|

මහින්දගේ වෙස් ගැලවෙයි

පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් පිරිසක් පසුගියදා ජනාධිපතිතුමා හමුවූයේ කොළඹ ජනාධිපති මන්දිරයේදීය. එහි දී මැතිවරණය ගැන මෙන්ම දූෂණයට එරෙහිව කටයුතු කිරීම ගැනද ජනාධිපතිතුමා කතා කළා. ශ්‍රී ලංකන් එයාලයින් හා මිහින් ලංකා සමාගම්වල සිදු වී ඇති දූෂණ හා අයතා ගනුදෙනු ආදිය ගැන පරීක්ෂා කිරීමට ජනාධිපති කොමිසමක් පත්කිරීමට තමා තීරණය කොට ඇති බව ජනාධිපතිතුමා හෙළිදරව් කළා….

අහස උසට ගිය ගුවන් සේවා ගැහිලි – සී. ජේ. අමරතුංග

 ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස සැලකෙන ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනය මෑතකාලයේ කතාබහට ලක්වූයේ එහි සිදුවන අතිවිශාල අලාභය හේතුවෙනි. එමෙන්ම ප්‍රශ්නකාරී අතිවිශාල ගනුදෙනු හා ඒ නිසා රටට සිදුවූ අතිවිශාල පාඩු ගැනද වාර්තා විය. අධික මිලක් ගෙවා ගුවන් යානා මිලදී ගැනීමට ගිවිසුම් අත්සන්කොට තිබූ බව හෙළිදරව් විය. එම ඇතැම් ගිවිසුම් අවලංගු කිරීමට ද විශාල දඩ…

අභාග්‍යයක් වූ විභාගය – නිශාන්ත කමලදාස

 කෙනකුගේ මුළු අනාගතයම විභාග ප්‍රතිඵල මත තීරණය කිරීම නිවැරදි ද? විභාගය කෙනකුගේ දැනුම කුසලතා හා විභවය මැනිමේ හොඳ මිම්මක් ද? මේ ප්‍රශ්න විමසන්නට පවා අපට වෙලාවක් නැත. ඒ අප එක් විභාගයකින් තව විභාගයකට ගමන් කරමින් සිටින නිසා ය. අපේ විභාග අවසන් වූ පසු දරුවන්ගේ විභාග ද එකක් හැර එකක් බැගින් අපව ද බැඳ තබමින් පෝලිමට…

බන්දුල පච කෙළියි – මහ බැංකුව ඇත්ත හෙළිකරයි

හම්බන්තොට වරායේ බදු ගිවිසුමෙන් ලැබුණු මුදල් මහ බැංකුවට බරකොට නැතැයි බන්දුල ගුනවර්දන මන්ත්‍රීවරයා කල චෝදනාවට ශ්‍රී ලංකා මහ බැංකුව පිළිතුරු දී ඇත. මහා බැංකුව කියා ඇත්තේ සියලු මුදල් මහා බැංකුවේ තැන්පත් කොට ඇති බවයි . ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම අතර හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ඇති කර ගන්නා…

මහින්දට ගමේ බලය නොදිය යුත්තේ ඇයි ? – භාතිය බරුකන්ද

‘‘තට්ටු කරන්නාට දොර ඇරේ’’ කීවාසේ ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටි පළාත් පාලන මැතිවරණය දැන් පැමිණ තිබෙනවා. ඒත් මැතිවරණයට නාම යෝජනා භාරදීම අවසන් වන විට ඒකාබද්ධ විපක්ෂයට, නැහොත් පොහොට්ටු පක්ෂයට පළාත් පාලන මැතිවරණය පරාවළලක් වන ලකුණු පහළ වුණා. ඒ අතර ප‍්‍රධාන වුණේ ඒකාබද්ධ විපක්ෂයේ නාමයෝජනා ලැයිස්තු ගණනාවක් ප‍්‍රතික්ෂේප වීම සමග ඇති වූ දැඩි පසුබෑමයි. කොටින්ම පොහොට්ටුව මේ…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – එම් ඕ ඒ ද සොයිසා

පසුගිය 18 වෙනි දින කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැත්වුණ අධිකරණ සේවා කොමිෂන් සභාවේ වාර්ෂික සමුළුව ඉදිරියේ දේශනයක් පවත්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය සේවයේ සමහර පත්කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කරන නිර්දේශ පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බවය. ප්‍රසිද්ධ රැස්වීමක දී ජනාධිපතිවරයා විසින් කරන ලද මෙම ප්‍රකාශය රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ යම් කැළඹීමක්…

අත නැත්නම් පොහොට්ටුවද? – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

හරියටම කියනවනම් දෙසැම්බර් 20 දා රාත්‍රි ප්‍රවෘත්ති විකාශනය අස්සේ එක් රූපවාහිනි නාලිකාවක් කීවේ, අපේ සහයෝගය පොහොට්ටුවට කියල, මහාමාර්ග ඇමති ඩිලාන් පෙරේරා කිවය කියලයි. 21 වෙනිදා පත්තරවලත් ඒ පුවත පළවෙලා තිබුණා. එතනදි කියැවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා ප්‍රතික්ෂේප වුණු දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි සියලු දෙනා සහයෝගය ලබා…

ඇස්බස්ටස් සහ තේ කොළ – අනුර සූරියබණ්ඩාර

මෙරටින් රුසියාවට අපනයනය කරන තේ ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදනවලට පැනවූ තාවකාලික තහනමත් ලබන වසරේ සිට මෙරටේ පැනවීමට තිබු ඇස්බැස්ටස් තහනමත් අතර සම්බන්ධයක් ඇති බවට නිල නොවන ආරංචියක් ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසා තිබුණි. මෙරටින් රුසියාවට අපනයනය කරන 11% තේ ප්‍රමාණය අහිමිවුවහොත් ඉන් රටට ඇතිවිය හැකි බලපෑම ගැන රජය අවධානය යොමු කළ යුතු…

සුරක්ෂා රක්ෂණය සහ පෙරටුගාමි පක්ෂය – සෙනරත් විජය වික්‍රම

සුරක්ෂා රක්ෂණය යනු මෙරට සෞඛ්‍ය සේවය අහෝසි කිරීමේ මුල් පියවරක් බව පෙරටුගාමි සමාජවදි පක්ෂයේ ප්‍රධානියකු පසුගිය දිනක ප්‍රකාශකර තිබුණි. කො‍රහේ කිඹුලන් දැකීම මෙරට වාමාංශිකයන් යැයි කියාගන්නා කණ්ඩායමේ සිරිතක් වුවද සුරක්ෂා රක්ෂණයෙන් මෙරට නිදහස් සෞඛ්‍ය ‍සේවයට හානියක් සිදුවේද එසේ නැතිනම් එම රක්ෂණය හේතුවෙන් මෙරට නිදහස් සෞඛ්‍ය සේවය අහෝසිවේද යන්න සොයා බැලීම කාලීන අවශ්‍යතාවක් බැවින් මේ ලිපිය…

|

ජනාධිපති මෛත්‍රී සටන අරඹද්දී මහින්දගෙන් මැසිවිලි

‍ඒකාබද්ධ විපක්ෂයට සහය දුන් ප්‍රබලයින් දිගින් දිගට තමන් හා එකතුවීම නිසා ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉරිදා හපුතලේ නගරයේ පැවැති ජනහමුවකට සහභාගිවෙමින් පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළා. පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා විසින් සංවිධානය කොට තිබූ මෙම රැස්වීමට ඌව ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතාද සහභාගි වී සිටියා. මෙහි දී…

පාරිසරික ජාතිවාදය – අනුර සුරියබණ්ඩාර

විල්පත්තු වනාන්තරයේ සිදුවන මහා වන සංහාරය නවතා දැනට ඉතිරි වී ඇති වනාන්තර ප‍්‍රමාණයවත් රැක ගැනීමට ජාති ආගම් භේදවලින් තොරව එකතු විය යුතු බව සිනමා නළු රවීන්ද්‍ර රන්දෙනිය කියා තිබුණේ ‘විල්පත්තුව වෙනුවෙන් අපි’ නමැති සංවි”ධානයේ මාධ්‍ය හමුව අමතමිනි. රවීන්ද්‍ර රන්දෙනිය මහතා පමණක් නොව එකී මාධ්‍ය හමුවට තවත් නළු නිළියන් පිරිසක්ද සහභාගී වී තිබුණි. එපමණක් නොවේ පසුගිය…

මැතිවරණ කොමිසමේ කොන්ද කෙලින්ද කියලා පරීක්‍ෂාවට ලක් වෙන්නේ මෙම මැතිවරණයේදී – ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්

නාම යෝජනා බාරදීමේ අදියර දෙකේදීම කිසිදු නාම යෝජනා ලැයිස්තුවක් ප්‍රතික්‍ෂේප නොවී ආරම්භයේදීම ඉතාම සාර්ථකව නාමයෝජනා බාර දීමට අපිට හැකිවුණා. උතුරේ යාපනය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 04ක්, කිලිනොච්චියේ 01ක්, මන්නාරම 01ක් සහ වව්නියාව ආයතන 05 සඳහාත් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියලුම ආයතන සඳහාත් අම්පාර දිස්ත්‍රික්කයේ ආයතන 12ක් සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ආයතන 06ක් ඇතුළුව මුලු රටේම පළාත්…