ජනාධිපතිවරයාත්, අග‍්‍රාමාත්‍යවරයාත් තමන්ට ලැබිල තියෙන ජනවරමට අනුව කටයුතු කළ යුතුයි. – චමීර පෙරේරා – වමේ කේන්ද්‍රය – සම කැඳවුම්කරු

ජනවාරී 8 මේ රටේ ආරම්භ කළ දේශපාලන පරිවර්තනයේ අභිලාෂයන් ආරක්‍ෂාකරගන්න නම්, වික‍්‍රමසිංහ මහත්තයට තියන අර්ජූන මහේන්ද්‍රන් ලැදියාව අත්හරින්න අවශ්‍යයි. ඒ වගේම මෛත‍්‍රීපාල මහත්තයට තියෙන ගෝඨාභය පේ‍්‍රමයත් අත්හරින්න අවශ්‍යයි. අපිට තියෙන ප‍්‍රශ්නය තමයි, මේ දෙපොල ජනවාරි 8 ඇතිකරගත්ත අභිලාෂයන් වලින් එහාට ගිහින්, ජනවාරි 8ත්, අගෝස්තු 17ත් මේ රටේ මහජනයා සමග ඇතිකරගත්ත එක`ගතාවයන්ගෙන් එහාට ගිහින් තමතමන්ගේ න්‍යායපත‍්‍රයන්ට…

කෝප්: අපේක්ෂාවේ සහ අපේක්ෂා භංගත්වයේ රංගනය -ජයතිලක ද සිල්වා

මහත් උනන්දුවෙන් සහ කුතුහලයෙන් යුතුව බලා සිටි කෝප් වාර්තාව (රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර ඉන් අනතුරුව ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කොට තිබේ. ඉතා හොඳින් කරුණු සළකා බැලීමෙන් පසුව, සාරානුකූල වාර්තාවක් ඉදිරිපත් කිරීම ගැන කෝප් කමිටුවටත්, විශේෂයෙන් එහි සභාපතිවරයාටත් ප්‍රශංසාව හිමි වෙයි. පෙර නොවූ විරූ තරමේ අති…

ජනවාරි 8 වෙනිදා ජයග‍්‍රහණය සිවිල් ජනතාවගේ ජයග‍්‍රහණයක් – රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන

පහුගිය දවස්වල මහාචාර්ය සරත් විජේසූරිය පණ්ඩිත කතා ටිකක් කිව්වා, ආණ්ඩුව කරගෙන යන්න  ඕන විදිහගැන. ඇමතිවරු අස්කරන එක ගැන, ඒ වගේම සමහර නිලධාරින් ඒ ඒ තැන්වල තියාගන්න එපා කියල විවිධ අවස්ථාවල කව්ව. විශේෂයෙන්ම ජනාධිපතිතුමා, සී.යි.ඞී. එකට, එෆ්.සී.අයි.ඩි. එකට සහ අල්ලස් කොමිෂන් සභාවට දැඩිලෙස පහරදීල කතා කෙරුවට පස්සෙ අපි පුරවැසි බලය රැුසවීමක් තියපු වෙලාවෙ සරත් විජේසූරිය මහත්තය…

මහින්ද රාජපක්ෂ බුද්ධි අංශ පාවිච්චි කළේ අතකොලු හැටියට- නීතිඥය ජේ්. සී වැලිඅමුණ

ජනවාරි 8 වෙනසක් එක්ක නොයෙක් ආකාරයේ ප්‍රතිසංස්කරණ ගැන කතාබහක් සමාජයේ තිබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හෝ සාමාජීය ප්‍රතිසංස්කරණ පිලිබඳව ගොඩාක් අය අදහස් ප්‍රකාශ කලා. ඒ කාලෙ කරපු අපරාධ පිලිබඳව, ඒ කාලේ කරපු අපරාධ යටපත් කලේ ඇයි කියලා අපි නොදන්නවා නෙවෙයි. ඒ පිලිබඳ කිසිදු පරීක්ෂණයක් සිදුනොවන නිසා, එවැනි අපරාධ පිලිබඳ නැවත විමර්ශන කිරීමේ අවශ්‍යතාව අපට තදින්ම දැනෙනවා….

උසාවි නිහඬ වන විට- ෂෂ්නික් ධනුෂ්ක සහ ඇන්ඩි ෂුබෙර්ට්

ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘උසාවිය නිහඬයි’ නැමැති අළුත් චිත්‍රපටිය මහජන ප්‍රදර්ශනයට තැබීම වාරණය කරමින් අධිකරණය පැනවූ නියෝගය, ශ්‍රී ලංකාවේ යුක්ති විනිශ්චය පද්ධතියේ ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කිරීමේ අවකාශයක් විවෘත කොට තිබේ. (මේ වාරණය අධිකරණය මගින් පසුව ඉවත් කරන ලදි- පරිවර්තක) චිත්‍රපටිය පදනම් වන්නේ, රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැමියෙකු නිදහස් කිරීම සඳහා අනුග්‍රහයක් වශයෙන් ඔහුගේ බිරිඳව ලිංගික අපයෝජනයට යොදා…

රනිල් සල්ලි යටි මඩිගහන හොරෙක් නෙවෙයි – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

අද මේ රට තුල විශාල දේශපාලන ගැටුම් තිබෙන අවස්ථාවක් මේක. මක්නිසා ද යත්, අලුත් ව්‍යවස්ථාවක් හදල දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුම් සහිතව ප්‍රජාතන්ත්‍රවාදී තත්වයක් රටතුල ඇතිකර ගැනීම සඳහා ක්‍රියාකාරීත්වයක් ගොඩනැගෙමින් තිබෙන වෙලාවක්. මේ ක්‍රියාදාමයට හතුරුවු ජාතිවාදී, ෆැසිස්ට්වාදී කොටස් විශාල මුදල් සම්භාර එකතු කරමින් නොයෙක් උද්ඝෝෂණ කර එම වැඩ පිළිවෙල බිඳ දැමීමට උත්සහ දරණ අවස්ථාවක්. මේ වෙලාවෙම…

නීතිය, මහ බැංකු බැඳුම්කර හා සියඹලා – අජිත් පැරකුම් ජයසිංහ

මම නීතිය හැදෑරූ කෙනෙක් නොවෙමි. මා නීතිය දන්නේ නීති ගරුක පුරවැසියකු දත යුතු මට්ටමට පමණි. නීතියේ දර්ශනය ගැන නම් මම මෙලෝ දෙයක් නො දනිමි. මා මතු කරන මෙම ප්‍රශ්නය නීතියේ දර්ශනයට අදාළ දෙයක් නම්, කරුණාකර නීතිය දන්නා අය මෙය මෙහිදී හෝ වෙනත් තැනකදී පැහැදිලි කරන්න. කෝප් කමිටුවේ වාර්තාවෙන් හෝ ඒ සඳහා පාදක කර ගත් විගණකාධිපති…

කෝප් කමිටුවේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ වගකීම ආණ්ඩුව සතුයි – ජ.වි.පෙ. නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර දිසානායක

අපේ රටේ ධනය නිෂ්පාදනය කරන්නේ වැඩ කරන ජනතාවයි. තේ දළු කඩලා, මහ මුහුදේ ධීවර රැුකියාව කරලා, ගොවිතැන් කරලා, බැංකුවේ රස්සාව කරලා, ගුරු වෘත්තිය කරලා, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. එමගින් නිපදවන මහජන ධනයෙන් පංගුවක් ආණ්ඩුව බදු හරහා මරණ, විවාහ වැනි ලියාපදිංචි ගාස්තු හරහා රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා ගන්නවා. ආණ්ඩුවේ වගකීම තමයි එසේ ලබාගන්නා මහජන ධනය ආරක්‍ෂා…

නැවත හමුදාකරණයකට ඉඩදෙන්න ලක්‍ෂ 62 ක ජනතාව ලෑස්ති නෑ – සමන් රත්නප‍්‍රිය – පුරවැසි සංවිධාන එකමුතුව

උපාලි තෙන්කෝන් මාධ්‍ය වේදියාට පහර දීමට සැකපිට අත්අඩංගුවට ගත් බුද්ධි අංශ සාමාජිකයත් ඊයෙ පෙරෙදා නිදහස් කෙරුණා. ඔහුව පෙරට්ටුවකදි අඳුරගත්ත කෙනෙක්. ප‍්‍රදීප් එක්නැලිගොඩ මේ වන විට ඝාතනයක් බවට තහවුරු වෙලා තියෙනව. ඔහු මින්නේරියෙ යුධහමුදා කඳවුරට අරගෙන ගිහිල්ලා, එතනින් පස්සෙ එළියට අරගෙන ගිහින් තියෙනව. කොහාටද අරගෙන ගියේ? කවුද ඝාතනය කළේ කියන කාරණය පමණයි දැනට අඳුනාගැනීමට තියෙන්නෙ. එළියට…

රට හදන හැටි රනිල් කියයි

ගරු කතානායකතුමනි, රටේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය, අපේ ආර්ථිකයේ ඉදිරි ගමන සහ අපේ අනාගත අභිලාෂයන් පිළිබඳ 2015 නොවැම්බර් 05 වැනි දා මේ ගරු සභාව ඉදිරියේ කරුණු දක්වමින් කියූ දෙයක් අද යළිත් ඔබ ඉදිරියේ සිහිපත් කරන්නට කැමතියි. “මානවම්ම සිට මහා පරාක්‍රමබාහු දක්වා වූ අපේ රටේ ස්වර්ණමය යුගය යළි අප උදාකරගත යුතුව තියෙනවා. ඒ සඳහා කැපවීම, වගවීම හා…

වල්මත්ව හසරක් නොදැකීම – තිසරණී ගුණසේකර

“දේශපාලඥයන්ට තවදුරටත් සන්නිවේදනය කරගත නොහැකි වන, තමන් විසින් නියෝජනය කරනු ලබතියි ඔවුන් සිතන ජනතාව වටහා ගැනීමට තවදුරටත් නොහැකි වන, (දේශපාලන ක්‍රමයක භයානක ලක්ෂ්‍යයක් සනිටුහන් කරන) යුග තිබේ” – ආර්චී බ්‍රවුන් (“ශක්තිමත් නායකයා පිළිබඳ මිථ්‍යාව”) පුරාණෝක්තිය තුළ, වීර රජා ස්වකීය බල ප්‍රභවයට පස්ස හරවන විට, ඔහු නිතැතින්ම දුෂ්ට පාලකයෙකු බවට පත්වේ. පුරාණෝක්තිය තුළ, රජාගේ බල ප්‍රභවය,…

ජනාධිපතිවරයා දැන් මොනවා කීවත්, සියල්ලන්ටම තේරුම් ගියේ එකම ආකාරයටයි- ගාමිණි වියන්ගොඩ

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාව, රටේ පසුගිය අවුරුදු දෙකකට අධික කාලයක් තිස්සේ ප්‍රතිගාමී බලවේග ජාතිවාදී බලවේග අරගෙන ගිය ව්‍යාපාරයකට ලැබුණු තල්ලුවක් විදියට අපට දකින්නට පුළුවන. ජනාධිපතිතුමා එසේ තල්ලුවක් දීමේ අදහසින් ඒ කතාව කළා ද කියා අපි දන්නේ නැත. කොහොම වුණත්, වෙලා තිබෙන්නේ ඒකයි. මෙතුමා බලාපොරොත්තු වුණු දෙයක් හෝ නැති දෙයක් වුණත් සත්‍යය වශයෙන්…