ජනතාව පත්කළා මිස තම බුද්ධි මහිමයෙන් පත් නොවූ බව පාලකයින් තේරුම් ගත යුතුයි – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මහීම් මෙන්ඩිස්

ගැටුම්වලට හේතුවන්නා වූ පසුබිමක් තුළ අරගලය නිෂ්ක‍්‍රිය වන විදිහේ වැඩ පිළිවෙලක් සිදු වුණේ නැත්නම් සැබැවින්ම නැවතත් අරගලයක් ඇති වේවි. ඒක පුදුමයට කාරණවක් නොවේ. පසුගිය දා සමරනු ලැබුවේ 68 වන නිදහස් උත්සවයයි. අපේ රට නිදහස ලබා වසර 68 ක් පසුකර තිබෙනවා. අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද දසක හතකට ආසන්න කාලයක් පුරා අපේ රට ලබා තිබෙන දියුණුව ගැන….

හොර පොල් ගැහිල්ල හා තුන් මුල්ල පැනීම (ජන ක්‍රීඩා දෙකක්) – අජිත් පැරකුම් ජයසිංහ

මහින්දගේ හොර නඩය ඊයේ නාඩගම් කීපයක් රඟ දැක්වූ හ. නාට්‍යමය පුවත් නැතිව වේලෙන මාධ්‍යකරුවන්ට ඊයේ දිනය අමන්දානන්දයට හේතු වූ දිනයකි. විමල් වීරවංශ රඟ පෑ එක්සත් ජාතීන්ට එරෙහි නාඩගම සම්බන්ධයෙන් කියන්නට තිබෙන්නේ සුළු දෙයකි. ඔහු හා ඔහුගේ අනුග්‍රාහකයා වූ මහින්ද රාජපක්ෂ ලංකාවේ ඒකාධිපතිකම් කළ සමයේ ඔවුන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් කර ගන්නට තිබිණි….

“ජැක් සන්ලා ” ට කලාකරුවන් කියා කියන්න බැහැ. ඔවුන්ට කියන්න පුළුවන් ‘මුක්කු කරුවන්’ වගේ නමක්.- කලා මණ්ඩලයේ සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

“ඥාණසාර කියන්නෙ බුද්ධ ශ‍්‍රාවකයෙක්ද කියන ප‍්‍රශ්නය පැන නගිනවා. ඔහු සිවුරු දරන්නෙක් බව ඇත්ත. ඔහුගේ ඇඳුම චීවරය මිසක් ඔහු බෞද්ධ භික්‍ෂුවක් නෙමෙයි. ඔහු චීවරධාරියෙක් ලෙසයි හඳුන්වන්න පුළුවන්. බුද්ධ පුත‍්‍රයන් කළ යුත්තේ ගිහියන් අතර ඇති භේද, ගැටුම්, වෛර සංසිඳුවමින් නිවන් මාර්ගය පෙන්වා දීමයි. ඥණසාර කරන්නෙ ඒකෙ අනිත් පැත්ත. ඒ අනුව බලන කොට ඥාණසාර බුද්ධ පුත‍්‍රයෙක් නෙමෙයි.” ඔබ…

සොරකම, නීතිය හා කඳුළු – අජිත් පැරකුම් ජයසිංහ

යෝෂිත ඇතුළ සීඑස්එන් නඩයට තමන්ගේ ව්‍යාපාරයට ප්‍රාග්ධනය හා වෙනත් මුදල් ලැබුණු හැටි පැහැදිලි කරන්නට බැරි වී තිබේ. එසේ නම් ඒ කළු සල්ලි බව පැහැදිලි ය. මේ මුදල් උපයා ගත්තේ කෙසේ ද? ඒවා දුන්නේ කවුරු ද? කිසිවෙක් ඒ තරම් මුදල් ඔවුන්ට පිරිනමන්නට හේතුව කුමක් ද? මේ මුදල් මේ රටේ මහජනතාවගෙන් සොරකම් කළ ඒවා හෝ මේ රට…

රාජපක්‍ෂ පාලනය දුෂණ, වංචා, අපරාධ සිද්ධ කරල තියෙන ආකාරය අනුව නීතිය අභිමුවට ගෙන ඒම ලේසි නෑ – මහාචාර්ය සරත් විජේසූරිය

රාජපක්‍ෂ පාලනය තුළ දුෂණ, වංචා, අපරාධ සිද්ධ කරල තියෙන ආකාරය අනුව නීතිය අභිමුවට ගෙන ඒම සරල කටයුත්තක් නෙමේ. රාජ්‍ය බලය යොදලා විවිධ සියුම් ක‍්‍රම විධි පරිහරණය කරල තමයි මේ සියලූ දේවල් කරල තියෙන්නෙ. යම්කිසි ආකාරයකට තමන්ගෙ අණසකට යටත් කරගෙන පොලීසිය, නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන සාධාරණ ආකාරයකට මේ පරීක්‍ෂණ සිදු කරයි ද කියන සැකය තිබුණා. පහුගිය…

රනිල්ට පේන බියුටි කුවීන්ලා අපට පෙනෙන හැටි – අජිත් පැරකුම් ජයසිංහ

අගමැති රනිල් වික්‍රමසිංහ කබ්බන් ෆෝම් කරමින් පාර්ලිමේන්තුවේ පවත්වන ලද දිග කතාව සම්පූර්ණයෙන් ම කියවීමි. රාජකාරි අවශ්‍යතාවක් වෙනුවෙන් එය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නට සිදු වූ හෙයින් අකුරක් නෑර කියවූයෙමි. රජයේ සන්නිවේදන අසාර්ථකභාවයට රනිල්ගේ කතාව ම නිදසුනකි. රනිල් ඒ කතාව පුරා ම දඩයමේ යාමක් ගැන කියයි. එහි තේරුම කුමක් ද යන්න මම නම් නො දනිමි. මාධ්‍යකරුවන් දඩයමේ යනවා…

ඥානසාර සංසිද්ධිය – නිශාන්ත කමලදාස

ඥානසාර බෞද්ධ භික්ෂුවක් නොවේ. භික්ෂුවකට අවශ්‍ය ප්‍රධානම ශික්ෂාව වෙන උපේක්ෂාව ඔහු ළග නැත. තැන්පත් බව ඔහු ළග නැත. ඔහු සිවුර දරන්නේ එහි බලය දැන ගෙන මිසක එයින් වෙනත් කිසිවක් අගවන්නට නොවේ. මේ සියල්ල වටහා ගැනීමට ඔහුගේ හැසිරීම නිරීක්ෂණය පමණක් ප්‍රමාණවත් ය. ඥානසාර පුද්ගලයෙකු ඉක්මවයි. ඔහුගේ ශරීර කුඩුව ඉක්මවයි. ඔහු සිංහල බෞද්ධ ජාතිකත්වයේ නූතන සංකේතය වී…

ප‍්‍රගීත් අතුරුදහන් කිරීම රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ අනුදැනුමෙන්, ඔහුගේ සහෝදරයා අණ දුන් සිදුවීමක්. – සුජිත් අක්කරවත්ත.

ප‍්‍රගීත් එක්නැලිගොඩ කියන්නෙ මේ රටේ සමාජ මතමාන ව්‍යාපාරයේ දිගු අත්දැකීමක් තිබුණු, බුදු දහමේ කියැවෙන පිරිදි නිස්සරණඅධ්‍යාශයෙන්, තමන්ගේ කියල කිසිවක් අපේක්‍ෂා නොකර සමාජ විමුක්තිය සහ සමාජ මුක්තිය සාධනය කර ගැනීමේ සාධු චේතනාවෙන් කටයුතු කරපු ලේඛකයෙක්, නිර්මාණ ශිල්පියෙක්. ඔහු මට මුණගැසෙන්නේ ලංකාවේ ඝණදුරු දශකය කියල නම් කරන, 2005 සිට 2015 දක්වා ගෙවා දැමූ අන්ධකාර දශකය තුළ. ඔහු…

සමස්ථ ජනතාවම එක්කාසු කරන්න පුළුවන් ප‍්‍රජාතන්ත්‍රවාදයක අවශ්‍යතාවක් නොපෙනෙන පක්‍ෂයකට ලංකාවේ දීර්ඝ කාලීනව පාලන බලයක් හිමිකරගන්න බෑ – දයාපාල තිරාණගම

දින 100 ආණ්ඩුව ජනතාවට දැනෙන වැඩ කොටසක් කරල, මීට වඩා සහන දීල, කුස්සයෙ බර සැහැල්ලූ කෙරුව නම්, එක්සත් ජාතික පෙරමුණට තනිවම ආණ්ඩුවක් පිහිටුවන්න තිබුණ කියල ජනතාව අතර මතයක් තියෙනව. ඔව්. එහෙම කෙරුව නම්, ආණ්ඩුවක් පවත්වාගෙන යාමට හැකි බහුතරයක් හදා ගන්න තිබුණ. එත් 2/3 ක බලයක් ලබාගැනීමේ හැකියාවක් ලැබෙන්නෙ නැහැ. දින 100 ටත් නොගිහින් අපිට ශක්තිමත්…

ඒ මොහොතේ තෝරාගැනීමට සිටි හොදම නායකයා මෛත්‍රීපාල සිරිසේනයි – දයාපාල තිරාණගම

“ජනතා ජහග‍්‍රහණයක් කිව්වම අපි බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? පහුගිය ආණ්ඩුව ඉතාමත් දරුණු විදිහට ජනතා නිදහස පීඩාවට පත්කෙරුව. සුදු වෑන් සංස්කෘතිය මගින් මිනිසුන් පහැර ගෙන ගිහින් අතුරුදහන් කෙරුව. අද ඒ පිළිබඳ පරීක්‍ෂණ මගින් හෙළිදරව් වෙමින් පවතිනව. රාජ්‍ය දේපළ කෝටි ගණනින් හොරකම් කෙරුව. ආණ්ඩුවෙ නිලධාරීන් පමණක් නෙමෙහි ආණ්ඩුවට සම්බන්ධ ඇමතිවරුන් පවා මේ කර්තව්‍යයන්හි යෙදිලා තියෙනව. ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී…

ජාතික භීතිකා රෝගයෙන් පෙලෙන ජාතියක් – ප‍්‍රගීත් එක්නැලිගොඩ – වසර හයකට පෙර අතුරුදන් කළ මාධ්‍යවේදියා ජාතියට දුන් පණිවිඩය නැවත කියවමු

සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ මහතා සැලැකෙනුයේ කෘතහස්ත දේශපාලඥයකු හැටියට පමණක් ම නොවේ. අභිතව තීරණ ගෙන අභියෝග ජයගත් ආසියාවේ සිටින ආදර්ශමත් නායකයකු ද හැටියට ය. එතුමා ‘‘දකුණු ආසියාවේ අභියෝග’’ යන මැයෙන් පැවැත් වූ සම්මන්ත‍්‍රණයක දී ශ‍්‍රී ලංකාව ද උදාහරණයට ගනිමින් සිය අදහස් පළ කළේ ය. එහිදී ශ‍්‍රී ලංකාව හඳුන්වනු ලැබුයේ ලෝකය හෝ කාලය ගැන…

වැටුප් වැඩිකිරීමට එකග වූ පදනම මෙන්න – සමන් රත්නප‍්‍රිය

ආණ්ඩුවට තවත් කල්දෙන්න කිසිම සූදානමක් නෑ. පෙරවාරි මාසෙදී මූලික වැටුප් වැඩිවීම සහ වැටුප් වර්ධකය වැඩිවීම දැනට තිබෙන අනුපාතයන් එලෙසම තියාගෙන වැඩි කළ යුතුයි. එහෙම නොවුනොත්, වෘත්තීය සමිති ඒකාබද්ධව යම් යම් තීරණ ගන්න සිද්ධ වෙනව කියන අනතුරු ඇ`ගවීම අපි  ආණ්ඩුවට කරනවා. එක`ග වෙච්ච දේ ක‍්‍රියාත්මක කරන්න. වෙනස් දෙයක් ඉල්ලන්නෙ නෑ. වර්තමාන ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කෙරුව. ඒ…