|

වරාය වෘත්තීය සමිති නායක ගොරකානගේ බදු ප්‍රශ්නය – සමීර ගාල්ලගේ Facebook

මනුස්සයෙක් 120,220ක දළ වැටුපක් ගන්නවා. එයා ණය වර්ග 4ක් දැනට අරන් තියෙනවා. ඒකෙන් තුනක් වරායෙන්ම ගත්තු ණය ක්‍රමයන් 1) වරායේ මාස 10 ක්‍රමයේ ණය 2) බහු කාර්‍ය ණය 3) සමූපකාර ණය ඔය තුන කැපුනාම එයාගෙ පඩිය එනවාලු රුපියල් 46707 බැංකුවට. ඉවර නෑ .. බැංකුවෙන් තව ලෝන් එකක් අරන් තියෙනවලු රුපියල් 49000 ක. එතකොට මෙයා අතින්…

|

මේ අවුරුද්දේ සියයට තුනක ආර්ථික වර්ධනයක් – ෆිච් සොලියුෂන්ස් අලුත් පුරෝකථනය ඉකොනොමැට්ටා හෙලිකරයි

මේ (2023) අවුරුද්දේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.0%කින් වර්ධනය වනු ඇති බව ෆිච් සොලියුෂන්ස් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇති නවතම වාර්තාවක පුරෝකථනය කර තිබෙනවා. ෆිච් සොලියුෂන්ස් යනු ෆිච් රේටිං ආයතනයේ පර්යේෂණ අංශයයි. අදාළ වාර්තාවෙහි පසුගිය (2022) වසරේ ආර්ථික වර්ධන වේගය සම්බන්ධව ඔවුන් මීට පෙර සිදු කළ පුරෝකථනයද සංශෝධනය කර තිබෙනවා. පෙර ඇස්තමේන්තුව අනුව 2022දී ලංකාවේ…

සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය සහ වල්බූරු හැසිරීම – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

Image : Thilina Kaluthotage Photography 56 පෙරළිය අළලා, මාර්ටින් වික්‍රමසිංහ ‘රසවාහිනි’ සඟරාවට ලියූ බමුණු කුලය බිඳ වැටීම නම් ලිපිය වර්ෂයේ හොඳම ලිපිය ලෙස තෝරා රුපියල් 1000ක මුදල් ත්‍යාගයක්ද පිරි නැමීය.ඒ ලිපියෙහි වික්‍රමසිංහ සිය සමකාලීන දේශපාලන අත්දැකීම අළලා ලංකාවේ භාවිත ජන සම්මත වාදය විග්‍රහ කරන්නේ මෙසේය. “ජන සම්මත වාදය නමින් හැඳින්වෙන්නේ වල්බූරු නිදහස නොවේ යයි රාමනාදන්…

වාමාංශික බකුනින්වාදය සහ මේ මොහොත – ප්‍රියශාන්ත රාජපක්ෂ

සමස්ථ භෞතික සබ්‍යත්වයම කුඩු පට්ටම් කරදමා ශිෂ්ඨාචාරය නැවත බින්දුවේ සිට අලුතෙන් පටන් ගැනීමට යාම බකුනින්වාදයේ ගමන් මගයි. නමුත් එය අරුත් සුන් බිහිසුනු ප්‍රලාපයක් පමණක් වන්නේ අන් කවරක්වත් නිසා නොව යම් සමාජයක් ආර්ථික වශයෙන් බිඳ වැටෙන විට එකී සමාජයේ සියළු මානුෂීකවාදයන්ද ඒ සමඟම බිඳ වැටී අළුතෙන් ආරම්බ කිරීමට යහපතේ කිසිදු අංකුරයක් එකී සමාජයේ ඉතිරිවිය නොහැකි වීම…

|

PUBG – අන්තරේ – එරන්ද ගිනිගේ

අපි කුඩා කල “හොරා පොලිස්” සෙල්ලම් කෙළෙමු. කණ්ඩායම් දෙකකට බෙදී කිසියම් භූමි ප්‍රදේශයක තැන තැන හැංගෙමින්බඩ ගාමින් දුවමින් පනිමින් එකිනෙකාට සෙල්ලම් තුවක්කුවලින් වෙඩි තබමින් එකෙකු දිනන තෙක් හවස් කාලයම ගත කෙළෙමු. ඒ එදාය. වසන්ත මුදලිගේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මෙකල කරන්නේත් ඒ හොරා පොලිස් සෙල්ලමයි. Player Unknown Battlegrounds (PUBG) හෙවත් “නොහඳුනන සෙල්ලක්කරයාගේ යුධ පිටිය” යනු මෙකල…

රනිල් රාජපක්ෂ පැරදවීම – චින්තන ර්ධමදාස

රනිල් වික්‍රමසිංහ පරාජය කරන්න මේ මොහොතෙ දේශපාලන පක්ෂ කණ්ඩායම් කිසි එකකට බෑ කියලයි මගේ පිලිගැනීම.ඒකට හේතුව රනිල් වයස්ගත දේශපාලකයෙක් වීම. හැමෝම තරග කරන්නෙ තරුණකමත් එක්ක. දේශපාලනය විශේෂයෙන් ලංකාවෙදි වයසට යමින් කළ යුතු ක්‍රීඩාවක්. ඒකට හේතුව දේශපාලනයේ වැදගත්ම දේ ඉවසීම සහ කල්මැරීම හින්ද. ලංකාව වෙනස් කළා කියන අරගලය මතුවෙන්නෙ මීට ප්‍රතිවිරුද්ධ දිශාවෙන්. බ්‍රොයිලර් දේශපාලන ක්‍රියාකාරීත්වයක් විදිහට….

‘ඉවසිලිවන්ත මිනිසෙකුගේ කෝපයෙන් ප්‍රවේසම් වන්න’ – මහිම සුජීව ගමගේ

”ජනතාවකගේ බලය සහ විමුක්තිය පවතින්නේ අවංකවම සිතන අවංක හැඟීමකින් යුතුව වැඩ කළ හැකි බුද්ධිමත් ගණය තුළ සහ බුද්ධිමතුන් තුළය” -ඇන්ටන් චෙකොව්නායකයකු සැමවිටම බුද්ධිමතෙකු විය යුතු අතර අනිත් අතට බුද්ධිමතෙකුට නායකයකු වීමටද හැකිවේ. එහෙත් බුද්ධිමතෙකු වීමටත් නායකයකු වීමට අවශ්‍ය වන ප්‍රධාන සාධකයක් ඇත. එය නම්, ‘ඉවසීම’ ය. ‘ඉවසීම’ගැන මහා දාර්ශනික ‘රූසෝ’කියා ඇති මෙ නිර්වචනය බලන්න. ”…

රටේ රාළ : රනිල්ගේ රහසිගත ප්‍රේමය

සිංහල සිනමාවේ හැම කලාත්මක චිත්‍රපටියක් වටේම ගෙතෙන්නේ එකම ජාතියේ කතාවක්.කතාවේ ප්‍රධාන චරිත තුනක් ඉන්නවා. කෙල්ලයි, කොල්ලයි, දුෂ්ඨයයි අනිවාර්යයි. කොහොම හරි දුෂ්ඨයා කෙල්ලව හිරකරගෙන ඉන්නවා. අන්තිමට කොල්ලා ඇවිත් දුෂ්ඨයට ගහලා කෙල්ලව අරන් යනවා. කොල්ලා මුලදී එකක් දෙකක් ගුටි කෑවට අන්තිමට කොල්ලා නැගිටලා ඔක්කොටෝම ගහනවා. කොල්ලා කවදාවත් පරදින්නේ නෑ. ඒක සිංහල සිනමාවේ හැටියක්.හැබැයි රටේ රාළ අද කියන්න…

විරෝධතා මුවාවෙන් විනාශයට – හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

රටේ ඉහළ ආදායම් ලබන පිරිසේ බදු ප්‍රමාණය අඩු කරන ලෙස ඉල්ලා මාර්තු පළමුවැනිදා ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය මේ සතියේ සිට නැවත ආරම්භ කරන බව ද අඛණ්ඩ වැඩ වර්ජනයක් ලෙස එය පවත්වාගෙන යන බව ද ඇතැම් වෘත්තීය සමිති නායකයන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.  එම වර්ජනය ආරම්භ කිරීමට පෙර රජය සමහර සේවා සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය…

|

වැඩියෙන් වැඩ කළොත් අඩු කාලයකින් ගොඩ යන්න පුළුවන් –

      ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන්නේ දැවැන්ත ආර්ථික අර්බුදයකට බව කවුරුත් දන්නා දෙයකි. කෙසේ වෙතත් මෙහි ගැඹුර පිළිබඳ හෝ ඉන් ගොඩ ඒම පිළිබඳව තවමත් සමස්ත සමාජයම නිවැරැදි අවබෝධයක සිටින බවක් නොපෙනේ. මැතිවරණ ඉල්ලා කෑ ගැසීම, බදු අඩු කරන්නැයි උද්ඝෝෂණ කිරීම සිදු කළ පමණකින් රට මුහුණ දෙන දැවැන්ත ආර්ථික අභියෝගය ජය ගත හැකිද? සමස්ත…

| |

අනාගත නායකයන්ට හදන්න රටක් නැත – ඝෝෂක Chatham Street Journal

විපක්ෂ කොටස්වල සහ ඉහළ වෘත්තිකයන්ගේ වෘත්තීය සමිතිවල විරෝධයට ලක්ව තිබෙන රජයේ නව බදු සංශෝධනය, පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන්නේ එය රජය ගත් නිවැරදි පියවරක් බවය. හදුන්වා දී තිබෙන පුද්ගලික ආදායම් බදු අනුපාතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කරන බවද එම සංවිධානය පවසයි. ලංකාවේ ප්‍රධාන අර්බුදය වන්නේ වියදම් පියවාගැනීමට ප්‍රමාණවත් ලෙස ආදායම් නොලැබීමයි. 2021 වසරේ දී…

ජවිපෙ කලබල වුණොත් කොරොස් කටෙත් අත දාගන්න බැරිවෙයි – අජිත් පැරකුම් ජයසිංහ

ජවිපෙට තමයි දැන් ලොකුම කලබල ගතිය තියෙන්නෙ. ඒකට හේතුව මෙහෙමයි. ඔවුන් දන්නවා කලකිරීම හා වෛරය මත නිර්මාණය වුණ රැල්ල පවතින්නෙ ඉතාම කෙටි කාලයක් පමණක් බව. ඒ නිසා ඇත්තෙන්ම ඔවුන් බැලුවෙ තැටිය රත්වෙච්ච වෙලාවෙ රොටිය පුච්චගන්න. රාජ්‍ය බලය අරගෙන කරන්නෙ මොකක්ද කියල අදහසක් ඔවුන්ට නැහැ. දැනට ඒ ගැන හිතන්නෙත් නැහැ. රාජ්‍ය බලය ගත්තොත්, ඉන් පසුව හිතයි….