පාර්ලිමේන්තු අනුමැතියක් හා ජනමතවිචාරණයකින් නව ව්‍යවස්ථාව සම්මත කොට ගැනීම අවශ්‍යයි – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

ආණ්ඩුක‍්‍රමව්‍යවස්ථාවක් යනු රටක මනා පාලනය සඳහා අවශ්‍ය ව්‍යාකරණයක්ය යනුවෙන් සාමාන්‍ය පිළිගැනීමක් ඇත. එසේ වුව ද වර්තමාන අර්ථයෙන් ගත් කල ආණ්ඩුක‍්‍රමව්‍යවස්ථාවක් යනු රටක ජනතාවගේ නිදහස පිළිබඳ වූ ව්‍යාකරණයක්ය යන්න දේශපාලන විද්‍යාඥයන්ගේ මතයයි. මේ වන විට මෙරට පවත්නා ආණ්ඩුක‍්‍රමව්‍යවස්ථාව යල් පැන ගිය, 19 වතාවක් සංශෝධනයට පාත‍්‍ර වූ විවිධ අරමුණු සඳහා පැලැස්තර දමන ලද එකකි. එයින් 21 වන…

වෙනසක දස වැදෑරුම් සැපත කළ දෑ නොකළ දෑ සහ කළ යුතු දෑ – නිශාන්ත කමලදාස

  ජන 8 දා වෙනසක් සිදු විය. ඒ වෙනස ගැන මිනිසුන් තුළ විවිධ මත තිබේ. සමහරුන්ට වෙනස සැප ය. ඒ සැප වාහන තනතුරු භවභෝග සම්පත් හා වෙන ඉල්ලම් ලැබී තිබීම නිසා ය. ඒ වෙනදා මෙන් ම අතිශයින් අතළොස්සකට ය. රටේ බහුතරයකට එය සැපක් වී ද? නැතිනම් දුකක් වී ද? මේ ලිපිය ඒ ගැන විමසන්නට ය….

බෑණා ණය ගෙවා නෑ කියුවිට අර්ජුන් මහෙන්ද්‍රන්ට ‘මගේ දෙයියනේ’ කියලා කියවුණා..!

යාපනේ සිටි මහ බැංකුවේ අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට තමන් දුරකථනයෙන් කතා කරමින් පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම එක්දින ද්‍රවශිලතා ණය සහ ප්‍රති ගැණුම් ණය (IPL and REPO) ගෙවා නැහැ යයි කී විට අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට එකවරටම ‘මගේ දෙයියනේ’ කියලා කියවුණා යැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ දේශීය මෙහෙයුම් දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂක නිහාල් රංජිත් රුද්‍රිගු…

දොස්තර සංගමයේ වර්ජන මේනියාව – සී. ජේ. අමරතුංග

   රජයේ වෛද්‍යවරු නැවතත් වැඩ වර්ජනයක යෙදෙන බව කියති. ඒ කියන්නේ ඔවුන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් වැළකී සිටින බවයි. එසේ කරන්නේ රෝගීන්ගේ ජීවිත බේරාගන්නටය. මාලඹේ සයිටම් ආයතනයෙන් උපාධි ලබා එන වෛද්‍යවරුන්ගෙන් රෝගීන් බේරාගැනීම තම අරමුණ බව මේ වෛද්‍යවරු කියති. ඔවුන් කියන්නේ සයිටම් උපාධිධාරීන්ට හරි සුදුසුකම් නැති බවයි. සයිටම් උපාධිධාරීන් කියන්නේ ඕනෑම පොදු විභාගයකට මුහුණ දී තම…

වැටුණු කඩල ඇටය අල්ලා ගන්නට අතේ ඇති කඩල අහුර අත හරින නිර්මාල් රංජිත් දේවසිරි – අජිත් පැරකුම් ජයසිංහ

  එක්තරා බෞද්ධ කතාවකට අනුව, වඳුරෙක් කඩල වෙළෙන්දෙකුගෙන් කඩල අහුරක් සොරාගෙන ගසකට නැගුණේ ය. නගින අතර එක් කඩල ඇටයක් අතින් ලිස්සා ගියේ ය. වඳුරා අතේ තිබුණු කඩල අහුර ම අත හරිමින් වැටුණු කඩල ඇටය අල්ලා ගැනීමට පැන්නේ ය. මේ වඳුරාගේ ක්‍රියාව මතක් කරන අය ලංකාවේ ඕනෑ තරම් සිටිති. අලුතෙන් ම එම භූමිකාවේ ඔස්තාද් වී තිබෙන්නේ…

ආණ්ඩුව මුලින්ම කරන්න තිබුණ වැඬේ පස්සට තල්ලූකළා – නීතිඥ එස්. ජී.පුංචිෙහේවා

සයිටම් ප‍්‍රශ්නය විසඳුමක් නැතිව දිගින් දිගටම ඇදීගෙන යනවා. හම්බන්තොට වරාය ප‍්‍රශ්නය තවමත් එහෙමමයි, දූෂිතයන්ට දඬුවම් දීම එන්න එන්නම ප‍්‍රමාදවෙනවා මෙයින් පෙනෙන්නේ මේ රජය ප‍්‍රශ්න විසඳීමට අපොහොසත් කියලද? ඔය කියන ලද හැම ප‍්‍රශ්ණයක්ම විසඳීමට ලොකු කැපවීමක් නැතිබවයි පෙන්නේ.  ඕනෑවට වඩා කල්මරණ බවකුයි පෙනෙන්න තියෙන්නේ. ඉස්සර කියාපු සමහර දේවල් කණපිට පෙරළීගෙන එන්නේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, පළාත් පාලන මැතිවරණය…

ප‍්‍රදර්ශන කාමයෙන් තොර තිරසාර සංවර්ධන යුගයක් – තුෂාල් විතානගේ

‘යහපාලන ආණ්ඩුව විසින් රටේ සංවර්ධනය වෙනුවෙන් කිසිදු ප‍්‍රවේශයක් ගෙන නැතැයි ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ ආණ්ඩු විරෝධී පාර්ශ්ව දිගින් දිගටම චෝදනා කරමින් සිටිති. මේ ඒ ගැන විමසා බැලීමකි. පසුගිය කාලය පුරා හඳ දෙස නොව, හඳ පෙන්වන ඇඟිල්ල දෙස බැලීමට පුරුදු පුහුණු කර සිටි ජනතාව යහපාලන ආණ්ඩුව ගැන කියනවා යැයි කියන කතා අතර ප‍්‍රධාන කතාවක් වන්නේ ‘මේ ආණ්ඩුව…

වස විසෙන් තොර කෘෂිකර්මය හා ජෛව පොහොර – ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාත

රජයේ නව වස විසෙන් තොර තෙවසරක් (2106 – 2018) කෘෂිකර්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ බොහෝ කරුණු වැරදි සහගත වීම කණගාටුවට කරුණකි. එය සකස් කිරීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ එම අමාත්‍යාංශය සහභාගි නොවීයයි ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් එම ප‍්‍රතිපත්තී අනුව වසර තුනක් තුළ දී රසායනිකන්ගෙන් ඉවත්වීම, ඒ වෙනුවට කාබනික කෘෂි ක‍්‍රමවේද භාවිතය මෙන්ම ආවේනික වී වර්ග…

නිදහසේ අවාසිය – සී. ජේ. අමරතුංග

  දැන් තිබෙන ගිවිසුම අනුව හම්බන්තොට වරාය සංවර්ධනයට වරාය සංවර්ධන සංස්ථාව නමින් සමාගමක් පිහිටුවනු ලබන අතර එහි සියයට 80 ක අයිතිය චයිනා මර්චන්ට් ෆෝර්ට් සමාගමට ලබා දෙන්නේ ‍ඩොලර් බිලියන 1.1ක මුදලකටය. වරාය අධිකාරියට හිමිකම සියයට 20 කි. චීන සමාගමට අයත් කොටස්වලින් සියයට විසිපහක් මාස හයක් තුළ ලබාගැනීමට ශ්‍රී ලාංකික පාර්ශ්වයකට ඉඩ ලබා දී ඇත. එසේ ඉදිරිපත් නොවුවහොත් වසර…

සයිටම්ට අදාළ කතා තුනක් – අනුර සූරියබණ්ඩා

පෞද්ගලික රෝහලක දින කිහිපයක් ගතකරන්නට පසුගිය ගතියේ  මට සිදුවිය. එහි දී තම ලේ පරීක්‍ෂාකරන්නට, බෙහෙත් එන්නත් කිරීමට, ඖෂධ දීමට පැමිණි හෙදියන්ගෙන් මා විමසූ පැනයක් වූයේ ඔවුන් ඒ සඳහා ලබා දී ඇති පුහුණව කෙසේද යන්නයි. ඉන් එක් හෙදියක් පැවසුවේ පෞද්ගලික හෙද විදුහලක ( ? * මාස හයකින් පසුව රැුකියවට පැමිණි බවයි. තවත් හෙදියක් කීවේ මා නැවතී…

ප්‍රහාරකකල්ලි ගැන ෆොන්සේකාගේප්‍රකාශය-එම්. එස්. එම්. අයුබ්

මාධ්‍යවේදීන් ඇතුලු බොහෝ දෙනාට එරෙහිව සේවයේ යොදවා සිටි මිනීමරු කල්ලි පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු හමුදාපති ෆීල්ඞ් මාෂල්සරත් ෆොන්සේකා අතර ඇති වී තිබෙන විවාදය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡාවට ගැනෙමින් තිබූ ලංකාව පිළිබඳ මාතෘකාව හුදෙක් එකවිට සිද්ධවීම අහම්බයක් විය හැකිය. එහෙත් එකී එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ සැසිවාරය පැවැත්වෙන අතරේ උතුරේ පුද්ගල…

රටට වින කටින ඊනියා දේශප්‍රේමය – මහින්ද රත්නායක

  පසුගිය සති කිහිපය තුළ එකිනෙකට සම්බන්ධ නමුත් බැලූ බැල්මට සෘජු සම්බන්ධයක් නැති සංසිද්ධින් තුනක් මාධ්‍ය වාර්තා කළේ ය. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම පළමුවැනි සංසිද්ධිය වේ. දෙවැන්න, බීමට ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ නිරායුද ජනතාවට වෙඩිතැබූ හමුදා සාමාජිකයින් තිදෙනකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකිරීම…