ගෙවුම් ශේෂ ප්රශ්නය හා විසඳුම – ඉකොනොමැට්ටා
ලංකාවේ ගෙවුම් ශේෂ ප්රශ්නය ගැන සහ එයට විසඳුම් ගැන අදහස් පළ කරන අය අඩුවක් නැහැ. විශේෂයෙන්ම පසුගිය වසර තුළ එවැනි අය හැම තැනම හිටියා. සමහර අයට අනුව, කවුරුත් මහන්සි වෙලා වැඩ කරලා මොනවා හරි හදලා පිටරට යවලා ඩොලර් එකක් හරි හොයන්න ඕනෑ. අරගලය දවස් වල අපේ එක් මිතුරෙක් කියපු විදිහට “පොල්කටු හැන්දක් හරි පිටරට යවලා…