ආලවක දමනයේ සිට අනුර කුමරු බුදුන් සරණ යෑම දක්වා – රටේ රාළ
පහුගිය 23 වෙනිදා මහරගම ජාතික තරුණ සේවා සභාවේ තිබුණ ජාතික භික්ෂු පෙරමුණේ සඟ සමුළු වේදිකාව උඩ ජවිපෙ නායක අනුර කුමාර භික්ෂුන් වහන්සේ නමක් ඉදිරියේ දණ ගහගෙන ඉන්නවා දැක්කා.සාමාන්‍යයෙන් බෞද්ධ භික්ෂුවක් ඉදිරියේ පුද්ගලයෙක් දණ ගහගෙන ඉන්න දර්ශනයක් ලාංකීය සමාජයට අමුතු දෙයක් නෙවෙයි.හැබැයි අනුර දිසානායක සහෝදරයා දණ ගහගෙන ඉන්න හැටි දැක්කම හිනාත් යනවා.ඒක ටිකක් වෙනස් දර්ශනයක්. වේදිකාව…