පසුගිය හැම මැතිවරණ ප්‍රකාශනයකම තියෙන්නෙ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම හා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන. ජනතාව කී වතාවක් ඒකට ඡන්දය දුන්නද? – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර

ලබන අවුරුද්දට නිදහස ලැබිලා අවුරුදු 70ක් සම්පූර්ණ වෙනව. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් යටතේ ජීවත් වුණා. පළවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි හදාපු එකක් නෙමේ. ඒක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් හදලා අපිට එවාපු එකක්. වමේ අපි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වෙලාවෙ විරුද්ධ වුණා. එළිසබෙත් රැජිණ අපේ රාජ්‍ය නායිකාව කරන කියපු වෙලාවෙ වමේ අපි විතරයි ඒකට විරුද්ධ වුනේ. වෙන කවුරුවත්වත් කිසිම…

අපේ සිහින අධිකරණ සේවය – නිශාන්ත කමලදාස

 ඩේලිමිරර් පුවත්පතේ පළවූ වාර්තාවකට අනුව අධිකරණය විසින් 2016 දෙසැම්බර් 31 දා වන විට විසඳිය යුතුව තිබුණු නඩු ගණන 725,944 කි. එයින් 699,784 ක් ම ඊට කලින් වර්ෂයේ සිට එන ඒවා ය. එයින් තව දුරටත් කියන්නේ විසිපන්දහසකටත් වඩා නඩු සංඛ්‍යාවක් 2016 වසරේ දී ද අධිකරණයට ගොනු වුණු බව ය. එය ම මේ නඩු කොපමණ කලක් තිස්සේ…

|

කෝප් සභාපතිගෙන් ආණ්ඩුවට අලුත් යෝජනාවක්

  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය දිනවල පොළොන්නරුවේ, ත්‍රිකුණාමලයේ හා අනුරාධපුරයේ උත්සව ගණනාවකට සහභාගී වෙමින් එම ජනයාගේ දුක සැප සොයා බැලුවා. පොළොන්නරුවේදී ජනාධිපතිතුමාට දැනගන්න ලැබුණේ නියඟයෙන් මහජනයා පීඩාවට පත්ව සිටින ආකාරයයි. ජනාධිපතිවරයා හදිසියේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සංචාරය කළේ ද නියඟයෙන් ජනතාවට සිදුව ඇති විපත ගැන සොයා බැලීමටයි. විපතට පත් ජනතාව ගැන සම්පූර්ණ තොරතුරු රැස්කරන ලෙසත්, ඔවුන්ට ලබාදිය…

ආණ්ඩුවට ජනවරමක් තිබෙන බව මතක්කර දෙන්න සිදුවෙලා – එක්සත් වාමාංශික පෙරමුණේ සංවිධායක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ඉතා පැහැදිලි ලෙස 56%ක ප්‍රමාණයක් පාර්ලිමේන්තු මැතිවරණයේ දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්ෂව ඡන්දය දුන්නා. මේ ඉලක්කම් වලට එකතු වුණේ නැතත් ශ්‍රී ලංකා කොමිනියුස්ට් පක්ෂය වගේ පක්ෂ පැහැදිලිව පෙනී සිටිනව අලුත් ව්‍යවස්ථාවක් සඳහා. මේ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එක්‍ඟව 56% පැහැදිලි ජනවරමක් ලැබුණා. මේ ජනවරමක් නැති කතන්දරය බොරු කතාවක්. නොකෙරෙන වෙදකමට නම්…

රයන් ජයලත් පැහැරගැනීම මිථ්‍යාව සහ යථාව – අනුර සූරියබණ්ඩාර

වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුකරු රයන් ජයලත් මහතා අත්අඩංගුවට ගැනීමට පොලීසිය ගිය ආකාරය පිළිබඳව ගැටලුවක් ඇතත්, එය සුදු වෑන් රථයකින් ඔහු පැහැර ගැනීමට තැත්කිරීමක් ලෙස අර්ථ දක්වන්නට යාම බරපතල ගැටලුවකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැහැදිලිව පවසා තිබුණේ, රයන් ජයලත් මහතා අත්අඩංගුවට ගැනීමට ගිය වෑන් රථය ශ්‍රී ලංකා පොලීසියට අයත් එකක් බවයි….

ගොරකා දඩමස් කරන තවත් විහිළු කතා මක්කටෙයි – භාතිය බරුකන්ද

  නාමල් රාජපක්ෂ බී.බී.සී සංදේශයට කියා තිබුණේ “මූලෝපායික වශයෙන් වැදගත් හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු සඳහා චීන සමාගමක් සම්බන්ධ කර ගැනීමෙන් අසල්වැසි ඉන්දියාව පවා දැඩි අසීරුතාවකට පත්වනු ඇති’ බවයි. “බඩේ ඉන්න ළමයින්ට හඳහන් හදන්න එපා’‘ කියලා මීට සති කිහිපයකට පමණ පෙර මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට අවධාරණය කළ බව ඔබට මතක ඇති. හම්බන්තොට වරාය…

පරීක්ෂණ අවසන් වූ නඩු ගැන විශේෂිත අධිකරණයක් මගින් සාධාරණ ක්‍රියාමාර්ගයක් නොපමාව ගත යුතුයි – නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා

සංවේදි කාරණාවලදි රටේ යුක්තිය පසිඳලීම ගැන සාමාජයට පණිවිඩයක් දෙන්න ඕනෙ නිසා, සාමාන්‍ය අනුපිළිවෙලින් පිටට අරගෙන ඒ නඩු ඉක්මනින් අහල ඉවර කරනව. සාක්ෂි අනුව, රටේ නීතිය අනුවයි ඒ නඩු තීන්දු වෙන්නෙ. යුක්තිය පසිඳලීම ගැන කළමණාකරණය වහාම ක්‍රියාත්මක කිරීම ගැන අධිකරණ ඇමතිවරයා ක්‍රියාත්මක වෙන්න ඕනැ. ඒක විදුලිබල ඇමතිට කරන්න බෑ. කෘෂිකර්ම ඇමතිට කරන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රි නියෝජ්‍ය…

|

ආණ්ඩුවෙන් යාමට කැසපොට කවන අය – සී. ජේ. අමරතුංග

   දේශපාලනය යනු රැවටිල්ල රජකරන ක්ෂේත්‍රයකි. එහි කියන දේ‍ කෙරෙන්නේ නැත. කරන දේ කියන්නේ නැත. එමෙන්ම කේවල් කිරීම සඳහා මෙන්ම තම පක්ෂයේ හෝ කණ්ඩායමේ ධෛර්ය බිඳවැටීම වළක්වා ගැනීම සඳහාද දේශපාලනඥයෝ බොහෝ දේ කියති. ඒ අතරින් ඇත්ත හා බොරුවත්, සිදුවිය හැකි දේ හා නොවිය හැකි දේත් තේරුම් ගැනීම විචාර බුද්ධියෙන් කළ යුතු කටයුත්තකි. ඒකාබද්ධ විපක්ෂය ලෙස…

රාජපක්ෂලා ජාතිවාදය පෝෂණය කළේ දේශපාලන බලය තහවුරු කර ගන්නයි – ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු ම්න්ත්‍රි විජිත හේරත්

රාජපක්ෂ පාලනය කාලේ අර සේනා, අර බලය මේ බලය නමින් සංවිධාන හැදුවා, පෝෂණය කෙරුවා. ජාතිවාදය ඇවිස්සුවා. අලුත්ගම දර්ගානගරයේ මහා ජාතිවාදි ගිනි දැල්ලක් ඇවිලුවා. ඒ ජාතිවාදයෙන් රාජපක්ෂවරු තමන්ගෙ දේශපාලන බලය තහවුරු කර ගත්තා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු ම්න්ත්‍රි විජිත හේරත් එසේ ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ, සමාජවාදි තරුණ සංගමය මගින් පසුගියදා කොළඹ මහජන පුස්තකාලීය…

ගොරකා දඩමස් කරන රාජපක්ෂ තියරිය – භාතිය බරුකන්ද

‘කන්න  ඕනෑ වුනාම කබරගොයත් තලගොයා වගේ පේනවා’ කියලා කතාවක් ගම්වල තිබෙනවා. ගම්වල මිනිස්සු මේ කතාවෙන් අදහස් කරන්නේ අපි දේශපාලනයේදී බොහෝ විට කතා කරන ‘අවස්ථාවාදය’ කියලා කියන්න පුළුවන්. අවස්ථාවාදීන්ට කබරගොයා තලගොයා කරන්න විතරක් නෙමෙයි ‘ගොරකා දඩමස් කරන්නත් පුළුවන්’. අද ලංකාවේ විපක්ෂයේ දේශපාලනඥයින්ගේ කෙරුවාවල් දිහා බලන කොට මේ අය කබරගොයා තලගොයා කරන්නත්, ගොරකා දඩමස් කරන්නත් උපන් හපන්නු…

අපි ජාතියක් විදිහට ගොඩනැගෙන්න ප්‍රශ්න දිහා මනුස්ස ඇහැකින් බැලිය යුතුයි – ජනාධිපති නීතිඥ අලි සෆ්රි

ජාතිවාදය කා සඳහාද කියන මතෘකාව ඉතාමත්ම වැදගත්, කවුද මේ ජාතිවාදය අවුස්සන්නෙ? කවුද මේක පිටපස්සෙ ඉන්න? කාටද මේක අවශ්‍ය? කවුද මේක විකුණගෙන කන්නෙ? මෙය ලංකාවෙ විතරක් තියන දෙයක්ද? අනික් රටවල් වලත් විවිධ ස්වරුපයෙන් මේවා තිබිල තියනවද? කියන එක කල්පනා කරල බලනකොට, මේ රට ගැන අල්පමාත්‍රයක හැඟීමක් තියන මනුස්සයෙකුට ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය, බෙදුම්වාදයෙන් කිසිවක් ලබාගන්නට බැහැ. එයින්…

අපේ සිහින වෘත්තීය සමිති – නිශාන්ත කමලදාස

 වෘත්තීය සමිති තිබෙන්නේ වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමට කේවල් කිරීමට ය.අරගල කිරීමට ය.ඒ වෙන රටවල ය.අපේ රටේ වෘත්තිය සමිති තියෙන්නේ ඒවායේ නායකයන්ට අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා කඩේ යැවීමට ය.නායකයන්ට අවශ්‍ය කාරණා අතර ඇත්තේ සුළු පටු දේ පමණක් නොවේ.ඇතැම් විට ඒ අතර දේශපාලන බලය හා ඇමති කම් යන එකී නොකී දේ තිබේ. එක් වෘත්තීය සමිති නායකයෙක් කලෙක…