විග්නේශ්වරන් ඉවත්කරන්න දෙමළ ජාතික සන්ධානය තීරණය කරයි

උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේශ්වරන් මහතා එම තනතුරින් ඉවත්කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කොට ඇති බව  වාර්තා වෙයි . මහ ඇමැති තනතුරින් ඉල්ලා අස්වන ලෙස මේ වන විටත් විග්නේශ්වරන් මහතාට දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත . පසුගිය මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට සහාය නොදී අන්තවාදීන්ට සහයදීමත් , පක්ෂයේ තීරණයට පටහැනිව යුද අපරාධ…

මේ රට වැඩවසම් මානසිකත්වයේ තවමත් මිදී නෑ – නිමල්කා ප්‍රනාන්දු

වත්මන් දේශපාලන ක්‍රියාදාමය දෙස මා බලන්නේ කාන්තා ක්‍රියාකාරිනියක් ලෙසට ය. පසුගිය මැතිවරණය දෙස බැලූවිට කාන්තා නියෝජනය සතුටුදාක මට්ටමක නැති බව පැහැදැළි යි. ඇත්තටම අපි බැලූවොත් මැතිවරණ ව්‍යාපාරයේ ශෛලිය, ඒ වගේම කාන්තාවන්ගේ නියෝජනය සම්බන්ධයෙන් ඡන්දදායකයින් ගේ නැඹුරුව අතිශයින් ම සාම්ප්‍රදායික වේ. ඡන්දදායකයින් දේශපාලනයේ කාන්තාවන් සිටිය යුතුයි කියන කාරණය දිහා නෙත් හෙළා තිබෙන්නේ ඉතාමත් පසුගාමි ආකාරයට ය….

නිශේධනාත්මක විවේචන වලින් වැලකී ආණ්ඩුවට සාධාරණ කාලයක් දිය යුතුයි.

මේ ආණ්ඩුව බලයට පත් වී තවම මාසයක්වත් ගත වී නැත. විරුද්ධ පාර්ශවයට ආණ්ඩුව විවේචනය කිරීමට හදිසියක් ඇති නමුත් සිවිල් සමාජය මේ ආණ්ඩුවට සාධාරණ කාලයක් ලබායුතු ය. මෙයින් අදහස් කරන්නේ සාධනීය විවේචන කළ යුතු නමුත් නිශේධනාත්මක විවේචන නොකළ යුතු බව ය. මේ ආණ්ඩුව හුදෙක් දේශපාලන පක්ෂවල ම ආණ්ඩුවක් නොවේ. පුරවැසි සහ සිවිල් සමාජයේ නොයෙකුත් සංවිධාන මේ…

ඇමතිකම් ගත්තේ වැඩක් කරන්න ද? ආණ්ඩුවට අභියෝග කරන්න ද?

පසු ගිය 17වෙනිදා පැවති මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ මංත්‍රී ආසන 107ක් ලබාගෙන පැහැදිළි ජයග්‍රහණයක් අත්කර ගත්තේ ය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් එම පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නීතියෙන් කිසිම බාධාවක් නැත. එසේ තිබිය දී රනිල් වික්‍රමසිංහ මහතා සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ යහපාලන සිද්ධාන්ත මත රට මුහුණ දී ඇති ප්‍රශ්න වලට සාමූහිකව…

අපි ඉන්නේ අපේ දේශපාලන සංස්කෘතියෙ ඉතාමත් කුණුවෙච්ච තැනක.

          යහපාලන ආණ්ඩුවේඇමැති මණ්ඩලය පත් කිරීමේදී එහි විශාලත්වය , තනතුරු ලැබුවන්ගේ සුදුසුකම් , ආදිය සැලකිල්ලට ගත්විට කිසිසේත් සතුටුවිය නොහැකි බවත් , මෙයින් පෙනී යන්නේ අපගේ දේශපාලන සංස්කෘතියේ කුණුවීම බවත් , මහාචාර්ය සරත් විජේසුරිය මහතා ප්‍රකාශ කරයි . “යුක්තිය” සමග සංවාදයකට එක්වූ ඒ මහතා මෙසේ තම අදහස් දැක්වීය . ජනාධිපතිවරණ දිනවල පුුරවැසි බලය ප‍්‍රචාරක රැුස්වීම්වල හා…

ගෝඨාභය ,කේ පී නිදහස්කිරීම් සක සහිතයි – සමන් රත්නප‍්‍රිය

පසුගිය ආණ්ඩු කාලයේ දූෂණ චෝදනා ලක්වුවන් ද නීතිපති විසින් හෙමින් සීරුවේ නිදහස් කෙරෙන බව පෙනේ. ඇවන්ට්ගාඞ් සිද්ධිය මෙයට හොඳ උදාහරණයකි. ගෝඨාභය රාජපක්ෂට පාවෙන අවිගබඩාව සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් එල්ලවී තිබුණි.  එම පාවෙන අවිගබඩාවේ ලියාපදිංචි නොකළ අවි තිබෙන බවට ද වාර්තා වී ඇත. රටක ආරක්ෂාවට ද අනතුරක් විය හැකි මෙවැනි අවිගබඩාවක් පවත්වාගෙන යා හැකිද යන ප‍්‍රශ්නය ද…

කියපු දේ කරයිද කියා විමසා බැලීම අපේ වගකීමක් – ඉනෝකා සත්‍යංගනී

ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් වියුක්ත වෙලා වඳ වෙච්ච සමාජයක ජීවත්වෙච්ච මිනිස්සු හැටියට, 2015 ජනවාරි 8 වෙනිදා ප‍්‍රථම වතාවට මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන බීජය අපිට ඇ`ගට දැනෙන විදිහට පිළිසිඳගත්තා. ඒ බීජය පිළිසිඳගත්තායින් පස්සෙ, නව නායකයෙක් රටට පත්කරල, ජනතාව පෙරමුණ අරගෙන, පුරවැසියන්ගෙ බලයත් එක්ක ඒ ගොඩනගා ගත්ත. මේ දරුවා බිහිකිරීම සඳහා පසුගිය අගෝස්තු 17 වෙනිදා අපි හැමෝම නැවත ඒකරාශි වෙලා හිටිය….

පක්ෂය බේරා ගැනීම අපට වැඩක් නැති ව්‍යාපෘතියක්

‍ෙකැබිනට් ඇමතිවරුන් නම් කිරීම සඳහා අලූත් ආණ්ඩුව තරමක් කල් ගැනීම ගැන මගේ එතරම් අසන්තෝසයක් නැත. සාමාන්‍ය ක්‍රමය වන්නේ, අප ඡන්ද පොළට ගොස් අනලස්ව ඡන්දය පාවිච්චි කොට ගෙදර විත් ඡන්ද ප්‍රතිඵල අසා අවසන්ව දින දෙකක් හෝ තුනක් යන්නටත් කලින්, අලූත් කැබිනට් මණ්ඩලයක් අප මත පැටවීමයි. ජාතික ආණ්ඩුවක් තුළ තීරණ ගැනීම තරමක් පමා විය හැකි බව ඇත්ත….

30 අවුරුද්දක් යුද්ධය ගෙන ගිය ප‍්‍රභාකරන් බිහි කලේ අපි – සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක – පුරවැසි බලය

මට කලාකරුවෙක් වශයෙන් කියන්න තියෙන්නෙ, උතුරෙන් ආපු 16 දෙනා, පාර්ලිමේන්තුවට වද්දගන්න නුසුදුසුයි කියල හිතනව නම්, වෙන් වෙන්න ඉඩ දෙන්න. තමන්ගෙ ප‍්‍රදේශ තමන් පාළනය කිරිම සඳහායි 16 දෙනෙක් පත්කරගෙන තියෙන්නෙ. 30 අවුරුද්දක් යුද්ධය ගෙන ගිය ප‍්‍රභාකරන් බිහි කලේ අපි. ඒ නිසා සිංහල ආණ්ඩුවට සම්බන්ධ හැම දේශපාලඥයෙක්ම ඊට වගකිව යුතුයි. කලාකරුවෙක් විදිහට මගේ ජීවිත කාලය තුළම මේ…

සමාජ විරෝධීන්ට ඇමතිකම් දී යහපාලනය ගේන්න පුලූවන්ද? – සමන් රත්නප‍්‍රිය – සම කැඳවුම්කරු – පුරවැසි බලය

ඉතිහාසයේ සමාජ විරෝධි වැඩ කරපු අය, දැන් යහපාළන ආණ්ඩුවෙ ඇමතිකම්වලට පොරකනව. ඉතාම පැහැදිළිවම,  ඒ ගොල්ල ඇමතිකම් ගන්න පොරකන්නෙ තමන්ගෙ ලිපිගොනු වහගන්න, හොරකම් වහගන්න, මැරකම් වහගන්න, ඝාතනවලට සම්බන්ධ වෙච්ච ඒව වහගන්න, සමාජ විරෝධි ව්‍යාපාරවල යෙදුන ඒවා  වහගන්න, මේ තත්ත්වය තුළ මේ ආණ්ඩුවට යහපාළනය ගේන්න පුලූවන්ද කියන එක අපිට ප‍්‍රශ්නයක්. පුරවැසි බලය සම කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා…

දෙමළ සන්ධානයට විපක්ෂ නායකකමවත් නොදී ජාතික සමගියක් ඇතිකරන්න බෑ – ජයතිලක කම්මැල්ලවීර – පුරවැසි බලය

අපේ රට ලෝකයේ ඉතාම පුංචි රටක්. අපේ රට තවමත් දුප්පත් රටක්. අපේ රට යැපෙන්නෙ විදේශයෙන් ලැබෙන ආධාරවලින්, ණය වලින්. එහෙම රටක් දේශපාලඥයන් නඩත්තු කිරීම සඳහා වියදම් කරන මහජන මුදල් කන්දරාව මේ රටට කිසිසේත්ම ඔරොත්තු දෙන්නෙ නෑ. සාහිත්‍යවේදී ජයතිලකකම්මැල්ලවීර එසේ ප‍්‍රකාශ කළේ කොළඹ 10 මරදාන, පිහිටි සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ය. හිටපු…

අපතයන් සමග සහවාසය- අගෝස්තු 30 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ කතුවැකිය

ජාතික ආණ්ඩුවක් ගැන අදහසක් තමන් යෝජනා කෙළේ මොන කරුමයකටදැ යි අගමැති රනිල් වික්‍රමසිංහ දැන් සිතනවා ඇති. ඒ තරමට, සිය පක්ෂ ක්‍රියාකාරිකයන්ව ප්‍රධාන කැබිනට් තනතුරුවලට පත්කර ගැනීම සඳහා ඔහුට කිරීමට ඇති සටන සුළුපටු නොවේ. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම යටතේ ඇමති මණ්ඩලයක් පත්කර ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් බව මුල…