අන්තර් ජාතික සමුළුවක් සඳහා විමල් වීරවංශ තම පුත්‍රයාද රජයේ ධූතයෙකු ලෙස සහභාගීකරවා ගෙන -මංගල සමරවීර

පසුගිය රජය සමයේ පැවති අන්තර් ජාතික සමුළුවක් සඳහා විමල් වීරවංශ මහතා තම පුත්‍රයාද රජයේ ධූතයෙකු ලෙස සහභාගීකරවා ගෙන ඇති බව විදෙස් කටයුතු ඇමති මංගල සමරවීර මහතා  පාර්ලිමේන්තුවේ දී පැවසීය. තමන් සිය පුතුව මෙම සංචාරය සඳහා කැටුව ගියේ රජයේ වියදමින් නොවන බවත් තම පුද්ගලික වියදමින් බවත් ඊට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා පවසා සිටියේය. රජය රටතුළ…

විපක්ෂයේ ලැජ්ජා නැති කතා – භාතිය බරුකන්ද

  අද විපක්ෂ කල්ලිවලට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දේශපාලනය කිරීමේ හා ආණ්ඩුව විවේචනය කිරීමේ පමණක් නොව ‘අවශ්‍ය ඕනෑම ආකාරයකින් ආණ්ඩුව පෙරළන බවට’ වහසි බස් දෙඩවීමට පවා දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් වත්මන් යහපාලන ආණ්ඩුව බිහිකොට තිබේ. විපක්ෂයට මේ ආකාරයෙන් දේශපාලනයේ නිරත වීමට කිසිදු අවස්ථාවක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ලබා දුන්නේද ? තමන්ට එරෙහි වූ හෝ එරෙහි වෙතැයි කල්පනා…

මැයි දිනයේ දුර්මත -සී. ජේ. අමරතුංග

   මැයි දිනය ලෙස හඳුන්වන ලෝක කම්කරු දිනය මෙවරද සැමරුවේ ලක්ෂ ගණන් ජනයා පෙළපාලිවලට හා රැස්වීම්වලට සහභාගි වෙමිනි. ප්‍රධාන පක්ෂවලට මෙය තමන්ගේ ශක්තිය පෙන්වන අවස්ථාවකි. සමහර මැයි රැලි සඳහා නොමිලේ මහජනයා ප්‍රවාහනය කරන්නෙත් විවිධාකාර සංග්‍රහ කරන්නේත් ඒ සඳහාය. එසේ කරන්නේ ඔළුගෙඩි පෙන්වා ‘මේ අපේ බලයයි’ කියා කියන්නටය. ඇතැම්විට ඒ බලය රටේ නැති බව කවුරුත් දනිති….

ගීතාට මන්ත්‍රීකම නැතිවෙයි ..

ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලීමේන්තු මන්ත‍්‍රීවරියක් ලෙස දිවුරුම් දුන් දිනයේ සිට ඇය වෙනුවෙන් රජය දැරූ සියලූ වියදම් යළි අය කරගන්නැයිද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නියෝග කර තිබේ. ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය එම පාර්ලිම්න්තු මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසු බව අභියාචනාධිකරණය තීන්දු කළේය. ස්විට්සර්ලන්ත ‐ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි ගීතා…

අපේ සිහින සරසවිය – නිශාන්ත කමලදාස

 සරසවිය ප්‍රඥාවේ හරඹ පිටියක් විය යුතු ය. නව උත්පාදනයේ තෝතැන්න විය යුතු ය. ජාතියේ නැණ පහන් දල්වන ආලෝකය විය යුතු ය. රටට මග පෙන්වන ප්‍රදීපාගාරයක් විය යුතු ය. නැත. එවැන්නක තැන තැන විසිරුණු ලකුණු කීපයක් ඇරෙන්නට එය වඩාත් ආසන්න කාන්තාරයකට ය.එයට ඇතුළුවන බොහෝ දෙනෙකු අතරමං වන්නෝ ය. එයින් පිටවෙන බොහෝ දෙනෙකු ඉන්නේ විඩාබර ව කිසිවක්…

ඡන්දයට උදවු කරපු අය හමුවුණාම ජනාධිපතිතුමාට ලජ්ජයිලු – “කිසි දෙයක් එපා , ව්‍යවස්ථාව ගෙන්න” වමේ අය කියයි

ජනාධිපතිවරණයේදී තමන්ගේ ජයග්‍රහණයට උදවු කල උදවිය හමු වූ විට තම ලජ්ජාවට පත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට ඇත .ජනාධිපතිවරයාගේ හිතවතෙකු වන මලිත් ජයතිලක මන්ත්‍රීවරයා සමග එතුමා මේ බව ප්‍රකාශ කොට ඇත්තේ සමසමාජ බහුතර කණ්ඩායමේ ලාල් විජනයක මහතාගේ සහදරයකු වන ජගත් විජේනායක මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා ජයරත්න මල් ශාලාවට ගොස් නිවසට පැමිණීමෙන් පසුවය…

ත්‍රීකුණාමලයේ ඉන්ධන ටැංකි රට වළට අදින විරෝධතා – මහාචාර්ය රොහාන් සමරජීව

අග්‍රාමාත්‍යවරයා දින හතරක සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් පැමිණියේ ය. එතුමා පැහැදිලිව පවසා ඇත්තේ, එහිදී කිසිඳු ගිවිසුම් ඇති කර නොගන්නා බවය. නමුත් ඔහු එහි පිටත්ව ගියේ හුදු විනෝදය සඳහා නොවන බව අපි කවුරුත් දනිමු. ඇත්තෙන්ම මෙම සංචාරයේ අරමුණ වූයේ දෙරටටම බලපාන විවිධ ගැටලු විසඳා ගන්නා ආකාරයත්, විවිධ අවශ්‍යතා ප්‍රයෝජනයට ගන්නා ආකාරය පිළිබඳවත් සාකච්ඡා කිරීම සඳහාය. එහිදී…

මහින්ද නිදහස් පක්ෂයෙන් දොට්ට ?

මධ්‍යම කාරක සභා තීන්දුව කඩකරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් ගෝල්ෆේස්‌ පිටියේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ මැයි දින රැලියට සහභාගි වුවහොත් පක්‌ෂ ව්‍යවස්‌ථාව මගින් පැවරී ඇති බලතල අනුව ඔවුන්ට එරෙහිව දැඩි තීන්දුවක්‌ ගන්නා බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මහා ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පැවැසීය. මෙම තීන්දුව ගැනීම සඳහා මැයි දිනය අවසන් වූ…

|

ඒකාබද්ධ ජාතිවාදයට කොමියුනිස්ට් පක්ෂයෙන් හීනි විරෝධයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ජනමාධ්‍ය ප්‍රධානීන් හමුවේ කළ ප්‍රකාශය ආන්දෝලනාත්මක එකක් වුණා. ජනාධිපතිතුමා කීවේ ඉදිරි සති දෙකේ දී රජයේ ආයතන ගණනාවක වෙනස්කම් සිදුවන බවක්. ආණ්ඩුවට නව මුහුණුවරක් දෙන බව ද එතුමා කීවා. අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන ප්‍රශ්න කළ විට ජනාධිපතිතුමා කීවේ වෙසක් පෝය එනතෙක් බලාගෙන ඉන්න කියායි. මෙයින් කියැවුණේ ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වීමට ජනාධිපතිතුමා…

එස් එෆ් ලොක්කන්ගේ ලංකාවට සරත් ෆොන්සේකා – අජිත් පැරකුම් ජයසිංහ

කලත්තෑව මිනීමැරුම් සම්බන්ධයෙන් එල්ලුම් ගස් ගිය ඇල්ෆ්‍ර‍ඩ් සොයිසාගේ පුත් වසන්ත සොයිසා හෙවත් කරාටේ වසන්ත ඝාතනය කිරීමෙන් ප්‍ර‍සිද්ධියට පත් එස්.එෆ්. ලොක්කා රිමාන්ඩ් භාරයෙන් නිදහස්ව පැමිණි පසු භික්ෂූන් සමග එක් වෙමින් ජාතිවාදී වීරයෙකු සේ හැසිරෙන්නට පටන් ගෙන තිබිණි. ඔහු සම්බන්ධ ඇතැම් වීඩියෝ සමාජ මාධ්‍යවල ද පළ වූ අතර ඔහු කප්පම් ගැනීමේ ව්‍යාපාරයක් අනුරාධපුරයේ කරගෙන යන බවට වාර්තා…

ඔළු වලත් කැළි කසළ – අනුර සූරියබණ්ඩාර

පාසැලක් අසල බස් රියක් නතර කරිණ. ගුරුවරියන් යැයි පෙනෙන තරුණියන් දෙදෙනකු බසයට නැ`ගුණි. හැඳ සිටියේ සුදු සාරි වන නිසාත් වයස අනුවත් ඔවුන් විද්‍යාපීඨ ගුරුවරියන් බව අනුමාන කළ හැකිය. බසය මද දුරක් ධාවනය වන අතර තැම්බූ බඩ ඉ`ගුරු වෙළෙන්දෙක් පිමිණියේය. ගුරුවරියන් දෙදෙන බඩ ඉ`ගුරු ගත්හ. බඩඉ`ගුරු විකුණන්නේ් ෂොපින් බෑග් යයි ජනප‍්‍රිය නමින් හැඳින්වෙන කවර වල බහාය….

වර්ජන කවුරුන් පිනවන්නද ? – භාතිය බරුකන්ද

එදා පාලක පවුලේ සුරතලුන් වී සිටි වෘත්තීය සමිති නායකයන් අද ‘රා බී වෙරි වූ මීයන් සේ’ ආණ්ඩුවට තර්ජනය කරමින් සිටින්නේ වත්මන් යහපාලන ආණ්ඩුව විසින් රට තුළ නිර්මාණය කළ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය නිසාය. වෙනත් ආකාරයකින් පැහැදිලි කරන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි ජනතාවක් විසින් මහත් කැපකිරීමක් මගින් දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ අද කුලප්පු වූ මීමුන් සේ හැසිරෙමින් සිටින්නේ එදා ධවල භීෂණය විසින් කර අඹා සිටියවුන් පිරිසකි. අද…