නුවර උපන් එම්.ජී.ආර්. මහ ඇමති වූ තමිල්නාඩුව අපට මග හැරුණේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ
තමිල්නාඩු වෙරළ පිහිටා තිබෙන්නේ දක්ෂ පිහිනුම්කරුවකුට පිහිනා යා හැකි තරම් ලංකාවට කිට්ටුවෙනි. වැල්වැටිතුරෙයි මිනිස්සු චිත්‍රපට බලන්නට බෝට්ටුවෙන් තමිල්නාඩුවට යන කාලයකුත් තිබිණි. සිංහලයන්ගේ අනගාරික ධර්මපාල වැනි භූමිකාවක් දෙමළ ජාතික පුනරුද ව්‍යාපාරයේ සිදු කළ දෙමළ පඬිවරයකු වූ ආරුමුග නාවලර් සිය ජීවිත කාලය තුළ කිසි විටෙක කොළඹට පැමිණ නැති බව කියැවේ. එහෙත්, ඔහු තමිල්නාඩුවේ ද සම්භාවනාවට පත් වූයේ…