මේ ආණ්ඩුවත් රට ගෙනයන්නේ අශිෂ්ටත්වයටයි – ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක

මේ ආණ්ඩුව ගොඩනැගෙන විට ප‍්‍රධාන සටන් පාඨය වූයේ ඔවුන් යහපාලනය ගොඩනනගන බවයි. නමුත් අපිට ඒ සම්බන්ධයෙන් දේශපාලන අදහසක් තිබුණා. පවතින පාලනය අශිෂ්ට වී ඇත්නම් ඊට හේතුව පවතින සමාජ ආර්ථික දේහය බිඳවැටීම නිසා ඇතිවූ දෙයක් බව අපි දැනගෙන හිටියා. එම සමාජ ආර්ථික දේහය ගොඩනගන්නේ නැතිව ශිෂ්ට සම්පන්න පාලනයක් හදන්න බැරි බවත් අපි කිව්වා. එනිසා වත්මන් ආණ්ඩුව…

ඩිලාන් පෙරේරා සැරසෙන්නේ ජනාධිපතිවරයාව ගොනාට අන්ඳවන්ටයි- ආචාර්ය උපුල් අබේරත්න (දේශපාලන විද්‍යා අංශය රුහුණු විශ්වවිද්‍යාලය)

වර්තමාන ශ්‍රි ලාංකික දේශපාලන සන්දර්භය විමසා බැලුවොත් දේශපාලන විද්‍යාර්ථියෙක් ලෙසට කාරණා දෙකක් නිරික්ෂණය කළ හැක. පළවෙනි කාරණාව තමයි පසුගිය ජනාධිපතිවරණය හා මහා මැතිවරණයෙන් පසුව ලංකාවේ ඇතිවෙමින් තිබෙන සාධණීය දේශපාලන සංවර්ධන ක්‍රියාවලි ය. 1978න් පසුව ලංකා දේශපාලනය වෙලාගත්ත පුද්ගල අභිවාදනය මුල්කරගත් දේශපාලන සංස්කෘතියේ එන, එක පුද්ගලයෙකු වටා බලය සංකේන්ද්‍රගත කිරිමේ උත්සාහය තවමත් අඛණ්ඩව ගෙනයෑමට ඇතැම් පාර්ශව…

බලය බෙදන්නේ නම් ඒකීය භාවය හා බුද්ධගම නව ව්‍යවස්ථාවට ද ඇතුල් කිරීමට ඔවුන් එකඟයි- මහජන අදහස් විමසීමේ කොමිසමේ සභාපති- ජ්‍යෙෂ්ට නීතිඥ ලාල් විජේනායක

නව ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් විමසීමේ කොමිසම හැටියට අපි දැන් භාෂා තුනෙන් ම වාර්තාව සකස්කර අවසන් ය. දැන් තිබෙන්නේ එම වාර්තාව ව්‍යවස්ථා සභාවට භාරදීමට ය. ව්‍යවස්ථාවක් ගැන මහජනයා කියන්නේ මොනවා ද යන්න, අපගේ නිර්දේශත් සමග වාර්තාවක් සකස්කර ව්‍යවස්ථා මණ්ඩලයට භාරදීම තමයි අපිට නියම වී තිබෙන කාර්ය වන්නේ. ඒ අනුව අපි ජනතාව ඉදිරියට ගොස් අදහස් ලබාගත්තෙමු….

අධිවේගි මාර්ගයේ වැරදි ඉදිකිරීම් රටාව ගංවතුර ඇති වීමට හේතුවක් – ශ‍්‍රී ලංකා සොභා සාමූහිකයේ සභාපති තිලක් කාරියවසම්

මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලින්, විශේෂයෙන් කොළඹ – වටරවුම් , කොට්ටාව – මාතර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ක‍්‍රමවේදයේම වැරැුද්දක් තියෙනව. කඳු කපල බිම පුරෝල කරන ක‍්‍රමය මේ රටට ගැලපෙන්නෙ නෑ. ප‍්‍රධාන ජල මාර්ග කිහිපයක් හරහා තමයි ඔය අධිවේගී මාර්ගය ගමන් ගන්නෙ. කලූ ග`ග, බෙන්තර ග`ග, ගිං ග`ග, පොල්අතුරමෝදර ග`ග ඒවායි. ඒ ප‍්‍රදේශ පුරවල තමයි අධිවේගි මාර්ගය ඉදිකරල තියෙන්නෙ….

ප්‍රොටොකෝල් නො දන්නා අාණ්ඩුකාරයාට හා හමුදාවට නැගෙනහිර මහ ඇමතිවරයා ඒවා කියා දීම වැරදි ද? – අජිත් පැරකුම් ජයසිංහ

නැගෙනහිර පළාත් මහ ඇමති නසීර් අහමඩ් සාම්පූර් නාවික කඳවුර භාර ප්‍රධානී කපිතාන් ප්‍රේමරත්නට උත්සවයකදී බැන වදින දර්ශනයක් පිළිබඳ ලොකු හාහූවක් ඇති වී තිබේ. මෙම සිද්ධිය වී ඇත්තේ පාසලක පැවැත්වුණු උත්සවයකදී ය. නැඟෙනහිර ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු සහ ඇමරිකානු තානාපති අතුල් කේශාප් ද උත්සවයට සහභාගි වී තිබේ. මෙම උත්සවයට මහ ඇමතිවරයාට ආරාධනා කර නො තිබුණු බව වාර්තා…

නැගෙනහිර මහඇමතිගේ “නොමනා“ හැසිරීම – නිශාන්ත කමලදාස

නැගෙනහිර මහ ඇමති විසින් නිල ඇඳුම ඇඳ සිටි නාවික නිලධාරියෙකුට බැණ ඔහු එලවා දමන සිද්ධියක් උණු කැවුම් මෙන් මූණු පොතේ විකිණුනේ ය. ඒ හැසිරීම බොහෝ අය හෙලා දුටුවේ සිදු වූ සිදු වීම ගැන පවා හරි හැටි නොදැන ය. ඔවුන් ඒ බව නොදැන සිටි බවට මා උපකල්පනය කළ හේතුව වූයේ ඒ බැණ වැදීමට හේතුව හෝ ප්‍රස්තූතය…

අපි රනිල්ට – ඒ වුණාට – රනිල් අපට – ඉන්නවා ද? – අජිත් පැරකුම් ජයසිංහ

සමහරු කියනවානේ අපි රනිල්ට කඩේ යනවා ය කියලා. එක අතකට එහෙම කියන එකේ වැරැද්දකුත් නැහැ. රනිල් දීර්ඝ කාලයක් තිස්සේ රටේ පාලනයට ගැඹුරින් මැදිහත් වෙන්නට අවස්ථාවක් ඉල්ලමින් හිටියා. අපි දුන්නා. ඒක එච්චරයි. රනිල්ට හොඳ අදහස් තියෙනවා. විශේෂයෙන් ම මේ දිනවල රනිල් අධ්‍යාපනය ගැන ඉදිරිපත් කරන අදහස් ඉතා ප්‍රගතිශීලීයි. ඒවා ධනවාදී අදහස් නෙමෙයි. සමාජවාදී අදහස්. අධ්‍යාපනය ගැන…

අපරාධ කල නිලධාරීන් නොව ඒවා මෙහෙයවූ දේශපාලනඥයන් අල්ලා දඩුවම් කල යුතුයි – ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

පසුගියදා අනපේක්‍ෂිත ආපදා තත්වයක් ඇතිවුණා. වර්ෂාව නිසා ගං වතුරෙන් සහ වැහි වතුරෙන් ප‍්‍රදේශ කිහිපයක් යටවුණා. ඒ මොහොතේ බොහෝ ස්වේච්ඡුා සංවිධාන සහ පුද්ගලයින් ස්වේච්ඡුාවෙන් සහන සේවා සඳහා මැදිහත් වුණා. ඒ වගේම නාවුක, ගුවන්, පාබල යන ති‍්‍රවිධ හමුදාත් රජයේ ආයතනවල නිලධාරීනුත් විශාල උත්සාහයක් දරා පීඩාවට පත්වූ ජනතාවට සහන සපයන්න මැදිහත් වුණා. ඒ අවස්ථාවේදී යුහුසුළුව කටයුතු කළ සියලූම…

“ඔබ අඳුරු කොදෙව්වට කැන්දන් යාද කුමාරි” – අජිත් පැරකුම් ජයසිංහගේ සටහානක්

අනුර සේනානායක ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියකු පමණක් නොව ගායකයකු ද වේ. ඔහුගේ ගී ජනප්‍රිය ය. තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මවිසින් ලියූ සටහනක අදහස වුණේ එවැනි දේ කරන්නට මහින්ද රාජපක්ෂ රජයට හෝ රාජපක්ෂ පවුලට හෝ උවමනාවක් ඇතැයි සිතිය නො හැකි බවයි. (රාජපක්ෂ රජවරුන්, කුමාරවරුන් හා බැලයන් පුනරුත්ථාපනය කිරීම) ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වූ අවස්ථාවේදී ද මා තර්ක කළේ රාජපක්ෂ…

ප්‍රතිවාදී රණවිරු සැමරුමක් ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය කරන්නේ ඇයි?- රංග ජයසූරිය

ප්‍රතිවාදී රණවිරු සැමරුම් දෙකක් ගැන පැවති අපේක්ෂා, ධාරානිපාත වර්ෂා සහ ජල ගැලීම්වලින් සෝදා හරින ලදි. යුද්ධයේ රුදුරු භීෂණය සහ ක්ෂතියත්, මේ ජල ගැලීම් මගින් නැවත මතකයට නැංවුණි. ගම්දනව් විනාශ විය. සිහිවටන රහිත දුසිම් ගණන් මිනිස් ජීවිත පොළොවට යට විය. ලක්ෂ ගණන් අවතැන් වූහ. අවසානයේ, නිල රණවිරු සැමරුම, කලින් ආණ්ඩු කාලයේ පැවති හමුදා පෙරට්ටු සහිත සන්නද්ධ…

ඔපරේෂන් ගංවතුර ගැන නිරීක්ෂණ කීපයක් – අජිත් පැරකුම් ජයසිංහ

  මේගොල්ලන් ගැන හිතපු මිනිස්සුත් හිටියා 2016 මැයි ගංවතුර හා නායයාමෙන් විපතට පත් අනාථයන්ට පිහිට වීමේ මෙහෙයුම තවමත් ඉදිරියට යනවා. එය ලංකාවේ මිනිසුන් තමන් අනුන්ගේ දුක වෙනුවෙන් උණු වන හිත හොඳ මිනිසුන් බව පෙන්වන්නට ලොකු උත්සාහයක් ගත් අවස්ථාවක්. හොඳ මිනිසුන් ලෙස පෙනී ඉන්නට උත්සාහ කරන එක වුණත් නරක නැහැනේ. එතකොට සමාජය සමස්තයක් ලෙස අංශු මාත්‍රයකින්…

අවස්ථාව උදාවී තිබෙන්නේ සමාජ ක්‍රමය වෙනස් කරන දේශපාලනයකටයි – ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ දී ලාල් කාන්ත

පක්‍ෂයට ගහන අවලාද සම්බන්ධයෙන් මාතෘකාව කතා කරද්දී මට මතක් වෙනවා මීට වසර 15කට පමණ පෙර ”අපට නඟන අවලාදවලට පිළිතුරු” නමින් හයිඞ් පිටියේදී රැුලියක් පැවැත්වූවා. රෝහණ විජේවීර සහෝදරයාත් මුල් කාලයේත් ඉන් පසුවත් මේ සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී සාකච්ඡුා කළා. පක්‍ෂය පිහිටුවන්න ආරම්භ කළ දිනයේ පටන් විවෘතවත් සැඟවිලත් අපිට අවාසි මතවාද විවිධ බලවේග විසින් සමාජගත කළා. සමසමාජ පක්‍ෂය,…