පොදු ජන ජීවිතය දේශපාලන අපතයින් අතට පත්වීමට පෙර… – භාතිය බරුකන්ද

ලංවිම වැඩවර්ජනය සාකච්ඡුාමය ප‍්‍රවේශයකින් විසඳා ගැනීම සඳහා පසුගිය දින කිහිපය පුරා වර්ජිත විදුලි සංගම්, ලංවිම පාලනාධිකාරිය සහ ඇමැතිවරයා ඇතුළු තෙපාර්ශ්වය දැරූ සියලූ ප‍්‍රයත්නයන් අසාර්ථක වීම සමග විදුලි වැඩවර්ජනය තව දුරටත් ක‍්‍රියාත්මක වෙනවා. ඊට තවත් සංගම් කිහිපයක් තම සහාය පළ කිරීම සමග රටපුරාම විදුලිය බිඳ වැටීමක් සිදුවිය හැකි බවට වර්ජකයින් අනතුරු අඟවනවා. එහෙත් සුපුරුදු පරිදි ලංවිම…

ගම්මන්පිලට පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහිමිවන ලකුණු.

ගම්මන්පිලට පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහිමිවන ලකුණු.

ඕස්ටේ‍්‍රලියානු ජාතික බ‍්‍රයන් ෂැඩික් යන අයට අයත්ව තිබූ පෑන් ඒෂියා බැංකුවේ සමාගම් කොටස් මිලියන 2ක් ව්‍යාජ ඇටර්නි බලපත‍්‍රයක් සකස් කර ප‍්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා හට විකිණීම සම්බන්ධව උදය ගම්මන්පිල මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අංක 8394/16 දරණ නඩුව ශාලා අංක 05දී ඊයේ (18) දින විභාගයට ගන්නා ලදී. එහිදී බ‍්‍රයන් ෂැඩික් මහතාගෙන් දෙවන දිනටත් හරස් ප‍්‍රශ්ණ…

අපේ සිහින ආගම – නිශාන්ත කමලදාස

 ආගම සැමට එක ලෙස දැනෙන්නේ නැත. සමහර අයට එය ජීවන මාර්ගයක් වන විට එය ඇතැමුන්ට ජිවිතය ආලෝක කර ගැනීමට පිළිසරණක් වේ. ආගම භාවිතයෙන් කළ හැකි වැඩ බොහෝ ය. සරි කර ගත හැකි දෑ බොහෝ ය. පාලනය කළ හැකි දෑ බොහෝ ය.හොඳට නරකට දෙකම කට ම ය කීවේ ඉස්සර ය. දැන් කියන්න වෙන්නේ හොඳට නරකට දෙකම…

‘අපිට හිරේ යන්න උනේ බැසිල් නිසා’ – අනුෂ පැල්පිට.

‘අපිට හිරේ යන්න උනේ බැසිල් නිසා’ – අනුෂ පැල්පිට.

‘අපිට සිල්රෙදි බෙදන්න කියලා නියෝග කළේ බැසිල් රාජපක්ෂ. එහෙම කරන එක නීතිවිරෝධී කියලා මං පැහැදිලි කරලා දෙන්න හැදුවම මට මගේ ජීවිතේ අහලා නැති කුණුහරුපවලින් බැනගෙන ගියා. පස්සෙ මම ඒක ගැන TRC එකේ ඒ කාලෙ චෙයාමන් හිටපු ලලිත් වීරතුංගට කිව්වා. ඊට පස්සෙ මිස්ට වීරතුංග මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් මේ ගැන ඇහුවා. එතුමා වැඩිය කල්පනා කරන්නෙ නැතුව ලලිත්…

ගබ්සාව කාන්තාව සහ ආගම – බණ්ඩාර උඩුරාවණ

ගබ්සා කිරීම සඳහා භාවිතා කෙරෙන පෙති 16390ක් අත් බෑගයක සඟවාගෙන ගුවන් මගින් මෙරටට පැමිණි ඉන්දියානු ජාතිකයකු රෙගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගන්නට යෙදුනු බව 2017 අගෝස්තු මස 31 දින වාර්තා විය. එම ගබ්සා පෙති තොගයේ වටිනාකම 23.13.503කි. ඒවා රැගෙනවිත් ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ගබ්සා මධ්‍යස්ථානයක් සඳහා භාවිතය සඳහා බවද කියැවේ. මෙකී දිනවලම කියවුණු තවත්…

හොරු සහ වහල්ලු වීරයන් වෙන්න දඟලන හැටි

අද මහින්ද රාජපක්ෂ මහතා ලලිත්-අනූෂ සම්බන්ධයෙන් වන අධිකරණ තීන්දුව නොපිළිගෙන ඊට සමච්චල් කරන්නා සේම තම පාලන සමයේ ද මෙවැනි ක්‍රියාකාරකම් රැසක නිරත වුණා. ඒ අතර ඉතා වැදගත් අවස්ථාව වුණේ කලක් රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයා වශයෙන් ද ක්‍රියාකරමින් සිටි එවකට අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතා සම්බන්ධයෙන් දුන්…

|

අවවාද නොතකන උදවියට ජනාධිපතිගේ ‘මඩු වලිග’ පහර

* කෝප වූ මහින්ද මාධ්‍යවේදීන්ට කළ තර්ජනය * රාජිතගේ මාර පොයින්ට් එකක් ගැන හැරිසන් කියයි * ආණ්ඩුවේ ආසාවයි බයයි ගැන හඳුන්නෙත්තිගේ හෙළිදරව්ව පසුගිය සති අන්තයේ දී පොළොන්නරුවේ උත්සව හා විවෘත කිරීම් රැසකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වුණා. එහිදී කවුඩුල්ල මිරිස්හේනගම සංවර්ධනය සඳහා ඉදිකිරීමට නියමිත ප්‍රජා ශාලාවට මුල්ගල තැබීමේ උත්සවයට කාගේත් අවධානය යොමුවූයේ එහිදී කුඩා දැරියක් ජනාධිපතිතුමා වෙත පැමිණ එතුමාගේ…

හාමුදුරුවනේ සිවුරත් ගලවාගෙනම යන්න – අනුර සූරියබණ්ඩාර

පසුගිය මැතිවරණය ආසන්නයේදී මහින්ද රාජපක්ෂ මහතාට වාසි සහගත වන ආකාරයේන් විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවේ මුදල් යෙදවා රුපියල් මිලියන 600ක වටිනාකමින්යුතු සිල්රෙදි බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහාධිකරණ පැනවූ දඬුවම  මේ වනවිට ප්‍රසිද්ධ කාරණාවකි. ඉහත කී චෝදනාවට අධිකරණය හමුවේ වැරදිකරුවන් වූයේ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට සහ හිටපු ජනාධිපති ලේකම් ලිලිත් වීරතුංග යන…

කලබල වූ මහ හොරු – සී. ජේ. අමරතුංග

 රටට ආදර්ශයක් දුන් අතීත නායකයන්ගේ ඇතැම් ක්‍රියා අපට නැවත නැවත මතකයට නැගෙන්නේ පසුගිය කාලයේ සිටි ඇතැම් නායකයන්ගේ ලජ්ජා නැති අමන කතා අසන්නට ලැබෙන විටය. මහජන මුදල් භාවිතය සම්බන්ධයෙන් ගාල්ලේ දහනායක මහතා දුන් ආදර්ශයක් ගැන කතාව ද එලෙස මතකයට නැගෙන්නකි. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වීමෙන් පසු ටික කලක් අගමැති ධුරය දැරූ දහනායක මහතා…

ගෝඨාගේ එළියේ ඇත්ත අරමුණ – භාතිය බරුකන්ද

‘‘හැංඟි හැංඟි වෙස් බැන්ඳත් නටන්න වෙන්නේ එළියේ’’ යැයි කතාවක් අප අතර තිබෙනවා. මේ ගැමි කියමන අපූරුවට සනාථ කරමින් වසර ගණානාවක් පුරා දේශපාලන තිරය පිටුපසට වී වෙස් බඳිමින් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා වේදිකාවට/ ‘එළියට’ පැමිණ තිබෙනවා. ඒ පසුගිය සැප්තැම්බර් 06 වැනිදා බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටයේදී එළි දක්වන ලද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අලූත්ම දේශපාලන ව්‍යාපෘතිය වන ‘එළිය…

අපේ සිහින ජීවිතය – නිශාන්ත කමලදාස

 බොහෝ දෙනකු බලා සිටින්නේ ගෙඩිය ඉබේ ඉදී බිම වැටෙනතුරු ය. බලා ඉන්නවා කිව්වාට සමහර විට බලා ඉන්නේත් නැත. ඉන්නේ දැකපු වෙලාවක ඇහිඳ ගන්න බැරි යැයි කියා ය. ඇත්තටම ඝර්ම කලාපීය රටක ඉපදීමේ වාසිය ද ඒක ය.ගෙඩි හැදී ඉදී ඉබේ බිමට වැටෙන්නේ ය. උහුලන්නට බැරි සීතලක් මෙහි නැත. ගහක හෙවනක හෝ අතු පැලක වහලයක් යට දරා…

ගෝඨා එළිබහින්න යන්නේ ඇයි ? – භාතිය බරුකන්ද

‘එළිය’ සිංහල භාෂාවේ විවිධාර්ථ දිය හැකි වචනයකි. ‘එළිය’ යන්න දිය හැකි එක් අර්ථයක් වන්නේ ‘ආලෝකය’ යන්නයි. ‘අඳුරට ශාප නොකර එළියක් දල්වන්න’ යැයි පැරණි උපදේශයක් ඇත්තේ මේ නිසාය. මිනිස්සු සැප ගන්න නුවර නොගොස් නුවරඑළියට යන්නේ නුවරට වඩා නුවර එළියේ දේශගුණය යහපත් නිසාය. ඒ වගේම ‘හාවාඑළිය’ ‘සීතාඑළිය’ යැයි කියා ද නුවරඑළිය පැත්තේ ගම්මාන කිහිපයක් තිබේ. එහෙත් සංචාරකයින්…