මහ ජනයාගේ දේ මහ ජනයාට දෙන්න
සභාග ආණ්ඩු එන්නේ සංකීර්ණතා සමගිනි. දේශපාලඥයෝ යසෝ ප්‍රභාවෙන් බැබළෙන්ට කැමැත්තෝය. එහෙත් ස්වකීය පුද්ගල කීර්තිය බොහෝ දෙනා අත්පත් කරගන්නේ, මහජන මුදලින් කෙරෙන ව්‍යාපෘති ඔස්සේ ය. මේ නින්දිත පුරුද්ද අවසන් කළ යුතුව තිබේ. මීට අදාළ නවතම බොළඳ සිද්ධිය වාර්තා වන්නේ, හබරාදුවෙනි. එහිදී එකම මාර්ග ව්‍යාපෘතියක්, මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා එක කොණකින්ද, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා…