ජවිපෙ ජාතික ලැයිස්තුව වගකීමක් නැති ඇමක් ද ?

2015 මහ මැතිවරණ නාමයෝජනා අතර වැඩිම වෘත්තිකයින් පිරිසක් ඇතුලත් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව තුලටය. පක්ෂය පිළිබඳව බැරෑරුම්ව සිතා බැලීමට මෙය හේතුවක් ලෙස සමහරු මෙය දකිති. එහෙත් ජවිපෙ ජාතික ලැයිස්තුව වූ කලී හුදු ආටෝපය සඳහාම ඉදිරිපත් කරන ලද්දක් බවට සාක්ෂි තිබේ. මේමැතිවරණ සමය තුලජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වනු මම අසා සිටියෙමි….

සළකුණට වහල් වී සමාජ ඉදිරි ගමනට හරස්වන්නා ප්‍රගතිශීලියෙක් වන්නේ කෙසේ ?

  පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පලවාහැරීමට එක් වූ ප්‍රගතිශිලී බලවේගය මේ මැතිවරණයේ දී තමන්ගේ ප්‍රගතිශිලී බව අත්නොහැර එක්සත් ජාතික පෙරමුණ වටා එක් වී සිටිති. එසේ එක් වී සිටින්නේ බරපතල දේශපාලන තීන්දුවක් ද සමගිනි. කිසියම් ඓතිහාසික ජාතික කර්තව්‍යයක් ඉටුකිරීමේ අධිෂ්ඨනයක් ද ඒ තුළ ඇත. ප්‍රගතිශිලී යනුවෙන් හඳුන්වන්නේ කිසියම් පාටකට මෙන්ම ලාංඡණයකට නොව එක්තරා දුරකට…

චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන්නේ කොහොමද ? – නිශාන්ත කමලදාස

හොරුන් කුඩු කාරයින් දූෂිතයින් හොර මත්පැන් බිස්නස්කාරයින් ලෙස චෝදනා ලැබ තිබෙන එහෙත් ඒ බව ඔප්පු නොවුනු අය සම්බන්ධයෙන් පක්ෂවල නාමයෝජනා මණ්ඩල අනුගමනය කළේ කුමන පිළිවෙතක් ද? එම චෝදනා ඔප්පු වී නැති නිසා ඒ අයට නාමයෝජනා දීම ය. සමහර නාමයෝජනා අත්සන් කෙරුණේ චුදිතයන් සිටින බන්ධනාගාරවල දී ය. අපේ ආයතනවල ද චුදිතයෝ සිටිති. ඔවුන්ට එරෙහි වෝදනා තවමත්…

පුරවැසි නැගිටීමක් නැති ප්‍රජාතන්ත්‍රවාදයට ජීවයක් නැත – ධර්මසිරි බණ්ඩාරනායක

පුරවැසි බලය නමින් නවතම සංවිධානයක් කළඑළියට එන්නේ පසුගිය ජනාධිපතිවරණයත් සම`ග ය. හතු පිපෙන්නාක් මෙන් බිහි වන දේශපාලන සංවිධාන බිහිවන රටක පුරවැසි බලය සංවිධානය වෙනස් මුහුණුවරක් ගන්නේ ජනතා ආකර්ශණය දිනාගැනීමට සමත් වෙමිනි. එයට ප්‍රධාන හේතුව වන්නේ පුරවැසි බලය දේශපාලන සංවිධානයක් මිස දේශපාලන පක්‍ෂයක් නොවීම ය. පුරවැසි බලය ආරම්භ කරන අවස්ථාවේ දී ඔවුන් සිටි ස්ථාවරයේ ම අදත්…

බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට – නිශාන්ත කමලදාස

ලංකාවේ නායකයින්ගේ බබා පාට්වල කෙළවරක් නැත. එක්කෙනෙක් කීවේ තමන්ගේ අනුගාමිකයන් බලුකම් කුපාඩිකම් කළ බවත් ඒවා තමන් සැගවූ බවත් තමන් කළ වැරැද්ද පිලිගන්නා බවත් ඉදිරියේදී එවැනි දේ නොකරන බවත් ය. එහෙම කිව් එක්කෙනා මැතිවරණය එළඹෙන්නට නාම යෝජනා සකස් කරද්දී කියන්නේ ගිය මැතිවරණයෙන් පත් වූ සියලු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුනට නාමයෝජනා දිය යුතු බව ය. ඒ කතාව…

බොදුබල ත්‍රස්තය මහින්දගේ නිර්මාණයක් – දඹර අමිල හිමි

එළඹෙන අගෝස්තු 17 ලංකාවට විශේෂ දවසක් බවට පත්කර ගැනීමේ හැකියාවක් ඇත. වෙනත් දවස් මෙන් එය නිකම් ම ගෙවී යන්නට ඉඩ නොදිය යුතුය. මේ රටේ පුරවැසියන් තමන්ගේ පාලකයින් තෝරන විට ඉතිහාසයේ දී එතරම් සැළකිල්ලක දක්වා නැත. එය ඔවුන්ට උදේට, දහවලට සහ ?ට ආහාර ගෙන නින්දට යනවා වැනි වැඩකි. පාලකයින්ව තෝරන එක බරපතල ආකාරයට ගත්තේ නැත. නිදහස…

මෙයිත්‍රී ගොඩයයිද ? – ලංකාදීප ගුරුදා විග්‍රහය – 2015.07.16 – සී ජේ අමරතුංග

යහපත් බොහෝ දේ කළත් එක වැරැුද්දකින් සියලූ දේ විනාශ කර ගැනීමට ගමේ ගොඬේ කියන්නේ කිරි කළයක් දොවා ගොම බින්දුවක් එක් කළා වාගේ කියාය. කිරි දෙවීම ඉතා පිරිසුදුව කළ යුතු කාර්යයකි. එයට අපද්‍රව්‍ය කිසිවක් එක් වුවහොත් ආහාරයට ගත නොහැකිය. කිරි කළයක් දෙවීම යනු විශාල කාර්යයකි. එයට ගොම බින්දුවක් එක්කළ විට කිරි කළයම අපතේ යයි. ඒ සඳහා…

ජනාධිපතිට තිබූ අප්‍රසාදය යම් පමණකට සමහන් විය හැක-ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

රාජපක්ෂ විරෝධි පිලෙන් මෛත්‍රිපාල සිරිසේන කෙරෙහි පසුගිය දිනවල වර්ධනය වූ අප්‍රසාදය කිසියම් ප්‍රමාණයකට මේ ප්‍රකාශය මගින් තුනී කෙරෙන්නට පුළුවන. නමුත් තම පක්ෂයේ පරාජය සහතික කෙරුනු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ශ්‍රිලනිප නායකයින්ට ගැටළුවක් ඇතිකර තිබේ. ජනාධිපතිවරයා එක් පැත්තකින් ශ්‍රිලනිපයේ නායකයා වන අතරම අනික් පැත්තෙන් ජනවාරි 8 ලැබූ ජයග්‍රහණයේ ද නායකයා ය. මේ සංක්‍රමණීය තත්ත්වය තුළ ශ්‍රිලනිප ප්‍රතිචාරය දක්වන…

ශ්‍රිලනිපයේ අර්බුදය ඉතා ගැඹුරුයි – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතා කළ ප්‍රකාශයෙන් ශ්‍රීලනිපයේ අර්බුදය දෙවන වටයට ගමන්කර තිබේ. මහින්ද හිතවාදීන් සහ සන්ධානයේ නායකයින් උත්සාහ කළේ එහි සභාපතිවරයා වන සිරිසේන මහතා ඔවුන්ගේ සිරකරුවෙක් කරගැනීමට ය. ජනාධිපතිවරයා ඔවුන්ගේ එම උත්සාහයට අනුකම්පා විරහිත ප්‍රතික්‍රියාවක් දක්වා ඇත. බරපතල වික්ෂිප්ත භාවයකට පත්ව ඇති ශ්‍රීලනිප නායකයින් ජනාධිපති ගේ විශේෂ ප්‍රකාශයට පෙරළා කුමන ප්‍රතික්‍රියාවක් දක්වන්නේ ද…

ජනවරමට ගරුකළ යුතුයි

සියලූම දෙනා දන්නා පරිදි මහින්ද රාජපක්ෂ මහතා ගේ පසුගිය පාලන කාලය මේ රටේ ලක්ෂ 63ක ජනතාව ජනවාරි මාසේ 8 වෙනිදා ප්‍රතික්ෂේප කළ හ. ඒ ජනවාරි 8 වෙනිදා ප්‍රතික්ෂේප කළේ මහින්ද රාජපක්ෂ පමණක් නොව ඔහුගේ පාලනයයි. ඒක ඉතා පැහැදිළි කාරණයක්. ඒ වගේම ඒ 63 ලක්ෂයට එකතු වූ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, කලාකරුවන් ආදි සියලූම දෙනා එකතු…

ඡන්ද ව්‍යාපාරයේ නායකයා මහින්ද

මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිතුමා කළේ බලවත් වරදකි. 20 වෙනි සංශෝධනය අනුමතකර ගැනීම මේ රටට අත්‍යවශ්‍ය වූ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයකි. ඒ කටයුත්තට එතුමා පොරොන්දුවක් වී තිබුණි. එය ඉටුවෙන්නට නොදී මෙය මෙසේ විසුරුවා හැරීම ඇත්තටම පොරොන්දු කඩකිරීමකි. දෙවෙනි කාරණය විශ්වාස භංග යෝජනා කිහිපයක් තිබුණා. ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබෙන අයිතිය, ඒ වගේම මේ මහ බැංකුවේ ඇතිවුණ…

මහින්ද සාධ්කය

ජනාධිපතිතුමා අන්තිමේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. අන්තිමේදී කියා කීවේ එය කළේ නොකර බැරි තැනට පත්වූ පසුව නිසාය. ජනාධිපතිතුමාත් ඔහු සමග සිටින කණ්ඩායමත් අවසන් මොහොත දක්වා උත්සාහ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධනය මෙම පාර්ලිමේන්තුවෙන්ම සම්මත කර ගැනීමටය. එසේ නැතිනම් පාර්ලිමේන්තුව විසුරුවන්නට දින නියම කරගෙන තිබුණේ අප්‍රේල් මස විසිතුන් වැනිදාටය. දින සියයේ වැඩපිළිවෙළ අවසන් වීමට තිබුණේ එදිනටය….