ආණ්ඩු පෙරළන ‘නරිවාදම’ – සී.ජේ.අමරතුංග

 නව වසර ආරම්භ වන විටම අසන්නට ලැබුණේ ආන්දෝලනාත්මක කතාවකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ 2017 දී ආණ්ඩුව පෙරළන බවකි. එනම් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පෙරළා තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවන බවකි. ඉඩක් ඇත්නම් රාජපක්ෂ මහතා එය කරන්නට උත්සාහ දරන බව නම් පැහැදිලිය. දැන් පවතින යහපාලන ආණ්ඩුව සෑදී තිබෙන්නේ ප්‍රතිවිරුද්ධ අදහස් ඇති ප්‍රධාන පක්ෂ දෙකකින් හා…

අපි රනිල්ටවත් මහින්දටවත් කඩේ යන්නේ නෑ – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

නව සමසමජ පක්ෂය දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් දේශපාලනයේ නිරතවන පක්ෂයක්. මේ පක්ෂය ආරම්භ කරලා පලමුවෙන්ම කරන්න සිද්ධ වුනේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඉදිරිපත් කරපු ව්‍යවස්ථාවට විරුද්ධ වෙන්න. ඒ ව්‍යවස්ථාව මහ උවදුරක් කියලා අපිට තේරුණා. රට පුරාම කලුකොඩි දාන්න අපි පියවර ගත්තා. විශේෂයෙන් විරුද්ධ පක්ෂය සමග එක් වෙලා ජනතාව අතරට ගිහින් සංවිධානාත්මකව ඒකට මූණ දෙන්න. ඒ සදහා…

දුන්න දුනුගමුවේ, ඊ තල කිතලගමුවේ – මහින්ද රත්නායක

පලාත් පාලන හා පලාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා විදේශගත වූයේ පලාත් පාලන සීමා නිර්ණ වාර්තාව බාරදීමට සුදානම්ව සිටිය දී ය. අර කී වාර්තාව භාරගැනීමට විෂයට සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න මහතා ද  ඉදිරිපත්වූයේ නැත. සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පලාත් සභා තුළ පරාජයට පත්වූයේ එයින් දින කිහිපයකට පසුව ය.   2017 දී ආණ්ඩුව පෙරළන බවට හිටපු…

තමන්ගේ සීමා නො දන්නා සිමාලා රටේ සීමා නිර්ණය කරන්නට යාම – අජිත් පැරකුම් ජයසිංහ

ලොකු සිමා හා පොඩි සිමා මේ දවස්වල ප්‍රදර්ශනය කරමින් තිබෙන පළාත් පාලන සීමා නිර්ණ නරි නාටකය දුටු විට ලියන්නට සිත් විය. කමිටු පොරවරුනි, ලංකාවේ ඕනෑ තරම් විගඩං තියෙනවා ය. ඒ නිසා බොලාත් තව ඒවා පෙන්නන්නට ඕනෑ නැත. සීමා නිර්ණය ගැන විගඩමක් පෙන්නන්නට ඕනෑ ම නම් ඒක ඇමති පෙන්වා ගනු ඇත. බොලා ඕනෑ නැත. අප දේශපාලකයන්…

යල්පැන ගිය ක්‍රමවේද සංවර්ධනයට බාධාවක් – ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා

  සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගෙන එන්නේ එය වැළැක්වීමටයි පළාත් සභාවල මුල්බැස ගත් යල් පැන ගිය ක්‍රමවේද බොහෝවිට පුළුල් සංවර්ධන කාර්යයන්වලට බාධා එල්ල කරන බවත්, එය වැළැක්වීමට විනා සුපිරි ඇමැතිකම් බිහිකිරීමට නව සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගෙන එන්නේ නැති බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි. රජය ඉදිරිපත් කිරීමට…

ගෙවුණු වසරේ මොකද වුණේ ?

2016 වසර ආරම්භ වූයේ මේ රටටත් ආණ්ඩුවටත් විශාල අභියෝග රාශියකට මුහුණදීමට සිදුව තිබූ පසුබිමකයි. දේශපාලන වශයෙන් පැවතියේද අවුල් සහගත තත්ත්වයක් බව පෙනෙන්නට තිබුණා. රටේ ප්‍රධාන පක්ෂ දෙක හවුල් ආණ්ඩුවකට එක්වී සිටියත් ඔවුන් අතර මත වෙනස්කම් නිතර නිතර ප්‍රකාශයට පත්වුණා. මෙලෙස ප්‍රධාන පක්ෂ දෙක එක්වී අණ්ඩුවක් කරගෙන යෑම අලුත්ම අත්දැකීමක් ලෙස පෙනී ගියා.‍ එක නායකයකු යටතේ…

වික්‍රම සිංහයා හා ගල්ලෙන ලොක් කර ගත් සිංහබාහුලා හමුවේ ඵලදායී වැඩ කරන ජනතාව – අජිත් පැරකුම් ජයසිංහ

රනිල්ගේ සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගැන ලියමින් මාතලන් පැවසූයේ චේතනා පරිශුද්ධ වූවත් පෙම් සටන් පරදී ය කියා ය. ඇත්තට ම රනිල්ගේ චේතනා පරිශුද්ධ ද? රනිල් බැඳුම්කර ගේම ගැහුවේ තනිකර ම තමන්ගේ පක්ෂයට ඡන්දය කරන්නට සල්ලි නැති නිසා ද? රනිල් කීයක්වත් ගත්තේ ම නැද්ද? ඒ වගේ ම රනිල් සංවර්ධන විශේෂ විධිවිධාන පනතින් විශේෂ සංවර්ධකයන් පිරිසකට නීති…

ඒකාබද්ධයේ දෙබිඩි කතා – සී. ජේ. අමරතුංග

  ඒකාබද්ධ විපක්ෂය දිගටම කතා කරමින් හිටියේ ව්‍යවස්ථා මර උගුලක් සම්බන්ධයෙනි. එනම් පළාත් සභාවලට වැඩි බලතල දෙන්න දරන උත්සාහයක් පිළිබඳවය. නමින් විතරක් ඒකීය නමුත් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන එන්නට හදන බවට චෝදනා නැඟිණි. එවිට කීවේ මධ්‍යම ආණ්ඩුවට පාලනයක් නැතිකොට පළාත් සභා බලවත් කරන්නට හදනවාය කියාය. ඒ කතාව එහෙම කියන ගමන්ම ඔවුහු දැන් තවත් කතාවක් කියති. ඒකෙන්…

සුපිරි ජනාධිපතිවරයෙකු බිහිකළ අය මේ කෙටුම්පතට එරෙහිවීම හාස්‍යට කරුණක්- අධිනීතිඥ ලාල් විජේනායක

සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සාකච්ඡා කිරීමට ප්‍රථම එහි අඩංගු විධිවිධාන පලාත් සභාව වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන උපලේඛණයේ 3වන නැතහොත් සමගාමි ලයිස්තුවේ අඩංගු කරුණු පිළිබඳව විධිවිධාන ඇතුළත් වන හෙයින් පළාත් සභාවල අනුමැතිය ලබාගැනීම සඳහා පළාත් සභාව වෙත යොමු කර ඇත. පළාත් සභා සියල්ල පාහේ මෙම කෙටුම්පත අනුමත කිරීම ප්‍රතික්ෂේප කිරීම…

ගරු ජනාධිපතිතුමනි, හමුදා නිල ඇඳුම්කාර හොරුන්ගේ නොව, රණ විරුවන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න- අරූන් කුමාරේසන්

සාපරාධී සිදුවීම් සම්බන්ධයෙන් පැවැත්වෙමින් තිබූ පරීක්ෂණවලට අභියෝග කරමින් මෑතකදී ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය අසා බොහෝ දෙනාගේ ඇස් උඩ ගියේය. දේශපාලනික සහ සිවිල් නායකත්වය විසින් දියත් කෙරුණු යහපාලන ව්‍යපාරයේ සංකේතීය නියෝජනයක් වීම හේතුවෙන්, ඔහු විසින් කරන ලද එම ප්‍රකාශය, ආණ්ඩු වෙනසට පාදක කර ගත් දැඩි ස්ථාවරයන් කණපිට හැරවීමක සේයාවක් ගත්තේය. ත්‍රස්තවාදය පරාජය කිරීමෙහි ලා අති විශාල…

ගුණදාස අමරසේකර කියන්නේ ලංකාවට රජෙක් ඕනෑ බවයි – මහාචාර්ය ලියනගේ අමරකීර්ති – වීඩියෝ

සිංහල බෞද්ධ සමාජයේ ප‍්‍රධාන දේශපාලන දෘෂ්ටිවාදියෙකුද දේශපාලන පණ්ඩිතයකුද ක‍්‍රියාකාරිකයෙකුද වන ගුණදාස අමරසේකර ජාතික චින්තනය නම් සිය චින්තන ව්‍යාපෘතියේ අවසාන පියවර යැයි කියන ප‍්‍රකාශනයක් පළ කර තිබේ. සිය සුපුරුදු පුස්තිකා ස්වරූපයෙන් පළ කර ඇති එහි මහින්ද රාජපක්ෂවාදීන්ගේ අද දවසේ දේශපාලනයත්, සිංහල ජාතිකවාදී දේශපාලනයේ එක් ධාරාවක ඊ ළඟ න්‍යායික පියවරත් ප‍්‍රකාශයට පත් කරනු පෙනේ. එහි දවසේ දේශපාලනය…

රජය අරාජිකත්වයට ගමන් කරනවා- නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල

මම හිතන්නේ මේ රටේ මාධ්‍යවල මේ දිනවල බොහෝවිට කථාකරන එක ප්‍රස්තුතයක් තමයි වර්තමාන රජය අරාජික තත්ත්වයක පවතිනවා කියන කථාව. පුරවැසි බලය කථා කරන බොහෝ දේවල් තමයි අද බොහෝ මාධ්‍යවල ප්‍රවෘත්ති හැටියට පලවන්නේ. විශේෂයෙන්ම රජය අරාජිිකවාදය කරා ගමන්කරනවා කියන එක ඒ අතර ප්‍රධානයි. ඒකේ එක පැත්තකින් ඇත්තකුත් තියෙනවා. අපි දකින ආකාරයට බොහෝ වෙලාවට කරන්නට අවශ්‍ය කටයුතු…