මැති ඇමතිවරු දේශපාලන පෙරළියේ අරුත දන්නේ නෑ – ආචාර්ය අතුල විතානවසම්

දිගහැරෙමින් පවතින දේශපාලන ක‍්‍රියාදාමය එකිනෙකට සම්බන්ධයක් නැති නොපැහැදිළි බවක් පෙනෙන්නට තිබේ.  එක් පැත්තකින් ජාතික ආණ්ඩුවක් ගැන කථා කරන අතර තව පැත්තකින් විධායක කාරක සභා ක‍්‍රමයක් ගැන ද කථා වේ. මීට අමතරව නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙන කථාවක් ද අසන්නට ලැබේ. මේවා අතර ඇති සම්බන්ධය පිළිබඳව කැබිනට් ඇමතිවරුන්ටවත් වැටහීමක් නැති ගාන ය. ඇත්තටම අගමැතවරයාට හා ජාණාධිපතිවරයාට…

ආණ්ඩුව හරි පාරේ නොගියොත් ජනතාව හරි පාරට හැරෙන එක නවත්වන්න බැහැ – රාජා උස්වැටකෙයියාව

පසුගිය මහ මැතිවරණය, දේශපාලන පක්‍ෂවල සංයුතියේ මෙන්ම දේශපාලන ප‍්‍රතිපත්ති ද බරපතල අභියෝගයකට ලක්කළ මැතිවරණයක්. එකම පක්‍ෂය තුළ නායකත්වය උදෙසා අරගල ඇති වෙනව. තව පැත්තකින් අලූත් දේශපාලන පක්‍ෂ හතු පිපෙන්නාක් මෙන් බිහි වෙනවා. ඇතැම් පක්‍ෂවල පැරණි සාමාජිකයන් පක්‍ෂ අතහැරලා වෙනත් පක්‍ෂ වලට සම්බන්ධ වෙනවා. ජනාධිපතිවරණයෙන් පරාජය වන ජනාධිපති තුමා යළිත් අගමැති අපේක්‍ෂකයා වීමේ අරමුණින් මහ මැතිවරණයේ…

සම්මුතිවාදී දේශපාලනය පරීක්ෂාවට ලක්වීම – ජයතිලක ද සිල්වා

දිග් ගැස්සුණු කඹ ඇදිල්ලකින් පසු කැබිනට් මණ්ඩලය දිව්රුම් දුනි. මොන පැත්තකින් බැලූවත් එය විශාල එකකි. ගුණයට වඩා ප‍්‍රමාණය ඉහවහා ගොස් ඇති සෙයකි. ‘ජාතික ආණ්ඩුවක’ නාමයෙන් එම කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාමය වලංගු භාවය ලැබී තිබේ. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා එම ආණ්ඩුව හඳුන්වන්නේ ‘සම්මුතිවාදී සභාගයක්’ වශයෙනි. එය වඩාත් යෝග්‍ය යෙදුමකැයි පෙනේ.   මොන නමකින් හැඳින්නුවත්, ඒ වූ කලී, මූලික…

විග්නේශ්වරන් ඉවත්කරන්න දෙමළ ජාතික සන්ධානය තීරණය කරයි

උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේශ්වරන් මහතා එම තනතුරින් ඉවත්කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කොට ඇති බව  වාර්තා වෙයි . මහ ඇමැති තනතුරින් ඉල්ලා අස්වන ලෙස මේ වන විටත් විග්නේශ්වරන් මහතාට දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත . පසුගිය මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට සහාය නොදී අන්තවාදීන්ට සහයදීමත් , පක්ෂයේ තීරණයට පටහැනිව යුද අපරාධ…

මේ රට වැඩවසම් මානසිකත්වයේ තවමත් මිදී නෑ – නිමල්කා ප්‍රනාන්දු

වත්මන් දේශපාලන ක්‍රියාදාමය දෙස මා බලන්නේ කාන්තා ක්‍රියාකාරිනියක් ලෙසට ය. පසුගිය මැතිවරණය දෙස බැලූවිට කාන්තා නියෝජනය සතුටුදාක මට්ටමක නැති බව පැහැදැළි යි. ඇත්තටම අපි බැලූවොත් මැතිවරණ ව්‍යාපාරයේ ශෛලිය, ඒ වගේම කාන්තාවන්ගේ නියෝජනය සම්බන්ධයෙන් ඡන්දදායකයින් ගේ නැඹුරුව අතිශයින් ම සාම්ප්‍රදායික වේ. ඡන්දදායකයින් දේශපාලනයේ කාන්තාවන් සිටිය යුතුයි කියන කාරණය දිහා නෙත් හෙළා තිබෙන්නේ ඉතාමත් පසුගාමි ආකාරයට ය….

නිශේධනාත්මක විවේචන වලින් වැලකී ආණ්ඩුවට සාධාරණ කාලයක් දිය යුතුයි.

මේ ආණ්ඩුව බලයට පත් වී තවම මාසයක්වත් ගත වී නැත. විරුද්ධ පාර්ශවයට ආණ්ඩුව විවේචනය කිරීමට හදිසියක් ඇති නමුත් සිවිල් සමාජය මේ ආණ්ඩුවට සාධාරණ කාලයක් ලබායුතු ය. මෙයින් අදහස් කරන්නේ සාධනීය විවේචන කළ යුතු නමුත් නිශේධනාත්මක විවේචන නොකළ යුතු බව ය. මේ ආණ්ඩුව හුදෙක් දේශපාලන පක්ෂවල ම ආණ්ඩුවක් නොවේ. පුරවැසි සහ සිවිල් සමාජයේ නොයෙකුත් සංවිධාන මේ…

ඇමතිකම් ගත්තේ වැඩක් කරන්න ද? ආණ්ඩුවට අභියෝග කරන්න ද?

පසු ගිය 17වෙනිදා පැවති මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ මංත්‍රී ආසන 107ක් ලබාගෙන පැහැදිළි ජයග්‍රහණයක් අත්කර ගත්තේ ය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් එම පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නීතියෙන් කිසිම බාධාවක් නැත. එසේ තිබිය දී රනිල් වික්‍රමසිංහ මහතා සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ යහපාලන සිද්ධාන්ත මත රට මුහුණ දී ඇති ප්‍රශ්න වලට සාමූහිකව…

අපි ඉන්නේ අපේ දේශපාලන සංස්කෘතියෙ ඉතාමත් කුණුවෙච්ච තැනක.

          යහපාලන ආණ්ඩුවේඇමැති මණ්ඩලය පත් කිරීමේදී එහි විශාලත්වය , තනතුරු ලැබුවන්ගේ සුදුසුකම් , ආදිය සැලකිල්ලට ගත්විට කිසිසේත් සතුටුවිය නොහැකි බවත් , මෙයින් පෙනී යන්නේ අපගේ දේශපාලන සංස්කෘතියේ කුණුවීම බවත් , මහාචාර්ය සරත් විජේසුරිය මහතා ප්‍රකාශ කරයි . “යුක්තිය” සමග සංවාදයකට එක්වූ ඒ මහතා මෙසේ තම අදහස් දැක්වීය . ජනාධිපතිවරණ දිනවල පුුරවැසි බලය ප‍්‍රචාරක රැුස්වීම්වල හා…

ගෝඨාභය ,කේ පී නිදහස්කිරීම් සක සහිතයි – සමන් රත්නප‍්‍රිය

පසුගිය ආණ්ඩු කාලයේ දූෂණ චෝදනා ලක්වුවන් ද නීතිපති විසින් හෙමින් සීරුවේ නිදහස් කෙරෙන බව පෙනේ. ඇවන්ට්ගාඞ් සිද්ධිය මෙයට හොඳ උදාහරණයකි. ගෝඨාභය රාජපක්ෂට පාවෙන අවිගබඩාව සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් එල්ලවී තිබුණි.  එම පාවෙන අවිගබඩාවේ ලියාපදිංචි නොකළ අවි තිබෙන බවට ද වාර්තා වී ඇත. රටක ආරක්ෂාවට ද අනතුරක් විය හැකි මෙවැනි අවිගබඩාවක් පවත්වාගෙන යා හැකිද යන ප‍්‍රශ්නය ද…

කියපු දේ කරයිද කියා විමසා බැලීම අපේ වගකීමක් – ඉනෝකා සත්‍යංගනී

ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් වියුක්ත වෙලා වඳ වෙච්ච සමාජයක ජීවත්වෙච්ච මිනිස්සු හැටියට, 2015 ජනවාරි 8 වෙනිදා ප‍්‍රථම වතාවට මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන බීජය අපිට ඇ`ගට දැනෙන විදිහට පිළිසිඳගත්තා. ඒ බීජය පිළිසිඳගත්තායින් පස්සෙ, නව නායකයෙක් රටට පත්කරල, ජනතාව පෙරමුණ අරගෙන, පුරවැසියන්ගෙ බලයත් එක්ක ඒ ගොඩනගා ගත්ත. මේ දරුවා බිහිකිරීම සඳහා පසුගිය අගෝස්තු 17 වෙනිදා අපි හැමෝම නැවත ඒකරාශි වෙලා හිටිය….

පක්ෂය බේරා ගැනීම අපට වැඩක් නැති ව්‍යාපෘතියක්

‍ෙකැබිනට් ඇමතිවරුන් නම් කිරීම සඳහා අලූත් ආණ්ඩුව තරමක් කල් ගැනීම ගැන මගේ එතරම් අසන්තෝසයක් නැත. සාමාන්‍ය ක්‍රමය වන්නේ, අප ඡන්ද පොළට ගොස් අනලස්ව ඡන්දය පාවිච්චි කොට ගෙදර විත් ඡන්ද ප්‍රතිඵල අසා අවසන්ව දින දෙකක් හෝ තුනක් යන්නටත් කලින්, අලූත් කැබිනට් මණ්ඩලයක් අප මත පැටවීමයි. ජාතික ආණ්ඩුවක් තුළ තීරණ ගැනීම තරමක් පමා විය හැකි බව ඇත්ත….

30 අවුරුද්දක් යුද්ධය ගෙන ගිය ප‍්‍රභාකරන් බිහි කලේ අපි – සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක – පුරවැසි බලය

මට කලාකරුවෙක් වශයෙන් කියන්න තියෙන්නෙ, උතුරෙන් ආපු 16 දෙනා, පාර්ලිමේන්තුවට වද්දගන්න නුසුදුසුයි කියල හිතනව නම්, වෙන් වෙන්න ඉඩ දෙන්න. තමන්ගෙ ප‍්‍රදේශ තමන් පාළනය කිරිම සඳහායි 16 දෙනෙක් පත්කරගෙන තියෙන්නෙ. 30 අවුරුද්දක් යුද්ධය ගෙන ගිය ප‍්‍රභාකරන් බිහි කලේ අපි. ඒ නිසා සිංහල ආණ්ඩුවට සම්බන්ධ හැම දේශපාලඥයෙක්ම ඊට වගකිව යුතුයි. කලාකරුවෙක් විදිහට මගේ ජීවිත කාලය තුළම මේ…