මහ බැංකුවේ අලුත්ම තීරණය – ඉකොනොමැට්ටා
ඊයේ (පෙබරවාරි 7) මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පැවැත්වුනා. එහිදී, පොලී අනුපාතික කෙරෙහි බලපාන විශේෂ තීන්දුවක් ගනු ලැබුවා. එනම්, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික යටතේ සිදු කළ හැකි ගනුදෙනු හා අදාළව මෙතෙක් පැවති ප්‍රමාණාත්මක සීමාවන් ලිහිල් කිරීමයි. මේ අනුව, මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම යටතේ වාණිජ බැංකුවකට දිනකට මහ බැංකුවෙන් ලබා ගත හැකි…