රාජපක්‍ෂ කළු දශකයේදී වංචාව-දුෂණය පිළිබඳව පරීක්‍ෂණ කරපු නිලධාරීන් ස්ථාන මාරු කළා; අඩන්තේට්ටම් කළා; තර්ජනය කොට බිය වැද්දුවා – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

රවී කරුණානායක ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ වංචා-දුෂණ සම්බන්ධයෙන් අලූත් සාකච්ඡුාවක් මතුවෙලා තිබෙනවා. රවීගේ පාර්ශ්වයේ කණ්ඩායම එය යහපත් ආණ්ඩු ක‍්‍රමයක ලක්‍ෂණයක් යැයිද පරාජිත රාජපක්‍ෂ කණ්ඩායම එය සිය ජයග‍්‍රහණයක් යැයිද  උත්කර්ෂයට නංවමින් තිබෙනවා. කුමන හෝ අපරාධකරුවෙක් අපරාධයක් සිදුකරන අවස්ථාවේදී ඇඳ සිටි රෙදි ගලවා දමා වෙනත් ඇඳුමක් ඇන්ද පමණින් නිවැරදිකරුවෙක් වෙන්නේ නැහැ. රවී කරුණානායක වංචනික කි‍්‍රයාවකට හවුල්…

නව ව්‍යවස්ථාවට අකුල් හෙලන බලවේග පරාජය කලයුතුයි .- එක්සත් වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජගත් හේමචන්ද්‍ර

නව ව්‍යවස්ථාවට අකුල් හෙලන බලවේග පරාජය කලයුතුයි .- එක්සත් වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජගත් හේමචන්ද්‍ර

1975 එවකට පැවති සමගි පෙරමුණු රජයේ ඇමති තනතුරු දැරූ ආචාර්ය එන් .එම් පෙරේරා සහ ලෙස්ලි ගුණවර්ධන සහෝදරවරුන් තමන් දැරූ ඇමතිකම් වලින් ඉවත්කිරීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගත් තීරණයට එරෙහිව ලංකා සමසමාජ පක්ෂයේ ඇමතිවරු තිදෙනාම ආණ්ඩුවේ ඇමතිකම් වලට සමුදුනි. පසුව ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එම ආණ්ඩුවේ ඇමති ධුරයක් දැරූ පීටර් කෙනමන් සහෝදරයාද ආණ්ඩුවෙන් ඉවත් විය. මැතිණිය…

රණවිරුවා සහ මිනීමරුවා හඳුනා ගැනීම – භාතිය බරුකන්ද

අද තිබෙන ප්‍රශ්නය වන්නේ හමුදා නිල ඇඳුමට මුවා වී කළ බව කියන බොහොමයක් අපරාධ ඔවුන්ගේ පෞද්ගලික වුවමනා එපාකම්වලට එහා ගිය දේශපාලන ඝාතන හෝ දේශපාලන න්‍යාය පත්‍ර මත සිදුකළ ඝාතන හෝ අපරාධ වීමයි. ඒවා නිසි පරිදි විමර්ශනය වුවහොත් හඳුනා ගැනෙන්නේ නූලේ කොනේ ඉන්නේ සොල්දාදුවෙක් වෙනුවට වෙනත් බලවතෙක් බව නිසැක වීමයි. “විශේෂයෙන් රණවිරුවෙක් දැන ගත යුතුයි රණවිරුවා කවුද මිනීමරුවා කවුද කියලා. රණවිරුවෙක්…

උසාවි සහ පත්තර – මැණික් ගල් යටයවා ගොමරිටි මතුකරන මාධ්‍ය මෙහෙයුම් – බණ්ඩාර උඩුරාවණ

පසුගිය දිනවල මෙරට මුද්‍රිත ජනමාධ්‍ය මගින් උත්කර්ශයට නැංවූ පුවතක් වූයේ, උතුරේ උසාවියක් විසින් එම ප්‍රදේශයේම විහාරස්ථානයක් උදෙසා දුන් නඩු තීන්දුවකි. එකී නඩු තීන්දුවට අදාළ පුවත සැකවින් මෙසේය. එකතරා විහාරස්ථානයක ඉඩම් ප්‍රශ්නයක් වෙනුවෙන් සුවාමීන් වහන්සේ නමක් (හෝ දෙදෙනෙක්) උසාවියට පැමිණියේය. නඩුව විභාග කළේ දෙමළ ජාතික විනිසුරුවරියකි. ඇය එකී ස්වාමින්වහන්සේලාට සුදු පිරුවට එලා  පුටු සකසවා අසුන් පැනවූවාය….

|

ඒකාබද්ධයෙන් හිස් කොළ අස්සන් ව්‍යාපාරයක්

  බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂාකරන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ ඇමැති රවි කරුණානායක මහතාට එල්ල වූ චෝදනා නිසා දේශපාලනයේ යම් කැළඹීමක් හටගෙන තිබුණද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා යොදාගත් දෛනික කටයුතු නොකඩවා ක්‍රියාත්මක කළා. බොහොමයක් සංවර්ධන කටයුතු හා විවෘත කිරීම් ආදියට ජනාධිපතිතුමා සහභාගී වූයේ ජනතාවගේ ප්‍රශ්න හඳුනාගැනීමටත් ඔවුන්ගේ සුව-දුක් විමසීමටත් අවස්ථාව සලසා ගැනීමක්ද වශයෙන් මේ…

ඒකාබද්ධ විපක්‍ෂය කියන්න හදන්නේ ඔවුන් කරපු හොරකම්වලට වඩා මහබැංකු බැඳුම්කර වංචාව ලොකුයි කියලා – ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

2015 ජනාධිපතිවරණයේත් මහ මැතිවරණයේත් ප‍්‍රධාන සටන් පාඨය බවට පත්වී තිබුණේ වංචාවට හා ¥ෂණයට එරෙහිව පියවර ගන්නා බවට සහ යහපාලනය ඇතිකරන බවට වූ පොරොන්දුවයි. නමුත් මේ ආණ්ඩුව ඒ ප‍්‍රධාන පොරොන්දුවම බලයට පත්වෙලා මාසයක් යනකොට උල්ලංඝනය කළා. ලංකා ඉතිහාසයේ මහ බැංකුවේ විශාලම බැදුම්කර වංචාව මේ ආණ්ඩුව යටතේ සිදු කළා. එය මුලින්ම මේ රටේ ජනතාව හෙළිදරව් කළේ, ජනතා…

හම්බන්තොට විකුණුවාද? – අනුර සූරියබණ්ඩාර

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ආණ්ඩුව පසුගිය දා ගත් තීරණය මූලික කරගෙන ජනතාව තුළ නොසන්සුන්තාවක් ඇතිකරන්නට ඒකාබද්ධ විපක්ෂය සහ ජ.වි.පෙ. කටයුතු කරමින් සිටි බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එහිදී ඔවුන් උපයෝගී කර ගන්නේ ‘විකිණීම, යන වචනයයි. එනම් ආණ්ඩුව විසින් හම්බන්තොට වරාය විකුණා ඇත යන්නයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක කීවේ, තව අවුරුදු 99ක් ගතවන…

රවී කරුණානායක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක සිය පදවියෙන් ඉල්ලා අස්විය. මෙයින් ස්වල්ප වෙලාවකට පෙර ඇමතිවරයා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කළේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.  අගෝස්තු 10 පස්වරුවේ පාර්ලිමේන්තුව අමතමින් අදහස් දැක්වීම ආරම්භ කළ ඇමතිවරයා, ඔහුට එරෙහිව එල්ල කෙරෙන චෝදනාවලට නිවැරදිකරු වන නමුත් රට සහ පක්ෂය ගැන සිතා පදවියෙන් ඉල්ලා අස්වෙන බව කියා සිටියේය. තවදුරටත් කරුණු දැක්…

|

බැඳුම්කර දේශපාලනය – සී.ජේ.අමරතුංග

 බැඳුම්කර ගැන ජනාධිපති කොමිසමක් පත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කීවේ, මෙම ප්‍රශ්නයෙන් දැන් දේශපාලනඥයන් ඉවත් විය යුතු බවයි. එයට හේතුව නම් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව කළ පරීක්ෂණය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී තිබූ බව පෙනී යාමයි. එම ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීම ස්වාධීන කොමිසමකින් කළ යුතු බව ජනාධිපතිතුමා තීරණය කළේ ඒ නිසාය. දැන් එම කොමිසම බොහෝ කරුණු හෙළිදරව් කරගනිමින්…

ව්‍යවස්ථා ක්‍රියාවලිය තවත් කල් දාන්න බෑ.- ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්.

ව්‍යවස්ථා ක්‍රියාවලිය තවත් කල් දාන්න බෑ.- ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්.

දැනට තියන ව්‍යවස්ථාව අවුරුදු 39ක් පරණයි. ගෙවීගිය අවුරුදු 39 තුළ අපේ රට හුඟක් වෙනස් වෙලා තියෙනව. ලෝකය ගොඩක් අලුත්වෙලා තියෙනව. මේ අලුත් වෙච්ච ලෝකයට මේ අලුත්වෙච්ච සමාජයට වෙනස් වෙච්ච ලෝකයට ගැලපෙන ආකාරයට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුයි කියන ස්ථාවරයේ අපි දේශපාලන පක්ෂයක් විදියට ඉන්නවා. එතනදි ප්‍රධාන කරුණු කීපයක් තියෙනව. මේක සියලු ජාතිකත්වයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාවෙන…

යහපාලනය කියන්නේ මේකට තමයි – භාතිය බරුකන්ද

යහපාලනය කියන්නේ මේකට තමයි – භාතිය බරුකන්ද

‘‘යහපාලනය කියන්නේ මේකද?’’ මේ යහපාලන ආණ්ඩුවට සරදම් කිරීම පිණිස පසුගිය කාලය පුරාම ජනවාරී 08 වෙනසට වෛර කළ වුන් විසින් ඇසූ ප‍්‍රශ්නයකි. මේ ප‍්‍රශ්නයම ඊට මදක් වෙනස්, එහෙත් සරදම් ස්වරයෙන් / ඔලොක්කුවට මෙන් පසුගිය 02 වැනිදා ඇසුණේය. ඒ වත්මන් ආණ්ඩුවේ බලවත්ම චරිතයක් වන හිටපු මුදල් ඇමැති, වත්මන් විදේශ ඇමැති රවි කරුණානායක මහතාගෙනි. ප‍්‍රශ්නය ඇසුවේ ප‍්‍රතිපත්ති විරහිතව…

නව ආකෘතියක් සහිත ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනිසිටිනවා – නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා

” රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන අයුරින් යහපාලන මූලධර්ම රාජ්‍ය ක්ෂේත්‍රයට තවදුරටත් කාවදින ලෙස ද, ප්‍රාදේශීය නියෝජනය ශක්තිමත් කර ප්‍රාදේශීය වශයෙන් පවතින අසමානතා දුරුවන අයුරින්ද, මානව හිමිකම් ශක්තිමත් කරමින් ජන කණ්ඩායම් හා පුද්ගලයන් අතර අසමානතා දුරු කර සමානතාව ශක්තිමත් කරන අයුරින්ද, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තැනීම පිනිස මීලඟ පාර්ලිමේන්තුවේ සියලු පක්ශ සමග කටයුතු කරනු ඇත “ 2015…