අරාජිකවාදී සමාජවාදීන් සටන් විරාමයකට යා යුතුය – අජිත් පැරකුම් ජයසිංහ

    ලංකාවේ තිබෙන්නේ අතිශය අවදානම් දේශපාලනයකි. පැරණි රාජපක්ෂ ක්රමය බිඳවැටී ඇත. සමාජවාදීන් හා ප්‍රායෝගිකවාදීන් අතර බලය වෙනුවෙන් ගල උඩ සටනකි. අරාජිකත්වයකට තිබෙන ඉඩ සුළුපටු නොවේ. මෙය 2022දී තිබුණු තත්වයේම දිගුවකි. බල තුලනයේ වෙනසකි. ගෝලීය ධනේශ්වරය උත්සාහ කරමින් සිටින්නේ ලංකාව ලෙබනනය මෙන් අරාජිකත්වයකට ඇදී යාම වළක්වා ගන්නටය. එහෙත්, දීර්ඝකාලීනව පැවති සුබසාධනවාදී රාජ්‍ය ධනවාදී සමාජවාදයෙන් හාෆ්…

ජපන් ගිය රනිල් – රටේ රාළ

  රනිල්ගේ ජපන් සංචාරය ඉවරයි කියලා ආරංචියි. අනුප්‍රාප්තික ජනාධිපති විදිහට රනිල් කරපු හැම විදේශ සංචාරයක්ම වගේ දැඩි විවේචනයට ලක්වුනා.පසුගිය දවසක අන්තරේ කැදවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් කියලා තිබුණේ මහපොළ දීමනාව වැඩි නොකරන රනිල් ජනතා මුදල්වලින් එංගලන්තේ මළ ගෙදරකටයි,මඟුල් ගෙදරකටයි ගිහින් ආවා කියලා.ඒ කියන්නේ එලිසබෙත් රැජිනගේ අවමගුලට සහ චාල්ස්ගේ රාජාභිෂේකයට වෙන්න ඕනි. රනිල්ගේ ජපන් සංචාරයටත් ඒ වර්ගයේ වැඩවසම්…

|

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබෙනවා – ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ චෙන් චෙන්

    ශ්‍රී ලංකාවේ ඉහළ නංවාලිය යුතු අංශයක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ අංශය දැක්විය හැකිය අප්‍රේල් මාසය නිමා වන විට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 8681 දෙනකුට ණය මුදල් පිරිනමා ඇත ශ්‍රී ලංකාවේ අභියෝගයකට ලක්ව තිබූ “ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීම” ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් ආර්ථිකය ස්ථාවරභාවයක් ඇති කර ගැනීමේ දෙසට නිවැරැදි මාවතේ ගමන් කරමින්…

යලි ඇරඹෙන ජවිපෙ – පෙරටු නයි – මුගටි සටන ? – රටේරාළ

ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර තියෙන්නේ නයි මුගටි වෛරයක්. ඒක සජබ සහ ජවිපෙ අතර තියන බලු පොරයට වඩා බෙහෙවින්ම වෛරී සහගත එකක්. ජවිපෙ සහ පෙරටුගාමින් අතර ගැටුම නැවත කරලියට එන්නේ පහුගිය 20 වෙනිදායින් පස්සේ. ඒ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැදවුම්කරු පත්කිරීමත් එක්ක. අන්තරේ ගැන මෙච්චර කල් විවෘතව අදහස් පල…

|

දුප්පතුන් වැඩිවීමේ අවාසනාව – මහාචාර්ය මුදිතා කරුණාරත්න

  දෙදහස් දහ නවයේ වූ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවත් 2020 දී රට මුහුණ දුන් කොරෝනා වසංගතයත් 2022 දී සිට උදා වූ ආර්ථික බංකොලොත්භාවයත් නිසා ලංකාවේ ජන ජීවිතයට එල්ලවී තිබෙන බලපෑම ඉතා දරුණුය. කාලයකට පසු ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ බවට පත්වන්නේ 2019 සිටය. 2019 දී එය ඍණ 0.2කි. 2020 දී එය ඍණ 4.6කි. 2022 දී එය…

|

අපේ ආර්ථිකය කඩා වැටුණේ වැරදි සුබසාධන ආර්ථික ක්‍රමයෙන් – ආචාර්ය තිස්ස රවින්ද පෙරේරා

    ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ විවිධ විද්වත්තු විසින් විවිධ මත ඉදිරිපත් කරති. එහිදී එමඟින් එක් පසෙකින් විවිධ පාර්ශ්වයන්ට චෝදනා එල්ල වේ. ඒ අතරම තවත් පසෙකින් අර්බුදයට විසඳුම් යෝජනා ද ගෙන එයි. මේ කරුණු ඔස්සේ ජනතාවගේ නිසි පෙළ ගැස්වීමත්, ඉදිරි මැතිවරණවලදී රටෙහි පාලකයන් බුද්ධිමත්ව තෝරා ගැනීමක් තුළින් රට සංවර්ධිත දේශයක් කරා ගෙන යාමට මාර්ගයක් බිහි වනු…

රනිල්ට සහයදීමේ සජබ යෝජනාව සූදානම් ? – රටේ රාළ

රටේ රාළ දිගටම කිව්වේ සජබය දවසින් දවස දුර්වල වෙන දේශපාලන පක්ෂයක් කියලයි. සජබය සහ ජාජබයට තිබුණ රැල්ල නැතිවීමත් එක්ක වේගයෙන් සජබය ඛාදනය වෙන්න පටන් අරන්.ජාජබයට රැල්ලක් නැති උනත් එයාලාට ජනතාව අතර හැදුනු ප්‍රසාදය තවමත් අකාමකා ගිහින් නෑ.උදාහරණයක් ගත්තොත් මේ දවස්වල රටේ තියන සමුපකාර ඡන්දවල ජයග්‍රහණය වැඩියෙන් එන්නේ ජාජබ කණ්ඩායමට. සමුපකාර ඡන්දයක් දිහා බලලා රටක දේශපාලන…

|

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ බිල්ලා සහ අනුර කුමාරගේ ‘සිම්පල්’ කතා – සී ජේ අමරතුංග 

  දැන් කතාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙනි . ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය එය කළ යුතු සහ කළ හැකි ලෙස දකින අතර තවත් පිරිසක් කියන්න හදන්නේ මෙය මහා විපතක් විය හැකි බව ය. ඇතැමුන් කියන්නේ බය හිතෙන කතා ය. ඒ සියල්ල කියන්නේ ආණ්ඩුවට බෑ කියන්නට සහ මෙම වැඩ පිළිවෙළ අසාර්ථක බව කියන්නට…

අපේ අවිඥාණික ප්‍රශ්නවලට සුද්ද පලි නැහැ බ්‍රෝ – මහේෂ් හපුගොඩ

ආයෙත් කට්ටිය අහනවා දැන් සුද්දා අපේ රජ්ජුරුවෝ අකුලලා දැම්මට උන්ගේ රජ්ජුරුවෝ තාමත් ඉන්නවා නේද කියල.ඔව්, ඒ කතාව ඇත්ත. උන් අපිව වැඩවසම් රාජ්‍යත්වයෙන් නිදහස් කළාට උන්ට ඒකෙන් සම්පුර්ණයෙන් නිදහස් වෙන්න බැරිවුණා තමයි. චාල්ස්ගේ කොරනේෂන් එකෙන් පෙන්නේ උන් නිදහස් නැහැ කියන එක. ඒ අතින් උන් බයියෝ. අපිට ටොයි වෙන්න දුන්නට උන්ට බයි වටිනාකම් වලින් සම්පුර්ණයෙන් ඉවත් වෙන්න…

දන්සල් ඉන්ධන පෝලිම් – මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

  වෙසක් දින මුහුණු පොතේ තැබූ සටහනක මෙසේ සඳහන් වී තිබුණි. ˝ ‘‘අද පාරවල් ඇහිරිල තිබුණෙ දන්සැල් නිසාමත් නෙවෙයි, ඒවට ආපු තඩි කාර්වලින්.’’˝ අල් ජසීරා හෝ බීබීසී මාධ්‍යවේදියකු  මෙම තත්ත්වය දුටුවේ නම් ඔවුන් තම නාලිකාවලට යවන වාර්තා මෙයට වඩා බොහෝ වෙනස් වනු ඇත. දන්සැල් අසල වටිනා වාහන නවතා පුද්ගලයන් පෝලිම් ගැසී සිටිනු දැක ශ්‍රී ලංකාවේ…

|

රජය ව්‍යාපාර කළ යුතුද?

  ‘ව්‍යාපාර අංශ තුළ රජයට කරන්න රාජකාරියක් නෑ’ යනු නොබෝදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කී කතාව නිදහස් වෙළඳපොළ ආර්ථිකය කෙරේ විශ්වාසය තබන්නවුන්ගේ කනට ඇසෙන මිහිරි සංගීතයක්ම විය. කෙසේ වුවද එම කතාව වාමාශිකයන්ගේ වෘත්තිය සමිති ආදියේ තවමත් සමාජවාදී මතවාදයේ ඇලී ගැලී සිටින ආදානග්‍රාහී බුද්ධිමතුන් අතලොස්සකගේ මෙන්ම ජනමාධ්‍යවේදීන් ස්වල්ප දෙනකුගේද කෝපය  ඇවිස්සීමට සමත්වී තිබේ.     කෙසේ වුව…

කොරනේෂන් එක මට ෆැන්ටසි එකක්….! – මහේෂ් හපුගොඩ

  චාල්ස් රජ්ජුවරන්ගේ රාජාභිෂේකයෙන් පස්සේ සමහරු අහනවා ඉතින් ඔය අධිරාජ්‍යවාදීන් කරේ අපේ රට මංකොල්ල කාපු එක නේද වෙන මොනවද වෙච්ච යහපත කියල. ගොඩක් වෙලාවට ඒවා අහන්නේ ඉංග්‍රීසියෙන්. එයාලට තේරෙන්නේ නැහැ ඕකුන් නාවානම් අපි තාම ශ්‍රී වික්‍රම හරි මොකෙක් හරි රජෙක්ට ඕනි විදියට මේකේ දෙකට නැමිලා ඉන්නවා කියන එක. ඒ රජා හිතුවොත් මේ ගැත්තන්ට ජිවිත දානය…