හදිසියේ ඉස්මතු වූ ජනපති සටන – සුනන්ද මද්දුම බණ්ඩාර
ශ්රී ලංකාවේ දේශපාලනයේ විවිධ ස්වරූප නව මානයකින් ප්රදර්ශනය වීමට පසුගිය සතියේ සිට පටන්ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය සඳහා තනි තරඟයක යෙදෙන බවක් මේ දක්වාම පෙනෙන්නට තිබුණද පසුගිය සති අන්තය වන විට රටේ දේශපාලන තත්වයේ සැලකිය යුතු වෙනසක් දකින්නට ලැබුණේ යැයි සිතේ. ප්රධාන දේශපාලන පක්ෂ ක්රමයෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සූදානම්…