රනිල්ට මඟ කියන අනුර කුමාර – රටේ රාළ
|

රනිල්ට මඟ කියන අනුර කුමාර – රටේ රාළ

මහ මැතිවරණ කැම්පේන් එක දැන් අවසන් දින 11 ට ඇවිල්ලා.04 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් මැතිවරණ දිනය වෙනස් උනේ නැත්තං නොවැම්බර් 14 වෙනිදා ඡන්දය තියනවා. කොහොම උනත් දැන් මැතිවරණ සටනේ ටිකක් වෙනස් හැඩයක් මතුවෙලා තියනවා.අනුර ජනාධිපති උනත් එක්ක මාලිමාව විසින් රටට කියපු බොරු හෙළිවෙමින් තියනවා.අනුරලා කිසිම හිරිකිතක් නැතිව ජනාධිපතිවරණ වේදිකාවේ තරඟයට වගේ බොරු බේගල් ඇදබෑවා. හැබැයි ඒ…

අනුන්ට දොස් පැවරීම – මහාචාර්ය රොහාන් සමරජීව
| |

අනුන්ට දොස් පැවරීම – මහාචාර්ය රොහාන් සමරජීව

අප රටට වැලඳී ඇති ව්‍යාධිය ගැන ගම් දනව් ගණනාවක බොහෝ අය සමඟ සංවාදයේ යෙදීමට පසුගිය දෙවසර පුරාවට මට අවස්ථාව ලැබිණි. මෙම අවස්ථා වල දී,මා නිතර ම කතා කළේ මෙම තත්වයට හේතු කාරණවූ පුරවැසියන් ලෙස අප කළ දේ (නිකම් බඩු  බෙදා දීමේ සංස්කෘතිය පෝෂණය කළ දේශපාලනඥයන් නැවත නැවත පත්කර යැවීම වැනි) සහ නොකළ දේ (මැතිවරණ අතර…

ජවිපෙ ගමනක අවසානය – රටේ රාළ
|

ජවිපෙ ගමනක අවසානය – රටේ රාළ

සමගි ජන බලවේගය කියන්නේ අපේ රටේ ප්‍රධාන විපක්ෂය.සජබෙ නායකයා සජිත්.සජිත් කියන්නේ පිය උරුමයෙන් දේශපාලනයට ආපු කෙනෙක්.ඒ වගේම සජිත්ට එජාප උරුමයකුත් තියෙනවා. සජිත් දේශපාලනයට මූලික අත්පොත් තිබ්බේ එජාපයෙන්.සජිත්ගේ දේශපාලන ගුරුවරයා රනිල්.රනිල්ගේ දේශපාලන ගුරුවරයා ජේආර්. අදත් රනිල්ට ජේආර්ගේ දේශපාලන බලපෑම තදින් තියන බව පේනවා.රටේ රළට අනුව නං ජේආර් කියන්නේ බොනපාට්වාදියෙක්.ඒ බොනපාට්වාදී ලක්ෂණ රනිල් ළඟත් තියනවා. රනිල් කියන්නේ…

අවධමන තත්ත්වය තවත් නරක අතට! – ඉකොනොමැට්ටා
| |

අවධමන තත්ත්වය තවත් නරක අතට! – ඉකොනොමැට්ටා

පසුගිය සැප්තැම්බර් මාසයේදී ලංකාවේ අවධමන තත්ත්වයක් වාර්තා වූ අතර, මිල මට්ටමෙහි 0.5%ක අඩුවීමක් සිදු වුනා. එනම් 0.5%ක සෘණ උද්ධමනයක් වාර්තා වුනා. ඔක්තෝබර් මාසයේදී මේ තත්ත්වය තවත් නරක අතට හැරී ඇති අතර 0.8%ක අව්ධමනයක් වාර්තා වී තිබෙනවා. අපගේ ඇස්තමේන්තුව වනුයේ මේ තත්ත්වය ඉදිරි මාස කිහිපය තුළ තවත් නරක අතට හැරෙන්නට ඉඩ තිබෙන බවයි. දිගින් දිගටම රටක…

ලන්සාගේ වේදිකාවෙන් රනිල් යලි කරළියට – රටේ රාළ
|

ලන්සාගේ වේදිකාවෙන් රනිල් යලි කරළියට – රටේ රාළ

ජනාධිපතිවරණයෙන් පස්සේ එජාපය, පොහොට්ටුව සහ පොහොට්ටුවෙන් ස්වාධීන උන කණ්ඩායම් සටන අතහරිමින් සිටිය බව ඔයාලටත් පේන්න ඇති.සිලින්ඩරය පැත්තෙන් විතරක් නෙවෙයි සජබය පැත්තෙනුත් සටන උදාසීන කළා.පොහොට්ටුවෙන් සිලින්ඩරයට ආපු සහ නාපු පරණ සෙට් එකේ ගොඩ දෙනෙක් මේපාර මැතිවරණයට තරඟ කරන්නේ නෑ. ගොඩක් අය දේශපාලනයෙන් විශ්‍රාම ගිහිල්ලා. දේශපාලනයෙන් විශ්‍රාම යන්න හීනෙන්වත් හිතපු නැති සමහර අය හිතලම විශ්‍රාම ගිහින්.සමහරු ජාතික…

වෙන ක්‍රමයකට සල්ලි අච්චු ගහනවද? – ඉකොනොමැට්ටා
| |

වෙන ක්‍රමයකට සල්ලි අච්චු ගහනවද? – ඉකොනොමැට්ටා

සමහර අය තවමත් හිතාගෙන ඉන්නේ “වෙන ක්‍රමයකට” සල්ලි අච්චු ගැහුවා කියලා. සල්ලි අච්චු ගහනවා කියන්නේ අලුත් මුදල් ඇමති විදිහට අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දමන එක නෙමෙයි. මුදල් නෝට්ටු විදිහට එළියට දමනවානම් ඒ සඳහා අවශ්‍ය කලින් අච්චු ගහපු නෝට්ටු සංචිත මහ බැංකුවේ ඇති. ආර්ථික විද්‍යාවේදී සල්ලි අච්චු ගැසීම කියා කියන්නේ සල්ලි අච්චු…

රනිල් පැරදිලා පරාදයි – අනුර දිනලා පරාදයි – රටේ රාළ
|

රනිල් පැරදිලා පරාදයි – අනුර දිනලා පරාදයි – රටේ රාළ

. ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලයෙන් පස්සේ ජවිපෙ නායකයෝ කියනවා මේ මැතිවරණ ක්‍රමයයේ විකෘතියක් තියනවා කියලා.ලාල් කාන්ත පහුගිය දවසක එහෙම කියලා තිබුණා.හැබැයි ජවිපෙ විපක්ෂයේ ඉන්නකොට පලාත් පාලන මැතිවරණය ඔය ක්‍රමයකට පැවැත්වීම වෙන්වෙන් තදින් පෙනී හිටියා.මොකද එතකොට ජවිපෙ හිටියේ විපක්ෂයේ.ආණ්ඩුවක බලාපොරොත්තුවක් පේනතෙක්මානයකවත් තිබුණේ නෑ. ඒක නිසා එදා ජවිපෙට අවශ්‍ය උනේ විපක්ෂයට ගැලපෙන ඡන්ද ක්‍රමයක්.ජවිපෙට එක කොට්ඨාශයක්වත් දිනන්න බැරි…

මහ බැංකුව ආයෙත් සල්ලි අච්චු ගහනවද? – ඉකොනොමැට්ටා
| |

මහ බැංකුව ආයෙත් සල්ලි අච්චු ගහනවද? – ඉකොනොමැට්ටා

“මහ බැංකුව ආයෙත් සල්ලි අච්චු ගහනවද?” වැඩ ගොඩක හිර වෙලා හිටියත් පැය කිහිපයක් ඇතුළත අවම වශයෙන් විසි දෙනෙක්වත් මේ ප්‍රශ්නය අසා තිබුණු නිසා සටහනක් දමන්න පොඩ්ඩක් කාලය වෙන් කළා. තවත් අතුරු ප්‍රශ්නත් ගණනාවක් තිබෙනවා. අලුත් මහ බැංකු පණත අනුව සහ IMF ගිවිසුම අනුව මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න බැරිද? මහ බැංකුවක “රස්සාවම” සල්ලි අච්චු ගහන…

දේශපාලන පත්වීම්ලාභීන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ ලබැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කර ගන්නේ කෙසේද? – මහාචාර්ය රොහාන් සමරජීව
|

දේශපාලන පත්වීම්ලාභීන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ ලබැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කර ගන්නේ කෙසේද? – මහාචාර්ය රොහාන් සමරජීව

අත්දැකීම් අඩු ආණ්ඩුවක් විවිධ ඉහළ තනතුරුවලට කඩිමුඩියේ පත්වීම් ලබාදෙමින් සිටියි. මැතිවරණ පොරොන්දු ඉටු කිරීම සඳහා දේශපාලන තනතුරු දරන්නන්ට ලබා දී ඇති විවිධ “වරප්‍රසාද” ඉවත් කිරීමේ ක්‍රියාවලියක් ද ආරම්භ කර ඇත. මේ දෙකට ම පොදු කරුණක් වන්නේ ලබැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කිරීමේ ගැටලුවයි. දේශපාලන පත්වීම්   රජයේ සුපිරි වෙළෙඳසැල් සමාගම වන සතොස සභාපතිවරයා ලෙස සුපිරි වෙළෙඳසැල්…

රනිල් අනුරගෙන් ගේම ඉල්ලද්දී සජිත් සහජීවන අගමැතිකම ඉල්ලයි – රටේ රාළ
|

රනිල් අනුරගෙන් ගේම ඉල්ලද්දී සජිත් සහජීවන අගමැතිකම ඉල්ලයි – රටේ රාළ

. ලබන ජනවාරි මාසේ රාජ්‍ය සේවකයන්ට රුපියල් 25000 ක දීමනාවක් දෙන්න රනිල්ගේ ආණ්ඩුවෙන් ගත්ත කැබිනට් තීරණයක් තියනවා.මුදල් ඇමති විදිහට රනිල් කැබිනට් පත්‍රිකාව දාලා ජනාධිපති විදිහටත් ඒකට අත්සන් කරලා තියනවා.රනිල්ගේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය ඒකමතිකව අනුමත කරලත් තිබුණා. රනිල්ගේ ඒ කැබිනට් පත්‍රිකාවට පදනම් වෙලා තිබුණේ රනිල් විසින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව පත්කරපු උදය සෙනවිරත්න…

එලොව පොල් හා මෙලොව පොල් – ඉකොනොමැට්ටා
| |

එලොව පොල් හා මෙලොව පොල් – ඉකොනොමැට්ටා

මෙය කියවන කී දෙනෙක් එලොව පොල් දැකල තියෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි අපි කුඩා කාලයේදීනම් ගොඩක් අයට කවුරු හරි කෙනෙක් එලොව පොල් පෙන්නලා තියෙනවා. සමහර විට තමන් විසිනුත් තවත් අයට එලොව පොල් පෙන්නලා තියෙනවා. සරසවි වල නවක වදය නැවැත්වීම පිණිස නීති දැඩි ලෙස ක්‍රියාත්මක කරන්න යන බවක් තැන් කිහිපයක දැක්කා. සරසවි නවක වදය ලංකාවේ…

සජිත්ට ෆෝම් වෙන් නැත්තේ ඇයි? – රටේ රාළ
|

සජිත්ට ෆෝම් වෙන් නැත්තේ ඇයි? – රටේ රාළ

පහුගිය ජනාධිපතිවරණයේ තිබුණ ඡන්ද උණුසුම මහ මැතිවරණයේ දකින්න නැති බව ඔයාලත් පිලිගන්නවා ඇති.මේ මැතිවරණ සටනෙත් ඉස්සරහින් ඉන්නේ මාලිමාව.ගිය ජනාධිපතිවරණයේදී මාලිමාව එක්ක කරට කර සටනක් දුන්න සජබය සහ සිලින්ඩරය සෑහෙන දුරට පහුබැහැලා.අනුර ජනාධිපති විදිහට මේ මැතිවරණයේදී තමන්ගේ අපේක්ෂකයෝ ටික දිනාගැනීම වෙනුවෙන් ලොකු සටනක් කරනවා. රනිල් දේශපාලනයෙන් සමු අරන් නැතත් එජාප සම්ප්‍රදාය අනුව ජනාධිපතිධූරයක් දරලා ඊට පහල…