මෙයිත්‍රී ගොඩයයිද ? – ලංකාදීප ගුරුදා විග්‍රහය – 2015.07.16 – සී ජේ අමරතුංග

යහපත් බොහෝ දේ කළත් එක වැරැුද්දකින් සියලූ දේ විනාශ කර ගැනීමට ගමේ ගොඬේ කියන්නේ කිරි කළයක් දොවා ගොම බින්දුවක් එක් කළා වාගේ කියාය. කිරි දෙවීම ඉතා පිරිසුදුව කළ යුතු කාර්යයකි. එයට අපද්‍රව්‍ය කිසිවක් එක් වුවහොත් ආහාරයට ගත නොහැකිය. කිරි කළයක් දෙවීම යනු විශාල කාර්යයකි. එයට ගොම බින්දුවක් එක්කළ විට කිරි කළයම අපතේ යයි. ඒ සඳහා…

ජනාධිපතිට තිබූ අප්‍රසාදය යම් පමණකට සමහන් විය හැක-ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

රාජපක්ෂ විරෝධි පිලෙන් මෛත්‍රිපාල සිරිසේන කෙරෙහි පසුගිය දිනවල වර්ධනය වූ අප්‍රසාදය කිසියම් ප්‍රමාණයකට මේ ප්‍රකාශය මගින් තුනී කෙරෙන්නට පුළුවන. නමුත් තම පක්ෂයේ පරාජය සහතික කෙරුනු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ශ්‍රිලනිප නායකයින්ට ගැටළුවක් ඇතිකර තිබේ. ජනාධිපතිවරයා එක් පැත්තකින් ශ්‍රිලනිපයේ නායකයා වන අතරම අනික් පැත්තෙන් ජනවාරි 8 ලැබූ ජයග්‍රහණයේ ද නායකයා ය. මේ සංක්‍රමණීය තත්ත්වය තුළ ශ්‍රිලනිප ප්‍රතිචාරය දක්වන…

ශ්‍රිලනිපයේ අර්බුදය ඉතා ගැඹුරුයි – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතා කළ ප්‍රකාශයෙන් ශ්‍රීලනිපයේ අර්බුදය දෙවන වටයට ගමන්කර තිබේ. මහින්ද හිතවාදීන් සහ සන්ධානයේ නායකයින් උත්සාහ කළේ එහි සභාපතිවරයා වන සිරිසේන මහතා ඔවුන්ගේ සිරකරුවෙක් කරගැනීමට ය. ජනාධිපතිවරයා ඔවුන්ගේ එම උත්සාහයට අනුකම්පා විරහිත ප්‍රතික්‍රියාවක් දක්වා ඇත. බරපතල වික්ෂිප්ත භාවයකට පත්ව ඇති ශ්‍රීලනිප නායකයින් ජනාධිපති ගේ විශේෂ ප්‍රකාශයට පෙරළා කුමන ප්‍රතික්‍රියාවක් දක්වන්නේ ද…

ජනවරමට ගරුකළ යුතුයි

සියලූම දෙනා දන්නා පරිදි මහින්ද රාජපක්ෂ මහතා ගේ පසුගිය පාලන කාලය මේ රටේ ලක්ෂ 63ක ජනතාව ජනවාරි මාසේ 8 වෙනිදා ප්‍රතික්ෂේප කළ හ. ඒ ජනවාරි 8 වෙනිදා ප්‍රතික්ෂේප කළේ මහින්ද රාජපක්ෂ පමණක් නොව ඔහුගේ පාලනයයි. ඒක ඉතා පැහැදිළි කාරණයක්. ඒ වගේම ඒ 63 ලක්ෂයට එකතු වූ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, කලාකරුවන් ආදි සියලූම දෙනා එකතු…

ඡන්ද ව්‍යාපාරයේ නායකයා මහින්ද

මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිතුමා කළේ බලවත් වරදකි. 20 වෙනි සංශෝධනය අනුමතකර ගැනීම මේ රටට අත්‍යවශ්‍ය වූ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයකි. ඒ කටයුත්තට එතුමා පොරොන්දුවක් වී තිබුණි. එය ඉටුවෙන්නට නොදී මෙය මෙසේ විසුරුවා හැරීම ඇත්තටම පොරොන්දු කඩකිරීමකි. දෙවෙනි කාරණය විශ්වාස භංග යෝජනා කිහිපයක් තිබුණා. ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබෙන අයිතිය, ඒ වගේම මේ මහ බැංකුවේ ඇතිවුණ…

මහින්ද සාධ්කය

ජනාධිපතිතුමා අන්තිමේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. අන්තිමේදී කියා කීවේ එය කළේ නොකර බැරි තැනට පත්වූ පසුව නිසාය. ජනාධිපතිතුමාත් ඔහු සමග සිටින කණ්ඩායමත් අවසන් මොහොත දක්වා උත්සාහ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධනය මෙම පාර්ලිමේන්තුවෙන්ම සම්මත කර ගැනීමටය. එසේ නැතිනම් පාර්ලිමේන්තුව විසුරුවන්නට දින නියම කරගෙන තිබුණේ අප්‍රේල් මස විසිතුන් වැනිදාටය. දින සියයේ වැඩපිළිවෙළ අවසන් වීමට තිබුණේ එදිනටය….

දැන් කළ යුත්තේ මහින්දවාදී සංස්කෘතියට එරෙහිව ජනයා පෙළගැස්වීමයි

පාර්ලිමේන්තව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා පමා වී හෝගත් මේ තීරණය ගැන ප්‍රජාතන්ත්‍රවාදය අගයන කවුරුත් සතුට ට පත්වේ. තිබුණු පාර්ලිමේන්තුව සම්පුර්ණයෙන්ම අවලංගු වූ පාර්ලිමේන්තුවක් ඒ වගේම අකාර්යක්ෂම පාර්ලිමේන්තුවක්. ආපස්සට අදින පාර්ලිමේන්තුවකි. තිබුණේ මොනම සාධනීය දෙයක්වත් ඉටුකර ගන්නට පුළුවන් පාර්ලිමේන්තුවක් නොවේ. එම නිසා තව තවත් මේ රට ආජිකත්වයට තල්ලූ නොකර තවතවත් මේ රටේ ආර්ථිකය පරිහාණියට පත්…

ධර්මසිරී බණ්ඩාරනායකට දෝස් මුරයක්

ජනාධිපති සිරිසේන තම දෙගිඩියාව අත්හැර මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදීමට ගත් තීන්දුවට, □පාරාදීසය සොයා“ නම් වූ වාර්තාමය චිත්‍රපටය හේතු වූ බව ඇතැම් හු පවසති. □පාරාදීසය සොයා“ චිත්‍රපටිය ධර්මසිරි බණ්ඩාරණායක ගේ නිර්මාණයකි. ජූනි 29 වැනිදා සවස 6.00 රාජ්‍ය චිත්‍රපටි සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දි □පාරාදීසය සොයා“ තිරගත වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ද සහභාගිත්වය ඇතිව ය. සිංහළ බෞද්ධ…