තමලිනි යුනිෆෝම් ඇඳගෙන පැය 2 1/2 ක් ” ට්‍රෝජන් කාන්තාවෝ ” බැලුවා – සිනමා හා නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක.

අපගේ අරගල ක‍්‍රමය වැරදි බව මගේ දෑස් ඉදිරිපිට අත්දැකීමෙන් දුටුවෙමු. ජනතාව විනාශ වූ පසු මේ දෙශය කාවෙනුවෙන් ද? එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායිකා තමිළිනී ජෙයක්කුමාරන් විසින් ද්‍රවිඩ බසින් ලියන ලද, ස්වාමිනාදන් විමල් විසින් සිංහලට පරිවර්තනය කරන ලද, ධර්මසිරි බණ්ඩාරනායක විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ‘තියුණු අසිපතක සෙවණ යට’ කෘතියේ එන ඉහත සඳහන් කොටස, සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක විසින් …

ආපසු හැරි බලන්නට තමිළිනී ගේ පොත අපිට උපකාරයක්- ගාමිණි වියන්ගොඩ

තමළිනී ගේ මේ කෘතිය දොරට වැඩීම සම්බන්ධයෙන් වචන කිහිපයක් කථා කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි. මක් නිසා ද යත් තමිළිනී ගේ මේ කෘතිය නිමිති කොටගෙන අපි අද ජීවත්වන මොහොත පිළිබඳව යම්කිසි අදහසක් කෙටියෙන් දක්වන්නට හැකිවීම විශේෂයකි. විගණනය යනුවෙන් විෂයක් තිබෙන බව අපි දනිමු. විගණන පනතක් ගැන ද මේ කාලයේ කථාවන බව අපිට අසන්නට ලැබේ. මේ…

ජනවාරි 08 කළේ, අර්බුදය වසා තිබූ ජනප්‍රිය සිංහළ බෞද්ධ ජාතිවාදි සළුව ඉරා දැමීමයි- ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි (2වෙනි කොටස)

ජනවාරි 08 රාජපක්ෂගේ ආණ්ඩුව පරාජය වූවත්, නැතත් ඒ වනවිට සමාජය ශක්තිමත් වෙමින් තිබුණි. ආණ්ඩුව පෙරලුණු නිසා සිදුවූයේ සමාජය ශක්තිමත් වෙන්නට එයිට වඩා හොඳ අවකාශයක් නිර්මාණය වීම ය. මක් නිසා ද යත්, බලයට පත් වූ මෛත්‍රි-රනිල් ආණ්ඩුව රාපක්ෂගේ ආණ්ඩුව වගේ හෙජමනික් ආණ්ඩුවක් නොවේ. සාමාන්‍යයෙන් ලංකාවේ ඡන්දදායක කොට්ටාශවල සිංහළ ජනයාගේ අධිපති දෘෂ්ඨිවාදය මතයි ආණ්ඩු පවතින්නේ. මේ ආණ්ඩුවට…

ලේ බින්ඳුවක් නොසොල්වා නිදහස ලබා ගත් රට අවුරුදු 30ක්ම ලේ ගලන රටක් බවට පත් වුනේ ඇයි? – රාවය ආරම්භක කර්තෘ – ප‍්‍රවීන මාධ්‍යවේදී වික්ටර් අයිවන්

ජාතිය ගොඩනැගීම ගැන කතාකරනකොට, මම මූලික වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ජාතිය ගොඩනැගීමට අසමත් වීම, ගැනත්, ඉන්දියාවෙ ජාතිය ගොඩනැගීමට සමත් වීම ගැනයි. නූතන අර්ථයෙන් ජාතිය යනුවෙන් අදහස් කරන්නේ කිසියම් දේශයක ජීවත්වෙන, ඒ දේශය ගැන ඇතිකරගත් පොදු හැ`ගීමකින් හා බැඳීමකින් ක‍්‍රියා කරන, සමාන තත්ත්වයකට පත්කරනු ලැබූ, එම දේශයේ විවිධ වර්ගවලට හා කුලවලට අයත්, විවිධ ආගම්…

එදා මෙන් නොව අද ආණ්ඩුවට වඩා සමාජය ශක්තිමත්- ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි :1වෙනි කොටස

ජනවාරි 08 වෙනිදා සිදු වූ වෙනසට සහය වූවෙකු ලෙස පසුතැවීමකට හෝ පුදුම වෙන්නට දෙයක් මට ඇතග මේ ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා කලාපයන් සංසන්දනය කරමින් ඇතැම් අය මේ ප්‍රශ්නය අසතිග ඇත්ත වශයෙන්ම අපි මේ සිද්ධිය දෙස බැලිය යුත්තේ අද සිට නොවේග ඒ සඳහා නැවත අපි 2015වේ ජනවාරි 08වෙනිදාට යායුතු යග ජනවාරි 08 වෙනිදාට ගොස් ඒ තිබුණු ආණ්ඩුව…

වංචාකරුවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කෝප් කමිටුවට බලය ලබා දෙන්න – ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

පසුගිය කාලය තුළ කෝප් කමිටුව විසින් රාජ්‍ය ආයතන 30ක් පමණ විමර්ශන සඳහා කැඳවා තිබෙනවා. මේ ආයතන මගින් සිදුකර තිබෙන රාජ්‍ය මූල්‍ය වංචා සහ මූල්‍ය අපරාධ විශාල ප‍්‍රමාණයක් හෙළිදරව්කරගෙන තිබෙනවා. විදුලිබල මණ්ඩලය වැනි මූල්‍ය වංචා සිදුවූ ආයතන කිහිපයක් සම්බන්ධයෙන් පොදු වාර්තාවක් මේ වනවිට සකස් කරමින් තිබෙනවා. ඒ සඳහා විගණකාධිපතිවරයාගේද සහාය ලබාගෙන තිබෙනවා. ජූනි මස මුලදී එම…

වැට් බද්ද පනවා තියෙන්නේ පාර්ලිමේන්තු අනුමැතියකින් තොරවයි – ජ.වි.පෙ. නායක අනුර දිසානායක

මේ ආණ්ඩුව බලයට පත්වෙන්න කලින් සිටම අපි කිව්වා, ඔවුන් ගෙනයන ආර්ථිකය ජනතාවට හිතකර නැහැ කියලා. ඒ වගේම මේ ආණ්ඩුව ගැන සහතිකයක් දෙන්න බැරි බවත් අපි කිව්වා. ඔවුන්ගේ ආර්ථික ක‍්‍රමය වෙනුවට වෙනස් ආර්ථික ක‍්‍රමවේදයක් මේ රටට ගෙන ආ යුතු බවත් ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රතිපත්ති මාලාවකුත් අපි මැතිවරණයට පෙර ජනතාව හමුවේ තැබුවා. නමුත් ජනතාව එම…

ආණ්ඩුව විවේචනය කළයුත්තේ නැවත රාජපක්ෂ සිංහාසනාරූඩ කරන්නට නොවේ- ගාමිණි වියන්ගොඩ (2වෙනි කොටස)

වත්මන් ආණ්ඩුව ඇතිකරගත් සමාජ ගිවිසුමට අනුව ක්‍රියා නොකරන්නේ නම්, එතන දී ද ක්‍රියාකරන්නට වෙන්නෙ මහින්ද රාජපක්ෂට එරෙහිව ක්‍රියාකළ ආකාරයටම ය. ප්‍රථමයෙන්ම කළයුත්තේ ජනතාව දැනුවත් කිරිම ය. ජනතාව දැණුවත් කිරීම සඳහා අවංක විවේචනයක යෙදිය යුතුව ඇත. එතන දි පක්ෂ භේදයක් නොසළකා, කිසි පක්ෂයකට ගැති නොවී මේ විවේචනය කළයුතු ය. දැන් එක හොඳක් සිදු වී තිබේ. දැන්…

පසුගිය ආණ්ඩුවේ විනාශකාරී වැඩට ජනතාව පලිද ; වැට් බද්ද අසාධාරණයි – පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න.

එක්තරා චීවරධාරියෙක් පහුගියදා කියල තිබුණා මහින්ද රාජපක්‍ෂගෙ ආරක්‍ෂාව සම්බන්ධයෙන්, ඔවුන්ගේ ඉල්ලීම් නොදුන්නොත් සතිදෙකක් ඇතුළත පාරට බහින බව කියල. අපි ඒ චීවරධාරියට අභියෝග කරනව පුලූවන්නම් බැහැල පෙන්නන්න කියල. සිවිල් සංවිධාන, පුරවැසි සංවිධාන එකමුතුව අපිත් දෑවැන්ත විරෝධතාවක් කරන්න සූදානම් වෙනව, මේ රටේ හොරු තාම නිදැල්ලෙ ඉන්නව. ඔවුන්ගෙ දේපොළ තාම රාජසන්තක කෙරුවෙ නෑ. මේවට විරුද්ධත්වය පළ කරල අපි…

මහින්ද රාජපක්ෂ නැගිට්ටා නොව නැගිට්ටෙව්වා -ගාමිණි වියන්ගොඩ (1වෙනි කොටස)

ජනවාරි 8ට පෙර ගොණු වූ සියලුම ඉල්ලිම් තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදි අවකාශය පුළුල් කරගැනීම ය. එදා මහින්ද රාජපක්ෂගේ පාලනය ගැන විපක්ෂයෙන් තිබුණු විශාලම විවේචනය තමයි ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීම පිළිබඳ ප්‍රශ්නය. එහි දී මහින්ද රාජපක්ෂගේ අධිකාරිවාදි පාලන ක්‍රමය, එයාගේ පවුල්වාදය සහ ඊට සම්බන්ධ නිදහස හා ප්‍රකාශනයේ අයිතිය වැනි දෙවල් නැතිවීම. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථාකළ අයගේ ආරක්ෂාව, මාධ්‍යකරුවන්ගේ ආරක්ෂාව, මේ…

මාධ්‍ය: පවතින තත්වය සහ අනාගතය – ජයතිලක ද සිල්වා

පසුගිය අඟහරුවාදා ‘ලෝක පුවත්පත් නිදහස් දිනය’ නිමිත්තෙන් මාධ්‍ය කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද, ‘මහජන විශ්වාසය යළි ගොඩනැගීම: ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය සහ මාධ්‍ය වෘත්තිය පිළිබඳ තක්සේරුවක්’ නැමැති කෘතියට සමගාමීව, මාධ්‍ය හිමිකරුවන්, මාධ්‍ය කළමණාකරුවන්, ශාස්ත්‍රාලීය උගතුන්, මාධ්‍ය ක්ෂේත්‍රයේ බුද්ධිමතුන් සහ වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන්, ‘ලක්ෂමන් කදිරගාමර් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ආයතනයේ’ පැවති සම්මන්ත්‍රණයේදී, ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තයේ…

කාට කාටත් දැන් අබ සරණ ය – නිශාන්ත කමලදාස

මෛත්‍රීගේ ජයග්‍රහණය වෙනුවෙන් දිවි නොතකා පාරට බට ලක්ෂ්මන් විජේසේකර ඇතුළු අලුත් පරපුර කලාකරුවන්ට පහර දුන් කමල් ඉන්දිකට ආසන සංවිධායක තනතුරක් පිරි නැමුනේ ය. එයට එරෙහිව මතු වූ උද්ඝෝෂණ තඹ පයිසයකට වත් මායිම් නොකළ මෛත්‍රී ද මෛත්‍රීෙග් ගෝලයෝ ද එය සාධාරණය කිරීමට අපූරු තර්කයක් ද ගෙන එන්නේ ය. පත් කළ යුත්තේ චන්දයක් දිනිය හැකි අය ය….