලා ජනතාව අතරට ගිහින් සංවිධානාත්මකව ඒකට මූණ දෙන්න. ඒ සදහා…

දුන්න දුනුගමුවේ, ඊ තල කිතලගමුවේ – මහින්ද රත්නායක

පලාත් පාලන හා පලාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා විදේශගත වූයේ පලාත් පාලන සීමා නිර්ණ වාර්තාව බාරදීමට සුදානම්ව සිටිය දී ය. අර කී වාර්තාව භාරගැනීමට විෂයට සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න මහතා ද  ඉදිරිපත්වූයේ නැත. සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පලාත් සභා තුළ පරාජයට පත්වූයේ එයින් දින කිහිපයකට පසුව ය.   2017 දී ආණ්ඩුව පෙරළන බවට හිටපු…