පුර්ව නිගමන මත ගිවිසුම්වලට විරුද්ද වීම අමනොඥ ක්‍රියාවක් – වරලත් ඉංජිනේරු සරත් ජයකොඩි

සිදු නොවී තිබෙන දෙයක් පිළිබඳව  තර්ක කිරීම කාලය කා  දැමීමක් නොවේද? රටෙහි ආර්ථිකය දියුණු කිරීම සඳහා අවශ්‍ය බලය ජනතාව විසින් තමන් පත් කරන ලද ආණ්ඩුවට ලබා දී තිබේ. ඒ සඳහා සුදුසු යයි හැඟෙන ක්‍රියාමාර්ග ගැනීමේ ආණ්ඩුවට ඇති බලයට අභියෝග කිරීමේ කොතෙක් දුරට නිවැරදිද?   අනෙක ඉන්දියාව හෝ වෙනත් ඕනෑම රටක් සමග ගිවිසුම් වලට එකඟ වීමේ…

අපි හදාගෙන තියෙන්නේ ලෝකෙම නැති ප්‍රශ්න ; විසදන්න වෙන්නෙත් ලෝකේ නැති ක්‍රමවලට – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

හැම දේශපාලන පක්‍ෂයක්ම  අපි අද මුහුණ දෙන ප්‍රශ්න ඇති කිරීමට වගකිව යුතුයි.  ඔවුන් යම්කිසි අන්දමකින් දායක වෙලා තියෙනව. ඒ නිසා ඔවුන් ඉදිරිපත්විය යුතුයි. ඒ වගේම දෙමළ නායකයිනුත් වගකිව යුතුයි. ඔවුනුත් ජාතික ප‍්‍රශ්නය යොදා ගත්තා ඔවුන්ට බලයට පත් වීම සඳහා. වෙනසක් සඳහා ඇති කරගන්නා ලද යහපාලන රජයේ ප‍්‍රධාන පොරොන්දුවක් වූවේ, පවතින ඒකාධිපති ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක්…

|

අඩු වැටුපට ඉන්දියානුවන් ගෙනත් අපේ වැටුප් වැඩිකරන හැටි – සී ජේ අමරතුංග

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යන ආර්ථික හා තාක්‍ෂණික සහයෝගිතා ගිවිසුමට එරෙහිව මේ වනවිටත් වෘත්තීයවේදීන් අවි අමෝරාගෙන සිටින බව පෙනෙන්නට ඇත. එට්කා ලෙස හඳුන්වනු ලබන මෙම ගිවිසුම අත්සන් කළහොත් ලංකාවේ සේවයට ඉන්දියානුවන් බුරුතු පිටින් පැමිණීමෙන් ශ්‍රී ලාංකිකයන්ට රැුකියා නැතිවන තත්ත්වයක් ඇතිවන බවත් කියති. ඉන්දියාවේ අති විශාල රැුකියා විරහිත ප‍්‍රශ්නයක් තිබීමත් එරටෙහි අඩු වැටුප්…

ප්‍රභාකරන් තහනම් කල ගිය අද ගයන හැටි – ඩී බී එස් ජෙයරාජ්

1959 සැප්තැම්බරයේදී එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කරනු ලැබීය. 1960 මාර්තු මැතිවරණයේදී බිහිවූයේ කිසිවකුට වැඩි බලයක් නැති පාර්ලිමේන්තුවකි. නැවතත් මැතිවරණයක් කැඳවනු ලැබීය. 1960 ජූලි මාසයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බලයට පත්වීය. බණ්ඩාරනායක මහතාගේ බිරිඳ සිරිමා මැතිණිය අගමැති ලෙස පත්විය. අලූතින් පත්වූ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව ‘‘නමෝ නමෝ මාතා’’ ගීතයට එරෙහි ව්‍යාපාරය බරපතළ ලෙස සැලකිල්ලට ගත්තේය….

සිරිසේන ජනාධිපතිවරයාගේ පත්වීම විප්ලවීය පරිවර්ථනයක්. – පොළොන්නරුව හිටපු මහ දිසාපති, ගන්ථ කර්තෘ අමරදාස ගුණවර්ධන

ඔබ පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ මහ දිසාපති තනතුරේ දිගු කාලයක් සේවය කරනු ලැබූ අයෙක්. වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඒ කාලයේ දිසාපති කාර්යාලයේ විෂය පථයට අයත්වන ග‍්‍රාම නිලධාරී තනතුරක සේවය කළ කෙනෙක්. අද ඔහු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පුරවැසියා බවට පත් වී තිබෙනවා ඒ පිළිබඳව ඔබට දැනෙන හැ`ගීම. ඇත්තෙන්ම එය සතුටට කරුණක්. ඒ දිනවලත් ඔහු වෙලාවට වැඩ කරන…

අපට අපේම ජාතික ගීයක් තෝරාගත් හැටි – ඩී බී එස් ජෙයරාජ්

ශ්‍රී ලංකා හමුදාව එල්ටීටීඊ ග‍්‍රහණයේ තිබූ ප‍්‍රදේශ මුදාගත් විට එම ප‍්‍රදේශවල කොළඹ ආණ්ඩුවේ ආධිපත්‍ය හා අධිකාරිය නැවත ඇතිවිය. උතුරු නැගෙනහිර පළාත්වල ජාතික ගීය ගැයීම විශාල ලෙස නැවතී තිබුණද 2009 මැයි මාසයේදී එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසුව නැවත වතාවක් ජාතික ගීය ගැයීම වර්ධනය විය. එම ප‍්‍රදේශවල ජාතික කොඩිය ඉහළින් එසවීමත් සමඟ ජාතික ගීය ගැයීමද වැඩි…

දෙමළ ජනයා තම මවුබසින් නමදින්නේ ශ්‍රී ලංකා මාතාවයි – ප්‍රවීන දෙමළ මාධ්‍යවේදී ඩී බී එස් ජෙයරාජ් .

ශ්‍රී ලංකා තායේ නාම් ශ්‍රී ලංකා නමෝ, නමෝ, නමෝ නමෝ තායේ (ශ්‍රී ලංකා මාතා, අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා) සිලෝන් ලෙස හඳුන්වනු ලැබූ ශ්‍රී ලංකාව බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 4 වන දිනයි. නිදහස් ලංකාවේ මා උපත ලද්දේ ඉන් වසර හයකට පසුව 1954 මැයි 24 දිනයි. සිලෝන් ලෙස හඳුන්වන ලද රටේ නාමය…

මහජනතාවගේ විකාශන තරංග සොරාගත් සැමගෙන් ඒවා ආපසු ලබාගෙන පාරදෘෂ්‍ය ලෙස නැවත බෙදා දෙනු! – අජිත් පැරකුම් ජයසිංහ

‘‘හිහ්, හිහ්, හිහ්! ඔය වගේ සද්ද ඇහෙනවා නේද? දැන් හැමදාම ඤාව් ඤාව් කියන බැළලියෝ හිටපු ගමන් ඔන්න ඔය වගේ සද්ද කරනවා රෑට. එතකොට අපි මොකක්ද කරන්නේ ගඩොල් බාගයක් අරගෙන ඒ එන පැත්තට ගහනවා නේද. මූසලයි, මුස්පේන්තුයි කියලා තමයි ගම්වල උදවිය කියන්නේ. ඉතින් ඔය දන්නෝ බුදුන්ගේ කියන ගීතය ටවර් හෝල් යුගයේ ඉදන් ඉතාමත් උත්තරීතර ගීතයක් විදියට,…

කලා මණ්ඩලේ අවුල ලිහන්න දේශපාලන මැදිහත්වීමක් වහාම ඕනෑ – හිටපු සභාපති ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

කලාවේ සියලූම අංශ නියෝජනය කරන කලාකරුවන් වෙනුවෙන් රජය නියෝජනය කරන ආයතනය වන, ලංකා කලා මණ්ඩලය පිළිබඳව මේ වෙනකොට ගැටළු රැුසක් ඇතිවෙලා තියෙනවා. සංස්කෘතික අමාත්‍යාංශ්‍ය, අධ්‍යාපන අමාත්‍යංශ්‍ය යන අමාත්‍යාංශ දෙකම මේ වෙනකොට කලාමණ්ඩලයට අයිතිවාසිකම් කියමින් විවිධ ප‍්‍රකාශ නිකුත් කරමින්, විවිධ වැඩසටහන් දියත් කරමින් ඉන්නවා. මෙය නිරවුල් කර ගැනීමට කළයුත්තේ කුමක්ද? කලා මණ්ඩලය කියන්නේ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවන…

සොරුන් සිටිය යුත්තේ ඔවුන්ට නියම තැනයි – අජිත් පැරකුම් ජයසිංහ

මහින්දගේ හොර පොල් නඩය පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් නටන්නේ ඔවුන්ගේ ම අර්බුදය නිසා ය. අලුතෙන් පක්ෂයක් හදනවා ය කියා කයිවාරු දෙඩුවත් හදන පක්ෂයක් ද නැත. මෙම පක්ෂයට එක් වන බව කියමින් මේ දිනවල පුවත්පත් සාකච්ඡා පවත්වන පළාත් පාලන මන්ත්‍රී නඩය ගෙන බලන්න. මොවුන්ගෙන් වැඩිදෙනෙක් පසුගිය වසර දහයක පමණ කාලයක් මෙම තනතුරු දැරූ අයයි. මූලික ලක්ෂණයක් වන්නේ…

ආණ්ඩුව ප‍්‍රශ්නයක් වෙනුවට තවත් ප‍්‍රශ්නයක් ගෙනත් දානවා – ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

ලෝක වෙළඳපොළේ තෙල් මිල විශාල ලෙස පහත වැටී තිබියදී ආණ්ඩුව කළුකඩකාරයෙක් වගේ ලාභ ලබමින් ඉන්නවා. මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය ජනතාවට සහන ලබාදීම නොවේ. මේ ආණ්ඩුව සහන කපන ආණ්ඩුවක්. ගොවි ජනතාවගේ පොහොර සහනාධාරය, රාජ්‍ය සේවකයින්ගේ විශ‍්‍රාම වැටුප කපා හරින්න ආණ්ඩුව උත්සාහ කළා. පාසැල් ළමුන්ට නිල ඇඳුම ලබාදෙනවා වෙනුවට මුදල් ලබාදී එම සහනය කප්පාදු කිරීමට උත්සාහ කළා. ජනතාවට…

මහින්දලාට අලුත් පක්ෂය හදා ගන්න ඉඩ දෙන්න – අජිත් පැරකුම් ජයසිංහ

මහින්ද, ගෝඨාභය, බැසිල්, විමල්, උදය, දිනේෂ්, වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, වාසුදේව, ඩලස්, බන්දුල ආදීන් එක්ව ශ්‍රීලනිපය කඩා අලුත් පක්ෂයක් පිහිටුවන්නට යන බවට මේ දිනවල ලොකු ටෝක් දෙමින් සිටිති. මෙම පිරිස වෙන ම ගොනු වීම ඇත්තෙන් ම රටට කරන ලොකු සෙතකි. නම් වැල කියවූ පමණින් ම මොවුන් කවුරු ද යන්න පැහැදිලි ය. සරළව කිව්වොත්, මේ වනාහි පසුගිය…