සාධාරණත්වය සහිත වෙළඳපොල ආර්ථිකයක් ඇතිකරනවා

පහතින් පලවන්නේ ජූලි 27වෙනි සිවිල් සංවිධාන එකසිය ගනනක් වෙනුවෙන් මාදොලූවාවේ සෝභිත හිමි සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රි ලංකා පදනම් ආයතනයේ දී අවබෝධතා ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ සංස්කරණය නොකළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්පූර්ණ කථාවයි. ගරුතර ස්වාමින් වහන්ස, අනිකුත් පූජකතුමන්ලා ඇතුළ සියලූ දෙනාගෙන් අවසරයි. දේශපාලනය කියන්නේ පුරවැසියන්ගේ අයිතියක්. කොහොමද තමන්ගේ සමාජය හදන්නේ. කොහොමද සමාජය…

බුද්ධිය හා හදවත – අගෝස්තු 17 දා තීරණය කාගේ ද? – නිශාන්ත කමලදාස

තීරණ ගැනීමේදි සමහරු බුද්ධියත් සමහරු හදවතත් භාවිතා කරති. හෙට අනිද්දා මේ රටේ ජනතාවට ද තීන්දුවක් ගැනීමට තිබේ. එතැන දී ඔවුන් මෙයින් කුමක් භාවිතා කරන්නේ ද යන්න මත රටේ මෙන්ම අපේ අනාගතය ද බොහෝ දුරට තීරණය වනු ඇත්තේ ය. ඒ ඔස්සේ කතා කරන්නේ වුව ද තීරණ ගැනීම සම්බන්ධයෙන් කවර විටෙක වුව ප්‍රවේශම් වීමට අපට මේ සාකච්ඡාව…

ජනපතිට තම අභිමතය අනුව අගමැති පත්කළ හැක.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබන මහා මැතිවරණයේදී බලයට පත් වීමට ඇති ඉඩකඩ ඉතා අල්ප හෙයින් මහින්ද රාජපක්‍ෂට අගමැති ලෙස පත් විය හැකි ද යන ප්‍රශ්නය ප්‍රායෝගිකව පැන නගින ප්‍රශ්නයක් නොවූව ද එය අද සාකච්ඡා වෙමින් පවති. එහෙයින් එම ප්‍රශ්නය අධ්‍යයනය කිරීම වැදගත් වේ. අගමැති පත් කිරීම පිළිබඳ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4)ව්‍යවස්ථාවේ දක්වා ඇත’ එම වගන්තිය…

යහපාලනය ගිලිහීයන්නට සිවිල් සංවිධාන ඉඩ දෙන්නේ නැහැ – මාදොළුවාවේ සෝභිත හිමි

මාදුළුවාවේ සෝභිත ස්වාමීන්වහනසේ තරම්, රට හා පොදු ජනතාව වෙනුවෙන් පෙනීසිටිමින්, පෙරළිකාර අදහස් දැක්වූ, එමෙන්ම සාධාරණ සමාජයක් වෙනුවෙන් සක‍්‍රීයව ක‍්‍රියාකළ යථිවරයන් වහන්සේ නමක් තවත් නැතිබව අමුතුවෙන් කිවයුතු නොවේ. වර්තමාන  දේශපාලන පසුබිම හා ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව උන්වහන්සේ සමඟ  යක්තිය කළ සම්මුඛ සාකච්ඡුාවක්මෙළෙස පළකරමු . ඔබවහන්සේත්, සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයත් පොදු අපේක්‍ෂකයෙක් සොයාගැනීමට විශාල පරිශ‍්‍රමයක් දැරුවා….

සමාජ ආර්ථික දේහය වෙනස් කිරීමේ වගකීම හෘදසාක්ෂියක් ඇති මිනිසුන්ටයි. – ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක

( 2015.07.22 සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ දී පැවති විශේෂ මහ සමුළුවේදී)   විශේෂ සමුළුව පවත්වන මේ අවස්ථාව වන විට මේ රට සංකීර්ණතා රැුසක ගිලී පවතිනවා. රටත් ජනතාවත් අර්බුද රැුසක වෙළී තිබෙනවා. මේ මොහොතේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය අගෝස්තු 17වැනිදාට ඉදිරි අවුරුදු 05 වෙනුවෙන් පැවරිය යුත්තේ කාටදැයි සාකච්ඡුාවක් පවතිනවා. මෙය මේ රටේ පළමු මහ මැතිවරණය නෙමෙයි. මේ රටේ…

ජනමතයට හරස්වීම සියදිවි නසාගැනීමකි – සී ජේ අමරතුංග – ලංකාදීප ගුරුදා විග්‍රහය – 2015.07.23

සියලූ රජයේ දේපළ හා සම්පත් මැතිවරණ සඳහා විශාල ලෙස යොදාගැනීම පසුගිය කාලයේ බරපතළ ප‍්‍රශ්නයක්ව තිබිණි. ඇත්ත වශයෙන්ම එය වර්ධනය වූයේ නවසිය අසූ ගණන්වල සිට යැයි කිවහොත් වරදක් නැත. මෑත කාලයේ දී සිදුවූයේ එය උච්චස්ථානයකට පත්වීමකි. දැන් නැවත උත්සාහ දරමින් තිබෙන්නේ එම සම්ප‍්‍රදාය කණපිට හැරවීමටය. මැතිවරණ නීති සම්බන්ධයෙන් ද තත්ත්වය එසේමය. මැතිවරණ සමයේ පෙළපාළි තහනම අද…

ජවිපෙ ජාතික ලැයිස්තුව වගකීමක් නැති ඇමක් ද ?

2015 මහ මැතිවරණ නාමයෝජනා අතර වැඩිම වෘත්තිකයින් පිරිසක් ඇතුලත් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව තුලටය. පක්ෂය පිළිබඳව බැරෑරුම්ව සිතා බැලීමට මෙය හේතුවක් ලෙස සමහරු මෙය දකිති. එහෙත් ජවිපෙ ජාතික ලැයිස්තුව වූ කලී හුදු ආටෝපය සඳහාම ඉදිරිපත් කරන ලද්දක් බවට සාක්ෂි තිබේ. මේමැතිවරණ සමය තුලජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වනු මම අසා සිටියෙමි….

සළකුණට වහල් වී සමාජ ඉදිරි ගමනට හරස්වන්නා ප්‍රගතිශීලියෙක් වන්නේ කෙසේ ?

  පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පලවාහැරීමට එක් වූ ප්‍රගතිශිලී බලවේගය මේ මැතිවරණයේ දී තමන්ගේ ප්‍රගතිශිලී බව අත්නොහැර එක්සත් ජාතික පෙරමුණ වටා එක් වී සිටිති. එසේ එක් වී සිටින්නේ බරපතල දේශපාලන තීන්දුවක් ද සමගිනි. කිසියම් ඓතිහාසික ජාතික කර්තව්‍යයක් ඉටුකිරීමේ අධිෂ්ඨනයක් ද ඒ තුළ ඇත. ප්‍රගතිශිලී යනුවෙන් හඳුන්වන්නේ කිසියම් පාටකට මෙන්ම ලාංඡණයකට නොව එක්තරා දුරකට…

චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන්නේ කොහොමද ? – නිශාන්ත කමලදාස

හොරුන් කුඩු කාරයින් දූෂිතයින් හොර මත්පැන් බිස්නස්කාරයින් ලෙස චෝදනා ලැබ තිබෙන එහෙත් ඒ බව ඔප්පු නොවුනු අය සම්බන්ධයෙන් පක්ෂවල නාමයෝජනා මණ්ඩල අනුගමනය කළේ කුමන පිළිවෙතක් ද? එම චෝදනා ඔප්පු වී නැති නිසා ඒ අයට නාමයෝජනා දීම ය. සමහර නාමයෝජනා අත්සන් කෙරුණේ චුදිතයන් සිටින බන්ධනාගාරවල දී ය. අපේ ආයතනවල ද චුදිතයෝ සිටිති. ඔවුන්ට එරෙහි වෝදනා තවමත්…

පුරවැසි නැගිටීමක් නැති ප්‍රජාතන්ත්‍රවාදයට ජීවයක් නැත – ධර්මසිරි බණ්ඩාරනායක

පුරවැසි බලය නමින් නවතම සංවිධානයක් කළඑළියට එන්නේ පසුගිය ජනාධිපතිවරණයත් සම`ග ය. හතු පිපෙන්නාක් මෙන් බිහි වන දේශපාලන සංවිධාන බිහිවන රටක පුරවැසි බලය සංවිධානය වෙනස් මුහුණුවරක් ගන්නේ ජනතා ආකර්ශණය දිනාගැනීමට සමත් වෙමිනි. එයට ප්‍රධාන හේතුව වන්නේ පුරවැසි බලය දේශපාලන සංවිධානයක් මිස දේශපාලන පක්‍ෂයක් නොවීම ය. පුරවැසි බලය ආරම්භ කරන අවස්ථාවේ දී ඔවුන් සිටි ස්ථාවරයේ ම අදත්…

බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට – නිශාන්ත කමලදාස

ලංකාවේ නායකයින්ගේ බබා පාට්වල කෙළවරක් නැත. එක්කෙනෙක් කීවේ තමන්ගේ අනුගාමිකයන් බලුකම් කුපාඩිකම් කළ බවත් ඒවා තමන් සැගවූ බවත් තමන් කළ වැරැද්ද පිලිගන්නා බවත් ඉදිරියේදී එවැනි දේ නොකරන බවත් ය. එහෙම කිව් එක්කෙනා මැතිවරණය එළඹෙන්නට නාම යෝජනා සකස් කරද්දී කියන්නේ ගිය මැතිවරණයෙන් පත් වූ සියලු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුනට නාමයෝජනා දිය යුතු බව ය. ඒ කතාව…

බොදුබල ත්‍රස්තය මහින්දගේ නිර්මාණයක් – දඹර අමිල හිමි

එළඹෙන අගෝස්තු 17 ලංකාවට විශේෂ දවසක් බවට පත්කර ගැනීමේ හැකියාවක් ඇත. වෙනත් දවස් මෙන් එය නිකම් ම ගෙවී යන්නට ඉඩ නොදිය යුතුය. මේ රටේ පුරවැසියන් තමන්ගේ පාලකයින් තෝරන විට ඉතිහාසයේ දී එතරම් සැළකිල්ලක දක්වා නැත. එය ඔවුන්ට උදේට, දහවලට සහ ?ට ආහාර ගෙන නින්දට යනවා වැනි වැඩකි. පාලකයින්ව තෝරන එක බරපතල ආකාරයට ගත්තේ නැත. නිදහස…