|

අපේ බුදුන් ඉන්නෙ අපේ තරමටයි – චින්තන ර්ධමදාස

අපි හැමෝගෙම බුදුන් වැඩසිටින්නෙ අපේ තරමටයි. දෙවියන් වුනත් එහෙමයි.  මං බෞද්ධයෙක් නිසා මගේ හිතෙත් බුදු කෙනෙක් වැඩ ඉන්නවා. ඒ බුදුන් හරිම රැඩිකල් මනුස්සයෙක්. ඒ කාලෙ පවතින ආගම් බය නැතුව විවේචනය කරපු කෙනෙක්. විකල්ප ජීවිත ක්‍රමයක් යෝජනා කරපු කෙනෙක්. නිදහස හොයාගෙන ගිය කෙනෙක්. ඉතින් මේ බුදුන්ව මං පරිකල්පනය කරනවා. මගේ බුදුන් ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධ කෙනෙක්. ඒවා…

|

රාජ්‍ය සේවයේ කැපවීම කෙබඳු විය යුතු ද? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ගිවිසුමකින් රාජ්‍ය නිලධාරින්ගේ ඇඟ බැඳීම නම්බුවක්ද? විමසමින් අනිද්දා පත්‍රයේ පළවූ ලිපිය කියවා මා ඇමතූ ග්‍රාම නිලධාරි වරයා බැසිල්ගේ හුරතල් ගෝල තුන් කට්ටුව පිළිබඳ ලිපියද කියවා තිබිණ. සමෘධිලාභින් තේරීම ප්‍රාදේශීය සභා කාරයන්ට පැවරීමත්, කොවිඩ් වසංගතයෙන් අපහසුවට පත් අඩු ආදායම් පවුල් සඳහා බෙදා දුන් රුපියල් පන් දහස ගමේ මුදලාලිලාටත් ලබා දීම නිසා සාමාන්‍ය ජනතාව තුළ රාජ්‍ය සේවය…

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු – අජිත් පැරකුම් ජයසිංහ

මුස්ලිම් සමාජයට සහරාන් කෙනෙකු හදන්නට තරම් සහ ක්‍රිස්තියානින්ට පහර දෙන්නට තරම් සාධාරණ හේතු තිබුණේ නැත. මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයක් ලාංකීය සමාජයේ පැවතියද එය පාස්කු ප්‍රහාර වැනි ආන්තික ප්‍රචණ්ඩත්වයකට යොමුවීමට තරම් මට්ටමක තිබුණේ නැත. බොහෝ සමාජවල ආගමික අන්තවාදය තිබේ. එහෙත්, ආගමික අන්තවාදයේ වඩාත්ම පහසුවෙන් ඇවිළෙනසුලු ගිනි පුළිඟු ඇත්තේ මුස්ලිම් සමාජයේ විය හැකිය. එහෙයින් පසුගිය කාලයේ ප්‍රවර්ධනය කරන…

බිල්ලන් මවා ජනතාව බියවැද්දීම – මහාචාර් ය සුනන්ද මද්දුමබණ්ඩාර

දෙසැම්බර් මස 20 වැනි දින ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ගල් අඟුරු ප්‍රමාණවත් වන්නේ දෙසැම්බර් 31 වැනිදා දක්වා පමණක් බවත් ජනවාරි 02 වැනිදා සිට භාවිතා කිරීමට ගල් අඟුරු නැති  බවත් එනිසා ඉදිරියේදී දිනපතා පැය දහයකට වැඩි විදුලි කප්පාදුවක් පවත්වාගෙන යාමට සිදු වන බවත්ය. එසේම විදුලි බල…

ජාතන්ත්‍රවාදය යනු මෝඩකම නොවේ – අජිත් පැරකුම් ජයසිංහ

  මේ මොහොතේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම ආන්තික ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ මුග්ධ ක්‍රියාවකි. එමගින් ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන ආර්ථිකය තවදුරටත් විනාශ කරදමනු ඇත. මුදල් අච්චුගැසීම නිසා උද්ධමනය පාලනය කරගැනීමේ ප්‍රයත්නයන් අසාර්ථක වනු ඇත. ජනතාවගේ දුප්පත්කම දුරලීම හා අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා තිබෙන අරමුදල් හා සම්පත් පෝස්ටර් ගැසීම වැනි වැඩකට නැති වැඩවලට වියදම් වනු ඇත. වැඩකිරීමට…

|

විදුලි බිල ගැන කාටවත් හිතුවක්කාර තීරණ ගන්න බලයක් දී නැහැ – මහාචාර් ය රොහාන් සමරජීව

විදුලි බිල වැඩි කිරීමේ දී කිසිවකුට හිතුවක්කාර ලෙස තීරණ ගැනීමේ බලයක් විදුලි බල පනත හෝ මහජන උපයෝගිතා කොමිසන් සභා පනත මගින් ලබා දී නැති බවත්, කවුරුන් හෝ දඩබ්බර ලෙස හැසිරීමෙන් ප්‍රශ්නයට විසඳුම් නොලැබෙන බවත්, මහචාර් ය රොහාන් සමරජීව මහතා ප්‍රකාශ කරයි. විදුලි බිල තීරණය කිරීමට තමන්ට සම්පුර්ණ බලය ඇතැයි උපයෝගිතා කොමිසම සිතා සිටියත් එය වැරදි…

නිවට වීරයන්ගේ බොරු බස් – කුලසිරි ලියනගේ

    දවසක් එක් මනුස්සයෙක් සිංහයෙකුගේ අඩි සලකුණු දිගේ වනය දෙසට ඇවිද ගියේය. ඒ යන මඟ හමුවූ අයගෙන් එම පුද්ගලයා විමසා සිටියේ, Òසිංහයෙක් එහෙම කැලය ඇතුළට යනවා දැක්කද? මගේ බල්ලව කාලා, මම මේ අඩි සලකුණු දිගේ යන්නේ ඌ හොයාගෙනÓ කියාය. මේ පුද්ගලයාගේ කතාව ඇසූ මිනිසුන් හිතුවේ, Òබල්ලෙක් වෙනුවෙන් සිංහයෙක් එක්ක හැපෙන්න යන මේ මනුස්සයා ලෙහෙසි…

මැතිවරණ/ප්‍රතිපත්ති ප්‍රකාශන නව ආරකින් ලියන්නට බල කරමු – නිශාන්ත කමලදාස 

  එළඹෙන්නේ මැතිවරණ සමයකි. පොරොන්දු උතුරා යන අවදියකි. මැතිවරණ ප්‍රකාශන උත්සවාකාරයෙන් දොරට වඩින අවදියකි. මිනිස්සු ඡන්දය දෙන්නේ මුළුමණින් මැතිවරණ ප්‍රකාශන පදනම් කර ගෙන නොවේ. හුදු ප්‍රකාශන ගත් කළ ඒවා කියවන පිරිස පවා ඉතා අල්ප ප්‍රමාණයක් විය හැකි ය. එහෙත් වේදිකා දෙදරවන්නේ එහි ඇති යෝජනා ගැන කියමින් ය.  ඇතැම් සංවේදී කරුණු අත් පත්‍රිකාවලට ඇතුළු වී ගෙවල්වලට…

මැතිවරණ තෙලට වේලෙන දේශපාලක තල හා මහජන මීබෙටි – අජිත් පැරකුම් ජයසිංහ

2023 වසර දේශපාලනික වශයෙන් මැතිවරණ වසරක් හෝ අරගල වසරක් විය හැකිය. ඒ දෙකෙන් කුමක් වුවත්, එයින් ලංකාව වර්තමානයේ මුහුණදී සිටින ආර්ථික අර්බුදයට කිසිදු සාධනීය ප්‍රතිඵලයක් නොලැබේ. එහෙම නොවන බව ලංකාව හා සමාන අර්බුදයකට මුහුණ දී සිටින ලෙබනනයේ මැතිවරණවලින් ද පෙනිණි. මැතිවරණ ඉල්ලා සිටින ප්‍රධාන බලවේග දෙක වන්නේ අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය…

|

සපත්තු කුට්ටමක කතාව – චින්තන ර්ධමදාස

ඕනම දෙයක් දිහා අපිට බලන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා.    ඒ විදිහ කියන්නෙ අපේ තෝරාගැනීම. ඒක අපේ ජීවිතය නිර්මාණය කරන දැක්ම අනුව සිද්ද වෙන දෙයක්. කෙනෙකුට බරපතල වචනෙන් කියන්න පුළුවන් දෘෂ්ටිවාදය කියල. ඒත් මේ දැක්ම හෝ රාමුව එහාමෙහා කරන්න පුළුවන් නම් අපිට ජීවිතේ තරමක් විශාලව දකින්න විදින්න පුළුවන්. නැත්තං අපි අපිම නිර්මාණය කරගත්ත රාමුවක හිරකාරයො…

සේපාල් අමරසිංහ හා ICCPR පනත – අජිත් පැරකුම් ජයසිංහ

  සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කර ප‍්‍ර‍වර්ධනය කිරීම සඳහා වන ජාත්‍යන්තර බැඳීම්වලට යටත් වෙමින් ශ්‍රී ලංකාව 1980 ජූනි 11 වෙනි දින සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) අත්සන් කළේ ය. කේන්ද්‍රීය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සනාථ කිරිම සඳහා නීති සම්පාදනය කරමින් 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය…

|

සේපාල් ද හයිජැකර් – ආචාර්ය මහේෂ් හපුගොඩ

Image@7 Days in Entebbe ඔය සේපාල් කියන මිනිහගේ ප්‍රකාශ හෝ යූබටේ තියන ඒවා ගැන මෙලෝ රහක් මට නැති උනාට මෙහෙම එකක් මෙතන තියනවා. එකක් තමයි මිනිහත් කතා කරන්නේ සෑහෙන ලොකු ෆෑන් බේස් එකකට කියන එක. එහෙම ෆෑන් බේස් එකක් හැදෙන්න හෝ හදාගන්න මිහිහට හැකිවෙලා තියනවා. ඒ කියන්නේ මිනිහ කියන දේවල් මට රහක් නැති උනාට ඒවා…