අස්ගිරි පාර්ශ්වයේ රාජපක්ෂවාදය – එම් . ඒ . ඕ . ද සොයිසා

පහත දැක්වෙන්නේ 17.08.17 දින ජාතික රූපවාහිනියේ ‘වෙනසට අවුරුදු දෙකයි’ යන මාතෘකාව යටතේ ශාන් විජේතුංග මෙහෙයවූ වැඩ සටහනකදී අසන ලද ප්‍රශ්නවලට ගාමිණී වියන්ගොඩ විසින් සැපයූ පිළිතුරුය. ප්‍රශ්නය: ගැටඹේ නායක ස්වාමීන් වහන්සේ කීවා මේ ආණ්ඩුවට රටත්, ජාතියත්, ආගමත් ගැන හැඟීමක් නෑ කියලා. එම අදහස් ප්‍රකාශ කර ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් හමුවීමට ගිය විටයි. අස්ගිරියේ නායක ස්වාමීන්…

‘62 ලක්ෂය සීරුවෙන් සිටිය යුත්තේ ඇයි? – භාතිය බරුකන්ද

  ආර්ථික හා සමාජ සංවර්ධනය ගැන, සුබසාධනය ගැන වඩාත් සංවේදී අඩු ආදායම්ලාභී ජනතාව ගැන වගේම ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ගැන සංවේදී මධ්‍යම පාන්තිකයන් ද තෘප්තිමත් කරමින් තිරසාර ගමනක් යාමයි අද ආණ්ඩුව හමුවේ ඇති අභියෝගය. මෙය ‘රැවුලයි කැඳයි ’ දෙකම බේරා ගැනීමක් වශයෙන් නොසැලකිය යුතුයි. වුවමනාව හා ඥානය තිබේ නම් මේ දෙකම බේරා ගෙන වැඩ කළ හැකි…

|

මහින්ද දෙපැත්තට පැනීමේ රහස ‍එළියට

  පසුගිය දිනවල බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව තුබූ කසළ කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයට ස්ථිර විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාවට නගන්නට හැකිවීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සතුටින් සිටියද එහි කටයුතු ගැන දිගින් දිගට සොයා බැලීමට කටයුතු කරමින් සිටිනවා. පසුගිය සඳුදා ඒ පිළිබඳ ඉහළ පෙළේ රැස්වීමක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූයේ අදාළ සියලු නිලධාරින්ගේ සහභාගිත්වයෙන්. කොළඹ පමණක් නොව…

හොඳට හිටින අර්බුද – සී.ජේ.අමරතුංග

 “ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මඟුල්” කියා කතාවක් ඇත. මේ දිනවල යහපාලන ආණ්ඩුව පැත්තේ සිදුවන දෙයින්ද රජ මඟුල් වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයටය. ආණ්ඩුවේ බොහෝ ප්‍රශ්න තිබෙන්නේ දූෂණ, වංචා හා අපරාධ පිළිබඳ පරීක්ෂණ දිග් ගැසීමේ ප්‍රතිඵල වශයෙනි. ඒ දෙස බලා ප්‍රීතිවත විපක්ෂය ගැන තවත් කතාවක්ද සත්‍ය විය හැකිය. එය නම් ‘ළිප ගිනි මොළවන තෙක් දිය…

ඔබත් ඉල්ලා අස්විය යුතුය. – අනුර සුරියබණ්ඩාර

රවී කරුණානායකගේ ඉල්ලා අස්වීමට අයිතිකාරයන් බොහෝය. ඒ අතරින් මුලුන්ම හිටගන්නට තැත් කරමින් සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය ය. ජනතා විමුක්ති පෙරමුණ, සිවිල් සංවිධාන, සාමාජ මාධ්‍ය, පමණක් නොව ආණ්ඩුව කරවන එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතැමුන් ද ඒ අතර සිටිති. ‍රවීගේ ඉල්ලා අස්වීම ජයග්‍රහණයක් නම්, ඒ ජයග්‍රහන්ට හිමි කරුවෝ කවරහුද? ඉල්ලා අස්වීමෙන් උදම්වීමේ අයිතිය ඇත්තේ…

රාජපක්ෂ පවුලේ සහ හවුලේ අපරාධ නඩු විසඳීමට විශේෂ අධිකරණයක් – ඇමැති රාජිත

දැනට මහාධිකරණයක නඩු කටයුත්තක් අවසන්වීමට වසර දහයකුත් මාස දෙකක කාලයක් ගතවන තත්ත්වයක් පවතින බැවින් මහින්ද රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට සහ රාජපක්ෂ රෙජීමයේ සෙසු දූෂිතයන්ට එරෙහිව ඉදිරිපත් කෙරෙන අපරාධ නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක් පිහිටුවන ලෙස ඊයේ ( 15) කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී පැවැති ‘‘දෙලක්ෂය සීරුවෙන්’ මහා සත්‍යග‍්‍රහයට සහභාගි වූ දහස් සංඛ්‍යාත ජනතාව අගමැතිවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා…

ශ්‍රී ලන්කන් කොටස් ගන්න හැරී ජයවර්ධන ජපන් සමාගම් සමග යෝජනාවක් භාරදෙයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කොටස් ලබාගෙන එය ලාභදායක ලෙස කලමනාකරණය සදහා ජපන් සමාගම් තුනක් සමග ප්‍රකට ව්‍යාපාරික හැරී  ජයවර්ධන මහතා යෝජනාවක් භාර දී ඇත . ජපානයේ විශාලතම ගුවන් සමාගම බව කියන නිපොන් එයාර් සමාගම ඇතුළු සමාගම් තුනක් සමග භාරදී ඇති මෙම යෝජනාවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ  සියයට හතලිස් නවයක කොටස් ලබාගෙන එය කළමනාකරණය භාරගැනීමට කැමැත්ත…

අපේ සිහින මාධ්‍ය – නිශාන්ත කමලදාස

   මාධ්‍ය සතුව ඇති වගකීම මතු කර පෙන්වන්නේ එය රටක සිව්වැනි ආණ්ඩුව යැයි කියන කියමනෙනි. එහෙත් අපේ ආණ්ඩු මෙන්ම එය ද කරන්නේ ජනතාවට මග පෙන්වනු වෙනුවට ජනතාව පසු පස යෑම ය. ජනතාවගේ ඉතාම පසුගාමී අදහස් පසු පස යෑම ය. ඒවා පෝෂණය කිරීම ය. ඒවාට තව තවත් ආරළු බුරළු එක් කිරීම ය. ඒ හරහා රේටින් වැඩිකර…

රාජපක්ෂලා අධිකරණ ඇමැති ගැන කිඹුල් කඳුළු හෙළන්නේ ඇයි ? – භාතිය බරුකන්ද

‘‘අඟේ ඉඳන් කන කනවා’’ යැයි කතාවක් අප අතර තිබෙනවා. මේ කතාවෙන් අදහස් වෙන්නේ ඉතාම සමීපයේ සිට හතුරුකම් කිරීමයි.  ඕනෑම සමාජයක් අඟේ ඉඳන් කන කෑම සලකන්නේ අතිෂයින්ම බරපතළ හතුරුකමක් විදිහටයි. එවැනි පුද්ගලයින්ට සමාවක් දීමට කිසිවෙක් සූදානම් වන්නේ නැහැ. එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදී මිනිසුන් මුහුණ දෙන සාමාන්‍ය තත්ත්වයට වඩා දේශපාලනයේදී නම් අඟේ ඉදන් කන කෑම ඉතාම බරපතළ දෙයක්….

රාජපක්‍ෂ කළු දශකයේදී වංචාව-දුෂණය පිළිබඳව පරීක්‍ෂණ කරපු නිලධාරීන් ස්ථාන මාරු කළා; අඩන්තේට්ටම් කළා; තර්ජනය කොට බිය වැද්දුවා – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

රවී කරුණානායක ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ වංචා-දුෂණ සම්බන්ධයෙන් අලූත් සාකච්ඡුාවක් මතුවෙලා තිබෙනවා. රවීගේ පාර්ශ්වයේ කණ්ඩායම එය යහපත් ආණ්ඩු ක‍්‍රමයක ලක්‍ෂණයක් යැයිද පරාජිත රාජපක්‍ෂ කණ්ඩායම එය සිය ජයග‍්‍රහණයක් යැයිද  උත්කර්ෂයට නංවමින් තිබෙනවා. කුමන හෝ අපරාධකරුවෙක් අපරාධයක් සිදුකරන අවස්ථාවේදී ඇඳ සිටි රෙදි ගලවා දමා වෙනත් ඇඳුමක් ඇන්ද පමණින් නිවැරදිකරුවෙක් වෙන්නේ නැහැ. රවී කරුණානායක වංචනික කි‍්‍රයාවකට හවුල්…

නව ව්‍යවස්ථාවට අකුල් හෙලන බලවේග පරාජය කලයුතුයි .- එක්සත් වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජගත් හේමචන්ද්‍ර

නව ව්‍යවස්ථාවට අකුල් හෙලන බලවේග පරාජය කලයුතුයි .- එක්සත් වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජගත් හේමචන්ද්‍ර

1975 එවකට පැවති සමගි පෙරමුණු රජයේ ඇමති තනතුරු දැරූ ආචාර්ය එන් .එම් පෙරේරා සහ ලෙස්ලි ගුණවර්ධන සහෝදරවරුන් තමන් දැරූ ඇමතිකම් වලින් ඉවත්කිරීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගත් තීරණයට එරෙහිව ලංකා සමසමාජ පක්ෂයේ ඇමතිවරු තිදෙනාම ආණ්ඩුවේ ඇමතිකම් වලට සමුදුනි. පසුව ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එම ආණ්ඩුවේ ඇමති ධුරයක් දැරූ පීටර් කෙනමන් සහෝදරයාද ආණ්ඩුවෙන් ඉවත් විය. මැතිණිය…

රණවිරුවා සහ මිනීමරුවා හඳුනා ගැනීම – භාතිය බරුකන්ද

අද තිබෙන ප්‍රශ්නය වන්නේ හමුදා නිල ඇඳුමට මුවා වී කළ බව කියන බොහොමයක් අපරාධ ඔවුන්ගේ පෞද්ගලික වුවමනා එපාකම්වලට එහා ගිය දේශපාලන ඝාතන හෝ දේශපාලන න්‍යාය පත්‍ර මත සිදුකළ ඝාතන හෝ අපරාධ වීමයි. ඒවා නිසි පරිදි විමර්ශනය වුවහොත් හඳුනා ගැනෙන්නේ නූලේ කොනේ ඉන්නේ සොල්දාදුවෙක් වෙනුවට වෙනත් බලවතෙක් බව නිසැක වීමයි. “විශේෂයෙන් රණවිරුවෙක් දැන ගත යුතුයි රණවිරුවා කවුද මිනීමරුවා කවුද කියලා. රණවිරුවෙක්…