මල්වතු-අස්ගිරි නිවේදන නිකුත් කරන සම්ප්‍රදාය දන්නවාද?

ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම විදේශගතව සිටියදී උභය මහ විහාරීය කාරක සංඝ සභික හිමිවරු කිහිප නමක් ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේදී රැස්ව කළ සාකච්ඡාවකින් පසු නව ව්‍යවස්ථාවක් මේ මොහොතේ ගෙන ඒමට අවශ්‍ය නොවන බව මල්වතු අස්ගිරි මහ විහාර පාර්ශ්ව තීරණය කළ බවට ප්‍රකාශ වීමත් සමඟ රටේ…

මිනීමරු කුමන්ත්‍රණයක අනතුර – භාතිය බරුකන්ද

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම වැළැක්වීම සඳහා රාජපක්ෂ කල්ලිය සිය උපරිම බලය යොදා සටන් කරන තැනකට පැමිණ තිබෙන ආකාරයක් මේ වන විට දැකිය හැකියි. මේ සඳහා රාජපක්ෂ කල්ලිය තමන් සතු සියලුම අවි යොදා ගැනීමට පසුබට නොවන බවත් දැන් පැහැදිලියි. ඒ අනුව රාජපක්ෂවරුන් විසින් පසුගිය කාලය පුරා එළිපිට නඩත්තු කළ අන්ත ජාතිවාදී, ආගම්වාදී කණ්ඩායම් පමණක්…

ව්‍යවස්ථා අයිතිය සඟ සතු නොකරනු! – අනුර සූරියබණ්ඩාර

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් හෝ රටට අවශ්‍යද නැද්ද යන්න බරපතළ සංවාදයකට ලක්කළ යුතු මොහොතකට රට මුහුණදී සිටිතැයි කීම අතිශයෝක්තියක් නොවේ. පෙනෙන්නට ඇති තත්ත්වය වන්නේ ආණුඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී සුළු තරය මහත් සේ උද්ඝෝෂණ පවත්වන විට ව්‍යවස්ථා වෙනස වෙනුවෙන් පෙනි සිටි කොටස බරපතළ කඹ ඇදිල්ලක යෙදී සිටීමය. එකී හේතුව නිසාම රටට ව්‍යවස්ථාවක් අවශ්‍යය කියන සටන්…

|

ව්‍යවස්ථාවට වළ කැපුවොත්

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කථිකාව අලුත් වූයේ ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ මෙහෙයුම් මණ්ඩලයේ වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමත් සමඟය. එය නව ව්‍යවස්ථාව නොවේ. ව්‍යවස්ථාවක් සකස්කිරීම සඳහා ඇතිකරගත හැකි එකඟතා පිළිබඳ වාර්තාවකි. එම වාර්තාවට ද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සිටින සියලු පක්ෂවල එකඟතාව ලැබී නැත. විවිධ පක්ෂවල ස්ථාවර උපලේඛන මගින් දක්වා තිබිණි. දැන් එය සංවාදයට ලක්ව ඇත. පාර්ලිමේන්තුවේද විවාදයක් පැවැත්වෙයි….

චීවරයට මුවා වී ලේ සුවඳට ඉව කිරීම – භාතිය බරුකන්ද

‘‘එකම බොරුව සියවරක් කියන්න, ජනතාව එය සත්‍යයක් යැයි පිළිගනු ඇත’’ ජර්මන් අඥාදායක හිට්ලර්ගේ මාධ්‍ය ඇමැතිවරයා වූ ජෝෂප් ගොබොල්ස් කීවා යැයි කියන මේ කතාව ඔහු වචනයෙන් පමණක් නොව ක‍්‍රියාවෙන් ද ඔප්පු කර පෙන්නූ බව නාසි ඉතිහාසය සාක්ෂි දරයි. එකල යුරෝපයේ බුද්ධිමතුන්, දාර්ශනිකයින් බහුතරයක් ජීවත් වූ ජර්මනිය මානව ඉතිහාසයේ කුරිරුම රාජ්‍යය, බිහිසුණුම මානව සංහාරය කළ රට බවට…

සංඛ්‍යාත කාගෙද? – බණ්ඩාර උඩුරාවන

ගෙවුනු දසවසක එනම් 2007 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ විදුලි සංදේශ නියාමන කොවිසම ලබාදී ඇති සංඛ්‍යාත පිළිබඳ තො‍රතුරු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් ඉල්ලා ඇති බවට තොරතුරු පළවේ. ඔහු එම තොරතුරු ඉල්ලා ඇත්තේ විදුලිය සන්දේශ කොමිසමේ තොරතුරු නිලධාරියාගෙනි. ඒ තොරතුරු පනත යටතේ ලැබී ඇති අයිතිය යටතේය. ඒ අනුව අනුර කුමාර…

ආසයි බයයි ඒ වෙනසේ හැටියි – නිශාන්ත කමලදාස

 අපි දීපන කොලම හරහා මාස 6කට ආසන්න කාලයක් පුරා සිහින 25 ක් ම දැක්කෙමු. ඒ හරහා අප පැතුවේ රටේ වෙනසකි. මිනිසුන්ගේ වෙනසකි. නායකයන්ගේ වෙනසකි. මිනිස් සබඳතාවල වෙනසකි. ආයතනවල වෙනසකි. ආයතනවලින් සපයන සේවයේ වෙනසකි. වෙනසක් සම්බන්ධයෙන් මිනිසුන්ගේ ප්‍රතිචාරය දෙ ආකාරය ය.වෙනසට මිනිස්සු කැමති ය.ආදරේ ය.ඒ වගේ ම අකමැති ය. බය ය. ඒ කියන්නේ ආසයි බයයි යන…

මල්වත්ත-අස්ගිරිය සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදනය – එම්.ඕ.ඒ. ද සොයිසා

මේ රට පාලනය කරන්නේ කවුරුන් විසින්ද? මල්වත්ත-අස්ගිරිය ප්‍රධාන කොට ගත් මේ රටේ වැඩ වාසය කරන 30,000 ක් පමණ වන බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින්ද නැතිනම් දෙකෝටි විසි ලක්ෂයකට ආසන්න ගිහි ජනතාවගේ ඡන්ද බලය හිමි පුරවැසියන්ගේ බහුතර කැමැත්තෙන් ප්‍රජාතාන්ත්‍රිකව තෝරාපත් කරගත් පාලකයින් විසින් මෙහෙයවන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින්ද? මේ ප්‍රශ්නය ඇසීමට සිදුව තිබෙන්නේ වෙනත් කිසිඳු…

|

අගමැති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2018 ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය

  හැකියාවෙන්, දක්ෂතාවයෙන් හා ශක්තියෙන් පිරි ආයෝජකයන් දිරිමත් කරන, ඉදිරියට යා නොහැකි පිරිස් ශක්තිමත් කර, ඔවුනට අතදෙන අයවැයක් 2018 වෙනුවෙන් ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (20දා) පැවසීය. ආදායම් උද්පාදනය කර මුල්‍ය ස්ථාවරත්වයක් ඇති පොහොසත් රටක් ගොඩනඟා ශ්‍රී ලංකාව ආසියාවේ වෙළෙඳ හා ආර්ථික කේන්‍ද්‍රස්ථානය බවට පත්කරන සැලසුම් ඉදිරි වර්ෂයේදී ක්‍රියාත්මක කරන බවත්…

බිල්ලන් පෙන්නා බලයට මාන බැලිීම

බිල්ලන් පෙන්නා බලයට මාන බැලිීම

නව ව්‍යවස්ථාව තවම එළි දැක නැත. දැනට ඒ සඳහා ඉදිරිපත් කැරැ ඇත්තේ ව්‍යවස්ථා සභාවෙහි මෙහෙයුම් කමිටුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කැරැ ඇති අතුරු වාර්තාව පමණකි. අතුරු වාර්තාවක් යනු නිමා වූ අවසන් ලේඛනයක් නොවේ. යෝජනා මාලාවකි. හැරත් එම වාර්තාවෙහි කමිටුවෙහි බහුතරය පිළිගත් යෝජනා මෙන්ම නොපිළිගත්, ඒ ඒ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන ලද ස්වාධීන යෝජනා ද වෙයි. ඒ…

ට්‍රැවිස් සින්නයියා යහපාලනය සහ සංහි‍ඳියා පැතුම – අනුර සූරියබණ්ඩාර

නාවුක හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ සේවා දිගුව පිළිබඳ ප්‍රශ්නය මෙරට ජනතාවගේ සංහිඳියා බලාපොරොත්තුව මෙන්ම යහපාලන අපේක්ෂාවද යම් පමණකට හෙල්ලුම්කවන හේතුවක් වී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ. යහපාලන ආණ්ඩුව බලයට පත් වූ වහාම ගත් ඉමහත් වටිනාකමකින් යුතු තීරණයක් වූයේ ශ්‍රී පවන් මහතා අග විනිසුරු වශයෙන් පත්කිරීමය. දේශපාලන පත්වීම් හේතුවෙන් වල්බිහිවී තිබුණු මෙරට අධිකරණ පද්ධතිය එකී…

මහින්දගේ අජූත තර්ක – භාතිය බරුකන්ද

ශ්‍රීලනිපයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහතාගේ දැක්ම අනුව අඛණ්ඩව ගමන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට ජනවාර්ගික අර්බුදය අතිශයින් තීරණාත්මක අවස්ථාවකට පැමිණ තිබූ 1988 වර්ෂයේ පවා ජාතික ගැටලුව සම්බන්ධයෙන් වන බණ්ඩාරනායක දැක්ම වෙතින් ඉවත් නොවීය. ඒ බව මනාව තහවුරු වන්නේ 1988 ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දුන් “ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය” (ඩී.පී.ඒ) විසින් 1988 11 24 වැනිදා…