ශ්‍රී ලංකන් එයාර් ලයින් කියන රාජපක්ෂ යුගයේ මූල්‍ය කළමනාකරණයේ කතාව – භාතිය බරුකන්ද

2018 අයවැය ලේඛනය ඉදිරිපත් වීමත් සමග රාජ්‍ය සම්පත් පුද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් වන සංවාදය යළි සක‍්‍රීයවී තිබෙනවා. ඒ අතර ආණ්ඩුව තම ආර්ථික උපාය මාර්ග වඩාත් නිර්මාණශීලීව ක‍්‍රියාත්මක කිරීමට සූදානමකින් පසුබව බවක් දැකිය හැකි වෙනවා. මේ සඳහා ආණ්ඩුව වඩාත් නිර්මාණාත්මක සන්නිවේදන හා මාධ්‍ය ක‍්‍රියාකාරීත්වයක් ආරම්භ කර තිබීම අතිෂයින් වැදගත්. අපට වැරදුණේ කොතැනද ? ඪ2025 මගින් පසුගිය දා…

ප්‍රවෘත්ති වසා තැබීම – අනුර සුරියබණ්ඩාර

ශ්‍රී ලංකා ටෙලිකොම් ජලය ඔස්සේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට පිවිසීම ටෙලිකොම් පාරිභෝගිකයනට අවහිර කර ඇතිබවට පසුගිය ඉරිදා පුවත්පතක් විසින් පෙන්වා දී තිබුණි. මේ වන විටත් ෆේස් බුක් වැනි සමාජ ජාල ඔස්සේ එකී සංවාදය දිගහැරෙමින් පවති. මෙහිදී විරෝධතා කරුවන් මතුකරන කරුණ වන්නේ ජනාධිපතිවරයා යටතේ පවතින ආයතනයක් වන විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ඊ නිවුස් වාරණ…

පෙට්ට්‍රල් ගින්න කාගේ වැඩක්ද ? – සරත් වික්‍රමසූරිය

රට පුරාම පැවතුන පෙට්ට්‍රල් ප්‍රශ්නය මේ වන විට නිරාකරණය වී තිබුණා වුවද තෙල් ප්‍රශ්නය විසින් මතු කළ ගැටලුව පිළිබඳ අවධානය යොමු කීරීම කාලීන අවශ්‍යතාවයකි. තෙල් ප්‍රශ්නයේ ඇරඹුම ලෙස පෙනෙන්නට ඇත්තේ බාල ප්‍රමිතියෙන් යුතු තෙල් නැවක් බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමයි. නැවෙන් රැගෙන ආ තෙල් බාල නම් බාර නොගැනීම වරදකැයි කියා කියන්නට නොහැකිය. රාජපක්ෂ සමයේ බාල තෙල්…

සයිටම් අර්බුදයේ නොදකින පැතිකඩ – නිශාන්ත කමලදාස

 ලංකාවේ මිනිසුන් කේවල් කිරීම හරහා සම්මුතියකට පැමිණිම සම්බන්ධයෙන් ද කොතරම් නොතරම් දැයි තේරුම් ගැනීමට හැකි එක් හොඳ උදාහරණයක් නම් සයිටම් ප්‍රශ්නය ය. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පියවර ගණනාවකින් පසු බැස අවසානයේ එය අහෝසි කරන බවට ප්‍රකාශ කර ඇතත් තාමත් උත්තර නැති ප්‍රශ්න ගණනාවක් ඉතිරි ව තිබේ. තව වටයකින් මේ ප්‍රශ්නය නැවත මතුවන්නට පෙර මෙය විමසිය යුත්තේ…

පළාත් පාලන මැතිවරණය ජනවාරියේ –

පළාත් පාලන මැතිවරණය ජනවාරියේ –

ප්‍රථම වරට මිශ්‍ර ක්‍රමයට පවත්වන පළාත් පාලන මැතිවරණය සඳහා පළාත් පාලන ආයතන 341කට පත්විය යුතු සභිකයන් සංඛ්‍යාව ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය සෙනසුරාදා (නොවැම්බර් 11) නිකුත් කෙරුණි. ඒ අනුව මෙතෙක් පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළ යයි. එය පළාත් පාලන මන්ත්‍රීවරු 3870කගේ වැඩිවීමකි. මෙතෙක් පැවති පළාත් පාලන ආයතන…

අයවැයෙන් සිදුවෙලා තිබෙන්නේ ගත්ත ණයවල පව් ජනතාව මත පැටවීමයි – ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස

මීට අවුරුදු 40කට කලින් මාතර දෙවිනුවර මන්ත‍්‍රී රොනීද මැල් ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ ප‍්‍රතිපත්තිය සහ මූලධර්ම ඒ ආකාරයෙන්ම අද මාතර දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රී මංගල සමරවීර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. විවෘත ආර්ථිකයටම පරිසර හිතකාමී සත්ව හිතකාමී පේන්ට් එකක් කරලා. රට වළපල්ලට ඇදගෙන ගිය ප‍්‍රතිපත්තිය ඒ ලෙසම ඉදිරිපත් කර තිබෙනවා. ජනතාවට විහිළු සපයන කාරණා කිහිපයක් මේ අයවැයේ තියෙනවා….

අවදානම් කළමනාකරනය ගැන ඉන්ධන අර්බුදයෙන් පාඩම් – මහාචාර්ය රොහාන් සමරජීව

  පිරිපහදු කරන ලද ඛනිජ තෙල් නැවක් ගුණාත්මක භාවයේ ගැටළුවක් හේතු කොට ගෙන ප්‍රතික්ෂේප කරනු ලැබිනි. මොන යම් හේතුවක් නිසා හෝ තවත් තෙල් නැවක් ප්‍රමාද වුනි.  අකලට සැපයුම් සීමා කිරීම, කටකතා සහ දුරදිග නොබලා සිදුකරන ලද  ඇමති ප්‍රකාශ නිසා අමතර තෙල් මිලදී ගැනීමට පාරිභෝගිකයින් තුල පෙළඹවීමක් ඇති විය.  රටේ එදිනෙදා කටයුතු වලට බාධා පැමිණුනු අතර…

|

මෙවර අයවැය ඉතා හොඳ එකක්. ඒක අපි ඉහළින් අගය කරනවා.- ලංකා මෝටර් රථ ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙවෙන්චිගේ

  මෙවර අයවැය සමස්ථයක් හැටියට ගත්තහම අපි ආනයන කරුවො හැටියට සන්තෝෂ වෙනවා. ඒකට හේතුව, බොහොම ප්‍රායෝගික ක්‍රමයකට බදු ගණනය කිරීම හදලා තියෙනව. අපි හිතන්නෙ ඉදිරියෙදි මෙය වාහන වලට විතරක් නෙමෙයි ලංකාවට ආනයන කරන හැම භාණ්ඩයකටම මේ වගේ ක්‍රමයක් ක්‍රයාත්මක කෙරුවොත් හොඳයි. මොකද නිශ්චිත බද්දක් එක්ක එන්නෙ. ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරගෙන යද්දි බොහෝම පහසුතාවයක් එයින් ඇති වෙනවා….

වැරදි කරුවන්ට හරියට නීතිය ක්‍රියාත්මක නොවුන එකතමයි මටත් තියන ප්‍රශ්නය – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් අපවත් වී අදට දෙවසරක් පිරෙන මොහොතේ අපි උන්වහන්සේව සිහිපත් කරන්නට යි මෙතෙන්ට රැස්වෙලා ඉන්නේ. උන්වහන්සේ ශාසනයට පමණක් නෙමෙයි සාමාජයටත්, රටටත් උදාර සේවයක් කළ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්.  තවුරුවත් බලාපොරොත්තු වුනේ නැහැ උන් වහන්සේ අපවත් වූ ආකාරයට රෝගාතුර වෙලා එසේ අපවත් වෙයි කියලා. කවුරුවත් නොහිතපු විදිහට උන්…

ඇතැම් භින්ෂුන් වහන්සේලා, අද කරන්නේ බුදු දහමට නිග්‍රහයක්-මහාචාර්ය සරත් විජේසූරිය

සාධාරණ සමාජයක් රට වැසියන්ට උරුම කිරීම උදෙසා, විධායක ජනාධිපති පදවිය අවසන් කළ යුතුය යන කාරණාව සෝභිත හිමියන්ගේ ප්‍රධාන මතවාදය වන්නේය. එය ඉටු කරන මෙන් උන් වහන්සේ ඉල්ලා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගෙනි. එතුමා ඒ ඉල්ලීම මායිම් නොකළේය. එතුමා ඒ වෙනුවට කළේ දිවි තිබෙන තුරා ජනාධිපති පදිවිය දැරීමට නෛතික අවකාශයක් උදා කර ගැනීම ය. මේ පසුබිම තුළ…

යහපාලන ආණ්ඩුවේ තෙවැනි අයවැය පාර්ලිමේන්තුවට..
|

යහපාලන ආණ්ඩුවේ තෙවැනි අයවැය පාර්ලිමේන්තුවට..

2018 අයවැය යෝජනාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ය. රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ රාශියක් ක්‍රියාත්මක කරමින් සිටින බව අමාත්‍ය මංගල සමරවීර මහතා සිය මංගල අයවැය කතාවේදී පැවසිය. එහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කල මුදල් අමාත්‍ය තුමා, ”2018 අයවැය ඉදිරිපත් කිරීමට ලැබීම මා ලද භාග්‍යයක්. අපේ යහපාලන ජාතික ආන්ඩුවේ…

විප්ලවයක ඉරණම – සී.ජේ අමරතුංග

ඔක්තෝබර් විප්ලවයේ සියවස් සැමරුම නිමිත්තෙනි පසුගිය සියවසේ ලොව හෙල්ලූ සිදුවීමේ ශත සංවත්සරය නොවැම්බර් හත්වෙනිදාට යෙදී තිබිණි. ඒ ඔක්තෝබර් විප්ලවයට සියවසක් පිරීමේ අවස්ථාවයි. ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේද එය සමරන ලද්දේ අති උත්සවාකාරයෙනි. එයට බොහෝවිට මුල් වූයේ වාමාංශික පක්ෂ හා කණ්ඩායම් වුවද ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ද එක්ව සිටිනු දක්නට ලැබිණි. සියලු දෙනාම ඔක්තෝබරය සැමරුවේ එකම හැඟීමකින්ද යන්න…