පුද්ගලයෙක් වෙනස් වූ පමණින් සියල්ල වෙනස් වෙන්නෙ නෑ – සම්මානනීය ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල.
ටෙලිනාට්‍ය සහය අධ්‍යක්ෂකවරයෙක්, පිටපත් රචකයෙක් හැටියට හඳුනාගෙන සිටි ඔබ ‘සෙන්කොට්ටං’ නව කතාව තුළින් නාට්‍යකරුවකු ලෙස පාඨකයන් අතරට එනවා. ‘අපූරු ඒ වෙනසේ කතාව’ පැහැදිලි කරනවානම්…. මම වෘත්තීය වශයෙන් ටෙලි නාට්‍යය ශිල්පියෙක් හැටියට ටෙලිනාට්‍යය ක්ෂේත්රයේ නිරතව හිටියත් මම සාහිත්‍යකරුවෙක් හැටියට සාහිත්‍ය ක්ෂේත්රයට එළඹෙන්නේ 2010 වසරෙදි, මගෙ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය වන ‘හිරුත් හිම පියල්ලක’ කාව්‍ය සංග්‍රහයත් එක්ක. කවිය…