දඹුල්ල අයිති හාමුදුරුවන්ට විතරද ? – අනුර සූරියබණ්ඩාර

රාජ රත්නාකරයේ සහ විහාරය පිළිබඳ තල්පත්වල සඳහන්වන ආකාරයට දඹුලූ විහාරය කරවා ඇත්තේ වළගම්බා රජ සමයේය. පසුව නිශ්ශංකමල්ල රජු විහාරය ප‍්‍රතිසංස්කරණය කරවා පිළිමවල රන් ආලේප කර තිබේ. විහාරය රන්ගිරි දඹුලූ විහාරය වශයෙන් හැඳින්වීම ඇරඹෙන්නේ ඉන් පසුවය. මෙම විහාරය වැදගත් වන්නේ මහනුවර යුගයට අයත් බිතු සිතුවම් සහිත ලෙන් විහාර හේතුවෙනි. මෙහි අවට ප‍්‍රලේඛනගත ලෙන් 80කට වැඩි ගණනක්…

‘අපිට එන්න එන්නම අමාරුයි මචං, ලොක්කට කියලා මොකක් හරි ගේමක් ගහන්න බැරිද ?

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පසුගියදා තවත් වෛද්‍යවරයෙකු හමුවෙලා. මේ වෛද්‍යවරයාත් එසේ මෙසේ පුද්ගලයෙකු නෙවෙයි. ඔහු මහින්ද පාර්ශ්වයේ තිරය පිටුපස සැලකිය යුතු කාර්යභාරයක් සිදුකරන රුක්ෂාන් බෙල්ලන. අනුරුද්ධ පාදෙනිය වෛද්‍යවරයා රුක්ෂාන් බෙල්ලන අමතමින් ප්‍රකාශ කර ඇත්තේ, ‘අපිට එන්න එන්නම අමාරුයි මචං, ලොක්කට කියලා මොකක් හරි ගේමක් ගහන්න බැරිද ? දැන් නං ආයෙ…

අර්බුදයේ ගිලූණු ආණ්ඩුවක සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අර්බුදයක් කරා -තිසරණී ගුණසේකර

  මෙය, රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කිරීමක් නොව, හෙණ ගහගෙන එන රේල්ලූව ගැන වගේ වගක් නැතිව රේල් පාරේ සිට ‘සෙල්ෆී’ ගැනීමකි. කිසි ආණ්ඩුවකට සදාතනික ජනප‍්‍රියත්වයේ සිටීමට පුලූවන් කමක් නැත. මිනිසුන්ට සේම ආණ්ඩුවලටත්, මැදි වියේ අර්බුදවලට මුහුණදීමට සිදුවෙයි. සිරිසේන-වික‍්‍රමසිංහ ආණ්ඩුව පෙළෙන ඇතැම් රෝග, එසේ ස්වාභාවික හේතු මත ඇති වූ ඒවා ය. එහෙත් සියල්ල එසේ නොවේ….

දුෂණ මර්ධන ලේකම් කාර්යාලය වසා දැමීම පනින රිලවුන්ට ඉනිමං බැඳීමක්ද ? – අනුර සූරියබණ්ඩාර

2017 ජූලි 13 පුවත්පත් පළ වී තිබුණු පුවතක් වූයේ මහා පරිමාණ දුෂණ වංචා විමර්ෂණය සඳහා පිහිටුවනු ලැබූ දුෂණ මර්ධන ලේකම් කාර්යාලය වසා දමන බවයිග 2015 ජූලි මස 02 දා ආරම්භ කෙරුණු දු දුෂණ මර්ධන ලේකම් කාර්යලයයේ ආයු කාලය එම වසරේම නොවැම්බර් මාසයේ සිට වසරක කාලයකට දීර්ඝ කෙරිණිග නැවත 2016 නොවැම්බරයේ දී එහි කාලය දීර්ඝ කළ…

රාජපක්ෂ ආණ්ඩුවේ කෑම බිල යහපාලන ආණ්ඩුවෙන් ගෙවන හැටි – භාතිය බරුකන්ද

දේශපාලන අවස්ථාවාදය හා අන්තවාදය විසින් නොකඩවා පෝෂණය කරමින් ශක්තිමත් කරන මේ ඊනියා ප්‍රවාද තීරණාත්මකව පරාජය කිරීමේ වැඩි වගකීමක් තිබෙන්නේ අප විශ්වාස කරන ආකාරයට යහපාලන ආණ්ඩුව වෙනුවෙන් ඡන්ද භාවිත කළ ජනතාවටමයි. එය ඔවුන්ගේ වගකීමක් මෙන්ම වගවීමක් වශයෙන් ද සැලකිය හැකියි. විමල් වීරවංශ ව්‍යවස්ථා සම්පාදන කමිටුවෙන් හදිසියේම ඉල්ලා අස්වෙමින් නැති ව්‍යවස්ථා බිල්ලෙක් මවන්නේ කෙසේ හෝ කුමන උපායකින්…

මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාට කැපූ විධායක බොරුවල – අනුර සූරියබණ්ඩාර

2017 ජුලි 16 ඉරිදා ලංකාදීප පුවත්පතේ ප‍්‍රධාන පුවතින් කියා තිබුණේ විධායක බලතල හරිහැටි පෙන්වන්නැයි ශ‍්‍රී ල.නි.ප. මැති ඇමතිවරු ජානාධිපතිට බල කරන බවයි.  පුවත මේසේය: ‘‘ඉදිරි මාස හයේ දී විධායක බලතල පාවිච්චි කර තීන්දු තීරණ ගන්නැයි ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. ‘‘එසේ නොකළහොත් ආණ්ඩුව ජනතාව අතර…

විමල්ගේ තගරිය – සී. ජේ. අමරතුංග

   ප්‍රධාන පක්ෂ දෙක එකතුවී ආණ්ඩුකිරීම ඉතා අමාරු බවත් එසේ වුවද රටේ යහපත පිණිස එය කළයුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබිණි. හැමවිටම පරිස්සම් වීම මෙහිදී වැදගත් බවද ඒ මහතා කියා තිබෙන්නේ ආණ්ඩුව තුළ ඇතිවී තිබෙන යම් මත ගැටුම් නිසාද විය හැකියි. දේශපාලනයේ ප්‍රධාන ප්‍රතිවාදීන් වන මෙම පක්ෂ ‍දෙක එක්ව ආණ්ඩුකිරීම අලුත් අත්හදාබැලීමක් මෙන්ම…

වගවීමක් නොමැති ප‍්‍රකාශ ආණ්ඩුවේ පැවැත්මට හිතකරද ? – භාතිය බරුකන්ද

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින කණ්ඩාමෙන් සැලකිය යුතු පිරිසයක් ආණ්ඩුවෙන් ( ඇත්ත කතාව නම් ඇමති පදවිවලින්) ඉවත්වෙලා මහින්ද රාජපක්ෂ සමග යළි එක්වන බවට වන කතාව පසුගිය සති අන්තයේ ජාතික පුවත්පත්වල ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් වෙලා තිබුණා. කාලයක් තිස්සේ මෙවැනි ප‍්‍රවෘත්ති විටින් විට පළ වෙලා තිබුණ නිසා ජනතාව නම් ඒ ගැන ලොකු උනන්දුවක් දැක්වූ බවක් දැකිය…

රොෂාන් රණසිංහ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කටයුතුවලින් ඉවත්වෙයි!

ඒකාබද්ධ විපක්ෂය පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ ඉදිරියේ යොදා ඇති දේශපාලන රැස්වීම්වලට තමා සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා පවසනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ලෙස තමා මෙම තීරණය ගනු ලැබුවේ, දැඩි අපහසුවකින් බවද රෝෂාන් රණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. බිම් මට්ටම හරිහැටි හදුනා නොගෙන ඒකාබද්ධ විපක්ෂය ගන්නා තීන්දු…

දූෂිත බැඳුම්කර ගනුදෙනු කළැයි මහ බැංකුවේ 20කට චෝදනා

බැඳුකර ගනුදෙනුවලදී මහ බැංකුවට පාඩු සිදු කරමින් ජාවාරම්කරුවන්ට සහය දුන් බව කියන නිලධාරින් විසි දෙනෙකුට එරෙහිව විනය පියවර ගැනීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව කටයුතු කොට ඇති බව වාර්තාවෙයි. මෙම ගනුදෙනු ගැන ජුලි 20 දාට පෙර නිදහසට කරුණු දන්වන ලෙස මහ බැංකුව මෙම නිලධාරින්ට ලිඛිතව දන්වා යවා ඇත. එම ලිපිවලට පිළිතුරු දෙමින් ඇතැම් නිලධාරින් කියා ඇත්තේ…

පළාත් පාලන මැතිවරණ ගැන කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට – ජනපති

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ රජයේ කටයුතු අවසන්ව ඇති අතර අදාළ පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට පලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පවසයි. රජයේ කටයුතු මේ වන විට අවසන් කර තිබෙන අතර, අදාළ රෙගුලාසි සම්මත කර ගැනීම සඳහා එම පනත් කෙටුම්පත මෙසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දෙන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා…

රෝෂේන් චානක ඝාතනයේ වාර්තාව වසර 06කට පසු මවට ලැබෙයි–vedio

පැවති මහින්ද රාජපක්ෂ පාලන සමය පවැති 2011 වසරේදී පෞද්ගලික අංශ සේවකයන් සඳහා විශ්‍රාම වැටුපක් සකස් කරන්නේ යැයි පවසා ඔවුන්ගේ අර්ථසාධක අරමුදල  කොල්ලකෑමට එම ආණ්ඩුව කටයුතු කළ මොහොතේ ඊට එරෙහිව නැගුණු විරෝධතාවලට ආණ්ඩුව පොලීසිය යොදවා සිදු කළ වෙඩි තැබීමේදී වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වූ රෝෂේන් චානක මහතාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ මහානාම තිලකරත්න කොමිසමේ වාර්තව රෝෂේන් චානක මහතාගේ…