ඊනියා ජාතික ආණ්ඩුවට පුරවැසි බලයෙන් දැඩි විවේචනයක්

දේශපාලන ප්‍රතිසංස්කරණ ඇතිකිරීම සඳහා වසර දෙකකට සම්මුති බද්ධ ආණ්ඩුවක් ඇතිකර ගැනීමේ යෝජනාවට පුරවැසි බලය එකඟත්වය පලකළ නමුත් දැන් යෝජිත දියාරු ප්‍රතිසංස්කරණ ඇතිකිරීමට මෙතරම් විශාල ඇමති මණ්ඩලයක් අනවශ්‍ය බව “පුරවැසි බලය” සංවිධානයේ අදහස බව වාර්තා වේ. මැතිවරණයෙන් අනතුරුව පසුගිය 31 දා රැස් වූ පුරවැසි බලය වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ග වශයෙන් සාකච්ඡාකර තිබේ. ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයේ…

ජාත්‍යන්තර පරීක්‍ෂණ පැවැත්වීම අවශ්‍යයි – ධර්මසිරි බණ්ඩාරනායක.

ජ්‍යාතන්තර පරීක්‍ෂණ පැවැත්වීමට විරුද්ධවීම, නොසන්ඩාල, අසීලාචාර දේශපාලනය තවදුරටත් මේ රටේ ස්ථාපිත කරන්න හදන උත්සාහයක්. අපි දන්නව සැප්තැම්බර් මාසෙ එල්ල වෙන්න තියෙන ඒ චෝදනා වලියට දෙන උත්තරේ. ‘ඒවට අපි ඉඩ තියල නෑ කියල’ යම් දේශපාලන පක්‍ෂයක් කියවනව නම්, ‘ඉඩ දීලා නෑ කියන්නෙ’, ඒ දේශපාලන පක්‍ෂය සම්පූර්ණයෙන් අපරාධකරුවන්ගෙ පක්‍ෂයක්. මම හිතන විදිහට ජාත්‍යන්තර පරීක්‍ෂණ පැවැත්වීම අවශ්‍යයි. සිනමාවේදියකු…

ජාතියට ප්‍රශ්නයක් වී ඇත්තේ වාර්ගික ප්‍රශ්නය නොව රාජපක්ෂ අවතාරයයි.

ගොඩනැගීමට නියමිතව ඇත්තේ සභාග ආණ්ඩුවක් වූවත්, මේ අවස්ථාවේ ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමට අවශ්‍ය කරන සමාජ කොන්දේසික් තිබේ. ඒ සමාජ කොන්දේසිය වන්නේ වෙනයමක් නොව ජනවාර්ගික සංහිඳියාව ය. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටළුවක් වන මේ ප්‍රශ්නය තවදුරටත් තබාගෙන ඉදිරියට ගමන්කිරීමට හැකියාවක් නැත. අග්‍රමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට මේ පිළිබඳ අවබොධයක් ඇතත්, මේකට සම්බන්ධවිය යුතු අනික් පාර්ශවය වන ශ්‍රි ලංකා…

ආණ්ඩුවයි විපක්‍ෂයයි දෙකම තියාගන්න සංධානෙට බෑ . ඒක පාර්ලිමේන්තු ක‍්‍රමය මුළුමනින්ම අවුලකට ඇද දැමීමක්. – කේ ඩී ලාල් කාන්ත.

පළාත් සභා මන්ත‍්‍රී කමෙන් ඔබ ඉල්ලා අස්වීම, එක එක මාධ්‍ය එක එක ආකාරයට වාර්ථා කර තිබුණා. ඇතැම් ජනමාධ්‍ය කියා තිබුණේ ඔබ මැතිවරණයෙන් තේරීපත් නොවූ නිසාත්, ජාතික ලැයිස්තුවෙන් පත්වීමක් බලාපොරොත්තු ව සිට එය ඉටු නොවුන නිසාත්, ඇති වූ කළ කිරීම මත ඉල්ලා අස් වූ බවයි. ඒ වගේම ජනතාව අතර මතයක් තියනවා ඔබ පක්‍ෂයෙනුත් ඉල්ලා අස්වෙන්න යනවා…

මේක ජාතික ආණ්ඩුවක් නොව සභාග ආණ්ඩුවක් – රටේ ප්‍රජාතන්ත්‍රවාය ස්ථාපිත කිරීමට ශ්‍රීලනිපය ශිෂ්ඨ නායකත්වයක් අතට පත්කළ යුතු ය.

මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගැනීමත්, සමඟ එක්සත් ජාතික පක්ෂය මෙන්ම පුරවැසි සංවිධාන සමඟ ඇතිකරගත් අවබෝධතා ගිවිසුමේ අවම වශයෙන් වසර 2ක් වත් එම පක්ෂ දෙක එක්ව රට පාලනය කළයුතු බව සඳහන් ය. රට තුළ අද සාකච්ඡාව කෙරෙන ජාතික ආණ්ඩුව පිළිබඳ මාතෘකාව පිළිබඳව ප්‍රථමයෙන් අපි පැහැදිළි කරගත යුතු ය. ආරම්භයේ සිට ම පසමිතුරු වූ…

සිදුවෙමින් තිබෙන්නේ බරපතළ විකෘතියක්

ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවශ්‍ය වන්නේ ජාතික වශයෙන් රට මුහුණ දී ඇති ප්‍රශ්නයක් හෝ ප්‍රශ්න කිහිපයක් විසදා ගැනීමට ය. උදාහරණයක් ලෙස ජනාධිපති ආණ්ඩු ක්‍රමය සම්පූර්ණයෙන් ඉවත්කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම ගත හැක. එමෙන්ම 13වෙනි ආණ්ඩු ක්‍රමයෙන් ඔබ්බට ගොස් ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීම වැනි දෙයක් වන්නට පුළුවන. එහෙත් පක්ෂ දෙක අතර ඇතිකරගෙන ඇති…

නීතිය අතට ගන්නට ගොස් යහපාලනය වරද්දාගනීද? – නිශාන්ත කමලදාස

සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා අධිකරණ නියෝජ්‍ය ඇමතිවරයා ලෙස සිටියදී පොලිස් නිලධාරියෙකුට තර්ජනය කළේ ය. එම තර්ජන කිරීම සම්බන්ධයෙන් එතුමාට එරෙහිව පොලීසිය විසින් පවරන ලද නඩුවක් අධිකරණයේ විභාගවීමට නියමිත ය. එබැවින් ඒ සිද්ධිය ගැන විමසීමට මෙහි අදහසක් නැත. එහෙත් එතුමා තම මැදිහත් වීම සමාජය ඉදිරියේ යම් පමණකට සාධාරණය කළේ නිලධාරීවාදය නැවත හිස එසවීමට තමන් ඉඩ නොදෙන බව…

ජාතික ආණ්ඩුවක් යන වචනයට මා එකඟ නෑ. බලකේන්ද්‍ර 3නේ උවමනාවන් අතර පරතරය විශාලයි.

රට ඉදිරියේ ඇති මුලික ප්‍රශ්න, එනම් ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික ගැටළුව සහ ආර්ථික ප්‍රශ්නය විසද ගැනීමට ජාතික ආණ්ඩුවක් අවශ්‍ය බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. තවත් විටෙක එය සම්මුතිවාදි ආණ්ඩුවක් ලෙස ද හැඳින්වේ. ඒ කෙසේ නමුත් ජාතික ආණ්ඩුවක් යන වචනයට මා එකඟ වන්නේ නැත. එයට යම් වටිනාකමක් ලැබෙන්නට නම් දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ එකඟත්වය එයට…

තුන්වැනි ලෝකයේ ඒකාධිපතියන්ගේ මෝහනීය විකාරය හා රැවටිල්ල

තුන්වැනි ලෝකයේ බොහෝ ඒකාධිපතියෝ තමන්ගෙන් වධයට පත් මහජනතාව තමන්ව අතහැර යද්දී පවා සුපුරුදු බලයේම එල්ලී සිටීමට දඟලති. බලය අතහැර යාම ඔවුහූ ඉඳුරා ප්‍රතික්ෂේප කරති. ඔවුන් එසේ කරන්නේ, එක් විකාර සිතිවිල්ලක් ඔස්සේ යමිනි. එනම්, රට තමන්ට අයත් බවක්, තම දරුමල්ලන්ට සහ පවුල් සාමාජිකයන්ට පමණක්ම අයත් බවක් සිතමින්, සදාකාලයට තමන් විසින්ම එරට පාලනය කළ යුතු බවක් ඔලූවට…

වෙනස ඉදිරියට ගෙනයෑමට දුන් ඡන්දයක්

පසුගිය මැතිවරණයේ වැදගත් දේශපාලන හේතු දෙකක් තිබේ. ඉන් පළමුවැන්න මේ වසරේ ජනවාරි 08වෙනිදා පැවති ජනපතිවරණයත් සමඟ ආරම්භ වූ අසම්පුර්ණ දේශපාලන වෙනස සම්පූර්ණ කිරීමට ඡන්දදායකයින් බහුතරයකගේ අනුමැතිය ලැබීම ය. අගමැති ලෙස නැවත පැමිණිමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැරූ තැත ව්‍යාර්ථවීම අඩු වැදගත්කමක් නොදැරීම දෙවැන්න ය. 2016 අප්‍රේල් වනතුරු පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට හැකියාව තිබුණේ වී නමුත් සමහර…

අනෙක් අයගේ අයිතියටත් ගරු කරන්න – මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය

ඡන්දය ඔබේ අයිතියයි. ඔබට ඔබේ මතය දරන්න අයිතියක් තිබෙනවා වගේම, අනෙක් අයටද ඔවුන් ගේ මතය දැරීමට අයිතියක් තිබෙන බව සිතන්න. එම අයිතියට ගරු කරන්න. උදෑසනම ඔබේ ඡුන්ද පොළට ගොස් ඔබේ ඡුන්දය පාවිච්චි කරන්න. මැතිවරණ කොමසාරිස්වරයා  මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළේය. එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට කොමසාරිස්වරයා පිළිතුරු දුන්නේ මේ ආකාරයෙනි . මැතිවරණයේ දී ඇතැම් අපේක්‍ෂකයන් නීති විරෝධි පෝස්ටර්…

මහින්ද කරපු දේවල් අද පාරාවළල්ලක් වෙලා – ප‍්‍රවීන සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර

ජනතා විමුක්ති පෙරමුණ ගැන අද හැමෝම කතා කරනවා. ජනතා විමුක්ති පෙරමුණ තමයි ගැලවුම්කරයා කියලා හිතනවා. මේක මේ යුගයේ විතරක් නෙමෙයි වරින්වර මතුවෙමින් යටයමින් පවතින තත්ත්වයක් නේද? ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුවත් එක්ක ඇතිකරගත්තා වූ එක`ගතාවය මත කෙරුණු මැතිවරණයේ දී ඔවුන්ට සැලකියයුතු ආසන ප‍්‍රමාණයක් ලැබුණා. නමුත් තනි පක්‍ෂයක් විදිහට මෙවැනි ප‍්‍රසාදයක් මැතිවරණ ක්‍ෂේත‍්‍රයේ…