පුරවැසියා පරාද ද? (ජනවාරි 08 විප්ලවයෙන් වසරකට පසු) – අජිත් පැරකුම් ජයසිංහ
ඒකාධිපති මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමා වසරක් ගෙවී යද්දී, ඒ අරගලයට උර දුන් බොහෝ දෙනෙක් සටහන් තබනු ඇත්තේ කලකිරීමෙනි. කලකිරීම පහසු ය. එහෙත්, දේශපාලනිකව තත්වයන් තේරුම් ගනිමින් යහපත් සමාජයක් වෙනුවෙන් වන පුරවැසි අරගලය ඉදිරියට තල්ලු කිරීම එතරම් පහසු නැත. ශ්රී ලංකාවේ අපි නායකත්වයක් නැති ජනතාවක් ය යන්න භයානක ඇත්තකි. එහෙත්, අප තෝරාගෙන තිබෙන්නේ අපට ගැලපෙන…