බුද්ධියට නිගාකිරීම – සී ජේ අමරතුංග – ලංකාදීප ” ගුරුදා විග්‍රහය” -2015 08 06
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුල්වරට පාර්ලිමේන්තුවට පිවිසුණේ නවසිය හැත්තෑ හතේ පැවැති මහ මැතිවරණයෙනි. එම මැතිවරණයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූයේ ජනතාවට ධාන්‍ය ආහාර රාත්තල් අටක් ලබාදෙන බවයි. එක්සත් ජාතික පක්ෂය කීවේ තමන් බලයට පත්වූ විට සැමටම සතියකට ධාන්‍ය රාත්තල් අට බැගින් ලබාදෙන බවයි. ඒ වනවිට මේ රටේ පැවැති සලාක ක්‍රමය යටතේ සෑම දෙනාටම සතියකට සහල් කිලෝවක්…