විමල් වීරවංශ පක්ෂෙන් ගියේ අලූත් වමක් හදන්නයි. දැන් වම දකුණ හොයාගන්න බැරුව ඉන්නවා – ටිල්වින් සිල්වා – ජනතා විමුක්ති පෙරමුණ

අපේ පක්‍ෂයෙන් අවස්ථා දෙකකදී කණ්ඩායම් දෙකක් ඉවත් වී තිබෙනවා. දෙවැනි අවස්ථාවේදී අපේ පක්‍ෂයේ සංවිධානවල සුළු බිඳවැටීමක් සිදුවුණා. නමුත් මේ වනවිට අපි මුළු රට පුරාම ශක්තිමත් සංවිධාන ජාලයක් ගොඩනගලා තිබෙනවා. යාපනය, මඩකලපුව, දිස්ති‍්‍රක්කවල පළාත් පාලන ආයතනවලට පවා නාමයෝජනා ලබාදීමට අපි සමත්වෙලා තිබෙනවා. මේ මැතිවරණයේදී විශේෂත්වයක් තිබෙනවා. ලයිස්තු දාලා බේරෙන්න පුළුවන්කමක් නැහැ. කොට්ඨාශ මට්ටමින් කි‍්‍රයාකාරී අපේක්‍ෂකයින් ඡුන්දෙට…

රට හිරිවට්ටන වැටුප් විශමතා – සම්පත් රසාංග අමරසිංහ

දුම්රිය වැඩවර්ජනයට මේ ලියන මොහොත වන විට දින හතරක් ගතවී තිබේ. වර්ජනය පවතිද්දී වුව දුම්රිය ගමන්වාර මෙපමණ සංඛ්‍යාවක් ක්‍රියාත්මක කළ බව ප්‍රවාහන බලධාරින් පුකාශ කළ ද සත්‍ය වන්නේ දුම්රිය ධාවනය මුළුමනින්ම පාහේ ඇණහිට ඇති බවයි. එදිනෙදා කටයුතුවලට ගමන් බිමන් යන පිරිසටත් වඩා දුම්රිය වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත්වූයේ දුම්රියෙන් එදිනෙදා ගමනා ගමන අවශ්‍යතා සපුරා ගන්නා කාර්යාල…

රාජපක්‍ෂ කණ්ඩායමට වංචාවට දුෂණයට එරෙහිව කටයුතු කරනවා කියන්න බැහැ – ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක

පළාත් පාලන ආයතනවල කාලය අවසන් වූයේ පසුගිය 2015 වර්ෂයේ මාර්තු මාසයේදී. මේ වනවිට අවුරුදු දෙක හමාරක කාලයක් ඡුන්දය නොපවත්වා ගෙවී ගොස් තිබෙනවා. එනිසා පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් රට තුළ තිබුණා. සීමා නිර්ණය සම්බන්ධ කටයුතු අවසන් නොවී තිබීමත් නව ඡුන්ද ක‍්‍රමයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයත් නිසා මැතිවරණය ප‍්‍රමාද වුණා. පාලන පනත සම්මත කළා. එසේ තිබියදී ආණ්ඩුවේ…

ගෝඨා බය ඇයි? – අනුර සූරිය බණ්ඩාර

මහජන මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් වන නඩුවක සැකකරුවකු ලෙස නම් කර ඇති තමා අත්අඩංගුවට ගැනීමෙන් වළකාලීමේ නියෝගයක් නිකුත් කරවා ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය සති දෙක තුළ දෙවතාවක්ම අධිකරණය හමුවේ අයාචනා කළේය. ඔහුට නැගී ඇති චෝදනා වන්නේ වීරකැටිය මැදමූලන ඩී.ඒ. රාජපකෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මහජන මුදල් අවභාවිත කර ඇතැයි යන්නය….

ශ‍්‍රීලනිපයට තීරණාත්මක මොහොතේදී එයට වළ කපන බැසිල් රාජපක්ෂ

පියසිරි විජේනායක, ජයන්ත විජේසේකර, වීරකුමාර දිසානායක ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රබලයින් කිහිප දෙනකු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගැනීම සමඟ ‘‘බැසිල් රාජපක්ෂ’’ ගැන මේ වන විට යළිත් දැඩි විවේචනයක් එල්ල වෙමින් තිබෙනවා. ජනිපෙ හැර යමින් පියසිරි විජේනායක ඇතුළු පිරිස ඍජුව චෝදනා කළේ බැසිල් රාජපක්ෂට බව පැහැදිලියි. එහිදී ඔවුන් අවධාරණය කළේ, මහින්ද රාජපක්ෂ දේශපාලනිකව නන්නත්තාර කිරීම,…

ඔබේ යෙහෙළිය ඇය ගැහැනිය – නිශාන්ත කමලදාස

 මොණිකා රුවන් පතිරණ කිවිඳියගේ පොතක නම ය. ඇත්තටම ඇය – ගැහැනිය – යෙහෙලියක් ලෙස අප විසින් සලකන්නේ ද? මේ ප්‍රශ්නය ගැන අසන්නට සිතුණේ ඊයේ පෙරේදා සැමරූ උඳුවප් පෝය නිමිති කර ගෙන මතුවුණු සිතුවිලි පරම්පරාවක් නිසා ය. උඳුවප් පොහොය ශ්‍රී ලංකා වාසීන්ට වැදගත් වන්නේ සංඝමිත්තා තෙරණිය විසින් ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් ලංකාවට වැඩම කළේ ද එවැනි…

ජාතික නිදහස් පෙරමුණ දෙදරයි තිදෙනෙක් ශ්‍රීලනිපයට

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක පියසිරි විජේනායක මෙන්ම උතුරු මැද පළාත් සභා මන්තී‍්‍ර පී.බී. කුමාර යන මහත්වරුන් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ. අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමුවූ මෙම පිරිස එතුමා රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළට සහය පළ…

|

ඒකාබද්ධයේ කෑලි හැලෙද්දී එජාපය ගෙන් ගෙට යන්න හදයි

දකුණු කොරියාවේ සාර්ථක සංචාරයකින් පසුව සියරට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි කතාබහක් ඇතිව තිබුණා. ජනාධිපතිතුමාට සෝල් නුවර ගෞරවනීය පුරවැසිභාවය හිමිවීම එම කතාබහට මුල් වුණා. ඇතැමුන් ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැන් ද්විත්ව පුරවැසිභාවයක් දරන නිසා ජනාධිපතිධුරයට නුසුදුස්සකු බවට පත්ව ඇති බවයි. කෙසේ වෙතත් තතුදත් විද්වතුන් පෙන්වා දුන්නේ එය වැරදි අදහසක් බවත්…

ගෝඨා බය – භාතිය බරුකන්ද

ප්‍රශ්නය වන්නේ රණවිරු දඩයමට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැඳීමට ප්‍රතිඥා දෙන මේ කල්ලිය ලංකාවේ කොටි ත්‍රස්තවාදය පරාජය කළ මහ සටනට නායකත්වය දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා ඇතුළු රණවිරුවන් කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ විසින් වැලිකඩ දක්කන විට දැක්වූ පුදුමාකාර නිහඬතාවයි. ගෝඨාභය රාජපක්ෂ විසින් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සියලු නිලතල පමණක් නොව විශ්‍රාම වැටුප පවා අහෝසි කර, යුද ජයග්‍රහණය සම්බන්ධයෙන්…

|

චෞරයන්ගේ වීරයෝ – සී. ජේ. අමරතුංග

ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනීසිටින කණ්ඩායමේ උදවියට එරෙහි දූෂණ හා අපරාධ සම්බන්ධ නඩු විභාග එකින් එක ඇරඹෙන බව පෙනෙන්නට තිබේ. බොහෝවිට විවේචනය තිබෙන්නේ එම කටයුතු ඉතා හෙමින් සිදුවීම සම්බන්ධයෙනි. ඇතැම්විට ආණ්ඩුවේම නායකයින් කියන්නේ මේ තත්ත්වය තමන්ට ද ප්‍රශ්නයක් බවයි. මහින්ද රාජපක්ෂ මහතා හා පවුලේ උදවිය ආරක්ෂා කරන බවට අනියමින් චෝදනා එල්ලවන අවස්ථා ද දකින්නට ලැබුණි. ඒ…

ඇතුවත් බැරි නැතුවත් බිස්නස් – නිශාන්ත කමලදාස

“බිස්නස් කරන්නේ මුදලාලි ලා ය. ඉගෙන ගත් මිනිසුන් නොවේ ය. ඉගෙන ගත් මිනිසුන් කරන්නේ රස්සා ය“. මේ අප බොහෝ දෙනෙකුට සිතන්නට පුරුදු කර ඇති ක්‍රමය ය. උගත්කම ලොකුවට සළකන සමාජයක “බිස්නස්“ කාරයාට ඇත්තේ කුඩම්මාගේ සැළකිල්ලක් ය. ඒ නිසා ඇතැම් ව්‍යාපාරිකයන් ද පුරුදුව ඇත්තේ සිය දරුවන්ට අධ්‍යාපනය දී තමන්ට නොලැබුණා යැයි හිතන “තැන“ අරන් දීමට ය….

හොරාට කලින් කැන වැට පැනීම හෙවත් 2020 දී රටේ නායකයා තේරීම – භාතිය බරුකන්ද

‘‘හොරාට කලින් කැණ වැට පණිනවා’’ කියලා බොහොම පැරණි කතාවක් අප අතර තිබෙනවා. දේශපාලනයේදී බොහොම සුලභ මේ වැඬේ ඇතැම් වෙලාවට සිද්ධ වෙන්නේ විශ්වාස කරන්නත් බැරි තරම් මජර විදිහටයි. මේ සම්බන්ධයෙන් දැක්විය හැකි ඉතාම සමීප උදාහරණය වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළ දියත් වෙමින් තිබෙන මාධ්‍ය සහ පෝස්ටර් මෙහෙයුමයි. මේ මාධ්‍ය…