|

බිත්තර කටුවෙන් එහා ලෝකය (පස්වන කොටස) ~ ඉකොනොමැට්ටා

ස්වභාවය අනුවම බිත්තර නිෂ්පාදන කර්මාන්තය බොහෝ දුරට දේශීය කර්මාන්තයක්. බිත්තර සඳහා කුකුළන් හදන එක ලෝකයේ ඕනෑම රටක කළ හැකියි. ඒ වගේම, සුළු පරිමාණයෙන් මේ වැඩේ පටන් ගැනීම සඳහා ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් බිත්තර ගබඩා කර තබා ගැනීම හා ප්‍රවාහනය බිත්තර නිපදවීමට සාපේක්ෂව වියදම් අධික හා වැඩි ප්‍රාග්ධනයක් අවශ්‍ය කටයුත්තක්. මේ හේතු නිසා,…

|

“බුදුදහම අපූරු ප්‍රායෝගික දර්ශනයක් ” – ස්ලාවෝයි ජිජෙක්

        ජිජෙක් ගැන කෙටි හැඳින්වීමක්  (‘‘ස්ලාවෝයි ජිජෙක් උපත ලැබුවේ 1949 මාර්තු 21 වැනි දින ස්ලෝවේනියාවේ (පැරණි යුගෝස්ලාවියාවේ), ලූබිආනා නගරයේය. ජිජෙක් උපාධි අපේක්ෂකයෙකු ලෙස දර්ශනය සහ සමාජ විද්‍යාව හැදෑරූ අතර 1975 දී ප්‍රංශ ව්‍යුහවාදය පිළිබඳ පිටු 400 ක නිබන්ධනයක් ලියමින් ලූබිආනා විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සම්පූර්ණ කළේය. 1981 දී ඔහු ජර්මානු විඥානවාදය පිළිබඳ නිබන්ධනයක් ලියමින් දර්ශනය පිළිබඳ ඔහුගේ පළමු ආචාර්ය උපාධිය ලබාගත්තේය. වසර හතරකට…

|

මාධ්‍යවේදියා හා බෝතල් පත්තරකාරයා – අජිත් පැරකුම් ජයසිංහ

මටත් සමහරු මාධ්‍යවේදියා කියනවා. කොණ්ඩෙයි රැවුලයි ඉදිලා නිසා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා කියලත් කියනවා. ඇත්තටම කවුද මේ මාධ්‍යවේදියා? ලංකාවට මේ සංකල්ප එන්නෙ බටහිරින් සහ ඉංග්‍රීසියෙන්. මාධ්‍ය කියන්නෙ ඉංග්‍රීසියෙන් Media. Medialogy කියල ඉංග්‍රීසියෙ වචනයක් නැහැ. ඒ කියන්නෙ ඒ සම්බන්ධ වේදයක්, විද්‍යාවක් නැහැ. තියෙන්නෙ එක්කො මාධ්‍ය අධ්‍යයනය (Media Studies) හෝ Journalism. Journalism කියන්නෙ පුවත්පත් කලාවට. එහි යෙදෙන පුද්ගලයා හෙවත්…

|

ණය ප්‍රතිව්‍යුහගත කිරීම 97%ක් සාර්ථකයි ! ~ ඉකොනොමැට්ටා

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු වටයේ ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව, ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලැබූ ඩොලර් මිලියන 814.7ක සංවර්ධන බැඳුම්කර වලින් ඩොලර් මිලියන 791.4ක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම්පත් ලැබී ඇති අතර එම අයදුම්පත් සියල්ල ශ්‍රී ලංකා රජය විසින් පිළිගෙන තිබෙනවා. මෙය 97.1%ක සාර්ථකත්වයක්. නිකුත් කර තිබුණු ඩොලර්…

ඉන්දු ලංකා වයර් අතර ෆියුස් එක පළාත් සභාද? – අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ ජනවාර්ගික හෝ ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීමේ උවමනාව තමන්ට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම පවසයි. ඒ සඳහා ඔහු උතුරු නැගෙනහිර දෙමළ නායකයන් සමග සාකච්ඡාවක් ආරම්භ කර තිබේ. ඉන්දියාවේදී ද ඒ පිළිබඳ සාකච්ඡා කරන ලදී. පසුගිය ජුලි 26 දින සර්ව පාක්ෂික සමුළුවක් කැඳවමින් එහිදී ද ඔහු තම අභිලාෂය ප්‍රකාශයට පත් කළේය. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය…

රනිල්, අනුර හා නිර්මාල් – අජිත් පැරකුම් ජයසිංහ

රනිල්ගේ ඉන්දීය චාරිකාව ගැන වෙනම සටහනක් ලියන්නට ඕනැ. ඒකෙන් පෙනෙන්නෙ රනිල් ලංකාවේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ සඳහා තිබෙන මේ මොමන්ටම් එක උපරිමයෙන් පාවිච්චි කරන්නට උත්සාහ කරන බවයි. ටීඑන්ඒ එක එක්ක 13 ගැන කතා, ඉන්දියාව එක්ක කරන දේ, ආර්ථික ප්‍රතිසංස්කරණ, දේශපාලන ප්‍රතිසංස්කරණ ආදිය යන්නෙ අධි වේගයෙන්. වෙලාවකට මේ අපි වගේ රනිල්ගෙ මොක්කුද එවුන් කියල කට්ටිය කියන අයට පවා…

ඉන්දියාවෙන් ‘බැක් ඩේට්’ කර ලැබුණු රනිල්ගේ ‘මැන්ඩේට්’ එක

  රට පාලනය කරන්න වැදගත් වන්නේ කයිවාරුව හෝ බොරු පුරාජේරුව නොවේය. දැනුම, බුද්ධිය සහ දැක්මක් තිබීමය. ඒවා කැටි කළ වැඩපිළිවෙළක් තිබීමය. වැඩපිළිවෙළ ක්‍රියාවට නැඟීමට හැකියාවක් තිබීමය. පරිපාලන හැකියාව සහ කළමනාකරණ හැකියාව එහිදී සුවිශේෂීය. එසේම රාජ්‍ය තාන්ත්‍රිකභාවයත් පළපුරුද්දත් අවශ්‍යමය. ජනපති රනිල් පාලන බලය ගත් මොහොතේ විපක්ෂයේ නරි උඩ බිරුවේ ඔහුට “මැන්ඩේට් එකක්” නැති නම් ජනතා වරමක්…

|

තේ කහට යට හිතේ කහට ~ ඉකොනොමැට්ටා

පසුගිය වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 24,148ක්. මේ සඳහා කෘෂිකාර්මික, කාර්මික හා සේවා අංශ වලින් ලැබී තිබුණු දායකත්වය පහත පරිදියි. කෘෂිකර්මාන්තය, වන වගාව හා ධීවර කර්මාන්තය – රුපියල් බිලියන 2,113යි. එනම්, 8.7%ක් පමණයි. කර්මාන්ත – රුපියල් බිලියන 7,309යි. එනම් 30.3%ක්. සේවාවන් – රුපියල් බිලියන 13,549යි. එනම් 56.1%ක්. මේ කොටස් තුනේ එකතුව 100%ක් නොවීම…

|

හිතේ ඇති තේ – ඉකොනොමැට්ටා

  ·  මෙරිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වීමෙන් පසුව ඩිල්මා තේ කාර්ය භාරය ගැන යම් සංවාදයක් ඇති වී තිබෙන බව පේනවා. මේ හා අදාළව අපටත් ප්‍රශ්න කිහිපයක් යොමු කෙරුණා. “ශ්‍රමිකයින් සූරාකමින් හෝ ඊට උල්පන්දම් දෙමින් තේ නිපදවා අලෙවි කර ලාබ ලබන ආයතනයක් විසින් තමන්ගේ ව්‍යාපාරය සදාචාරත්මක වෙළඳාමක් ලෙස හඳුන්වා දීම කෙතරම් නිවැරදිද? මේ ප්‍රශ්නය වෙළඳපොළ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයිද?”…

රනිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ – රටේ රාළ

 ජනාධිපති රනිල්ගේ දේශපාලන විරුද්ධවාදීන් රනිල්ව හදුන්වන්නේ රනිල් රාජපක්ෂ කියලා. රනිල් රාජපක්ෂලාගේ පිහිටෙන් අනුප්රාප්තික ජනාධිපතිවීමත් එක්ක ඒ නම පටබැඳුනා. රාජපක්ෂලා මේ රටට කරපු විනාශයත් එක්ක කාටහරි රාජපක්ෂ නම පටබැදීම දේශපාලන වශයෙන් කරන අපහාසයක් වගේම උපහාසයක් විදිහටත් සලකන්න පුළුවන්.ඒ වගේම රනිල්,රාජපක්ෂලා ආරක්ෂා කරනවා කියන කාරණය පදනම් කරගෙන සහ රනිල් සහ රාජපක්ෂලා අතර වෙනසක් නෑ කියන කාරණයත් රනිල්ට…

|

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ හා මානව හිමිකම් – රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය

  සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට වර්තමානයේදී ශ්‍රී ලංකාවේ යෝජිත සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රම 31ක් තිබේ. ඒ අතරින් පහක් සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේදී ඉලක්ක කර තිබේ. ඒවා නම්, සමෘද්ධි, වැඩිහිටි ආධාර, වකුගඩු රෝග වැඩසටහන, ආබාධිත ආධාර වැඩසටහන සහ මහජන ආධාර වේ. කලාපීය චින්තන පර්ෂදයක් වන LIRNEasia විසින් මෑතකදී කරන ලද ජාතික නියෝජිත සමීක්ෂණයකින් පෙන්නුම්…

|

ජනතා ගුරුත්වයෙන් නිදහස් වන රනිල් ~ මහේෂ් හපුගොඩ

මෙහෙම එකක් තියනවා. ඒ තමයි රනිල් මේ ගමන් කරන ලාංකික දේශපාලනයේ කාල කොරිඩෝව (time corridor) කියන්නේ වෙන කිසිම වෙලාවක නොතිබ්බ අමාරු සහ අවිනිශ්චිත කොරිඩෝවක් කියන එක. අවම වශයෙන් ඉන්දියාව ලංකාවට පරිප්පු දාපු වෙලාවෙවත් මෙහෙම අසීරු බවක් ලංකාවේ නොතිබෙන්න ඇති. මොකද ඒ වෙලාවේ රට බංකොලොත් වෙලා තිබ්බේ නැති හින්ද. ඉන්දියන් පරිප්පු කාල වසර හතළිහකට විතර පස්සේ…