නිහඬ බහුතරයේ හඬ රනිල්ද? – අජිත් පැරකුම් ජයසිංහ
රනිල් ජනාධිපතිවරණයෙන් ජයගත යුත්තේ ඕනෑම කෙනෙකුට වැටහෙන සරල හේතුවක් නිසාය. එනම්, ලොව බංකොලොත් වූ හා වෙන්නට ඉඩ තිනෙ සෙසු රටවලට ද ආදර්ශයක් වන පරිදි ශ්‍රී ලංකාව නගාසිටුවීමට අවශ්‍ය පියවර ගන්නට රනිල් සමත් විය. ඒවා අති දුෂ්කර ආර්ථික ප්‍රතිසංස්කරණ වූ අතර දැඩි විරෝධයකට ද තුඩු දුන්නේය. එහෙත්, රනිල් ඒ සියල්ල කළමනාකරණය කරගන්නට සමත් විය. පක්ෂ භේදයකින්…