බුද්ධාගමට හිමිතැන දීම ගැන අපි විරුද්ධ නෑ – රවුෆ් හකීම්

බුද්ධාගමට හිමිතැන දීම ගැන අපි විරුද්ධ නෑ – රවුෆ් හකීම්

ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කළ යුතුයි කියන විෂය පථය අපි දැන් 1980 ගණන්වල සිට සාකච්ඡා කරණ මාතෘකාවක්. විශේෂයෙන්ම 13වෙනි සංශෝධනය ඉදිරිපත් වුවාට පසුව එය ක්‍රියාවට නංවලා දැන් වසර 30ක පමණ අත්දැකීමක් අපිට තිබෙනවා. ඉතින් මේ කාලසීමාව තුළ දී බලය බෙදා හැරීම උපරිම ලෙස භුක්ති විඳිමට සුළු ජන කොටස් ඒකරාශි වී ජිවත්වන ප්‍රදේශවල ඉන්න ජනතාව නොයෙකුත් ගැටලුවලට…

අලුත් ව්‍යවස්ථාව සාමාජික හා ආර්ථික අයිතිවාසිකම් ඇතුළත් කල යුතු ද ? – මහාචාර්ය රසීන් සාලි

නව ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු සාමාජික හා ආර්ථික අයිතිවාසිකම් පිළිබඳව ප්‍රසිද්ධ පුද්ගලයන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධානද උද්ඝෝෂණය කරති. මූලික අයිතිවාසිකම් යටතේ ඉහත සඳහන් අයිතිවාසිකම් පනත නීති ගත කරගැනීම ඔවුන්ගේ අවශ්‍යතාවයයි. සාමාජික හා ආර්ථික අයිතිවාසිකම් මොනවාදැයි වර්ගීකරණය කර දක්වා ඇත. එහිදී අධ්‍යාපන, ආහාර, ජලය, නිවාස, ආරක්ෂාව ප්‍රමාණවත් වැටුප්, ආරක්ෂිත රැකියා, බලයෙන් පැහැර නොගැනීම්, සෞඛ්‍යය සේවා, සමාජමය…

ජාතික බළමුළු ගැන්වීම් සහ ‘එලුග තමිල්’-අහිලන් කදිරගාමර්

පසුගිය සැප්තැම්බර් 24 වැනි දා යාපනයේ පැවති ‘එලුග තමිල්’ රැලිය වනාහී, 2009 මැයි මාසයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත්වීමේ සිට ක්‍රියාත්මක වූ ප්‍රතිගාමී දෙමළ ජාතිකවාදය බළමුළු ගන්වා ඉදිරියට පවත්වාගෙන යාමේ ප්‍රයත්නයේ තවත් එක් පියවරකට වැඩි දෙයක් නොවේ. මේ විරෝධතා රැළිය සංවිධානය කළ පිරිස්, ‘දෙමළ ජාතික ජනතා පෙරමුණ’ සහ ‘දෙමළ සිවිල් සමාජ මණ්ඩපය’ සමගත්, මෑතක සිට, ‘දෙමළ…

මෛත්‍රී, රනිල්, පොරොන්දු වූ දේ කර පව් නො දී ගෙදර යනු! – අජිත් පැරකුම් ජයසිංහ

2015 ජනවාරි 8 වෙනස තුළින් මේ රටේ ජනතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කළේත්, රනිල් වික්‍රමසිංහ අගමැති කළේත්, ඒ දෙන්නා මාාාාර මොළ දෙකක් හෝ සුපිරි වැඩකාරයන් දෙදෙනෙකු වන නිසා නො වේ. සරළව ම කියනවා නම්, මේ දෙන්නා වනාහි ගස් නැති රටෙන් අප සොයා ගත් තුත්තිරි ගස් දෙකක් පමණි. අරටුව ඇති ගස් ලෙස නව ජීවයක් ලබන්නට අපි ඔවුන්ට…

‘සමන් මම එන්නම්. හැබැයි අගමැතිතුමාට ඇඩ් දාන්ඩ බෑ කියන්න’

 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, CID, FCID හා අල්ලස් කොමිසමට දැඩි ලෙස දෝෂාරෝපනය කරමින් සිදුකළ කතාව නිසා මේ වන විට ශ්‍රී ලංකා දේශපාලනය තුල චණ්ඩ මාරුතයක් හමා යමින් පවතී. දෙපැත්තට කේලාම් කියමින්, දෙපැත්තේ ගිනි අවුළුවමින් දේශපාලන හනුමන්තලා මේ වන විට ජයට වැඩ පටන් අරගෙන තිබේ. ජාතික ආණ්ඩුව කඩා බිඳ දමා නැවතත් ජාතිවාදී ගෝත්‍රිකයන් සිහසුනට ගෙන ඒම මෙකී දේශපාලන…

සාම්පූර් නවතා දැමීම – මිල අධික වැරදි තීරණයක් – කුමාර් ඩේවිඩ්

   විවේචනය, වරදක් මග හරවා ගැනීමට අවස්ථාව සලසා දෙයි – නවතා තිබූ පවුම් බිලියන 18 ක්  වටිනා  මෙගාවොට් 3200 ක ධාරිතාවකින් යුත් හින්ක්ලි පොයින්ට් සී න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය නැවත පණ ගැන්වීමට බ්‍රිතාන්‍ය රජය පසුගිය දා ක්‍රියා කළේ ය. ශ්‍රී ලංකාවට මෙවැනි තීන්දු ගැනීමට අපහසු වීමට, සාධාරණ හේතු වලට අමතරව නොයෙකුත් පාර්ශව වලින් ඇති කරන…

පුතා පිස්සු කෙළියි. තාත්තා ආතතියේ. දේශපාලකයන් පිළිබඳ අපරාධ පරීක්ෂණවලට කණ කොකා හඬන ලකුණු – අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපතිවරයා විහිළු කරනවා ය. ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ඇවන්ට්ගාඩ් ආයතනය පිළිබඳ ප්‍රශ්නයක්‌ තිබෙනවා නම් ඒවා විභාග කළ යුතු ආකාරය හා ගත යුතු ක්‍රියාමාර්ග හා තීන්දු තීරණ පිළිබඳ වෙනම පිළිවෙලක්‌ තිබෙන බව ඔහු කියයි. අපි නම් කියන්නේ ජනාධිපති ගැන ප්‍ර‍ශ්නයක් තියෙනවා නම් ඒ ගැන විමර්ශනය කරන්නට ද වෙන ම පිලිවෙලක් අනවශ්‍ය බවයි. නීතිය ඉදිරියේ සියල්ලන් ම සමාන…

ප්ලේන් එකක් ඇඟට වැටෙයි කියා බියෙන් උඩ බල බල පයින් ගිහින් වාහනයක හැපී මිය යන අපේ පරිසර ඔස්තාර්ලා – විදුලි ඉංජිනේරු නදීර විජේසිංහගේ ලිපියක්

    මෙය මා විසින් මුහුණ පෑ  සත්‍ය සිදුවීමකි! දිනය – 2013 අප්‍රේල් මාසයේ දිනයක් ස්ථානය – වත්තහේන කණිටු විදුහල මම – ඉස්කෝලෙට විදුලිය ලැබීම නිසා සිදු වූ ලොකුම හොඳ මොකද්ද? විදුහල්පති – අපි මේ ඉස්කෝලෙට කරන්ට් එක ආවහම … ඉස්සෙල්ලම කරේ සල්ලි ටිකක් හොයාගෙන වතුර පොම්පයක් අරන් … වතුර ටැංකියක් හයි කරලා ටොයිලට් එකට…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම හා නල්ලරත්නම් සිංහරාසා වැනි අය – අජිත් පැරකුම් ජයසිංහ

නල්ලරත්නම් සිංහරාසා යනු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 35ක සිර දඬුවමකට නියම වූවෙකි. ඔහුට දඬුවම් කිරීම පිණිස යොදාගෙන තිබෙන්නේ ඔහු වධහිංසනයට ලක් කර, ඔහුගේ ඇඟිලි සලකුණ ලබා ගත්, ඔහුගේ ම කටඋත්තරයයි. මේ වනාහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ කෘර ස්වභාවය නිරූපණය කිරීමට කදිම සාක්ෂියකි. මේ සම්බන්ධයෙන් සිංහරාසා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද මූලික මානව හිමිකම් පෙත්සම ද…

යුද්ධය සහ ඉතිහාසය: අදහස් කිහිපයක් බෙදාහදා ගැනීම -මහාචාර්ය චාල්ස් සර්වාන්

ග්‍රීක ශෝකාන්ත නාට්‍යයේ පියා වශයෙන් සැළකෙන ඊස්කලස් සහ ඔහුගේ සහෝදරයා ක්‍රිස්තු පූර්ව 490 දී පර්සියානුවන්ට එරෙහි මැරතන් සංග්‍රාමයේ සටන් වැදුනහ. එම යුද්ධයේදී ඔහුගේ සහෝදරයා පවා මියගියත්, ඉන් අනතුරුව ඔහු ලියන ‘පර්සියානුවෝ’ නැමැති නාට්‍යයේදී, පර්සියානුවන් ගැනත්, ඔවුන් විඳි දුක් වේදනා ගැනත් ඔහු දරන්නේ සානුකම්පික ආකල්පයකි. තවත් ග්‍රීක ජාතිකයෙකු වන යුරිපිඩීස්, ‘ට්‍රෝජන් කාන්තාවෝ’ නාට්‍යය ලියුවේ, මුළුමණින්ම ට්‍රෝජාන්…

සාම්පුර් නවත්තපු පරිසර මල්ලිලා ඩිසල් බලාගාර ගැන නිහඩ ඇයි ? = ලංවීම ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි

පරිසරවේදීන්ගේ විරෝධය හමුවේ නවතා දැමුණු සාම්පූර් බලාගාරය නැවත පණගැන්වීම වෙනුවෙන් ලංවීම ‍ඉංජිනේරුවන් පෙනී සිටින්නේ කොමිස් මුදල් නිසා ද? ගල් අඟුරුවලට ඔවුන් දක්වන ඇල්ම පුනර්ජනීනය බලශක්තියට නොමැත්තේ මන් ද? ඉංජිනේරු ශක්තිය රටේ දියුණුවට අඩ තබන්නට යොදා ගන්නවා ද? ලංවීම ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි මෙසේ පිළිතුරු දෙයි. * පරිසරවේදීන් උරණව සිටිද්දීත් සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකළ…

අපරාධ නඩු විධාන සංශෝධනය කාටද? කුමටද? – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කරමින් නීති පොතට විහිලූවක් එකතු කිරීමට අධිකරණ අමාත්‍යවරයාට උවමනා වී තිබේ. අපරාධ නඩු විධාන සංග්‍රහයට සිදුකරන්නට යෝජිත සංශෝධනය මගින් විවාදයට සුදුසු නව මානයක් මතු කර තිබේ. එසේ වී තිබෙන්නේ අධිකරණ අමාත්‍යවරයා විසින් අපරාධ විමර්ශන සඳහා අවශ්‍ය බව කියමින් මෙම සංශෝධනයට පක්ෂව එය ආරක්ෂාකර ගන්නට උත්සාහ කිරීමත් සමඟ ය. යෝජිත සංශෝධනය…