වයිමලාගේ පොල්බෑයේ දේශපාලනය – භාතිය බරුකන්ද

එදා බන්දුල ගුණවර්ධනලාට මෙවැනි පුහු තර්ක ඉදිරිපත් කිරීමට සිදු වුණේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අහස උසට ඉහළ ගිය නිසා මිස ඒවා දිගින් දිගටම පහළ ගිහින් ජනතාව සුඛිත මුදිත වෙලා ජීවත් වුණ නිසා නෙමෙයි. එහෙම වුණා නම් ‘‘අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කරන්න ශක්‍රයාගේ පුතා වයිමාටවත් බැහැ’’ කියලා කියන්න බන්දුල ගුණවර්ධනලා ඉදිරිපත් වෙන්නේ නැහැ. “වත්මන් ආණ්ඩුවේ ජනාධිපතිවරයාට ලූනු…

“රට බෙදන” බිල්ලා – සී. ජේ. අමරතුංග

 “මේ කැච් එක අල්ලාගත්තොත් අපි මැච් එක දිනුම්. කැච් එක අතෑරියොත් මැච් එක පරාදයි කියා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ගාල්ලේදී ප්‍රකාශ කළේය. ‘කැච්’ එක යයි අගමැතිතුමා කීවේ ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ අවස්ථාවය. එහිදී අගමැතිතුමා වඩාත් අවධාරණය කළේ ශ්‍රී ලංකාව ඒකීය රටක් ලෙස පිළිගැනීමටත්, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීමටත් මෙරට සුළුතර ජනයා නියෝජනය කරන පක්ෂ…

පළාත් සභා 03ක ඡුන්දයට වඩා රටේම පැවැත්වෙන පළාත් පාලන ඡන්දය රටටත් ජනතාවටත් වඩා හොඳයි – ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

සිල් රෙදි නඩුවෙන් වසර 03කට හිරගෙදරට ගිය වැරදිකරුවන් බේරගන්න රනිල් එක්ක ඞීල් දාපු, මේ ආණ්ඩුවත් එක්ක අවබෝදයෙන් වැඩ කරන මහින්ද රාජපක්ෂලා අනෙක් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණට මඩගහනවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක, ආණ්ඩුවත් එක්ක ඞීල් කියලා. පුදුම වැඩක් මේක. මහින්ද රාජපක්ෂ පහුගිය කාලේ වැඩ කළේ කොහොමද කියලා පොඞ්ඩක් හිතලා බලන්න. ආණ්ඩුවේ වැරදි වැඩකට කිසිම මොහොතක මහින්ද…

අභයතිස්ස හිමිගේ බබා පාට් එක – අනුර සූරිය බණ්ඩාර

විනිසුරු – ජනාධිපති ලේකම්වරයා ලෙස ඔබ නොදන්නේද හදිසි අපදා තත්ත්වයන් සඳහා රාජ්‍ය සේවයේ චක්‍රලේඛනයක් තිබෙන බවත්, ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ට කටයුතු කළ හැකි බවත්, ඒ ආකාර‍යේ හදිසි සිල්රෙදි බෙදීමට රාජ්‍ය සේවයේ චක්‍ර ලේඛනයක් තිබේ නම් ඉදිරිපත් කරන්න. ලලිත් වීරතුංග – එසේ චක්‍රලේඛනයක් නොමැත. විනිසුරුවරයා – ඔබලා පිළිගන්නවාද රාජ්‍ය සේවයේ ආයතනික නීති සංග්‍රහයන් උල්ලංඝනය කරමින් ඔබේ…

ශ‍්‍රීලනිපය විධායකයට පෙම් බඳින්නේ ඇයි ? කළගුණ සැලකීමද ? දේශපාලන උපායශීලීත්වයද ? – භාතිය බරුකන්ද

අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පසුගිය 21 වැනිිදා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දැන් මේ ගැන තැන තැන සංවාදයක් සිද්ධ වෙනවා. ඒ අතරේ ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ පරාජිත රෙජිමයට ආවඩන කල්ලි කළ ප‍්‍රකාශ බොහොමයක් ඔවුන්ටම පාරාවළලක් වෙලා තිබෙනවා. අලූත් ව්‍යවස්ථාව ගැන ඔවුන් මවපු බිල්ලා තව…

අපේ සිහින තර්ක විතර්ක – නිශාන්ත කමලදාස

 පහුගිය දවසක මහත් ආන්දෝලනයක් ඇති කළ සුදු රෙදි නඩුව අපේ මිනිසුන් නගන තර්ක කෙතරම් බොල් ද යැයි හඳුනා ගැනීමට අගනා අවස්ථාවක් සැපයූවේ ය. බෙදුවේ සුදු රෙදි ය. නියම වුණේ හිරේට ය. දානමය පිංකමක් හිරේ යන වරදක් ලෙස ගැනිය නොහැකි යන්න තර්කයකි. අප රටේ මෙහෙම තර්ක වැහි වැහැලා ය. මේ මතුපිට තිබෙන සරල තර්කයෙන් එහාට යන්නට…

මේ මන්ත්‍රීතුමා ගෙදර යවන්න – බණ්ඩාර උඩුරාවණ

2017 මැයි –  ජුලි කාර්තුවේ පාර්ලිමේන්තු සැසිවාර 21ක් පැවැති අතර එම සැසිවාර 21ටම සහභාගි වී ඇත්තේ මන්ත්‍රීවරු 14 දෙනෙකුන් පමණක් බව manthri.lk වෙබ් අඩවිය පෙන්වා දේ. එකී කාලය තුළ මන්ත්‍රීවරු 18 දෙනෙකු සහභාගි වී තිබෙන්නේ සැසිවාර පහකට වඩා අඩු සංඛ්‍යාවකට බවද දැක්වේ. අදාළ කාලය තුළ එක් පාර්ලිමේන්තු සැසිවාරයකට පමණක් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරු දෙදෙනෙක් ද සිටිති….

ඒකාධිපති වියරුව රාජපක්‍ෂ පාලන කාලයේ වසර 8ක් තුළ අපි අත්වින්දා – ජවිපෙ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු පළාත් සභා මැතිවරණ සංශෝධන පනත 2/3න් සම්මත වුණා. ඒ අනුව පළාත් සභා මැතිවරණ ක‍්‍රමයේ බරපතළ වෙනසක් සිදුවෙනවා. මැතිවරණය පැවැත්වීමේ දිනයේ වෙනසක් සිදුවෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි මෙම පළාත් සභා මැතිවරණ පැවැත්වීම පිළිබඳව මුල සිටම යම් ස්ථාවරයක හිටියා. එය අපි රටට කිව්වා. පළාත් සභා මැතිවරණයද කොට්ඨාස හා සමානුපාතික මිශ‍්‍ර ක‍්‍රමයට පැවැත්වීම පිළිබඳව…

ජාතික සංහිඳියාවට : මැදමුලන පන්නය වෙනුවට මෛත්‍රී ප්‍රවේශයක් – භාතිය බරුකන්ද

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා සමුළුව වැදගත් වන්නේ පසුගිය ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව තුළ පැවැති ඍණාත්මක හා කොන් කිරීමේ ආකල්පය වේගයෙන් වෙනස් වෙමින් පවතින වාතාවරණයක් තුළ, ඒ වෙනසට නායකත්වය දෙමින් සිටින රාජ්‍ය නායකයාට තමන් ගත් මඟ හා ඒ මඟ දිගට හමුවන අභියෝග හා ගැටලු ගැන ජාත්‍යන්තර ප්‍රජාවම එකවර දැනුවත් කරමින් සංවාදයේ…

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ප්‍රථම නිල ලියැවිල්ල අද පාර්ලිමේන්තුවට

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ප්‍රථම නිල ලියැවිල්ල අද පාර්ලිමේන්තුවට

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් සකස් කරන ලද අතුරු වාර්තාව අද (21) එම කමිටුවේ සභාපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය. අලුත් ව්‍යවස්ථාවක් සඳහා වන මෙම අතුරු වාර්තාව යලි සාකච්ඡා කිරීමෙන් පසු අදාල වෙනස් කම් සිදුකර පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළ යුතුය. එය පාර්ලිමේන්තුවේ…

පළාත් සභා සංශෝධිත පනත තුනෙන් දෙකෙන් සම්මතයි

පළාත් සභා සංශෝධිත පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් ඊයේ  රාත්‍රී පාර්ලිමේන්තුවේදී සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 34ක් පමණි. ජනතා විමුක්ති පෙරමුණ ද දෙමළ  ජාතික සන්ධානය ද  පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දුන්නේය. මෙම පනත් කෙටුම්පත තුනෙන් දෙකක ඡන්දෙයන් සම්මත විය යුතු බව නීතිපතිවරයා දන්වා තිබිණි.

|

ජනතාව ප්‍රාණ ඇපයට – සී. ජේ. අමරතුංග

 ලයිලා කාලිඩ් ප්‍රසිද්ධියට පත්වූයේ ගුවන් යානා කොල්ලකාරියක් වශයෙනි. පලස්තීන විමුක්ති සංවිධානයේ සාමාජිකාවක වූ ඇය 1969 – 70 කාලයේ ගුවන් යානා පැහැරගැනීමේ ක්‍රියා ගණනාවකට සහභාගි වූවාය. ඇය පළමුවරට ප්‍රසිද්ධියට පත්වන්නේ 1969 අගෝස්තු 29 වැනිදා සිදුවූ ට්‍රාන්ස්වර්ඩ් ඉන්ටර්නැෂනල් ගුවන් යානයක් පැහැර ගැනීම නිසාය. රෝ‍මයේ ලෙනාඩෝ ඩාවින්සි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි බෙන් ගුරියන් ගුවන්තොටුපොළ දක්වා පියාසර…