විකුණන බයිලා – සී. ජේ. අමරතුංග

  රාජ්‍ය ආයතන පාඩු ලැබීම, අකාර්යක්ෂමතාවය ඒවායේ දූෂණ හා වංචා දැන් බරපතළ ප්‍රශ්න බවට පත්ව ඇත. පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් ‘කෝප්’ කමිටුව පසුගියදා වාර්තා කළේ රාජ්‍ය ආයතන පහළවක් කෝටි එකොළොස් දහසක් පාඩු ලබා ඇති බවයි. ඒ පසුගිය වසර කිහිපයකදීය. මුදල් ඇමැති රවි කරුණානායක මහතා කීවේ මෙම පාඩු සිදුව ඇත්තේ පසුගිය සමයේ බව…

අන්තවාදයට යට වූ අධ්‍යාපනය – වසන්ත ප්‍රිය රාමනායක

  ‘සයිටම්’ අර්බුදය ඇසුරින් හෝ පෞද්ගලික අධ්‍යාපනය පිළිබඳ රජයේ පිළිවෙත නිරවුල්ව ප්‍රකාශයට පත් විය යුතුය. මේ වන විට දැන ගැනීමට තිබෙන්නේ රජයේ වෛද්‍ය සභාව ද මේවා සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් සකසා නොමැති බවයි. නැතිනම් වෛද්‍ය සභාවට ද වෛද්‍ය විද්‍යාලයක් පවත්වා ගෙන යෑමට අවශ්‍ය ක්‍රමවේද මොනවාදැයි ප්‍රකාශයට පත් කළ නොහැකි මට්ටමක පසුවන බවයි. මේ වනවිට ලොව පුරාම…

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ඉක්මන් කල යුතුයි – ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ඞීව් ගුණසේකර

අපි 72දි අපේම ව්‍යවස්ථාවක් හැදුවා. ඒකෙදි තමයි අපිට පූර්ණ නිදහස ලැබෙන්නෙ. මැතිණිගෙ ඔඩොක්කුවේ තිබ්බ පරමාධිපත්‍යය ජනතාවට පැවරෙනවා. ඒක ලොකු අරගලයක්. අපි එහෙම ඉදිරි පියවරක් ගත්තට ඒක පවත්වාගෙන යන්න ලොකු ශක්තියක් තිබුණෙ නෑ. දෙමළ ජනතාව සහ දෙමළ දේශපාලන නායකයින් ඒකට සහභාගි කරගන්න බැරි උන එක ෙඓතිහාසික වැරැුද්දක්. ඒක තමයි 72 ව්‍යවස්ථාවේ ප‍්‍රධාන අඩුපාඩුව. නිදහස ලැබිලා අවුරුදු…

සංසෝධන ගෙනත් කරන්න පුලූවන් දේ සීමා සහිතයි. අපට අවශ්‍ය නව ව්‍යවස්ථාවක් පමණක් නොව නවීන ව්‍යවස්ථාවක් – ජයම්පති වික‍්‍රමරත්න

1978 සැප්තැම්බර් මාසයේ සිට ම පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව එරෙහි විශාල ව්‍යාපාරයක් අරගෙන ගියා. ඒ නිසා පටු දේශපාලන කෝනයකින් මේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය දිහා බලන්නෙ නැතුව, ඒක ජනතාවට අවශ්‍ය, රටට අවශ්‍ය, අපි සියලූ දෙනාට ම අවශ්‍ය කාරණයක් හැටියට ඉතාමත් පුළුල් ලෙස හිතලා මේ ප‍්‍රශ්නය දිහා බලන එක ගැන, ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය ගැන ඇත්තවශයෙන්ම අපිට තිබෙන්නේ ආඩම්බරයක්….

අවුරුදු 69 කින් 57 ක්ම ගිජු ලෙස ගිල දැමූ දේශපාලඥයන්-කේ. කේ. එස්. පෙරේරා

දේශපාලන දේහය තුළට කාවැදුණු දූෂණයට, නිදහසින් පසු කාලයෙන් විශාල කොටසක් බිළි වී ඇත. තවමත් එය එසේම පවතී. මිරිස් මල්ලක් හෝ හාල් මල්ලක් නැත්නම් වෙනත් සිල්ලර ගතමනාවක් ගත් වරදට දඬුවම් ලැබූ ඇතැම් ඇමතිවරුන් සිටි පශ්චාත්-නිදහස් ප්‍රථම වසර 12 අභිබවා, ගත වූ දශක කිහිපය තුළ බලයට පත් සෑම ආණ්ඩුවකම දේශපාලඥයන්ගේ බිලියන ගණන්වලින් මැණෙන දූෂණය, වංචාව සහ මගඩි…

විල්පත්තුවේ මිනිසුන්ගේ ප්‍රශ්නය දෙස ජාතිවාදීව ආගම්වාදීව බලන්න එපා.- ගාමිණී වියන්ගොඩ

සති දෙකකට පෙර අපි විල්පත්තු ගියා මේ කාරණා සම්බන්දයෙන් හොයලා බැලුවා.ඒ ගමන නිසා අපේ තිබුණු යම් මතයක් සනාථ වුනා. මෙහි කිසියම් වූ ජාතිවාදයක් තියෙනවා. ඒක මෙහෙය වන්නේ යම් යම් දේශපාලනඥයන් විසින් ඒ අයගේ වාසියට මෙහෙයවනු ලබනවා. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ට විරුද්ධව අද දක්වා වත් සිංහල දකුණේ කථිකාව තුල වැදගත් මාතෘකාව වෙන්නෙ කුමක්ද ? 1990 දි විල්පත්තුව…

මේ අරාජිකත්වය අවසන් කළ යුතු ය – අජිත් පැරකුම් ජයසිංහ

රට වේගයෙන් අරාජිකත්වයක් වෙත තල්ලු වෙමින් තිබේ. එය නිරූපණය වන පැති කීපයක් තිබේ. රටේ පැහැදිලි දේශපාලන නායකත්වයක් නැත. ජනාධිපතිවරයා හා අගමැතිවරයා කටයුතු කරන්නේ ඒකීය ධාරණාවකින් නො වන බව පැහැදිලි ය. ඔවුන් අතර සාකච්ඡා, අවබෝධතා හා සම්මුති ඇති බවක් නො පෙනේ. විශේෂයෙන් ම අගමැතිවරයාගේ ගජමිතුරු කල්ලිය කටයුතු කරන ආකාරය ගැන දැඩි විවේචනයක් තිබේ. එය වනාහි රට…

වෛද්‍ය වියරුව- සී. ජේ. අමරතුංග

   මාලඹේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධියට එරෙහි ව්‍යාපාරය භයානක අතකට ගමන් කරන බව පෙනෙන්නට තිබේ. එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා මරා දැමීමට තැත්කිරීම බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු සිදුවීමකි. එය කාගේ ක්‍රියාවක්ද යන්න තවමත් පැහැදිලි නැත. එසේ වූවද එයට අවශ්‍ය පසුබිම සැකසූ උදවිය හා වෛරය වැපුරූ උදවිය කවුද යන්න මෙරට මහජනයාට අමුතුවෙන් කිව යුතු නැත….

|

අවශ්‍ය වෙන්නේ ශ‍්‍රී ලාංකීය මොඞ්ල් එකක ආර්ථික ප‍්‍රතිපත්තියක් – ආචාර්ය කුමුදු කුසුම් කුමාර

නව ලිබරල්වාදී අර්ථ ක‍්‍රමය අපි වැළඳගත්තට, නව ලිබරල් ආර්ථික ක‍්‍රමය ආරම්භ කළ, පවත්වාගෙන ගිය ලෝකයේ සෑම රටක්මපාහේ තීරණය කරල තියෙනව තව දුරටත් ඒ ක‍්‍රමය තුළ රටක ආර්ථිකයක් දියුණුව කරා ගෙනියන්න බැහැ කියල. එවැනි අසාර්ථක ආර්ථික ක‍්‍රමයක් අනුගමනය කරීමට නව ආණ්ඩුවත් උත්සාහ කිරීම රටට ඵලදායි වෙයිද? එය වැදගත් ප‍්‍රශ්නයක්. නව ලිබරල් වාදය අසාර්ථක බව, නව ලිබරල්වාදි…

සයිටම් අර්බුදය – වසන්ත ප්‍රිය රාමනායක

  මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කුහකත්වයෙන් තොරව පමණක් නොව ළිං මැඩි මානසිකත්වයෙන් තොරව කල්පනා කිරීමේ වැදගත්කමක් තිබේ. රජයේ වෛද්‍ය සභාව පසුගිය රාජ්‍ය සමයේ කල්පනා කළේ අඩුපාඩු සකස්කර ගැනීමේ පදනම යටතේ තාවකාලිකව හෝ සයිටම් ආයතනයකට අවසර දීමේ පිළිවෙතකි. ඒ බව එහි සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ප්‍රකාශවලින්ම පැහැදිලි වුණි. නිදහස් අධ්‍යාපනය මෙන්ම අධ්‍යාපනයේ නිදහසද ප්‍රජාතන්ත්‍රවාදී රටක වැදගත්…

බොරු වළවල් වලින් ප්‍රවේශම් වන්න

ජාතියක් විනාශ කෙරෙන්නේ ජාතිවාදයෙන් බව හිටපු ඇමරිකානු ජනාධිපති රොනල්ඞ් රේගන් කියා තිබේ. මාරක දේශපාලනික උගුල් විවිධ මුහුණුවරින් කරලියට එන අපේ රටේ ජාතිවාදී, අන්තවාදී, දූෂිත බලවේගයක් තුළ, දැනුවත්ව හෝ නොදැනුවත්ව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිරව සිටිති. විධායක ජනාධිපති ක්‍රමය අවලංගු නොකළයුතු බවත්, එය දිගටම පවත්වාගෙන යායුතු බවත් ඔවුහූ දැන් ජනතාවට කියති. ඒ අනුව, 2020…

රටටත්-පක්ෂ දෙකටත් සංහිඳියාවේ පණිවුඩයක් – මහින්ද රත්නායක

 නිදහස් දිනයේ ජාතිය අමතා ජනාධිපතිතුමා ඉතා වැදගත් කරුණු තුනක් අවධාරණය කළේ ය. නිදහස යන වචනය පිළිබඳ විග්‍රහයක් කළ එතුමා යටත් විජිතවාදයෙන් නිදහස් වීම හා අද අප කතාකරන නිදහසේ ඇති සන්දර්භීය වෙනස අවධාරණය කළේ ය. ඒ අර්ථයෙන් ගත් කල 2015 ජනවාරි 08 වෙනිදා මේ රටේ ජනතාව දිනාගත්තේ ද නිදහස බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය. මානව නිදහස,…