හිරුණිකාගේ සුනඛ සංර්සග දේශපාලනය – ප්‍රියශාන්ත රාජපක්ෂ

බටහිර ලෝකයේ ගැහැණියක් හා පිරිමියෙක් අතර ඇතිවන ලිවින් ටුගෙදර් සබඳතාවයක් කෙලවරවන්නේ දෙදෙනා සුහදව එකිනෙකාට සුබපතමින් වෙන්වී යාමෙන්ය. නමුත් අපේ රට ඇතුලේ ලිවින්ටුගෙදර් සඹඳතාවයක් අවසන් වන්නේ දෙදෙනා නයි මුගටි සතුරන් බවට පත්වී සහ එකෙකු විසින් අනෙකාගේ ආත්මය පවා විනාශකර දැමීමෙන්ය. ඇතැම්විට එතනින්ද අවසන් නොවන මේ ලිවින්ටුගෙදර් අවසාන ජවනිකාවන් රටේ මහා දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වීමටද ඉඩ ඇත….

බිල්ලන් මවා රැවටෙන රතු කමිස දේශපාලනය – සී ජේ අමරතුංග

ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධාකාර බිල්ලන් මැවීම මේ මොහොතේ ජයට ම සිදුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ‘රටේ ජාතික ආරක්ෂාවට, ස්වෛරීභාවයට තර්ජන එල්ල වන්නේය’ කීමේ සිට කොළඹට ජලය නැති වීම, කෘෂිකර්මයට ජලය නැති වීම, විදේශ විනිමය රටට ලැබෙනවාට වඩා පිටට ගලායාම ආදී මෙකී, නොකී ආකාරයෙන් මෙම බිල්ලන් මැවීම සිදුවෙමින් පවතියි. මෙම විවිධාකාර බිල්ලන් පිළිබඳව කතා කිරීම හෝ…

සාපරාධී අපහාස නීතිය යළි ගෙනා යුතුද? – අජිත් පැරකුම් ජයසිංහ 

ආසන්න දින දෙකක ආශු මාරසිංහට හා අනුප පස්කුවල්ට එල්ල වූ ප්‍රහාර දෙකම මං සමීපව අධ්‍යයනය කළා. අනුප සහභාගී වූ රැස්වීමට සහභාගී වූ අය සමගත් කතා කළා. එහිදී කිසිදු ප්‍රමාදයක් සිදුවී නැහැ. කොරියානු ජාතිකයාගේ ඉදිරිපත් කිරීමේ තිබුණු කොටසක් අල්ලාගෙන තමයි ඩේලි මිරර් ප්‍රවෘත්තියක් ප්‍රබන්ධ කළේ. අනුප ප්‍රමාද වූ නිසා කොරියානුවා ඔහුට දෙහි කැපුවා කියන එකයි කියවුණේ….

|

සුනඛ අනුරාගය – Faculty of Sex

සැබෑ විපරීතය පවතින්නේ ආශු මාරසිංහගේ නිදන කාමරයේ නොව ප්‍රසිද්ධීයේ ෆේස්බුකියේය. ආශු මාරසිංහ ගැන අපට කිසිදු අදාලත්වයක් නැත. නමුත් පුද්ගලයෙක් සමග ඇති දේශපාලන වෛරයකට, පලිගැනීමකට ලිංගික සංස්කෘතියක්, තෝරාගැනීමක් භාවිතා කිරීම බලු වැඩකි. ආශු මාරසිංහගේ ඇනිමල් පෝර්න් එකක් විදිහට ෂෙයාර් වෙන වීඩියෝවේ ෆැකල්ටි ඔෆ් සෙක්ස් අපට අනුව Bestality or Zoophilia නැත. ඒ කුඩා කොටසින් පේන්නේ තව කවුරුන්…

|

සියැටෙල් ලී ක්වාන් යූ සහ රනිල් – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

බිත්තර පාලන මිලට සහ විශ්‍රාම වයසට එරෙහිවද,  නඩු දෙකකි. වැඩි මිලට බිත්තර අලෙවියට එරෙහිව  ලක්ෂ ගණන් දඩ නියම විය. වසර 60න් විශ්‍රාම ගැන්වීමට නො සතුටින්  සමහර වෛද්‍ය වෘත්තිකයන් විදේශ ගතවීමටත්,  විදේශගතව සිටි සමහරුන් ආපසු දිවයිනට නො පැමිණිමටත් ගත් තීරණය නිදහස් අධ්‍යාපන වරප්‍රසාදය අවියක් කර ගැනීමකි. ආදරයේ  අරගලය විසින් පළවා හැරියේ සීනි බද්ද ශත 25ට අඩුකර,…

මේ මොහොත පළාත් පාලන ඡන්දයට සුදුසු වේලාව නොවේ – මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා

පළාත් පාලන මැතිවරණයක් මේ මොහො‍ෙත් පැවැත්වීම සුදුසු ද? රටේ ආර්ථික අර්බුදය මැතිවරණ පැවැත්වීම නිසා තවදුරටත් උග්‍ර විය හැකිද? මැතිවරණ ක්‍රමය වෙනස් විය යුත්තේ කෙසේද? යන්න ගැන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා සමඟ කළ සංවාදයකි මේ. – සීමිත කාලයකට මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදය හකුළා ගැනීමක් නොවේ – මැතිවරණය තියන්න IMF ලැබෙනකම්වත් ඉන්න රට පසුගිය කාලය තුළ පැවතුණේ…

කලබලේ, මේ මොහොතේ මැතිවරණයක් තියන්න ඕනෑ නෑ – ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා

      ඡන්දයක් තියන්න රටේ කඩදාසි තියෙනවද? රටේ මිනිස්සු දුක් විඳිද්දී සමහරුන් ඡන්දය තියන්න කියා බල කරනවා මැතිවරණයක් ඉල්ලන්නේ රට අරාජික කරන අය රට හැදුණහම එකතු වෙලා මැතිවරණයක් තියන්න පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව පවසමින් විවිධ පාර්ශ්වයන් ක්‍රියාමාර්ගවල නිරත වීමට පටන්ගෙන සිටිති. එමෙන්ම එය මේ මොහොතේ අත්‍යවශ්‍ය අංගයක් බවට ඔවුහු මතයක් ගොඩනඟමින් සිටිති….

කපුටු කාක් කාක් කාක් කාක් – සජිත් සජිත් සජිත් සජිත් – අජිත් පැරකුම් ජයසිංහ

මේ ලිපියේ අමුණා තිබෙන නිව්ස් හෙවත් ගොසිප් තුන එක ළඟ මෙහෙම මෙහෙම තියෙනවා දැක්කා. විදුලි ඉංජිනේරු මාෆියාව පැය දහයක විදුලි කප්පාදුවක් සෙට් කරන්නෙ සජිත්ගෙ වැඩසටහන ඉදිරියට ගන්නට වෙන්න පුළුවන්. අරගලකරුවන්ට තියෙනවා අවස්ථාව සජිත්ට සහයෝගයක් දෙන්න. ඇමරිකාව කොතන ඉන්නවද තවම පැහැදිලි නැහැ. කෙසේ වෙතත්, යූඑස්ඒඩ් ඔයගොල්ලන්ව තනිකරන එකක් නැහැ. නැතත්, රට පුරා චෛත්‍ය හැදීමේ බලාපොරොත්තුවෙන් රට…

ගෝඨාභය ඇමරිකන් මකරාගෙ චිත්‍රය මැකුවා මතකද? – අජිත් පැරකුම් ජයසිංහ

මේ බිත්ති චිත්‍රය මතකද? ඒක තිබුණෙ කොතැනද කියල මට මතක නැහැ. මේ චිත්‍රය ඇන්දෙ ගෝඨාභය බලයට ආපු වෙලාවෙ චිත්‍ර අඳින රැල්ල මැද. අනෙක් චිත්‍ර මැකුවෙ නැහැ. මේක මැකුවා. අවුරුදු තුනකට පස්සෙ කල්පනා කරල බලන්න (අන්‍රයියා කියනවා වගේ) මොකක්ද වුණේ කියලා. ඇමරිකාව සිංහල-බෞද්ධ-ගොවිගම බලය බින්දා. ඒකට රාජපක්ෂ පවුලේ කෙනෙකුම පාවිච්චි කළා. හැබැයි, තවම වැඩේ ඉවර නැහැ,…

විපක්ෂයත් පාර අසන්නේ රනිල්ගෙනි

රටක දේශපාලනයත් හරියට දේශගුණය වගේ හැසිරෙන දෙයක් කිව්වට වැරදි නොවේ.දේශගුණය සමාන්‍යයෙන් කාලාන්තරයක් යන තුරු නොවෙනස්ව පවතී. වෙනස්වීම් වුණත් එය දැනෙන තරමට පෙන්වන්නේ නැත. එලෙසම රටක දේශපාලනයත් දශක ගනනාවක් ඒකාකාරීව පවතින බවත් පෙනෙන්නට තිබේ. අද ලෝකය දේශගුණික විපර්යාස වලට මුහුණ දෙන විට එය මෙරටටත් බල පා ඇති සේ ලෝක දේශපාලනය අනුව රටක දේශපාලනය වෙනස්වීම සහ ඊට…

|

නන්දලාල්ගෙන් කබ්රාල්ට පිළිතුරු …!

  පසුගිය දා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් පුවත් පත් සාකච්ඡාවකදී පවසා තිබුණේ තමා කළ දේම වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාද අනුගමනය කරන බවයි. එයට වත්මන් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පිළිතුරු දුන්නේ පහත පිරිදිය: “එතුමා පත්තරේකටත් කියල තිබුණා නන්දලාල් කරන්නෙත් මම කරපු දේමයි කියලා. ඒකත් ඇත්තටම අර එතුමාගේ තේරුම්…

මේ ගෙවෙන කාලය අපායේ ඉන්ටර්වල් එක වගේ – පිලිප් දිසානායක

  මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය ලොවට හදුන්වා දී 2022 දෙසැම්බර් 10දාට වසර 74 ක් සපිරෙනවා. මෙම විශ්ව ප්‍රකාශනයට ලංකාව අත්සන තබන ලද්දේ 1965 වර්ෂයේදීයි. ඉන් පසුව එම විශ්ව ප්‍රකාශනයේ සඳහන් සමහර කොටස් මූලික අයිතිවාසිකම් ලෙස  අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ඇතුළත් වී තිඛෙනවා. නමුත් අපට දශක ගණනාවක් ගියත් මෙම විශ්ව ප්‍රකාශනයේ සදහන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධ මූලධාර්මික කාරණා…