|

ආර්ථිකය 4.5%කින් වර්ධනය වෙයි! – ඉකොනොමැට්ටා

පසුගිය (2023) වසරේ අවසන් කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4.5%කින් වර්ධනය වී තිබෙනවා. වසරේ තෙවන කාර්තුවේදීද ආර්ථිකය 1.6%කින් වර්ධනය වුවත්, පළමු හා දෙවන කාර්තු වලදී පිළිවෙළින් 10.7%කින් හා 3.0%කින් හැකිළුණු බැවින්, සමස්තයක් ලෙස වසර තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 2.3%කින් හැකිලී තිබෙනවා. තෙමසකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර තිබුණේ 2023 වසර තුළ ශ්‍රී ලංකා…

ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කාටද? – රටේ රාළ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පහුගියදා මෙරටට පැමිණියේ ලොකු කතා ගොඩක් කියාගෙන.මේ දවස්වල බැසිල් අයියාගේ මාධ්‍ය ප්‍රකාශකයා වෙලා ඉන්නේ උදයංග මල්ලී.බැසිල් එන්න ඉස්සෙල්ලා ඉඳන් උදයංග දෙඩවපු වහසි බස් දැන් එකින් එක බොරු වෙන්න පටන් අරන්.උදයංග කිව්වේ රනිල් බැසිල්ට පාර්ලිමේන්තුව විසුරවන්න පොරොන්දුවක් වෙලා තියනවා කියලයි. උදයංගට අනුව බැසිල් ඇවිත් තියෙන්නේ පොහොට්ටුවේ මහ මැතිවරණ…

රනිල් කුලියාපිටියේදී කළේ කුමක්ද? – රටේ රාළ

මාර්තු 10 වෙනිදා කුලියාපිටියේ තිබුණ එජාප රැළිය සාර්ථක එකක් බව කුහක නැතිව කියන්න ඕනි. රටේ රාළ එහෙම කියන්නේ ආපු සෙනඟ දැකලා ඇස් නිලංකාර කරගෙන ඉන්න අපේ එජාප යාළුවෝ වගේ හිතාගෙන නෙවෙයි. ඊළඟ ජනාධිපතිවරණය දිනන්න සෙනඟ පෙන්නලා විතරයක් බෑ කියලා රටේ රාළ දිගටම කිව්වා. ඊළඟ ජනාධිපතිවරණය දිනන්න නං high politics තියෙන්න ඕනි. රටේ රාළ දිගටම කිව්වේ…

|

මහ බැංකුවේ කුසලතා ප්‍රශ්නය – ඉකොනොමැට්ටා

පෙර ලිපියෙන් පෙන්වා දුන්නේ අලුතෙන් සම්මත කර ගැනුණු, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පණතේ විධිවිධාන අනුව, එහි පාලක මණ්ඩලයට මහ බැංකු සේවකයින්ගේ වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ ස්වාධීනව තීරණය කිරීමේ බලයක් ඇති බවයි. නීතිය බලාත්මකව පවතින තුරු වෙනත් අධිකාරියකට අදාළ බලය ප්‍රශ්න කිරීමේ හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැහැ. මෙම නීතිය සම්මත වීමට පෙර…

| |

නිෂ්පාදන ආර්ථිකයට නව මගක් – මහාචාර්ය සේමසිංහ දිසානායක

වර්තමානයේ  ශ්‍රී ලංකාව මුහුණ දී ඇති  විවිධ ගැටලු‍ නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමෙන්  පමණක් විසඳාගත හැකි බව ඇතැම් දේශපාලනඥයන් සහ සමාජයේ විවිධ කොටස්  ප්‍රකාශ  කරන ආකාරයක් දැකිය හැක. මෙසේ  නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම යන්නෙන් ගම්‍ය වන මූලිකම අදහස වන්නේ ලංකාවේ දැනට පවතින්නේ නිෂ්පාදන ආර්ථිකයක් නොවන බවයි. ඒ අනුව යමින් තවත් සමහරෙක් ප්‍රකාශ කරන්නේ ලංකාවේ ඇත්තේ ගැනුම්…

|

මහ බැංකු වැටුප් හා මහ බැංකු ස්වාධීනත්වය – ඉකොනොමැට්ටා

පෙර ලිපියෙහි සඳහන් කළ “වැටුප් වැඩි කර ගැනීමට මහ බැංකුවට නීතිමය අයිතියක් තිබෙන බව” ගැන එම ලිපියෙහි වැඩි විස්තර කතා කළේ නැහැ. “එය කරුණක් ලෙස බොහෝ දුරට නිවැරදියි” කියා කිවුවා පමණයි. මේ කරුණ හා අදාළව, අලුත් මහ බැංකු පණත හරහා මහ බැංකුව ස්වාධීන කිරීම බලපා තිබෙන්නේ කෙසේද? මෙම පණත සම්මත වන තුරු නීතිමය අර්ථයෙන් “ශ්‍රී…

|

මහ බැංකුව පඩි ගෙවන්නේ කොහොමද? – ඉකොනොමැට්ටා

මහ බැංකුව විසින් මහ බැංකු සේවකයන්ගේ වැටුප් විශාල ලෙස වැඩි කර ගැනීම ගැන රටේ සැලකිය යුතු විරෝධයක් ඇති වෙලා තිබෙනවා. මම පෞද්ගලිකව දකින විදිහට මෙය සාධාරණ විරෝධයක්. වැටුප් වැඩි කිරීමට විරෝධය දක්වන අය විසින් ගෙන එන යම් පදනමක් තිබෙන තර්ක ගණනාවක් තිබෙනවා. මේ කාරණයේදී ආණ්ඩු පක්ෂය වගේම පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයත් එකම මතයක සිටිමින් මහ බැංකුවට…

|

ඍජු විදේශ ආයෝජන සහ ජාතික සැලසුම් සම්බන්ධයෙන් ජවිපෙ ස්ථාවරය – මහාචාර්ය රොහාන් සමරජීව

      මීට වසරකට වැඩි කලකට පෙර පළ වූ ලිපියකට ප්‍රතිචාරයක් ලැබීම දුර්ලභ සිදුවීමකි. (https://www.ft.lk/columns/NPP-s-stance-on-foreign-investment-Unravelling-misconceptions/4-758938) අනිද්දා පුවත්පතෙහි ප්‍රකාශිත සිංහල ලිපිය අනුර කුමාර දිසානායක මහතාට (AKD) ලැබුණු බව මම දනිමි.  සෘජු ප්‍රතිචාරයක් ඔහුගෙන්ම  ලැබුණේ නම් මම වඩාත් සතුටු වෙමි. නමුත්, අවුරුද්දක් ප්‍රමාද වුව ද, වෙනෙකෙකුගෙන් හෝ ප්‍රතිචාරයක් ලැබීම නිහැඬියාවට වඩා හොඳ ය. මා ප්‍රතිචාර දැක්වූ…

|

ලංවිම බිලියන 58 ක් ලාබ ලාබයි! – ඉකොනොමැට්ටා

පසුගිය (2023) වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් බිලියන 58.1ක ලාබයක් වාර්තා කර තිබෙනවා. මීට පෙර ලංවිම විසින් අවසන් වරට ලාබ ලැබුවේ 2015 වර්ෂයේදීයි. ඉන් පසුව, දිගින් දිගටම වසරින් වසර පාඩු වාර්තා වුනා. 2022 වසරේ අලාභය පමණක් රුපියල් බිලියන 309.2ක් වූ අතර, ඒ සමඟ ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් බිලියන 598.0 දක්වා ඉහළ ගියා. මෙය 2023…

රාජපක්ෂ Chapter Close – රටේ රාළ

මේ අවුරුද්දේ ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණයද නැත්තං මහ මැතිවරණයද කියන සාකච්ඡාව ආයෙත් උඩට ඇවිත්.ඒකට ප්‍රධාන හේතුව පස් වෙනිදා බැසිල් ආවේ ජුනි/ජූලි වල පැවැත්වෙන මහ මැතිවරණයක් ඉළක්ක කරගෙන පොහොට්ටුවේ කැම්පේන් එක පටන් ගන්න කියන කතාවත් එක්ක.ඒ කතාව කිව්වේ බැසිල්ගේ ළඟම ඥාතියෙක් වෙච්චි උදයංග වීරතුංග. දැන් ආපහු දේශපාලන සමාජය දෙගිඩියාකට යවන්න බැසිල් සමත් වෙලා තියනවා.උදයංග කියන විදිහට පාර්ලිමේන්තුව…

ලන්සා බැසිල්ගේ ඔත්තුකරුවෙක්ද? – රටේ රාළ

පොදුජන පෙරමුණෙන් වෙන්වී ගිය කණ්ඩායම් අතරින් අනුර ප්‍රියදර්ශන යාපා – නිමල් ලන්සාගේ නව සන්ධානයට හිමි වෙන්නේ විශේෂ තැනක්.පොහොට්ටුවෙන් වෙන් උන විමල්ලාගේ උත්තර ලංකා සභාගයේත්,ඩලස්ලාගේ නිදහස ජනතා සභාවෙත් පැවැත්ම තවදුරටත් අභියෝගයට ලක් වෙද්දී ලන්නසලාගේ නව සන්ධානය දේශපාලන කරලියේ පිම් කීපයක් පැනලා. එක පැත්තකින් සංවිධානය වැඩපිලිවෙලක් එක්ක එයාලා ජනතාව අතරට යන්න පටන් අරන්. ඒ වගේම ශ්‍රිලනිපය ප්‍රමුඛ…

|

ශ්‍රීලංකන් ණය බරත් බදු ගෙවන්නන්ට! – ඉකොනොමැට්ටා

පසුගිය (2023) වසරේ ජනවාරි 2 දින අප විසින් ලියා පළ කළ, “කවුද ගන්නේ ශ්‍රීලංකන්?” ලිපිය මා නැවත මෙහි උපුටා දක්වන්නම්. *** වැඩි කොටස් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය සතුව තිබියදී වුවත්, වසර දහයක කාලයක් තිස්සේ එමිරේට්ස් සමාගම විසින් කළමනාකරණය කළ, ඒ කාලය තුළ පාරිභෝගිකයින්ට හොඳ සේවයක් ලබා දෙන අතරම දිගින් දිගටම ලාබ ලැබූ ශ්‍රීලංකන් ගුවන් සේවය…