මිස්ටර් “දොං – සිමන්” – මහින්ද රාජපක්ෂගේ පොහොට්ටු භූමිකාව – භාතිය බරුකන්ද

‘‘දොං නම් දොං – සිමන් නම් සිමන්, දොනුයි සිමනුයි දෙකක් බැහැ’’ අපි ඇතැම් අවස්ථාවල මෙහෙම කියනවා. අපි එහෙම කියන්නේ එකම අවස්ථාවේ චරිත දෙකක් රඟපාන්න උත්සාහ කරන අවස්ථාවාදීන්ව විවේචනය කරමින්. ඒ වගේම ‘‘ගඟන් වතුර බී මුහුදට ආවඩනවා’’ ‘‘කරල පැහෙනකම් ඉන්නවා’’ වාගේ තවත් කතා රැුසක් මේ අවස්ථාවාදීන්ව හෙළා දැකීම සඳහා අපි භාවිත කරනවා. ‘‘මහත්තයෝ මහින්ද රාජපක්ෂ මහත්තයා…

පුංචි ඡන්දය විස්ථාපනය වූ දේශපාලන ආභාසයක්? – ආචාර්ය ජයන්ත සෙනෙවිරත්න

පළාත් පාලන මැතිවරණය උණුසුම්ය. කෙනෙක් මෙය ආණ්ඩුවේ ගෙවුණු වසර 2 පිළිබඳ ජනමත විචාරණයක් ලෙස සලකන්නැයි ඉල්ලා සිටිති. තවකෙක්, ආණ්ඩුවට පාඩමක් උගැන්වීමට මෙය අවස්ථාවක්කර ගත යුතු බව කියා සිටිති. ගමේ – නගරයේ පාලනය අතටගෙන ආණ්ඩු පෙරළියකට මගපාදාගත යුතු බව කියන කොටසක්ද වෙති. වඩාත් හාස්‍යජනක දේ වන්නේ පසුගිය රෙජීමයේ භීෂණ – දූෂණ ක්‍රියාවන් හෙළිදරව් කොට ඒවාට සම්බන්ධ…

අංගුලිමාල කතා වස්තුව – නිශාන්ත කමලදාස

 බෞද්ධ සාහිත්‍යයේ එන අංගුලිමාල කතාවස්තුවෙන් ඉගෙනීමට බොහෝ දේ අපට තිබේ. ඒ අප හරි හැටි එම කතාව විවරණය කිරීමට සමත් වෙතොත් ය. අංගුලිමාලගේ මුල් නම අහිංසක ය. ඒ හෙතෙම අහිංසක දරුවකු වූ නිසා ය. සිය ගුරුවරයා විසින් නොමගට යවනු ලබන්නේ එවැනි කෙනෙකි. අප දරුවනට කියන්නේ ගුරු උපදෙස් පිළිගන්නා ලෙසට ය. ප්‍රශ්න නොකර පිළිගන්නා ලෙසට ය. ගුරු…

ව්‍යවස්ථා කොල්ලය – එම් ඕ ඒ ද සොයිසා

එක් අතකින් බලන විට ආණ්ඩුකරණය නැතිනම් රාජ්‍ය පාලනය ක්‍රීඩාවකට සමාන වේ. ක්‍රීඩාවක පදනම වන්නේ ක්‍රීඩා පිටියට බැසීමට ප්‍රථමයෙන් ක්‍රීඩකයින් ක්‍රීඩාවේ යෙදිය යුතු ආකාරය කෙරෙහි බලපාන නීතිරීති අවබෝධ කරගෙන ඒ අනුව ක්‍රීඩා කිරීමය. මේ හා සමානව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ දේශපාලන ක්‍රීඩාව කරන ක්‍රීඩකයින්ට අදාළ වන නීතිරීති පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනි. ඉතාම කෙටියෙන් කියනවා නම්…

ජෝකර්ලාගේ අම්බලම – මහාචාර්ය මිල්ටන් රාජරත්න – පේරාදෙණිය විශ්ව විද්‍යාලය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න සෙනෙට් සභාව 1971 ඔක්කොම්බර් 21 දිනදී අහෝසි කිරීමෙන් පසු 1972 මාර්තු 22 දින ජනරජ ව්‍යවස්ථාව මගින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙනුවට තෝරා පත් කරගනු ලැබූ මන්ත්‍රීවරු 168 දෙනෙකුගෙන් සමන්විතවූ ජාතික රාජ්‍ය සභාව පිහිටුවා ගනු ලැබීය.වර්ෂ 1978 දී සම්මත කළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාව මගින් කොට්ඨාස ඡන්ද ක්‍රමය අහෝසි…

|

සජිත්ගේ උපන්දින තෑගි බෙදීම කල් යයි

පසුගිය සඳුදා දිනය ජනාධිපතිතුමාට විශේෂ දිනයක් වුණා. 2015 ජනවාරි 8වැනිදා ජනාධිපතිවරණය ජයගෙන සිදු වූ පදවි ප්‍රාප්තියට වසර තුනක් ගතවීම එදිනට යෙදී තිබුණා. එමෙන්ම ජනාධිපතිතුමාගේ ජීවිතයේ විශාල සිහිනයක් සැබෑ කරගැනීමටද එදින හැකියාව ලැබුණා. එය නම් මොරගහකන්ද ජලාශයේ එක් රැස්වන ජලයෙන් රජරට ගොවි ජනයාගේ ජල ප්‍රශ්නය විසඳා විශාල ගොවි බිමක් අස්වැද්දීමයි. එදින උදේ ජනාධිපතිතුමා රාජගිරියේ දිගම ගුවන්…

බැඳුම්කරයෙන් පව් සෝදා ගැනීම – භාතිය බරුකන්ද

මහින්ද රාජපක්ෂ මහතා බැඳුම්කර කොමිෂමේ වාර්තාව එනතෙක් ඇඟිලි ගැන්නා සේ ජනතාව ඇඟිලි ගනිමින් සිටින්නේ බරපතළ වංචා ගැන සොයා බැලීමට පත් කළ තවත් කොමිෂන් සභා වාර්තා සේම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එයාර් ලංකා මිහින් ලංකා, 2008 -2015 බැඳුම්කර ගනුදෙනු, වැලිකඩ රිමාන්ඞ් සිරකරුවන් ඝාතනය කිරීම, වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු තවත් පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා එන තෙක්ය. ඒවා පිට…

“ඡන්දයට පෙර යහන්ගතවන්න ” – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

තමන් ලිංගික අල්ලස් නොදුන් නිසා තමාට ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ස ඳ හා නාමයෝජනා ‍‍නොලැබුණු බවට මධූෂා රාමසංහ පසුගිය දා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය. මෙරට ලිංගික අල්ලස් කතාවේ අලුත්ම පුපුරායාම ලෙස ඇගේ චෝදනාව සලකන්නට පුළුවන. එය එසේ වන්නේ පළාත් පාලන ආයතන යනු මෙරට ආණ්ඩුකරණයේ පහළම ඒකකය එනම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ මුල්ම පුරුකද වන බැවිනි….

|

යහ පාලනයේ ප්‍රගති වාර්තාව – සී.ජේ.අමරතුංග

 යහපාලනයේ උපන් දිනය පසුගිය දිනවල යෙදී තිබිණි. 2015 ජනවාරි 8 වැනිදා පැවැති මැතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දිව්රුම් දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කිරීම සිදුවූයේ ජනවාරි 9 වැනිදාය. එබැවින් මේ දින දෙකම වැදගත්ය. කෙසේ වෙතත් මහජනයා ඡන්දය දී වෙනස සිදු කළේ ජනවාරි 8 දා නිසා එම දිනය යහපාලනයේ උපන් දිනය ලෙස සැලකීම නිවැරදි විය…

අගමැතිට එරෙහි පතාල තර්ජන – බණ්ඩාර උඩුරාවන

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායක, ජාතික සහජීවනය සහ සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය, මනෝගනේෂන් මහතාට විශේෂ කාර්ය බලකාය හෙවත් එස්.ටී.එෆ්. ආරක්ෂාව සපයා ඇති බව පසුගිය සතියේ ප්‍රවෘත්ති වලින් කියවිණ. හේතුව ඔහුට පතාල තර්ජන එල්ල වී තිබීමය. ඔහුට තර්ජන එල්ල වී ඇත්තේ උතුරු කොළඹ ආසනයෙන් බවද කියැවේ. එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගර සභාවේ අපේක්ෂක ලැයිස්තුවට පතාල සම්බන්ධතා…

මහා බැංකු බැදුම්කර ගනුදෙණුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ගෙන් විශේෂ ප්‍රකාශයක්

පසුගිය ආණ්ඩු සමයේදී මෙන් වැරදි අඩුපාඩු සියල්ල පාපිස්සට යට කර, නීතියේ ආධිපත්‍යය පාගා දමන්නට අප සූදානම් නොමැති බවත් සමාජ සාධාරණත්වය වලලා දමන්නට අප සූදානම් නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැතිවරයා පාර්ලිමේන්තුව අමත අද(10) කළ විශේෂ ප්‍රකාශයේ මේ බව සදහන් වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2018 ජනවාරි 10 වන දා පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ ප්‍රකාශය ගරු කතානායකතුමනි, 2015 පෙබරවාරි…

බැඳුම්කර කොමිෂම මෙතැනින් කොතැනටද ? – භාතිය බරුකන්ද

බැඳුම්කර කොමිෂම සම්බන්ධ ක‍්‍රියාවලියේ ප‍්‍රධාන තීරණාත්මක පියවර නිමාවට පත් වුණේ එය එජාපයට එරෙහිව පරමාණු බෝම්බයක් බවට පත්කර ගැනීමට තිබූ අවස්ථාවට සම්පූර්ණයෙන් අවසන් කරමින්. කොමිෂන් සභාවේ වාර්තාව මේ දක්වා සම්පූර්ණයෙන් ප‍්‍රකාශයට පත්ව නැතත් එහි තීරණාත්මක යෝජනා, නිර්දේශ ගැන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවේ කරුණු දක්වා සිටියා. එහිදී ජනාධිපතිවරයා තමාගේ උධෘතද දැක්වීමට අමතක කළේ නැහැ. එයත්…