ගෝඨාගේ එළියේ ඇත්ත අරමුණ – භාතිය බරුකන්ද

‘‘හැංඟි හැංඟි වෙස් බැන්ඳත් නටන්න වෙන්නේ එළියේ’’ යැයි කතාවක් අප අතර තිබෙනවා. මේ ගැමි කියමන අපූරුවට සනාථ කරමින් වසර ගණානාවක් පුරා දේශපාලන තිරය පිටුපසට වී වෙස් බඳිමින් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා වේදිකාවට/ ‘එළියට’ පැමිණ තිබෙනවා. ඒ පසුගිය සැප්තැම්බර් 06 වැනිදා බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටයේදී එළි දක්වන ලද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අලූත්ම දේශපාලන ව්‍යාපෘතිය වන ‘එළිය…

අපේ සිහින ජීවිතය – නිශාන්ත කමලදාස

 බොහෝ දෙනකු බලා සිටින්නේ ගෙඩිය ඉබේ ඉදී බිම වැටෙනතුරු ය. බලා ඉන්නවා කිව්වාට සමහර විට බලා ඉන්නේත් නැත. ඉන්නේ දැකපු වෙලාවක ඇහිඳ ගන්න බැරි යැයි කියා ය. ඇත්තටම ඝර්ම කලාපීය රටක ඉපදීමේ වාසිය ද ඒක ය.ගෙඩි හැදී ඉදී ඉබේ බිමට වැටෙන්නේ ය. උහුලන්නට බැරි සීතලක් මෙහි නැත. ගහක හෙවනක හෝ අතු පැලක වහලයක් යට දරා…

ගෝඨා එළිබහින්න යන්නේ ඇයි ? – භාතිය බරුකන්ද

‘එළිය’ සිංහල භාෂාවේ විවිධාර්ථ දිය හැකි වචනයකි. ‘එළිය’ යන්න දිය හැකි එක් අර්ථයක් වන්නේ ‘ආලෝකය’ යන්නයි. ‘අඳුරට ශාප නොකර එළියක් දල්වන්න’ යැයි පැරණි උපදේශයක් ඇත්තේ මේ නිසාය. මිනිස්සු සැප ගන්න නුවර නොගොස් නුවරඑළියට යන්නේ නුවරට වඩා නුවර එළියේ දේශගුණය යහපත් නිසාය. ඒ වගේම ‘හාවාඑළිය’ ‘සීතාඑළිය’ යැයි කියා ද නුවරඑළිය පැත්තේ ගම්මාන කිහිපයක් තිබේ. එහෙත් සංචාරකයින්…

බදු ගැන මිථ්‍යාව සහ යථාර්ථය – භාතිය බරුකන්ද

 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ බදු බර හින්දා ජීවන වියදම ඉහළ යන කොට එය සාධාරණීකරණය කරමින් බන්දුල ගුණවර්ධන අපූරු කතාවක් කිව්වා. ඒ ‘මේ ජීවන වියදම ඉහළ යෑම පාලනය කරන්න ශක්‍රයාගේ පුතා වයිමාටවත් බැහැ’ කියලා. ඊට පස්සේ ඔහුම තර්ක කළේ පස් දෙනකුගෙන් යුතු පවුලකට රුපියල් 2500කින් හොඳට කාලා බීලා මාසයක් ජීවත් වෙන්න පුළුවන්’ කියලා. එදා පොළොවේ හැපෙමින්…

|

මහින්ද රාජපක්ෂගේ හැංගිමුත්තම අවසන්

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම පවුලේ සාමාජිකයන් සමඟ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩසටහන් රැසකට පසුගිය සෙනසුරාදා එක් වුණා. ජයන්ති සිරිසේන මහත්මිය මෙන්ම දහම් සිරිසේන මහතාද එම වැඩකටයුතුවලට සහභාගී වුණා. මුලින්ම ජනාධිපතිතුමා සහභාගි වූයේ පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් ඉදි කිරීමට සැලසුම්කොට ඇති දහ අටරියන් බුද්ධ ප්‍රතිමාවට මුල්ගල තැබීමේ උත්සවයටයි. පොළොන්නරුව ඉසිපතනාරාම පුරාණ රජමහා විහාරාධිපති නැගෙනහිර තමන්කඩු දෙපළාතේ ප්‍රධාන…

ඒකාබද්ධයේ ඉරණම් සටන් – අනුර සූරිය බණ්ඩාර

2012 අංක 21 පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) සංසෝධිත පනත අනුව රාජ්‍ය සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරීන්ට තමන් අයත් හෙවත් තමන් සේවය කරන පාළාත් පාලන බල ප්‍රදේශයේ ඡන්ද අපේක්ෂයකු ලෙස ඉදිරිපත් වීමට ඇති හැකියාව අහුරා තිබේ. එය වනාහි මීට පෙර ග්‍රාම නිලධාරින්ට ද පොදු වූ නීතියකි. මෙහි දී ඡන්දයට ඉදිරිපත් වීමට නොහැකි වන්නේ සමෘද්ධි නිලධාරින්, කෘෂි…

පරණවිතානට චියර් එකක් – බණ්ඩාර උඩුරාවන

ලංකාවේ අලි ගහනය විශාල ලෙස වැඩි වී ඇති බවත්, ලංකාවේ වනගහනයට සාපේක්ෂව වනාත්තරවල ඉඩ ඇත්තේ අලි 4000කට පමණ වුවත් මෙරට වනාත්තරවල අලින් 6000කට වඩා සිටින බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු නියෝජ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා කියා තිබුණි. ඒ මහතා එම ප්‍රකාශය කළේ බලන්ගොඩ සම්බන්ධීකරණ කමිටුවේදීය. අලි ප්‍රශ්නයට විස‍ඳුමක් ලෙස වල් අලින් අල්ලා විදේශ…

ආර්ථිකයට දර්ශනයක් – සී.ජේ.අමරතුංග

වෙළෙඳපොළට සම්බන්ධ විය නොහැකි ජනයා සඳහා සුබ සාධනය මෙම ආර්ථික ක්‍රමයේ වැදගත් අංශයකි. වැඩිහිටි ජනයා, රැකියා විරහිතයින්, ආබාධිතයින්, දිළිඳු ජනයා ආදී කොටස් සඳහා ඉහළ සුබ සාධනයක් පවත්වාගෙන යා යුතුය. යහපාලන ආණ්ඩුවේ ආර්ථික ඉදිරිදැක්ම පසුගිය සඳුදා එළිදක්වන ලද්දේ “පොහොසත් රටක්” යන තේමාව යටතේය. 2025 වසර දක්වා වන වැඩපිළිවෙළක් ලෙස ඉදිරිපත්කොට ඇති මෙම වැඩපිළිවෙළ මගින් වසර 2020…

යහපාලන ආණ්ඩුව ගෙදර යවන්න කාලෝට ඇති අයිතිය කුමක්ද ? – භාතිය බරුකන්ද

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සැලකෙන්නේ ලංකාවේ ප‍්‍රකට බුද්ධිමතෙක් මෙන්ම ජනමත නායකයෙකු ද වශයෙනි. එතුමා මේ තත්ත්වය ලබාගත්තේ හුදු දේශපාලන හෝ ඊනියා මාධ්‍ය සම්බන්ධතා මත නොව අදීන පැවැත්ම හා සමාජය වෙනුවෙන් නොබියව හා නොසැලී ඉටුකළ බුද්ධිමය කාර්යභාරය හේතුවෙන් බව පොදුවේ පිළිගැනේ. විශේෂයෙන් කාලෝ ෆොන්සේකා මහතා මහාචාර්ය කොවුර් සමග ඊනියා දේව ඇදහිලි ඇතුළු මිත්‍යාවන්ට එරෙහිව දශක ගණනාවක්…

අපේ සිහින ආයතන – නිශාන්ත කමලදාස

 අප දකින බොහෝ ආයතන තිබෙන්නේ ආයතන උදෙසා ය. ඒ ආයතනවලින් සේවාලාභින් ට හෝ සේවකයන්ට වැඩක් නැත. ඇතැම් විට එහි අයිතිකරුවන්ට ද ආයෝජකයන්ට ද වැඩක් නැත. කොටින්ම ඇග මස් ලේ ඇති අයට වැඩක් නැත. ආයතන ආයතන උදෙසා ය. මිනිසා උදෙසා නොවේ. ඇතැම් ආයතන තිබෙන්නේ එහි අයිතිකරුවන්ගේ වුවමනාවට ය.කළමනාකරුවන්ට,සේවකයන්ට හෝ සේවාලාභින්ට එයින් පලක් නැත. තරගය අවම වන…

‘වස විස නැති ජාතිය’’ සහ ඊට අයත් ග්ලයිෆොසේට් කළුකඩය – මහාචාර්ය චන්ද්‍ර ධර්මවර්ධන

  ග්ලයිෆොසේට් නමින් හැඳින්වෙන ජනප‍්‍රිය පළිබෝධ නාශකය 2015 දී ආණ්ඩුව විසින් තහනම් කරන ලදි. ඒ දරුණු තීරණයට හේතුව වශයෙන් දක්වන ලද්දේ, රජරට පැතිරෙන වකුගඩු රෝගයට එය හේතු වෙතැයි යන විශ්වාසයි. අනතුරුව කෘෂි රසායනික ද්‍රව්‍ය පොදුවේ තහනම් කරමින් ලංකාව වස විසෙන් තොර ජාතියක් බවට පත්කිරීමට අපේක්ෂා කෙරේ. කෘෂිකර්මය පිළිබඳ ජනාධිපති උපදේශකත්වය දරන්නේ, ‘වසවිසවලින් රට මුදවා ගනිමි’…

මහින්ද මහත්තයාට විවෘත සංදේශයක් – මොන්ටේගු සරච්චන්ද්‍ර – විධායක සභික – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

2015 වසරේ ජනවාරි 08 දින ඔබතුමන් ලබාගත් අන්ත පරාජයෙන් පසුව ගත වු වසර දෙකහමාරක පමණ කාලය තුළ ඔබ කියන කරන දේවල් දෙස බලා සිටියෙමි. කිනම් අවස්ථාවක හෝ සැබෑ තත්ත්වය තේරුම්ගෙන ඔබ රටේ නායකත්වය තෙක් රැගෙන ආ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනසීමේ ක්‍රියා පිළිවෙතින් වැළකෙනු ඇතැයි සිතුවෙමි. එහෙත් තත්ත්වය එන්න එන්නම බරපතළ වන බව පෙනෙන හෙයින්…